• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මේ මිනිහා ඉගෙනගත්තේ ක්‍රීඩා කරන්නද? මිනී මරන්නද? ඉවක් බවක් නැති මිනී මැරිලි මෙන්න ලෝකයම මොහොතක් හොල්ලපු පැරා ඔලිම්පික් ක්‍රීඩකයා I Sri Lanka Latest News

December 2, 2023
in Exclusive, News
Reading Time: 4 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

පුංචි කාලේ ඉඳලම අපි විවිධ ක්‍රීඩාවන්ට යොමුවෙන්නේ එමගින් ශරීර සෞඛ්‍යය වගේම මනසත් නිරෝගී කරන නිසයි. පාසල් යන කාලේ ශරීර සුවතාව වෙනුවෙන් වෙනමම කාලපරිච්ඡේදයක් යොමුකරලා තිබුණෙත් ඒ හින්දමයි. ක්‍රීඩා කරන කෙනෙක් තුළ යහපත් ශරීර සෞඛ්‍යයක්, නිරෝගී මනසක් වගේම විනයගරුක බවකුත් ගොඩනැගෙන්නේ ඉබේටමයි.(Sri Lanka Latest News)

ඒත් පසුගියදා අපට අසන්නට ලැබුණේ ඊට හාත්පසින්ම වෙනස් සිදුවීමක්. මනස හික්මවන්න, විනය ගොඩනගන්න උපකාර කරන ක්‍රීඩාව නිසාම නමක් හදාගත්ත ප්‍රසිද්ධ පුද්ගලයෙක් සිදුකරපු ඝාතනයක් තමයි මේ විදියට අසන්නට ලැබුණේ. මේ සිද්ධිය වාර්තා වුණේ අපේ රටෙන් නම් නෙවෙයි, තායිලන්තයෙන්. එරට හිටපු සොල්දාදුවකු සේම පැරා ඔලිම්පික් මලල ක්‍රීඩකයකු වූ 29 හැවිරිදි Chaturong Suksuk සිය මංගල දිනයේදී 44 හැවිරිදි සිය මනාලියට සහ තවත් තිදෙනකුට වෙඩිතබා ඝාතනය කර, ඔහුද වෙඩිතබාගෙන මියගොස් තිබුණා.

තායිලන්ත මාධ්‍ය වාර්තා කරන විදියට පසුගිය 25 වැනිදා රාත්‍රියේ ඊසානදිග තායිලන්තයේ (Wang Nam Khieo) ප්‍රදේශයේදී ඔහුගේ විවාහ උත්සවය පැවැත්වෙමින් තිබුණා. එහිදී මනාලයා සිය මෝටර් රථයට නැගී හදිසියෙන්ම මංගල සාදයෙන් පිටව ගොස්, මොහොතකින් නැවත පැමිණ තිබුණේ මිලි මීටර් 9 පිස්තෝලයක්ද රැගෙනයි. ඒ අනුව ඔහු සිය මනාලියට, ඇගේ 62 හැවිරිදි මවට සහ 38 හැවිරිදි සහෝදරියට වෙඩි තබා තිබුණේ රැස්ව සිටි පිරිස විලාප තබද්දී. එලෙස ජීවිත 4ක් බිලිගත් ඔහුද අවසානයේ එම ගිනි අවියෙන්ම වෙඩිතබාගෙන මියගියා.

මේ සහසික අපරාධය පිළිබඳ පුවත සමාජ මාධ්‍ය හරහා ලොව පුරා පැතිර යන්නට ගතවුණේ ඉතා සුළු මොහොතක්. ඊට ප්‍රධානම හේතුවක් වී තිබුණේ ඝාතකයා පැරා ඔලිම්පික් පදක්කම්ලාභියෙක් වීමයි.

මනාලියගේ මව ඉලක්ක කර තැබූ වෙඩි උණ්ඩවලින් දෙකක් ගිලිහී ගොස් මංගල සාදයට පැමිණ සිටි ආගන්තුකයන් දෙදෙනකුට වැදී තිබූ අතර, එම වෙඩි ප්‍රහාර එල්ලවූ 50 හැවිරිදි සහ 28 හැවිරිදි පුද්ගලයන් දෙදෙනක් තුවාල ලබා රෝහල් ගත කරන්නට පියවර ගෙන තිබුණා. ඒ අතරින් බරපතළ තත්ත්වයේ පසුවූ 50 හැවිරිදි පුද්ගලයා පසුව මියගොස් ඇති බවයි වාර්තා වුණේ. එසේම වෙඩිවැදී සිටි මනාලිය, ඇගේ මව සහ සහෝදරිය ප්‍රහාරය එල්ල වූ ස්ථානයේදීම මියගොස් තිබුණා. අනතුරුව මනාලයාද වෙඩි තබාගෙන ඇති අතර, පැමිණ සිටි පිරිස ඔහුව රෝහල්ගත කළත් ඒ වන විටත් මියගොස් සිටි බවයි තායිලන්ත මාධ්‍ය වාර්තා කළේ. එසේම මෙම කුරිරු ඝාතන සිදුකරන අවස්ථාවේ ඔහු අධික ලෙස මත්පැන් පානය කර සිට ඇති බවද සඳහන් වුණා.

පැරා ඔලිම්පික් යනු ලොවම පිළිගත් ක්‍රීඩා තරගාවලියක් වන අතර, එම ක්‍රීඩා තරග සඳහා යොමුවිය හැක්කේ යම් ශාරීරික ආබාධ සහිත වූවන්ට පමණය. දුම්රිය අනතුරක් හේතුවෙන් දණහිසෙන් පහළ කොටස අප්‍රාණික වී ඇති මෙම ඝාතකයා සිය ආබාධිත තත්ත්වය පිළිබඳ කනස්සල්ලෙන් පසුවූ අයකු බව මේ වන විට හෙළිව තිබෙනවා. සිය මනාලිය සුරූපී කාන්තාවක් වීම හේතුවෙන් හටගත් ඊර්ෂ්‍යාවද ඔහුව මෙම ඝාතනයට පෙලඹවූ කරුණු බවට සැක කෙරෙනවා. කෙසේ වෙතත් ඝාතකයාට වඩා වයස අවුරුදු 15ක් මනාලිය වැඩිමහලු බවත්, ඇයට දියණියන් දෙදෙනකු සිටින බවත්, ඝාතකයා සහ මනාලිය වසර තුනක සිට එකට ජීවත්ව ඇති බවත් විමර්ශන අංශ මගින් හෙළිදරව් කරගෙන තිබෙනවා.

තායිලන්ත පොලිසිය මාධ්‍යයට පවසා තිබුණේ මංගල සාදය අවස්ථාවේ මනාලයා මත්පැන් පානය කර සිට ඇති බවත්, ඔහු මෙම ඝාතනයට යොදාගත් ගිනි අවිය සහ පතරොම් නීත්‍යනුකූලව මිලදී ගත් ඒවා බවයි. සාදයට පැමිණි අමුත්තන් එරට පොලිසියට පැවසූ තොරතුරු උපුටා දක්වමින් එරට මාධ්‍ය වාර්තා කර තිබුණේ මෙම යුවළ සාදය අතරතුර කිසියම් විරසකයකින් පසුවූ බවයි.

Chaturong Suksuk නමැති මෙම මනාලයා පසුගිය වසරේ ඉන්දුනීසියාවේ පැවැති ආසියාතික පැරා ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ පිහිනුම් ඉසව්වෙන් රිදී පදක්කමක් දිනාගෙන තිබුණා. ඔහු, ලබන වසරේ දෙසැම්බර් 01 වැනිදා සිට 09 වැනිදා දක්වා තායිලන්තයේ පැවැත්වෙන World Abilitysport Games ක්‍රීඩා උළෙලට සහභාගි වීමේ අපේක්ෂාවෙන්ද පසුවී තිබෙනවා.

දැනට වාර්තාවන කරුණු අනුව අවස්ථානුකූලව ඇතිවූ උණුසුම් තත්ත්වයක් නිසා මෙම ඝාතන සිදුවූ බව වාර්තා වෙයි. එසේම ඔවුන් දෙදෙනා අතර අවුරුදු 15ක වයස් පරතරය ගැන මනාලයා කනස්සල්ලට සහ අපහසුතාවට පත්ව සිට ඇති බවද සඳහන්ය. තවද, මංගල සාදයට පැමිණ සිටි සෙසු තරුණයන් සමග මනාලිය කතාබහ කිරීමද ඔහුගේ ඊර්ෂ්‍යාවට තුඩුදුන් බවයි මාධ්‍ය වාර්තා කර තිබුණේ.

කෙසේ වෙතත් මීට මසකට පෙරද තායිලන්තයේ බැංකොක් නුවර සුපිරි වෙළෙඳ සංකීර්ණයක් තුළදී සිදුවූ වෙඩිතැබීමකින් පුද්ගලයන් තිදෙනකු ජීවිතක්ෂයට පත්ව තිබුණා. එසේම 2022 ඔක්තෝබර් මාසයේදී එරට ළමා නිවාසයක සිදුකළ ඝාතනයකින් ළමුන් 37 දෙනකු මියගොස් තිබුණා. එරට හිටපු පොලිස් නිලධාරියකු විසින් අදාළ ඝාතනයන් සිදුකර තිබුණේ වෙඩිතැබීමෙන් සහ තියුණු ආයුධවලින් ඇනීමෙනි.

අපේ රටෙන්ද දිනපතාම පාහේ අසන්නට දකින්නට ලැබෙන්නේ මෙවැනිම ඝාතන සහ අපරාධ ගැනයි. ඒ පිළිබඳ කතාබහ කරද්දී අප කියන්නේ මේ අපරාධවලට හේතුව නීතිය හරිහැටි ක්‍රියාත්මක නොවන නිසා යැයි කියායි. එහෙත් තවත් බොහෝ රටවල මෙවැනි අපරාධ සිදුවන බවට උදාහරණ තායිලන්තයෙන් වාර්තා වූ මෙම සිදුවීමෙන් පෙනී යනවා.

අද වන විට ලොව බොහෝ රටවල පවතින්නේ අර්බුදකාරී ආර්ථික තත්ත්වයක්. ලැබෙන ආදායමෙන් ජීවත් වීම ඉතා දුෂ්කරයි. ඒ වගේම මිනිසුන්ගේ හිත් දූෂණය වෙලා. විවිධ ප්‍රශ්නවලින් ඔවුන් හෙම්බත් වෙලා. මුදල් තිබුණත් හිතේ සතුටක් ඔවුන් ළඟ නැහැ. ඒ වගේම මිනිසුන්ගේ විනෝදාංශ අඩුවෙලා. මත්පැන් මත්ද්‍රව්‍ය භාවිතය ජීවිතයේම කොටසක් වෙලා. පවුල් සබඳතා බිඳවැටිලා.

මේ වගේ විෂම සාධක එක්ක ජීවත් වෙන මිනිස්සු අපරාධයක් කරන්න යොමුවෙන එක පුදුමයට කරුණක් නෙවෙයි. එවැනි අවස්ථාවක හිතට එන ක්ෂණික කෝපය නිසා ඕනෑම අපරාධයක් කරන්න ඔවුන් පෙලඹීමේ සම්භාවිතාව ඉතා වැඩියි. ක්ෂණික කෝපය කියන්නේ කාලයක් තිස්සේ මනසේ වැඩෙමින් පැවත ආ වෛරයක් හෝ පලිගැනීමේ චේතනාවක් හිතෙන් පිටකරන මොහොතක්. එවැනි පුද්ගලයන් සමග ගනුදෙනු කළ යුත්තේ ඉතා පරිස්සමටයි. ඔවුන්ව තේරුම් ගැනීමට සහ ඔවුන්ව පාලනය කිරීමට පුංචි හෝ අවබෝධයක් අප කාටත් තිබිය යුතුයි. එහෙම වුණොත් සිදුවීමට නියමිත මහා විනාශයක් වළක්වා ගන්නට අවස්ථාව අපට ලැබේවි.

ඒ වගේම මානසික ආතතිය වැනි තත්ත්වයන්ද මෙවැනි අපරාධවලට මූලිකම හේතුවක් බව පර්යේෂණවලින් හෙළිව තිබෙනවා. ආත්ම විශ්වාසය බිඳ වැටීම, ජීවිතේ සතුටක් නැහැ කියා සිතීම, අසුබවාදී සිතුවිලි නිතර ඇතිවීම, තීරණයකට එළඹීමේ නොහැකියාව, නිතර බියෙන් පසුවීම වැනි ලක්ෂණ මෙම රෝගීන්ගෙන් පිළිබිඹු වෙනවා. මෙවැනි රෝග ලක්ෂණ ඔබට තිබෙනවා නම් හෝ ඔබේ ඥාතියකුට, හිතවතකුට තිබෙනවා නම් හෝ වහාම වෛද්‍ය උපදෙස් ලබාගැනීම කළ යුතුමය.

නිසි උපදේශනය සහ ප්‍රතිකාර මගින් මේ තත්ත්වය සම්පූර්ණයෙන්ම සුවපත් කළ හැකිය. තායිලන්තයෙන් වාර්තා වූ ඒ කනගාටුදායක සිදුවීමෙන් ජීවිත පහක් අහිමි වුණා. නමුත් තමන්ට යම් මානසික රෝගයක් හෝ මානසික පීඩනයක් තිබෙන බව එම ඝාතකයා මුලින්ම වටහා ගත්තා නම්, ඔහු ඊට ප්‍රතිකාර ලබාගත්තා නම් මෙවැනි විනාශයක් සිදු නොවන්නට ඕනෑ තරම් ඉඩ තිබුණා.

ඔබේ සමීපතමයන් ආදරණීයයන් බේරාගන්න ඔබටත් පුළුවන්. එය ඔබට වගේම සමාජයටත් කරන යහපතක් සේ සිතන්න. ජීවිතය කියන පොත උපතේ සිට මරණය දක්වාම සම්පූර්ණ කරගත යුත්තේ තමන් විසින්මයි. ඒ ජීවන ගමනේදී හිත් රිදවීම් කඩාවැටීම් ඔබට ඕනෑ තරම් සිදුවෙන්නට පුළුවන්. නමුත් ඒ හැම අභියෝගයක් හමුවේම ශක්තිමත් මනසකින් ඒවාට මුහුණ දීමයි අප හැමෝම කළ යුත්තේ.

නිලන්ති රේණුකා

SendShareShare
Previous Post

නියෝජ්‍ය කතානායකතුමාගේ කමිටුව ගත් තීන්දුව පිළිගන්නවා! හැබැයි පාර්ලිමේන්තුවේ ආචාර ධර්ම හා වරප්‍රසාද කමිටුව දුන් තීන්දුව ගැන දෙගිඩියාවක් තියෙනවා! මාසයක් පාර්ලිමේන්තුව තහනම් වුණු රෝහණ බණ්ඩාරයි සුජිත් සංජයයි මාධ්‍ය හමුවකට එක්වෙයි! VIDEO I Sri Lanka Latest News

Next Post

සභාගර්භය තුළ කරන සියලුම ප්‍රකාශ සම්පූර්ණයෙන් නීතියෙන් ආරක්ෂිතයි! කිසිම හේතුවක් මත එවැනි ප්‍රකාශයක් සම්බන්ධයෙන් උසාවියක නඩු පවරන්න බෑ! ඒක පූර්ණ වරප්‍රසාදයක්! මෙන්න උදාහරණය! මහාචාර්ය ජී.එල්. පීරිස්ගෙන් පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

සජිත් ලංකාවේ විපක්ෂය එකතු කරන කොට ඉන්දියාවේ රාහුලුත් විපක්ෂය එකතු කරයි! විපක්ෂනායකලා දෙන්නම ගහන්න යන්නේ එකම ගේමද? I Sri Lanka Latest News
Exclusive

සජිත් ලංකාවේ විපක්ෂය එකතු කරන කොට ඉන්දියාවේ රාහුලුත් විපක්ෂය එකතු කරයි! විපක්ෂනායකලා දෙන්නම ගහන්න යන්නේ එකම ගේමද? I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

අන්න බෙලිඅත්තේ පොලිස් නිලධාරියකුගේ ගෙදරට වෙඩි තියලා! කෝ මේ බංකු බංකු.. නියෝජ්‍ය ආරක්ෂක ඇමැතිතුමා..! I Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

වියළුවේ ඒකාබද්ධ ගොවි සංවිධානයේ නිලවරණය සජබය තනි අතින් දිනයි! ඒකාබද්ධ විපක්ෂයට 24යි! මාලිමාවට 7යි! 17 දෙනෙක්ම සජබයෙන්! I Sri Lanka Latest News

Exclusive

A/L මාස 2කින් කල්දාන්න ඉල්ලපු පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විසිකරයි! නියමිත කාලසටහනට විභාගය තියනවා! I Sri Lanka Latest News

කෝටි 10ක හොර ෆෝන් ඊයේ කොල්ලුපිටියෙන් අල්ලද්දී පොලිසියට කෝටි 10ක්ම අල්ලස් දෙන්න හදලා! මේ කතාව ඇත්තක් නම් මාධ්‍ය සංදර්ශන දාන්නේ නැතිව වහාම අල්ලස් දෙන්න හැදුවෙ කව්ද-පැමිණිලි කළේ කව්ද කියලා රටට හෙළිකරන්න! I Sri Lanka Latest News

ජනාධිපති‌ ඉන්න පැලවත්තේ යාබද නිවස පරීක්ෂා කරන්න ගිය නිලධාරීන්ගේ ඇස් උඩ යයි! අඩිය ගහන්න බැරි විදිහට බලු රෑණක් මුළු වත්තෙම ජරා කරලා! ඩෙංගු කීටයො හැමතැනම! ඒ අස්සේ තුවක්කුවකුත් මතුවෙලා! පස් සැරයක් නිලධාරීන් ආවත් පරීක්ෂා කරන්න ඉඩ දීලා නෑ! VIDEO I Sri Lanka Latest News

Load More
සජිත් ලංකාවේ විපක්ෂය එකතු කරන කොට ඉන්දියාවේ රාහුලුත් විපක්ෂය එකතු කරයි! විපක්ෂනායකලා දෙන්නම ගහන්න යන්නේ එකම ගේමද? I Sri Lanka Latest News
Exclusive

සජිත් ලංකාවේ විපක්ෂය එකතු කරන කොට ඉන්දියාවේ රාහුලුත් විපක්ෂය එකතු කරයි! විපක්ෂනායකලා දෙන්නම ගහන්න යන්නේ එකම ගේමද? I Sri Lanka Latest News

අද දින විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ දේශපාලන පක්ෂ රැසක නායකයන් විපක්ෂ නායක කාර්යාලයේ දී විශේෂ රැස්වීමකට එක්වීමට...

Read more
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

අන්න බෙලිඅත්තේ පොලිස් නිලධාරියකුගේ ගෙදරට වෙඩි තියලා! කෝ මේ බංකු බංකු.. නියෝජ්‍ය ආරක්ෂක ඇමැතිතුමා..! I Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News

වියළුවේ ඒකාබද්ධ ගොවි සංවිධානයේ නිලවරණය සජබය තනි අතින් දිනයි! ඒකාබද්ධ විපක්ෂයට 24යි! මාලිමාවට 7යි! 17 දෙනෙක්ම සජබයෙන්! I Sri Lanka Latest News

A/L මාස 2කින් කල්දාන්න ඉල්ලපු පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විසිකරයි! නියමිත කාලසටහනට විභාගය තියනවා! I Sri Lanka Latest News

කෝටි 10ක හොර ෆෝන් ඊයේ කොල්ලුපිටියෙන් අල්ලද්දී පොලිසියට කෝටි 10ක්ම අල්ලස් දෙන්න හදලා! මේ කතාව ඇත්තක් නම් මාධ්‍ය සංදර්ශන දාන්නේ නැතිව වහාම අල්ලස් දෙන්න හැදුවෙ කව්ද-පැමිණිලි කළේ කව්ද කියලා රටට හෙළිකරන්න! I Sri Lanka Latest News

කෝටි 10ක හොර ෆෝන් ඊයේ කොල්ලුපිටියෙන් අල්ලද්දී පොලිසියට කෝටි 10ක්ම අල්ලස් දෙන්න හදලා! මේ කතාව ඇත්තක් නම් මාධ්‍ය සංදර්ශන දාන්නේ නැතිව වහාම අල්ලස් දෙන්න හැදුවෙ කව්ද-පැමිණිලි කළේ කව්ද කියලා රටට හෙළිකරන්න! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.