නිකවැරටිය ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසලක ඉගෙනුම ලබන ගැහැනු දරුවන් තිදෙනකුගේ ඡායාරූප ලබාගෙන කෘත්‍රිම බුද්ධිය භාවිතයෙන් එම ඡායාරූප නිරුවත් ඡායාරූප බවට පත්කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පාසල් සිසුවකු සහ විදුහල්පතිවරයකු ශරීර ඇප මත මුදාහරින ලෙස නිකවැරටිය මහෙස්ත්‍රාත් අධිකරණය පසුගියදා නියෝග කළේය.Sri Lanka Latest News
නිකවැරටිය කොට්ඨාස අපරාධ විමර්ශන අංශය මගින් සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබුණු අතර මෙම වරද සිදුකිරීමට ආධාර අනුබල දීමේ චෝදනාව මත සැකකාර විදුහල්පතිවරයා අත්අඩංගුවට ගෙන තිබිණි.
වයස අවුරුදු 14 සහ 15 වැනි වියේ පසුවන ගැහැනු දරුවන් තිදෙනකුගේ ඡායාරූප මෙලෙස කෘත්‍රිම බුද්ධිය යොදාගෙන නිරුවත් ඡායාරූප බවට පත් කර ඇතැයි අධිකරණයේදී කරුණු අනාවරණය විය.
සැකකාර පාසල් සිසුවාට සහ විදුහල්පතිවරයාට වෙන් වෙන් වශයෙන් රුපියල් ලක්ෂ 10ක් වටිනා ශරීර ඇප එක බැගින් නියම කළ මහෙස්ත්‍රාත් අධිකරණය ඇපකරුවන් සමීපතම ඥාතීන් වියයුතු බවටද නියෝග කළේය.










