ජපන් රජය මගින් ආධාර වශයෙන් ලබාදී ඇති ඩොප්ලර් රේඩාර් කාලගුණ අනාවැකි යන්ත්‍රය මෙරටට ගෙන ඒමට පෙර ස්ථානීය පරීක්ෂාව සඳහා ජපානයේ උපදේශකයන් සහ ඉංජිනේරුවන් 10 දෙනකු මෙරටට පැමිණ පුත්තලමේ ස්ථානීය පරීක්ෂාව ආරම්භ කොට තිබේ. (Sri Lanka Latest News)
එම යන්ත්‍රය පුත්තලමේ පිහිටි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු භූමියේ සවිකිරීමට අදාළ කුලුන ඉදිකිරීම ලබන නොවැම්බර් අවසානයේ ආරම්භ කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක මහතා ‘මව්රට’ට පැවැසීය.
ඩොප්ලර් රේඩාර් යන්ත්‍රය මගින් වර්ෂාව ඇතිවීමට පැය එකහමාරකට පෙර වලාකුළුවල පවතින ජලවාෂ්ප ප්‍රමාණය සහ වර්ෂාව පතිත වන ප්‍රදේශ පිළිබඳ නිවැරැදි දත්ත ලබාගෙන පෙර සූදානමක් ඇතිව සිදුවීමට යන ආපදාවන් අවම කරගැනීමට හැකිවන බවයි ඔහු සඳහන් කළේ.
ජපන් යෙන් බිලියන ගණනක් වටිනා මෙම ඩොප්ලර් රේඩාර් යන්ත්‍රය මෙරටට ගෙන ඒම පිළිබඳ ජපානය බලා ගිය කාලගුණ විද්‍යාඥයන් පිරිසක් ගිවිසුම් අස්සන් කොට ඇත.
එය 2027 වසරේ ජූලි 31 වනවිට පුත්තලමේ ස්ථාපිත කිරීමට සැලසුම් කොට ඇති බවද අතුල කරුණානායක මහතා පැවැසීය.
ප්‍රේමලාල් විජේරත්න









