• About us
  • Contact us
Saturday, June 6, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අපේම පාසල අපේම මව විය එදවස් අපහට නැත ආයේ… හිත ඇත්නම් පත කුඩාද?

March 14, 2023
in Exclusive, News
Reading Time: 6 mins read
A A
අපේම පාසල අපේම මව විය එදවස් අපහට නැත ආයේ… හිත ඇත්නම් පත කුඩාද?
Share on WhatsAppShare on Facebook

අපි අහලා තියෙන කතාවක් තියෙනවා ‘හිත ඇත්නම් පත කුඩාද’ කියලා. කෙනකුගේ ජීවිතේ ඉල්ලක්කයක් තියෙනවා නම්, ඔහුට යන්න පාරකුත් ඇත්නම් වෙන කිසිවක් අවශ්‍ය වෙන්නේ නැහැ. ශක්තිමත් හිතක් විතරයි අවශ්‍ය වන්නේ. ජීවිතය ඉදිරියට දහසක් කම්කටොලු බාධක එන්න පුළුවන්. ඒක අපි හැමෝටම පොදු ධර්මතාවක්. නමුත් ඒ කිසිවකට සැලෙන්නේ නැතුව අපේ අධිෂ්ඨානය කරා යන්න ශක්තිමත් හිතක් තියෙන ඕනෙම කෙනකුට පුළුවන්.

කාන්තාවන් ඇගයීම සඳහා ‘ලෝක කාන්තා දිනය’ විදියට සෑම වසරකම මාර්තු මාසේ 08 වැනිදා වෙන්කරගෙන තිබෙනවා. ඇත්තටම ඒක ප්‍රායෝගිකද? එහෙම දිනයක් අවශ්‍යද? කාන්තාව අවුරුද්දේ දින 365 මුළුල්ලේම වෙහෙසෙන්නේ තමන්ගේ පවුල වෙනුවෙන්, සමාජය වෙනුවෙන්, දරුවන් හදා වඩාගෙන ස්වාමිපුරුෂයා, මවුපියන්, සහෝදර සහෝදරියන් වෙනුවෙන් පවුලට, සමාජයට මෙවැනි වටිනා සේවයක් ඉටුකරන කාන්තාව සෑම දිනෙකම අගය කළ යුතුයි.

කාන්තා දිනයේ උණුසුම තවමත් පහව ගොස් නැති පසුබිමක අපට යාපනයෙන් අසන්නට ලැබුණේ වයෝවෘද්ධ කාන්තාවකට ලැබුණු ප්‍රශංසනීය අවස්ථාවක් පිළිබඳවයි. යාපනය වික්ටෝරියා විiාලයේ ආදි ශිෂ්‍යාවක වූ එස්. මුත්තනී පුනිතාවතී. රජයේ ලිපිකාරිනියක් ලෙස සේවය කර විශ්‍රාම ලබා සිටින ඇගේ වයස අවුරුදු 80ක්. ඇගේ පාසලේ පැවැති නිවාසාන්තර ක්‍රීඩා තරගයේදී තරුණ ආදි ශිෂ්‍යාවන් පරදා ඇය මීටර 100 තරග ඉසව්වෙන් දෙවැනි ස්ථානය දිනාගෙන තිබුණා. ඇය මේ තරගයට මුහුණ දුන්නේ වයස අවුරුදු 45ට අඩු ආදි ශිෂ්‍යාවන් 06 දෙනක් සහ වයස අවුරුදු 55ට අඩු ආදි ශිෂ්‍යාවන් 04 දෙනකුද සමගයි. එම තරගයේ අවසාන ප්‍රතිඵලය වුණේ මෙම වයෝවෘද්ධ කාන්තාව දෙවැනි ස්ථානයට පත්වීමයි. මේ ජයග්‍රහණයෙන් මුත්තනී සමාජයට කියාදුන්නේ, හිත ශක්තිමත්ව ඕනෑම අභියෝගයකට මුහුණ දුන්නොත් ඉන් ජයග්‍රහණය අත්කරගත හැකි බවයි.

තමන් කුඩා කල අකුරු කළ වික්ටෝරියා විද්‍යාලයට කෘතගුණ සැලකීමක් වශයෙන්, සමකාලීන මිතුරු මිතුරියන් සමග ඇය මෙම තරගාවලියට ඉදිරිපත් වන්නට ඇති. එදා ඇය දහස් වාරයක් ඇවිද ගිය මේ ක්‍රීඩා පිටියේ ඇයට අමුත්තක් දැනෙන්නට නැතිව ඇති. එදා වගේම අදත් ඒ ක්‍රීඩා පිටියේ දුව ඇවිදින්නට පුළුවන් බව ඇය සිතන්නට ඇති. ඇයගේ වයස අවුරුදු 80ක් වුවත් එය ඇයට ප්‍රශ්නයක් වූයේ නැහැ.

එදා ඇයට අකුරු කියා දුන් ගුරුවර ගුරුවරියන් අද ඒ පාසලේ නැහැ. ඒ සුන්දර පාසල් කාලය ගැන ශාලිත අබේවික්‍රම මහතා ගායනා කරන ‘සුළඟේ ලෙළෙනා’ ගීතය අප මතකයට එන්නේ නිරායාසයෙන්මයි.

‘අපේම පාසල අපේම මව විය
එදවස් අප හට නැත ආයේ….’

ඒ ගීතය ඇහෙද්දී අපේ හිතට දැනෙන්නේ වචනයෙන් විස්තර කළ නොහැකි හැඟීමක්. පාසල් මාතාව ඇසුරේ ගතකළ ඒ සුන්දර ජීවිතය පිළිබඳ මතකයන් අප සිංහල වුවත්, දෙමළ වුවත්, කුමන ජාතියකට ආගමකට අයත් වුවත් කිසිදා අපේ සිත්වලින් ගිලිහී යන්නේ නම් නැහැ. ජීවිතය තිබෙන තුරු තමන් අකුරු කළ පාසලට දක්වන ගෞරවය අසූ හැවිරිදි එස්. මුත්තනී පුනිතාවතී තුළත් ඒ විදියටම තිබෙනවා ඇති. ඒ නිසාමයි සුන්දර පාසල් මතකය ඇයට අමතක නොවුණේ. ඒ නිසාමයි ඇය අසූ හැවිරිදි වියේදීත් පාසලේ නිවාසාන්තර ක්‍රීඩා උළෙලට සහභාගි වුණේ.

එම තරගාවලියේ තෑගි ප්‍රදානෝත්සවයේදී කලින් සැලසුම් කර තිබූ ත්‍යාගවලට අමතරව තවත් ත්‍යාග කිහිපයක්ද සංවිධායක මණ්ඩලය විසින් ඇයට ලබාදෙන්නට කටයුතු කර තිබුණා. ඒ, ඇගේ ධෛර්යවන්තකමට උපහාරයක් වශයෙන්. එසේම තරග නැරැඹීමට පැමිණ සිටි ජනතාවද ඇයට මුදල් ත්‍යාග රාශියක් පිරිනමා තිබුණා. හිතේ හයිය තියෙනවා නම් වයස ඉලක්කමක් විතරයි. මේ කාන්තාවගේ ක්‍රීඩා කෞෂල්‍ය දුටු බොහෝ දෙනා කියා සිටියේ, ‘අනේ අපේ ආච්චිලාට මේ විදියට දුවන්න පනින්න බෑනේ’ යනුවෙනි. ඇගේ තරගකාරීත්වය දුටු හැමෝම පුදුමයට පත්වුණා. මේ තරම් වයසක කාන්තාවක් මෙවැනි තරගයකින් ජයගැනීම ඔවුන් මවිතයට පත්කළ සිදුවීමක් වුණා. මුත්තනී පුනිතාවතී මහත්මිය මීටර් 100 දිව්වේ සාරියකින් සැරසිලා. බොහෝ දෙනෙක් හිතන්නේ සාරියක් ඇන්දාම හරිම අපහසුයි කියලා. ඒ අභියෝගයත් ඇය ජයත්තේ ඉතා පහසුවෙන්.

ලෝක කාන්තා දිනය සමරන උණුසුමේදී වයස කියන්නේ ඉලක්කමක් පමණයි කියලා සිතන තවත් මෙවැනිම ධෛර්යවන්ත කාන්තාවක් අපට නිරන්තරව මතකයට එනවා. ඇය 95 හැවිරිදි ඇස්ලින් ලීලාවතී ධර්මරත්න මාතාවයි. ඇය තවමත් විභාග කඩඉම්වලට මුහුණ දෙමින් සිටිනවා. ඇය ත්‍රිපිටක ධර්ම සහ පාලි භාෂා උපාධි පරීක්ෂණයට මුහුණ දුන්නේ 2021 වසරේදී. ඒ වන විට ඇගේ වයස අවුරුදු 93කි. එම පරීක්ෂණයෙන් ඇය ඉහළින්ම සමත් වුණේ ඇය සතු චිත්ත ධෛර්යය සහ අධිෂ්ඨානය මොනවට ප්‍රකට කරමින්. ඇස්ලින් ලීලාවතී ධර්මරත්න මාතාව උපත ලැබුවේ 1928 වර්ෂයේ. හොරණ මිල්ලෑව ඇගේ ගම් පියසයි. සහෝදරියන් දෙදෙනකුගේ වැඩිමහල් සහෝදරිය ලෙස ළමා කාලය ගතකළ ඇය, අධ්‍යාපනය ලබා ඇත්තේ මිල්ලෑව බාලිකා විදුහලෙනි. ඇය කලක් ඉංග්‍රීසි ගුරුවරියක් ලෙසද සේවය කළ අතර, නීතිඥවරියක් වීම ඇගේ බලාපොරොත්තුව වී තිබුණා. එම අපේක්ෂාව මුදුන් පමුණුවාගැනීම සඳහා ගත් උත්සාහයේ ප්‍රතිඵලයක් වශයෙන් 1961 වසරේදී නොතාරිස් විභාගයට පෙනී සිටිමින් ඉහළම ලකුණු වාර්තා කළ ඇය එම වසරේ දිවයිනේ ප්‍රථමයා බවටද පත්වුණා. එසේම එම වසරේ ශ්‍රී ලංකා නොතාරිස්වරුන්ගේ සම්මේලනයට ඇතුළත් වූ ප්‍රථම කාන්තාව බවටද ලීලාවතී මහත්මිය ඉතිහාසගත වී සිටින්නීය.

ඒ සම්මේලනය ඇගේ ජීවිතයේ එක් හැරවුම් ලක්ෂ්‍යයක් බවට පත්වූයේ ඇගේ ස්වාමි පුරුෂයා හමුවීම එහිදී සිදුවූ නිසයි. ඒ අනුව ඇය 1962 වසරේදී චිත්‍රසෝම ජයලත් මහතා සමග විවාහ වූවා. විවාහ වී වසර 08ක් ගතවත්ම ස්වාමියා මෙලොව හැරගිය අතර, ඒ වන විට ඇය දියණියන් හතර දෙනකුගේ මවක්ව සිටියා.

ඇස්ලින් ලීලාවතී ධර්මරත්න මහත්මිය කොයි තරම් ශක්තිමත් කාන්තාවක්ද කියතොත්, ඇය ශක්තිමත් මනසින් ජීවිතයට මුහුණ දුන්නේ තම කුඩා දියණිවරුන් හතරදෙනාද සමගයි. ඇය ඔවුන්ව සමාජයට, රටට වැඩදායී පුද්ගලයන් බවට පත්කරන්නට දිවා රෑ වෙහෙසුණාය. නොතාරිස් වෘත්තියේ යෙදෙමින් තම දියණිවුරුනට හොඳ අධ්‍යාපනයක් ලබාදෙමින් උගතුන් කරන්නට ඇය ගත් වෙහෙස මේ වන විටත් මල්ඵල දරා අවසන්. තම දියණිවරුන් සිවුදෙනාම උපාධිධාරිනියන් බව ඇය පවසන්නේ නිහතමානී ආඩම්බරයකින්. ඇය කවදාවත් තම දරුවන්ට තරවටු කරමින් ඔවුන්ව යහ මඟට ගැනීමට උත්සාහ දැරුවේ නැහැ. ඇය දරුවන්ගේ හිතට කාවද්දා තිබුණේ උගත්කම කිසිවකුට සොරාගත නොහැකි බවයි.

ලීලාවතී මාතාවගේ වැඩිමහල් දියණිය බස්නාහිර පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂවරියක් වශයෙන්ද, දෙවැනි දියණිය ඔස්ටේ්‍රලියාවේ විශ්වවිද්‍යාලයක මහාචාර්යවරියක් ලෙසද, තෙවැනි දියණිය නාවලපිටිය පත්තුණුපිටිය මහ විදුහලේ ගුරුවරියක් ලෙසද, සිවුවැනි දියණිය නීතිඥවරියක් සහ වැඩබලන මහෙස්ත්‍රාත්වරියක් ලෙසද කටයුතු කරනවා.

තම දිවි ගමනේ සෙවණැල්ල සේ අත්වැල් බැඳ ආ ආදරණීය ස්වාමියා අකාලයේ සමුගත් පසු ඈ ජීවිත සටන අතනොහැර ඊට ධෛර්යවන්තව මුහුණ දුන්නා. දරුවන් පිළිබඳ ඈ දුටු සුබ සිහින සියල්ලම අද සැබෑ වෙලා. අනලස්ව වෙහෙසුණු ඇය, ඇගේ ජීවිතයද සාර්ථක කරගත්තා.
ඇගේ දියණියක් පවසා සිටියේ, ‘අම්මා දරුවෝ හැමෝටම උපාධි ලෝගුව පොරවලා හිසට කළු තොප්පිය දැම්මා. අම්මාටත් ඒ ලෝගුව පොරවලා හිසට කළු තොප්පිය දාන එක තමයි අපේ හීනය…’ යනුවෙනි.

උපාධියක් සඳහා ඉගෙනගත යුත්තේ තරුණ වයසේදී පමණයි යන්න බොහෝ දෙනාගේ මතයයි. නමුත් අවශ්‍යතාව ඇත්නම්, ධෛර්යය තිබේ නම් ඊට වයස ප්‍රශ්නයක් වන්නේ නෑ. මේ දක්ෂ කාන්තාව අප හැමටම කියාදුන් වටිනා පාඩම එයයි.

කාන්තාවන්, පුරුෂයන්ට වඩා දක්ෂ බව බොහෝ තැන්වලදී ඔප්පු කරලා තියෙනවා. ලීලාවතී ධර්මරත්න මහත්මිය සේම, පුනිතාවතී මහත්මියද වයස යනු ඉලක්කමක් පමණයි කියලා ඔප්පු කළා.

ලීලාවතී මාතාව පවසන්නේ විභාග සමත්විය යුත්තේ රැකියාවක් ලබාගැනීමට පමණක් නොව, මානසික තෘප්තියට මෙන්ම දැනුම හා බුද්ධියට බවයි. ත්‍රිපිටක ධර්ම සහ පාලි භාෂා උපාධි පරීක්ෂණය ඉහළින්ම සමත්වූ ඇගේ බලාපොරොත්තුව වී ඇත්තේ කැලණිය විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍රපති උපාධිය ලබාගැනීමයි. වයෝවෘද්ධ වයසකදි පිළිගත් විභාගයක් ඉහළින්ම සමත්වූ ලෝකයේ පළමු දසදෙනා අතරටද ඇය ඇතුළත්ව සිටිනවා. එසේම එවැනි විභාගයක් සමත්වූ ශ්‍රී ලංකාවේ එකම කාන්තාව බවටද ඇය පත්ව සිටිනවා.

ඇය සමස්ත කාන්තා පරපුරටම දෙන ආදර්ශය ඉතා වටිනා එකකි. එනම්, කාලය නිකරුණේ වැය නොකර, අර්ථවත් දෙයකට එම කාලය යොදවන ලෙසයි.

වයසට ගියත් මේ කාන්තාවන් දෙදෙනාම ජීවිතයට මුහුණ දෙන්නේ සතුටෙන්. ඔවුන් අන් අයගේ ජීවිතවලට බරක් වුණේ නැහැ. පුනිතාවතී මහත්මිය රාජ්‍ය ලිපිකාරිනියක් ලෙසද, ලීලාවතී මහත්මිය නොතාරිස්වරියක් ලෙසද අද සිය දිවියේ සැඳෑ සමය ගෙවමින් සිටිනවා. ඔවුන් සතුටෙන් ජීවිතවලට මුහුණ දෙනවා. ඒ ජීවිතවල පසුතැවීමක් නැහැ. මොවුන් මේ දේවල් කරන්නේ ජීවිතයේ සතුට වෙනුවෙන් මිස බල තණ්හාවක් නිසා නොවේ. වර්තමාන සමාජයේ බල තණ්හාවෙන් පෙළෙන සෑම දෙනාටම ලීලාවතී මහත්මියත්, පුනිතාවතී මහත්මියත් කදිම ආදර්ශයකි.

වර්තමානයේ කාන්තාවන් සිටින්නේ තමන්ට නොමැති දෑ පිළිබඳ පසුතැවෙමිනි. ජීවිතයේ කඩාවැටීම් හමුවේ පරාජය නොවී, ධෛර්යවන්තව නැගී සිටින්නට මේ සුන්දර වනිතාවන් සමස්ත කාන්තා පරපුරටම තම දෑත් දිගුකර ආරාධනා කරයි. ඒ සොඳුරු ඇරයුම පිළිගෙන, ජීවිතයට නොබියව මුහුණ දෙන්නට ඔබ සැමට වාසනාව උදා වේවා…

මෑණිවරුනි, ඔබ දෙදෙනාම තව තවත් නිරෝගිමත් වේවා… රටට කීර්තියක් ගෙන එන්නටත්, චිරාත් කාලයක් සතුටෙන් ජීවත් වන්නටත් ශක්තිය ධෛර්යය ලැබේවායි ‘මව්රට’ අප හදවතින්ම ප්‍රාර්ථනා කරමු.



නිලන්ති රේණුකා

SendShareShare
Previous Post

සජිත් කඩවතට එයි! හසිත් ගුණසේකරගේ සජබ පක්ෂ කාර්යාලය විවෘත කරයි! LIVE VIDEO

Next Post

මතකද ට්‍රැවලින් බෑග් එකක කෙල්ලෙක්ගේ බෙල්ල නැති සිරුරක් දාගෙන ගිය සිද්ධිය! මෙන්න දැන් ප්ලාස්ටික් බැරලයක දාපු කාන්තා මළ සිරුරක් ස්ටේෂන් එකකදි හමුවෙලා!

MORE NEWS

නිත්තෑවෝ නිට්ටාවටම නැති වුණාද? අඩි තුනක් උස, මස් ඉරාගෙන කාපු අද්භූත නිත්තෑවෝ! Sri Lanka Latest News
Exclusive

නිත්තෑවෝ නිට්ටාවටම නැති වුණාද? අඩි තුනක් උස, මස් ඉරාගෙන කාපු අද්භූත නිත්තෑවෝ! Sri Lanka Latest News

ප්‍රේමකීර්ති මරා දැම්මේ අද වගේ දවසක රෑ 8.30ට! I Sri Lanka Latest News
Exclusive

තරු පොකුරකට එළිය දුන් අවුරුදු 42දී නිවා දැමූ තනි තරුව! Sri Lanka Latest News

Exclusive

එක එක රස සිගරට් හදපු CTC සමාගමට අභියාචනාධිකරණයෙන් තහනමක්! Sri Lanka Latest News

රන් පදක්කම් 30න් 16ක්ම දිනූ කොළඹ සරසවියේ දක්ෂතම සිසුවිය හෂිනිගේ ලස්සනම දවස අවලස්සන කළ මුරුත්තෙට්ටුවේ හාමුදුරුවෝ! Sri Lanka Latest News
Exclusive

රන් පදක්කම් 30න් 16ක්ම දිනූ කොළඹ සරසවියේ දක්ෂතම සිසුවිය හෂිනිගේ ලස්සනම දවස අවලස්සන කළ මුරුත්තෙට්ටුවේ හාමුදුරුවෝ! Sri Lanka Latest News

ඔයා සිරසෙන් නේද? අයියෝ ඔයිට වඩා සදාචාරාත්මක වෙන්නකෝ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඔයා සිරසෙන් නේද? අයියෝ ඔයිට වඩා සදාචාරාත්මක වෙන්නකෝ..! VIDEO I Sri Lanka Latest News

“ලේකම්කමකට පෙම් බැන්දා – ආශා දහසක් රස වින්දා – නටු අග කටු මත කටුක බව දැනී – එනිසා මම ඉල්ලා අස්වෙමි…” I මහාචාර්ය කපිල ලේකම්කමෙන් ඉල්ලා අස්වුණේ ඇයි? ! Sri Lanka Latest News
Exclusive

“ලේකම්කමකට පෙම් බැන්දා – ආශා දහසක් රස වින්දා – නටු අග කටු මත කටුක බව දැනී – එනිසා මම ඉල්ලා අස්වෙමි…” I මහාචාර්ය කපිල ලේකම්කමෙන් ඉල්ලා අස්වුණේ ඇයි? ! Sri Lanka Latest News

Load More
නිත්තෑවෝ නිට්ටාවටම නැති වුණාද? අඩි තුනක් උස, මස් ඉරාගෙන කාපු අද්භූත නිත්තෑවෝ! Sri Lanka Latest News
Exclusive

නිත්තෑවෝ නිට්ටාවටම නැති වුණාද? අඩි තුනක් උස, මස් ඉරාගෙන කාපු අද්භූත නිත්තෑවෝ! Sri Lanka Latest News

රාත්‍රී කාලයේ මහ කැලෑවක් මැද තියෙන ගල් ගුහාවක් ඇතුළට වෙලා, ගින්දර ගොඩක් වටකරගෙන බයෙන් ගැහෙමින් ඉන්න මිනිස්සු රංචුවක් ගැන මොහොතකට...

Read more

එක එක රස සිගරට් හදපු CTC සමාගමට අභියාචනාධිකරණයෙන් තහනමක්! Sri Lanka Latest News

ප්‍රේමකීර්ති මරා දැම්මේ අද වගේ දවසක රෑ 8.30ට! I Sri Lanka Latest News

තරු පොකුරකට එළිය දුන් අවුරුදු 42දී නිවා දැමූ තනි තරුව! Sri Lanka Latest News

රන් පදක්කම් 30න් 16ක්ම දිනූ කොළඹ සරසවියේ දක්ෂතම සිසුවිය හෂිනිගේ ලස්සනම දවස අවලස්සන කළ මුරුත්තෙට්ටුවේ හාමුදුරුවෝ! Sri Lanka Latest News

රන් පදක්කම් 30න් 16ක්ම දිනූ කොළඹ සරසවියේ දක්ෂතම සිසුවිය හෂිනිගේ ලස්සනම දවස අවලස්සන කළ මුරුත්තෙට්ටුවේ හාමුදුරුවෝ! Sri Lanka Latest News

ඔයා සිරසෙන් නේද? අයියෝ ඔයිට වඩා සදාචාරාත්මක වෙන්නකෝ..! VIDEO I Sri Lanka Latest News

ඔයා සිරසෙන් නේද? අයියෝ ඔයිට වඩා සදාචාරාත්මක වෙන්නකෝ..! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.