• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

නියෝජ්‍ය කතානායකතුමාගේ කමිටුව ගත් තීන්දුව පිළිගන්නවා! හැබැයි පාර්ලිමේන්තුවේ ආචාර ධර්ම හා වරප්‍රසාද කමිටුව දුන් තීන්දුව ගැන දෙගිඩියාවක් තියෙනවා! මාසයක් පාර්ලිමේන්තුව තහනම් වුණු රෝහණ බණ්ඩාරයි සුජිත් සංජයයි මාධ්‍ය හමුවකට එක්වෙයි! VIDEO I Sri Lanka Latest News

December 2, 2023
in Exclusive
Reading Time: 5 mins read
A A
නියෝජ්‍ය කතානායකතුමාගේ කමිටුව ගත් තීන්දුව පිළිගන්නවා! හැබැයි පාර්ලිමේන්තුවේ ආචාර ධර්ම හා වරප්‍රසාද කමිටුව දුන් තීන්දුව ගැන දෙගිඩියාවක් තියෙනවා! මාසයක් පාර්ලිමේන්තුව තහනම් වුණු රෝහණ බණ්ඩාරයි සුජිත් සංජයයි මාධ්‍ය හමුවකට එක්වෙයි! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

පාර්ලිමේන්තු පරිශ්‍රයේදී ඩයනා ගමගේ මන්ත්‍රීවරිය සමඟ ඇතිවූ ගැටුම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ ආචාර ධර්ම සහ වරප්‍රසාද කමිටුව ලබාදුන් තීන්දුව පිළිබඳ දෙගිඩියාවක් තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහන බණ්ඩාර මහතා පැවැසීය.Sri Lanka Latest News

නියෝජ්‍ය කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පත් කළ පාර්ලිමේන්තු කමිටුවේ තීන්දුව පිළිගන්නා බවත් ඩයනා ගමගේ මන්ත්‍රීවරිය සමඟ ඇතිවූ ගැටුම සම්බන්ධයෙන් නිසි සාක්ෂි විමසීමක් සිදුකළේ එම කමිටුවෙන් බවත් පාර්ලිමේන්තුවේ ආචාර ධර්ම සහ වරප්‍රසාද කමිටුව සිද්ධිය සම්බන්ධයෙන් නිසි සාක්ෂි විමසීමක් සිදුනොකළ බවත් වැඩිදුරටත් අදහස් දැක්වූ රෝහන බණ්ඩාර මහතා කීය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් සුජිත් සංජය පෙරේරා මන්ත්‍රීවරයා පැවසුවේ, නියෝජ්‍ය කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පත් කළ පාර්ලිමේන්තු කමිටුවේදී නිදහසට කරුණු ඉදිරිපත් කරන්න අවස්ථාව ලබාදුන් බවත් පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුවේදී ඒ අවස්ථාව ලබා නොදුන් බවත් එය බරපතල අසාධාරණයක් බවත්ය.

කෙසේ නමුත් ඉදිරියේදී පාර්ලිමේන්තු සම්ප්‍රදායන් රකින්න සහ පාර්ලිමේන්තුවේ විනය රකින්න වැඩ කටයුතු සිදුකරන බවත් පාර්ලිමේන්තුවේ ආචාර ධර්ම සහ වරප්‍රසාද කමිටුවේ තීන්දුව පිළිගන්නා බවත් සුජිත් සංජය පෙරේරා මන්ත්‍රීවරයා සඳහන් කළේය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සුජිත් සංජය පෙරේරා සහ රෝහන බණ්ඩාර යන මහත්වරු මෙම අදහස් පළ කළේ අද (02) විපක්ෂ නායක කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදීය.

එහිදී අදහස් දැක්වූ සුජිත් සංජය පෙරේරා මහතා ,

‘‘ඩයනා ගමගේ මන්ත්‍රීවරිය අසභ්‍ය වචනයෙන් බැන වදිමින් රෝහණ බණ්ඩාර මන්ත්‍රීවරයාට පහර දෙන්න උත්සහ කළා. ඒ බව කතානායකවරයාට මම සහ රෝහණ බණ්ඩාර මන්ත්‍රීවරයා පැමිණිලි කළා. ඒ අවස්ථාවේ කතානායකවරයා මෙම සිද්ධිය පිළිබඳ සොයාබැලීමට නියෝජ්‍ය කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කරන්න කටයුතු කළා.

ඒ කමිටුවට අපිව කැඳවලා නිදහසට කරුණු ඉදිරිපත් කරන්න අවස්ථාව ලබාදුන්නා. ඒ කමිටුවේ නිර්දේශයට පාර්ලිමේන්තුවේ වරප්‍රසාද කමිටුවට පසුගිය සතියේ ඉදිරිපත් කරලා තිබුණා. අපි හිතුවා කමිටුවේ නිර්දේශ ඒ අකාරයටම පාර්ලිමේන්තුවේ වරප්‍රසාද කමිටුවේදීත් ක්‍රියාත්මක වෙයි කියලා.

නමුත් නියෝජ්‍ය කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පත් කළ පාර්ලිමේන්තු කමිටුවේදී අපට නිදහසට කරුණු කියන්න අවස්ථාව ලබාදුන්නත් පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුවේදී ඒ අවස්ථාව අපට හිමිවුණේ නෑ. එය බරපතල අසාධාරණයක්. පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුවේදී අපට කරුණ ඉදිරිපත් කරන්න අවස්ථාව හිමිවුණානම් මේ ප්‍රශ්නය සම්බන්ධයෙන් මීට වඩා සාධාරණ පිළිතුරක් ලැබෙන්න තිබුණා. කෙසේ නමුත් අපි පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුව ලබාදුන් තීන්දුවට ගරු කරනවා. ඒ තීන්දුව අභියෝගයට ලක් කරන්න උත්සහ කරන්නේ නෑ.

පාර්ලිමේන්තු සංකීරණයේදී ඩයනා ගමගේ මන්ත්‍රීවරිය සහ අප අතර ඇතිවුණ සිද්ධිය පිළිබඳ රටම දන්නවා. ඩයනා ගමගේ මන්ත්‍රීවරිය ඒ අවස්ථාවේ හැසිරුණ ආකාරයට සියලු දෙනාට දැක ගන්න අවස්ථාව ලැබුණා. ඩයනා ගමගේ මන්ත්‍රීවරිය මේ සිද්ධියට සම්බන්ධ වෙලා අපි සමඟ ගැටලුවක් ඇති කර ගන්න උත්සහ කළා. එයින් අපිට ගැලවීමට අවස්ථාවක් ලැබුණේ නෑ කෙසේ නමුත් ඉදිරියේදී පාර්ලිමේන්තු සම්ප්‍රදායන් රකින්න පාර්ලිමේන්තුවේ විනය රකින්න අපි වැඩ කටයුතු සිදුකරනවා.‘‘

එහිදී අදහස් දැක්වූ රෝහන බණ්ඩාර මහතා,

‘‘කොහේවත් හිටපු අපිව මේ ප්‍රශ්නයට පටලවා ගත්තේ ඩයනා ගමගේ මන්ත්‍රීවරිය. ඒ නිසා තමයි අපි මේ සිද්ධිය වීඩියෝ ගත කළේ. විඩියෝ නොකළානම් මේ ප්‍රශ්නය වෙනස් වෙන්න තිබුණා. ඩයනා ගමගේ මන්ත්‍රීවරිය සිද්ධිය වුණ දවසේම පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් සිදුකරලා සම්පුර්ණ සිදුවීම කණපිට හැරෙව්වා. මට තිබෙන චෝදනාව තමයි සිද්ධිය විඩියෝ ගත කරලා මුදා හැරියා කියන කාරණය.

සුජිත් සංජය මන්ත්‍රීවරයා පැමිණ කටයුතු කළේ එම සිදුවීම කෙසේ හෝ වළක්වා ගන්න. සුජිත් සංජය මන්ත්‍රීවරයාට අවවාද කරලා නිදහස් කරන්න කියලා තමයි නියෝජ්‍ය කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පත් කළ පාර්ලිමේන්තු කමිටුවේ එකඟතාවය වුණේ. කිහිපදෙනෙකු තමයි සුජිත් සංජය මන්ත්‍රීවරයාට මාසයක් පාර්ලිමේන්තු තහනම් කරන්න කියලා ප්‍රකාශ කරලා තිබුණේ.

කෙසේ නමුත් අපි පිළිගන්නේ නියෝජ්‍ය කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පත් කළ පාර්ලිමේන්තු කමිටුවේ තීන්දුවයි. ඒ කමිටුවෙන් තමයි මේ ප්‍රශ්නය පිළිබඳ නිසි අධීක්ෂණයක් සිදුකළේ. පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුවට අපිට කැදෙව්වේ නෑ. සිද්ධිය සම්බන්ධයෙන් කිසිදු සාක්ෂි විමසිමක් සිදුකළේ නෑ. සිද්ධිය සම්බන්ධයෙන් සියලු සාක්ෂි ලබාගෙන තමයි නියෝජ්‍ය කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පත් කළ පාර්ලිමේන්තු කමිටුවේ වාර්තාව ඉදිරිපත් කළේ.

නියෝජ්‍ය කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පත් කළ පාර්ලිමේන්තු කමිටුවේ තීන්දුවට එකඟ වුණ චමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුවේ කමිටුවේදීවේදී නිහඩව ඉදලා තිබෙනවා. චමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාගේ නිහඩ බව නිසා පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුවේ තීන්දුව පිළිගෙන තිබෙනවා. පාර්ලිමේන්තුවේ සෑම කමිටුවකම වැඩි සන්යුතියක් තිබෙන්නේ ආණ්ඩු පක්ෂයට. ඒ සන්යුතිය ආයුධයක් කරගෙන තීන්දු තිරණ ගැනීම සිදුවෙනවා. පාර්ලිමේන්තුවේ විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ අයිතිවාසියකම් වෙනස් වෙන්න බෑ. සියලු දෙනාගේ අයිතිවාසිකම් සමාන විය යුතුයි.

පාර්ලිමේන්තුව ගත් තීන්දුව පිළිබඳව අපට විවාදයක් තිබෙනවා. මේ තීන්දුව සම්බන්ධයෙන් අපි ඉන්නේ දෙගිඩියාවකින්. මේ තීන්දුව දේශපාලනිකයි. මට පුලුවන් කමක් තිබුණානම් සුජිත් සංජය පෙරේරා මන්ත්‍රීවරයාගෙන් මාසයත් අදිනවා. සුජිත් සංජය පෙරේරා මහතා මෙම ප්‍රශ්නයේදී නිර්දෝෂියි. සුජිත් සංජය පෙරේරා මන්ත්‍රීවරයා මේ ගැටුමට සම්බන්ධ වුණේ මේ ගැටුම විසඳන්න. මාසයක පාර්ලිමේන්තු තහනම සුජිත් සංජය පෙරේරා මන්ත්‍රීවරයාට සිදුවුණ කැළලක්. සමාජ මාධ්‍ය වල ඩයනා ගමගේ මන්ත්‍රීවරිය සමඟ ඇතිවුණ ගැටුවේ වීඩියෝවට රටේ ජනතාව දක්වපු ප්‍රතාචාර වලින් පැහැදිලි වුණා පාර්ලිමේන්තුවේ ඉන්න පිරිසට වඩා බුද්ධිමත් පිරිසක් එළියේ සිටින බව.

අපි මේ සිදුවීම සම්බන්ධයෙන් මාසයක පමණ කාලයක් පාර්ලිමේන්තුව තුළදිවත් එළියෙදීවත් කතා කළේ නැ. අපි හැප්පුගේ ගලි බවුසරයක් එක්ක. ඒ සිදුවීම නැවත මතක් කරන්න අපිට හිරිකිතයි. ඒ නිසා අපි ඒ ගැන අමතක කරලා තිබුණේ. කෙසේ නමුත් අපි පාර්ලිමේන්තුව ලබාදුන්න දඩුවමට යටත් වෙනවා. ජනතා අධිකරණයේදී මේ තිරණ වලට නිසි තීන්දුව ලැබෙයි.‘‘

SendShareShare
Previous Post

ව්‍යවස්ථාදායක සභාවෙන් පත්වීම අනුමත කළේ 5-3ක ඡන්දයෙන්! මමයි කබීරුයි විරුද්ධව ඡන්දය දුන්නා! පොලිස්පතිවරයාගේ පත්වීම ගැන සජිත් පාර්ලිමේන්තුවේදී පැහැදිලි කරයි! පාර්ලිමේන්තු බලතල සහ වරප්‍රසාද පනත ගැනත් ප්‍රශ්නයක්! VIDEO I Sri Lanka Latest News

Next Post

මේ මිනිහා ඉගෙනගත්තේ ක්‍රීඩා කරන්නද? මිනී මරන්නද? ඉවක් බවක් නැති මිනී මැරිලි මෙන්න ලෝකයම මොහොතක් හොල්ලපු පැරා ඔලිම්පික් ක්‍රීඩකයා I Sri Lanka Latest News

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.