බැංගලෝර්හි දුම්රිය ස්ථානයක ප්ලාස්ටික් බැරලයක් තුළ තිබී කාන්තාවකගේ මළ සිරුරක් සොයාගත් බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.
ඊයේ (13) දින බැංගලෝර්හි බයියප්පනහල්ලි දුම්රිය ස්ථානයේ පිවිසුම් දොරටුවක් අසල තිබී මෙම කාන්තා මළ සිරුර සොයාගත් බවයි එරට ආරක්ෂක අංශ සඳහන් කරන්නේ.
මේ වසරේ දී බැංගලෝර් දුම්රිය ස්ථානයක තිබී මළ සිරුරක් හමුවූ දෙවැනි අවස්ථාව මෙය බවයි ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේ.
ඊයේ දින සොයාගත් මළ සිරුර අවුරුදු 31ත් 35ත් අතර වයසේ පසුවන තැනැත්තියකගේ බවට විශ්වාස කෙරෙන අතර, එම කාන්තාවගේ අනන්‍යතාව මෙතෙක් හඳුනාගෙන නැහැ.
පුද්ගලයන් තිදෙනෙකු විසින් මළ සිරුර බහාලූ ප්ලාස්ටික් බැරලය ඔටෝ රික්ෂෝවකින් ප්‍රවාහනය කර, දුම්රිය ස්ථානයේ දොරටුව අසල සඳුදා දින තබායන ආකාරය ආරක්ෂිත කැමරාවල පටිගත වී ඇති බවයි මේ සම්බන්යෙන් පරීක්ෂණ පවත්වන පොලිසිය සඳහන් කළේ.
dasathalankanews