වසර ගණනාවක් තිස්සේ අතුරුදන් කොට ඇති පළාත් සභා මැතිවරණය පවත්වන ලෙසට ආණ්ඩුවට බලපෑම් කරමින් අලුත් සටනක් ආරම්භ කිරීමට උතුරු නැගෙනහිර ඇතුළු විපක්ෂය නියෝජනය කරන සියලු දේශපාලන පක්ෂ තීරණය කොට ඇති බව වාර්තා වේ.Sri Lanka Latest News
විශේෂයෙන්ම තමිල්නාඩුවේ පැවැති ප්‍රාන්ත මැතිවරණයෙන් තලපති විජේ විශිෂ්ට ජයග්‍රහණයක් වාර්තා කිරීමත් සමග තමිල්නාඩුව සමග සමීප සබඳතා ඇති උතුරු නැගෙනහිර ද්‍රවිඩ පක්ෂ පළාත් සභා මැතිවරණය ඉල්ලා ගෙන යන සටන තීව්‍ර කිරීමට තීරණය කොට ඇති බව දැනගන්නට ඇත.
පසුගිය කාලය පුරාම තලපති විජේ උතුරු නැගෙනහිර දමිළ ජනතාව මුහුණ දෙන ප්‍රශ්න සම්බන්ධයෙන් ප්‍රසිද්ධියේ අදහස් ප්‍රකාශ කොට තිබූ අතර, කච්චතිව් දූපත යළි අත්පත් කරගැනීම, තමිල්නාඩු ධීවරයන්ගේ ප්‍රශ්නය යනාදිය සම්බන්ධයෙන්ද අදහස් දැක්වීමට කටයුතු කොට තිබිණි.
ඒ අනුව, උතුරු නැගෙනහිර දමිළ පක්ෂ මේ වනවිට තීරණය කොට ඇත්තේ තලපති විජේ තමිල්නාඩුවේ මහ ඇමැතිවරයා ලෙස දිවුරුම් දීමත් සමග පළාත් සභා මැතිවරණය ඇතුළු උතුරු නැගෙනහිර ජනතාව මුහුණ දෙන ප්‍රශ්න සම්බන්ධයෙන් ඔහු සමග සාකච්ඡා පැවැත්වීමටය.
පසුගිය සිකුරාදා වනවිට ප්‍රාන්ත ආණ්ඩුව පිහිටුවිම සඳහා අවශ්‍ය බහුතරය සොයාගැනීම සඳහා තලපති විජේගේ පක්ෂය තමිල්නාඩුවේ තෝල් තිරුමාවලන්ගේ නායකත්වයෙන් යුත් වී.සී.කේ. පක්ෂය සමග සාකච්ඡා ආරම්භ කිරීමට කටයුතු කොට තිබිණි.
වී.සී.කේ. පක්ෂ නායක තෝල් තිරුමාවලන්ද උතුරු නැගෙනහිර දමිළ පක්ෂ සමග ඉතා සමීප සබඳතාවක් ඇති අයකු ලෙස ප්‍රකටය.
මේ අතර, පසුගිය සතිය වනවිට හිටපු මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතාද, පැෆ්රල් සංවිධානයද විශේෂ ප්‍රකාශ නිකුත් කරමින් කියා සිටියේ ආණ්ඩුව වහාම පළාත් සභා මැතිවරණය පැවැත්වීමට අවශ්‍ය කටයුතු සූදානම් කළ යුතු යැයි කියාය.










