• About us
  • Contact us
Thursday, June 11, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කවදාවත් සිදුවුණේ නැහැ… කවුරුත් වාර්තා කළෙත් නැහැ…! රනිල් සහ චරිත ට්විටර් ගිණුමෙන් දරුණු සටනක! වැඩේ හොඳයි..! හැබැයි සැරයි…!

March 7, 2023
in Exclusive, News
Reading Time: 9 mins read
A A
කවදාවත් සිදුවුණේ නැහැ… කවුරුත් වාර්තා කළෙත් නැහැ…! රනිල් සහ චරිත ට්විටර් ගිණුමෙන් දරුණු සටනක! වැඩේ හොඳයි..! හැබැයි සැරයි…!
Share on WhatsAppShare on Facebook

රනිල් වික්‍රමසිංහ – ට්විටර් – 2023 පෙබරවාරි 09
‘රැවැටීම සහ බොරුව අනාගතයට සුදුසු නැත. වෙනස අප තුළම ආරම්භ විය යුතු අතර, සියල්ල යහපත් අතට වෙනස් විය යුතුය. එය තහවුරු කිරීම සඳහා පාර්ලිමේන්තු අධීක්ෂණ කාරකසභා ස්ථාපිත කළ යුතුය. මේ සඳහා තවම නියෝජිතයන් පත්කරලා නැහැ. මම පාර්ලිමේන්තුවෙන් ඉල්ලා සිටින්නේ එය කඩිනමින් සිදුකරන ලෙසයි….‘

රනිල් වික්‍රමසිංහ – ට්විටර් – 2023 පෙබරවාරි 09
‘මට මේ පාර්ලිමේන්තුවේ දේශපාලන කණ්ඩායමක් නැහැ. ජනාධිපති ලෙස මම මුළු ජාතියම නියෝජනය කරනවා. මම පක්ෂ දේශපාලනය කරන්නේ නැහැ. මම යෝජනා පාර්ලිමේන්තුව හරහා ක්‍රියාත්මක කරනවා. ජාතියේ ප්‍රකෘතිමත් වීමට සහාය දැක්වීම සඳහා සම්මුතියෙන් එකමුතු වී ප්‍රජාතන්ත්‍රවාදීව ඉදිරියට යමු…’

රනිල් වික්‍රමසිංහ – ට්විටර් – 2023 පෙබරවාරි 25
‘ජනවාරි 23 වැනිදා මම පාර්ලිමේන්තුවේදී පළාත් පාලන මැතිවරණය සම්බන්ධ ගැටලු මතුකළා. මෙම ආර්ථික අර්බුදය තුළ වියදම් පරිපාලනය සහ මූල්‍ය රෙගුලාසි තිබිය යුතුයි. කිව්වා වගේ මම මැතිවරණ ප්‍රචාරක කටයුතුවලට සම්බන්ධ නැහැ. මගේ ප්‍රමුඛත්වය ස්ථාවර රටක් සඳහා අපේ ආර්ථිකය මුදාගැනීමයි…’

රනිල් වික්‍රමසිංහ – ට්විටර් – 2023 පෙබරවාරි 25
‘පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සංක්‍රාන්ති විධිවිධාන යටතේ මැතිවරණ කොමිසමේ සාමාජිකයන් ක්‍රියා කිරීම නැවැත්වීය. එය පාර්ලිමේන්තුවට වගකියන තාවකාලික කොමිසමක් පමණක් වන අතර, ක්‍රියාපටිපාටි දෝෂ වැළැක්වීම සඳහා ඔවුන් පාර්ලිමේන්තුව සමග කටයුතු කළ යුතුව තිබිණි…’

රනිල් වික්‍රමසිංහ – ට්විටර් – 2023 පෙබරවාරි 25
‘මමත්, අගමැතිවරයා සහ නීතිපතිවරයාත් මැතිවරණ කොමිසම හමුවී කතා කළේ මැතිවරණය කල්දැමීමට නොව ගනු ලබන ක්‍රියාමාර්ග පිළිබඳ එකඟ නොවීම් ඇති බැවින් තීරණ ගැනීමේදී එකමුතුකම ඉල්ලා සිටීමටයි. ඒ අතර මැතිවරණ ක්‍රියාවලියේ ප්‍රධානතම දිනවලදී පවා නීතිපතිවරයා දැනුම්දී තිබුණේ මැතිවරණ කොමිසමේ සාකච්ඡාවල ලේඛන සහ වාර්තා පවා පිළියෙළ වී නොතිබුණු බවයි….’

රනිල් වික්‍රමසිංහ – ට්විටර් – 2023 පෙබරවාරි 25
පළාත් පාලන මැතිවරණය හැසිරවීමේදී පළාත් නීතිරීති අනුගමනය කිරීමට මැතිවරණ කොමිසම අපොහොසත් වී ඇත. එහි රැස්වීම්වල සටහන් සහ ලේඛන පවත්වාගෙන ගොස් නෑ. මැතිවරණය පැවැත්වෙන දිනය පිළිබඳ තීණයක් ගත් මැතිවරණ කොමිසමේ රැස්වීම්වල ඝනපූර්ණයක් නොතිබූ අතර එමගින් එහි වලංගුභාවය පිළිබඳ ප්‍රශ්න මතුවිය…’

රනිල් වික්‍රමසිංහ – ට්විටර් – 2023 පෙබරවාරි 25
‘අවශ්‍ය නීතිමය අවසරය ලබා නොගත් රාජ්‍ය නිලධාරීන්ගෙන් අරමුදල් සඳහා ඉල්ලීම් ලැබී ඇත. එසේ කිරීමෙන් විනය ක්‍රියාමාර්ගවලට අවනත වන්නන් හෙළිදරව් වන බැවින් එවැනි ඉල්ලීම් ඉටුකළ නොහැකිය. යහපාලන නීති උල්ලංඝනය කිරීම තවදුරටත් අස්ථාවරත්වයට හේතු වනු ඇත….’

රනිල් වික්‍රමසිංහ – ට්විටර් – 2023 පෙබරවාරි 25
‘අපි ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටින අතර, අපගේ වියදම් හොඳින් සැලසුම් කළ යුතුය. මුළු වසර සඳහාම අයවැය සකස් කරනු ලැබෙයි. එබැවින් අපට තාවකාලික පදනමින් අරමුදල් නිකුත් කළ නොහැකිය. අප සාකච්ඡා කරන අයි.එම්.එෆ්. අරමුදල් අපේක්ෂා කළ පරිදි මාර්තු මාසයේදී නොලැබුණහොත් අපට මූල්‍ය සංචිතයක් තබාගත යුතුය…’

රනිල් වික්‍රමසිංහ – ට්විටර් – 2023 පෙබරවාරි 25
‘මැතිවරණ පිරිවැය පිළිබඳ අපට තවම පැහැදිලි බවක් නොමැත. මැතිවරණ කොමිසම මුලින් රුපියල් බිලියන 10ක් ලෙස ඇස්තමේන්තු කළ නමුත්, පසුව ඉල්ලා සිටියේ රුපියල් බිලියන 06ක් පමණකි. පොලිසිය තමන්ගේ ඇස්තමේන්තුවලට වඩා වැඩි මුදලක් ඉල්ලා සිටියේය. අපට දැන් තාවකාලික ගෙවීම් දැරිය නොහැකි බැවින් ඒවා අධ්‍යයනය කර නිවැරැදි අයවැයක් ඉදිරිපත් කරන ලෙස මම මුදල් අමාත්‍යාංශයෙන් ඉල්ලා සිටියෙමි…’

රනිල් වික්‍රමසිංහ – ට්විටටර් – 2023 පෙබරවාරි 25
‘ආර්ථිකය විනාශ කිරීමට වගකිව යුත්තේ කවුරුන්ද යන්න පිළිබඳ තේරීම් කාරකසභා පරීක්ෂණයක් පැවැත්විය යුතු බවට මම එකඟ වෙමි. විපක්ෂය මෙය සහතික කළ යුතුව තිබුණත් ඔවුන් එසේ කළේ නැහැ. මාර්තු තුන්වැනි සතිය වන විට මෙය නතර කිරීමට පියවර ගන්නා ලෙස මම අගමැතිතුමාගෙන් ඉල්ලා සිටිනවා…’

රනිල් වික්‍රමසිංහ – ට්විටර් – 2023 පෙබරවාරි 25
‘ආර්ථිකය මගේ ප්‍රමුඛතාවයි. ආර්ථිකය දියුණු නොවුණොත් අපට රටක් නැහැ. අප අවධානය යොමුකළ යුතු එක් ප්‍රශ්නයක් තිබේ. රට නැතිකරගෙන ව්‍යවස්ථාව තියාගන්න පුළුවන්ද? ව්‍යවස්ථාව ආරක්ෂා කළ හැක්කේ රට ආරක්ෂා කළහොත් පමණයි…’

කුමක්ද මේ කතාන්දරය? අද මට ඔබට ලියන්නට සිදුව ඇත්තේ එක් අතකින් නාට්‍ය පිටපතකට සමාන ලිපියකි. ඉහත ආන්දෝලනාත්මක දෙබස් වැකි කියා සිටින්නේ කවුරුන් විසින්ද? ඒ, වෙනත් කවරකු හෝ නොව, මෙරට වත්වන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාය. අද ලෝකයේ තිබෙන ප්‍රධානතම සමාජ මාධ්‍ය වෙබ් අඩවිය ලෙස සැලකෙන ‘ට්විටර්’ ජාලය තුළ ඔහු තබා ඇති මෙම සටහන් පෙළ පසුගියදා ලොව පුරා ආන්දෝලනයක් ඇති කළේය. විශේෂයෙන්ම ශ්‍රී ලංකාව තුළදී මෙම සිදුවීම මහත් කතාබහට ලක්වූ වගතුගක් විය. ශ්‍රී ලංකා ජනාධිපතිවරයා තමන්ගේ ට්විටර් ගිණුමේ එක් දිනක් ඇතුළතදී තබා තිබෙන මෙම ප්‍රකාශයන් සියල්ලක්ම පාහේ ශ්‍රී ලංකාවේ වත්මන් දේශපාලන අර්බුදයට අදාළ ඒවා විය. එනම් දැනට මෙරට උද්ගතවී ඇති මැතිවරණ අර්බුදය කේන්ද්‍ර කරගනිමින් එම ප්‍රකාශ සිදුකර ඇත. ට්විටර් අඩවිය තුළ මෙම ප්‍රකාශ සිදුකරනු ලබන්නේ ඉංග්‍රීසි භාෂාවෙන් වන අතර එය අපගේ පාඨකයන් උදෙසා සිංහල බසට පරිවර්තනය කර ඇත. ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ මෙම ප්‍රකාශයන් හමුවේ පසුගියදා ද්වන්ධ යුද්ධයක් හටගත්තේය. එනම් එය ද්වන්ධ යුද්ධයක් බවට පත්කළේ ශ්‍රී ලංකාවේ සිටින විද්වත් පුද්ගලයකු විසිනි. ඔහු නිදහස් ජනතා සභාව නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වන මහාචාර්ය චරිත හේරත්ය.

මෙලෙස ජනාධිපතිවරයා සමග මන්ත්‍රීවරයකු ට්විටර් සටනක පැටලුණු ප්‍රථම අවස්ථාව වශයෙන් මෙය සැලකිය හැකිය. සමාජයේ වෙනත් විවිධ පුද්ගලයන් එවැනි අවස්ථාවකදී ජනාධිපතිවරයාට විවිධ ප්‍රතිචාර දක්වා තිබුණද මෙලෙස වත්මන් රාජ්‍ය පාලන තන්ත්‍රයටම සම්බන්ධ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු විසින් ප්‍රතිචාර දක්වා තිබීම අතිසුවිශේෂ සිදුවීමක් විය. මෙය සත්‍ය ලෙසම ප්‍රතිචාර දැක්වීමකට වඩා ප්‍රතිප්‍රහාර දැක්වීමක් ලෙස අර්ථකථනය කළ හැකිය. එනම් මෙම ද්වන්ධ සටනේදී මහාචාර්ය චරිත හේරත් ප්‍රකාශ කළේ කුමක්දැයි අපි සොයා බලමු. දැනට 55 හැවිරිදි වියෙහි පසුවන මහාචාර්ය චරිත හේරත්, පසුගිය 2022 වසර දක්වාම නියෝජනය කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණයි. ඔහු ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකි. ඔහු දර්ශන විද්‍යාව පිළිබඳ විශ්වවිද්‍යාල මහාචාර්යවරයකු වශයෙන්ද කටයුතු කරයි. ඔහු වරක් රාජපක්ෂ රජය යටතේ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ධුරය සහ රාජ්‍ය කෝප් කමිටුවේ සභාපතිත්වයද දැරුවේය. මහාචාර්ය චරිත හේරත් පසුගියදා ජනාධිපති රනිල් වික්‍රමසිංහට එරෙහිව ට්විටර් සටහන් තබා තිබුණේ මෙසේය.

චරිත හේරත් – ට්විටර් – 2023 පෙබරවාරි 26
‘නීත්‍යනුකූලව නිර්වචනය කර ඇති වේලාවට (ව්‍යවස්ථාවේ හෝ පනතේ සඳහන් වන) මැතිවරණයක් කැඳවීම යනු මැතිවරණ කොමිසමේ කාර්යයකි. ඔවුන් ඒ අනුව එම කාර්යය ඉටුකර කොමිසමේ සියලු සාමාජිකයන්ගේ අස්සන් සහිතව ගැසට් නිවේදනය ප්‍රකාශයට පත්කර තිබෙනවා…’

චරිත හේරත් – ට්විටර් – 2023 පෙබරවාරි 26
‘පුරවැසියෙක් විදියට සහ මන්ත්‍රීවරයෙක් විදියට මට එතැන කිසිම නීතිමය ප්‍රශ්නයක් පෙනෙන්නේ නැහැ. මැතිවරණ කොමිසමේ රැස්වීමේ ක්‍රියාපටිපාටියේ යම් ප්‍රශ්නයක් තිබුණත් ජනාධිපතිවරයා තමාගේ බලතල යොදාගෙන එවැනි දේවල් ගැන විමසීම ජනාධිපතිවරයාගේ කාර්යයක් නොවෙයි. එවැනි ක්‍රියාපටිපාටි ප්‍රශ්න හැසිරවිය යුත්තේ උසාවියේදී හෝ පාර්ලිමේන්තුවේදීය…’

චරිත හේරත් – ට්විටර් – 2023 පෙබරවාරි 26
‘ව්‍යවස්ථාවේ 40 වැනි වගන්තිය යටතේ ඔහු අනුප්‍රාප්තික ජනාධිපති බව අප මතක තබාගත යුතු වුවත්, රනිල් වික්‍රමසිංහ යනු එක්සත් ජාතික පක්ෂයෙන් මැතිවරණයට ඉදිරිපත් වන පක්ෂයක නායකයෙකි. එවැනි තත්ත්වයක් තුළ ප්‍රජාතන්ත්‍රවාදී සම්මතයන්ට අනුව මැතිවරණ කොමිසම ඔහුගේ කාර්යාලයට කැඳවා රැස්වීමේ වාර්තා විමසීම සුදුසු නොවේ…’

චරිත හේරත් – ට්විටර් – 2023 පෙබරවාරි 26
‘මෙම සන්දර්භය තුළ ජනාධිපතිවරයාගේ උපදෙස් යටතේ නීතිපතිවරයාට පවා ස්වාධීන මැතිවරණ කොමිසමක රැස්වීමේ වාර්තා පරීක්ෂා කිරීමට අයිතියක් නැත. එනම් විශේෂයෙන්ම ජනාධිපතිවරයා එම මැතිවරණයට තරග කරන පක්ෂයක නායකයකු වීම හේතුවෙනි. යථාර්ථවාදීව අප මේ තත්ත්වය හොඳින් අවබෝධ කරගත යුතුයි…’

චරිත හේරත් – ට්විටර් – 2023 පෙබරවාරි 26
‘ඒක හොඳයි. මෙතැන රනිල් වික්‍රමසිංහ යහපාලන ප්‍රශ්නයක් මතුකරලා තියෙනවා. මැතිවරණ කොමිසම යහපාලන නීතිරීති උල්ලංඝනය කර ඇතැයි යන්න ඔහුගේ මතයයි. එහෙත් මගේ මතයට අනුව යහපාලනය උල්ලංඝනය කිරීම ප්‍රධාන වශයෙන් පෙන්නුම් කරන්නේ නීතිපතිවරයාගේ, මුදල් ලේකම්වරයාගේ සහ රජයේ මුද්‍රණකරුගේ ක්‍රියාවන් තුළිනුයි….’

චරිත හේරත් – ට්විටර් – 2023 පෙබරවාරි 26
‘ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 03 වැනි වගන්තියේ සඳහන් වන්නේ ජනරජයේ පරමාධිපත්‍යය (Sovereignty of Republic) රටේ ජනතාව තුළ පවතින අතර, පරමාධිපත්‍යයේ මූලික කරුණු තුනක්ද විග්‍රහ කර ඇත. ඒවා 01. පාලන බලය, 02. මූලික අයිතිවාසිකම්, 03. අහිමි කළ නොහැකි ජනතා ඡන්දය බලය යන ඒවායි…’

චරිත හේරත් – ට්විටර් – 2023 පෙබරවාරි 26
‘මම හිතන්නේ මැතිවරණ කොමිසම අපේ රටේ ව්‍යවස්ථාවට සහ ප්‍රජාතන්ත්‍රවාදී සම්මතයන්ට අනුකූලව ක්‍රියාකර තිබෙනවා. ව්‍යවස්ථා විරෝධී වන්නේ නීත්‍යනුකුලව කාලසීමාව තුළ මැතිවරණයක් කැඳවීම සහ එවැනි නීතිමය මුලපිරීමකට තරමක් ව්‍යවස්ථා විරෝධී ලෙස ප්‍රතිචාර දක්වා තිබීමයි…’

චරිත හේරත් – ට්විටර් – 2023 පෙබරවාරි 26
‘ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 104(බී)2 වගන්තිය යටතේ ප්‍රකාශ වන්නේ මුදල් ලේකම්, රජයේ මුද්‍රණාලයාධිපති සහ අනෙකුත් සියලු රාජ්‍ය නිලධාරීන් මැතිවරණයකදී මැතිවරණ කොමිසම විසින් නිකුත් කරන ලද නියෝගවලට අනුව කටයුතු කළ යුතු බවයි. මෙම මැතිවරණය කල්දැමීමේ නාටකයේ සන්දර්භය තුළ සිදුකළ යුත්තේ මැතිවරණයට අදාළව නීතිපති, මුදල් ලේකම්ගේ ක්‍රියාවලිය සහ රජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාමය භූමිකාවන් කුමක්ද යන්න විමර්ශනය කිරීමයි…’

දැන් ඔබට මෙම වගතුග හොඳින්ම පැහැදිලි වනවා ඇතැයි සිතමි. ට්විටර් මාධ්‍ය ජාලය තුළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගිය පෙබරවාරි 25 වැනිදා ලියා තැබූ සටහන්වලට, මහාචාර්ය චරිත හේරත් ප්‍රතිඋත්තර සපයා ඇත්තේ හරියටම ඊට පසුදින වන පෙබරවාරි 26 වැනිදාය. මේ හෙයින් මෙය එක්තරා ආකාරයක ඩිජිටල්කරණය තුළ පෙන්වා අති ද්වන්ධ සටනක් වැනිය. මෙම සිදුවීම මේ වන විට සමාජ මාධ්‍ය සහ පොදු සමාජය මහත් ආන්දෝලනයකට පත්කර ඇත. මෙම සුවිශේෂ සිදුවීමේදී පාර්ලිමේන්තු මන්ත්‍රී චරිත හේරත් පෙන්වා දී ඇත්තේ මැතිවරණයට අදාළ කරුණු විධායකයට නොව මැතිවරණ කොමිසම සතුව පවතින බව ප්‍රකාශ කරන ව්‍යවස්ථාමය ප්‍රතිපාදන උපුටා දක්වා තිබීමයි. මෙහිදී අවසාන පැහැදිලි නිගමනයක් ලෙස ඔහු ප්‍රකාශ කරන්නේ මැතිවරණයක් පවත්වන දිනය තීරණය කිරීමේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ඒ පිළිබඳ කිසිදු කාර්යභාරයක් නොමැති බවත්, එහි නීති බලය ඇත්තේ ජාතික මැතිවරණ කොමිෂන් සභාවට බවත්ය. එම තත්ත්වය ඔහු බොහෝ තර්කානුකූලව පෙන්වා දී ඇත.

මෙම වටපිටාවේදී තවත් අපූරු, රසවත් වගතුගක්ද හෙළිවෙමින් ඇත. එය නම් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙරට ව්‍යවස්ථාව ගැන සිදුකළ ප්‍රකාශයන්ට එරෙහිව පොදු සමාජය තුළින් ප්‍රකාශ වී ඇති විවිධ පුද්ගලයන්ගේ මතයන්ය. එය අතිශය දීර්ඝ වගතුගක් වන අතර එම තොරතුරු සියල්ලක්ම ලියා තබන්නට මෙහි ඉඩ නැත. එය සාරාංශගතව බලමු.

‘ජනාධිපතිවරයා මෝඩ, හාස්‍යජනක තර්කයක් ගෙනැවිත් තිබෙන්නේ. යම් රටක අත්තිවාරම වන ව්‍යවස්ථාව විනාශ වූ විට අරාජිකත්වය ඇතිවන අතර එම අරාජිකත්වය තුළින් ඉන් පසුව ඔබට රටද අහිමි වෙනවා. එසේම ඊළඟ වතාවේ ඔබට පුළුවන් මගේ ප්‍රමුඛතාව ආර්ථිකය යැයි කියමින් පාර්ලිමේන්තුව සහ ශ්‍රේෂ්ඨාධිකරණයත් අහෝසි කරන්න. ඔබ අද හැම දෙයක්ම උල්ලංඝනය කරලා ඉවරයි…’ යැයි ජනතාව කියයි.



ප්‍රියන්ත හෙට්ටිගේ

SendShareShare
Previous Post

ඡන්දය අප්‍රේල් 25! මැතිවරණ කොමිසම තීන්දු කරයි!

Next Post

සිසුන්ට දුන් ලක්ෂ අටක පොලී රහිත ණය මුදලේ 2021-22 වසරවල ගැසට් එක තවම නෑ! සජිත් ආණ්ඩුවට මතක් කරයි! VIDEO

MORE NEWS

ඩොලරය 330ට යයි!
Exclusive

අපනයනවලින් එන මාසික ඩොලර් ආදායම රුපියල් කරන්න ආණ්ඩුව භාණ්ඩ අපනයනකරුවන්ට දින දෙයි! I Sri Lanka Latest News

අනුර නවදිල්ලි සමුළුව අමතයි! I Sri Lanka Latest News
Exclusive

බැරි නම් යනවා කිව්වනේ..! දැන් ඔයාට බෑ කියලා ඔප්පු වෙලා ඉවරයි! අනුරත් ෆේල්..! අනේ ප්ලීස් දැන් යන්න..! VIDEO I Sri Lanka Latest News

මෙන්න මාලිමාවේ වසන්ත සමරසිංහලාගේ හොරු ඇල්ලිල්ල! චෝදනා තියෙන සභාපති කෙනෙක් අල්ලලා ආපහු ලංගමට ගෙනත් දාලා! බොරු මාධ්‍ය සංදර්ශන එපා! කරනවා නම් වැඩේ හරියට කරන්න! ජවිපෙත් එක්ක ඉඳලා එළියට බැහැපු වරුණ රාජපක්ෂ වසන්ත සමරසිංහට කියයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සරණ හිරේ දැමීමේ ක්‍රෙඩිට් එක ආණ්ඩුවට දාගන්න ප්‍රශ්න අහපු මාධ්‍යවේදියාට සජබෙ වරුණ කටඋත්තර නැතිවෙන්නම දෙයි! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News
Exclusive

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

ගාලු සිරිය වැඩි කරන හැටි ගැන අනුර කතාකරයි! PHOTOS I Sri Lanka Latest News

දේශපාලන ඩීල් නොකර ජනාධිපති, අගමැති ඉල්ලා අස්වෙන්න! විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ඉදිරියට එයි! (VIDEO)
Exclusive

මාලිමාවේ බලය නැතිවේගෙන යනවා..! ජවිපෙ ශක්තිමත් වෙමින් යනවා! අපිටත් ආණ්ඩුව විවේචනය කරන තැනකට යන්න වෙනවා! මාලිමා න්‍යායාචාර්ය මහාචාර්ය නිර්මාල් රංජිත්ට ආණ්ඩුවේ ගමන ගැන ප්‍රශ්නයක්! VIDEO I Sri Lanka Latest News

Load More
ඩොලරය 330ට යයි!
Exclusive

අපනයනවලින් එන මාසික ඩොලර් ආදායම රුපියල් කරන්න ආණ්ඩුව භාණ්ඩ අපනයනකරුවන්ට දින දෙයි! I Sri Lanka Latest News

භාණ්ඩ අපනයනකරුවන්, ඔවුන්ට අවසර ඇති ගෙවීම් සිදු කිරීම සදහා පමණක් භාවිතා කිරීමෙන් පසුව, ඔවුන්ගේ අපනයන ආදායම, ඊළඟ මාසයේ දහවන දා...

Read more
අනුර නවදිල්ලි සමුළුව අමතයි! I Sri Lanka Latest News

බැරි නම් යනවා කිව්වනේ..! දැන් ඔයාට බෑ කියලා ඔප්පු වෙලා ඉවරයි! අනුරත් ෆේල්..! අනේ ප්ලීස් දැන් යන්න..! VIDEO I Sri Lanka Latest News

මෙන්න මාලිමාවේ වසන්ත සමරසිංහලාගේ හොරු ඇල්ලිල්ල! චෝදනා තියෙන සභාපති කෙනෙක් අල්ලලා ආපහු ලංගමට ගෙනත් දාලා! බොරු මාධ්‍ය සංදර්ශන එපා! කරනවා නම් වැඩේ හරියට කරන්න! ජවිපෙත් එක්ක ඉඳලා එළියට බැහැපු වරුණ රාජපක්ෂ වසන්ත සමරසිංහට කියයි! VIDEO I Sri Lanka Latest News

සරණ හිරේ දැමීමේ ක්‍රෙඩිට් එක ආණ්ඩුවට දාගන්න ප්‍රශ්න අහපු මාධ්‍යවේදියාට සජබෙ වරුණ කටඋත්තර නැතිවෙන්නම දෙයි! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

ගාලු සිරිය වැඩි කරන හැටි ගැන අනුර කතාකරයි! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.