• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඉන්දියාව හොල්ලන දෝනිත් හොඳ කියන අපේ එවුන් බැලුවෙත් නැති අපේ පොඩි එකා බේබි මාලි…

May 15, 2023
in Exclusive, News
Reading Time: 3 mins read
A A
ඉන්දියාව හොල්ලන දෝනිත් හොඳ කියන අපේ එවුන් බැලුවෙත් නැති අපේ පොඩි එකා බේබි මාලි…
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසය බොහෝ විට වර්ණවත් බවින් පුරවාලන්නේ වේග පන්දු යවන්නෝ නෙවෙයි. ලංකාවේ ක්‍රිකට්වල තියෙන ප්‍රබලතම තුරුම්පුව විදියට අපි හැම වෙලාවෙම පාවිච්චි කරන්නේ දඟ පන්දු යවන්නෝ. ඒක ක්‍රිකට්වල ඉතිහාසයේ ඉඳන්ම තිබුණු දෙයක්. විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ තණතීරු සකස් වෙන්නේ දඟපන්දු යවන්නන්ට සුදුසු ආකාරයට. ගාලු තණ තීරුව මුත්තයියා මුරලිදරන්ගේ විකට් දඩබිමක් බවට පත්වෙලා තිබුණා. ඉන් පස්සේ රංගන හේරත්ට මේ අවස්ථාව ලැබුණා. හැබැයි මුරලිත් එක්ක එදා පන්දු යවපු චමින්ද වාස්ට ලෝකයේ අද පූජනීය බවට පත්වෙන්න යම් තරමකින් හෝ බැරි වෙනවා නම් බැරි වෙන්නේ අපේ විකට්වල දඟපන්දු යවන්නන්ට ලැබුණු සහයෝගය නිසා කියලයි අපට හිතෙන්නේ. ඇත්තටම දඟපන්දු යවන්නන්ට සහාය ලැබුණු විකට්වල චමින්ද වාස්ලා පෙන්නපු දක්ෂතා කොයි තරම් වටිනවාද කියන එක අපි වෙනමම කතා කරන්න ඕනේ.

ලංකාවේ පන්දු යවන්නන්ගේ ඉතිහාසය ගැන කතා කරද්දී රුමේෂ් රත්නායක, චමින්ද වාස්, ලසිත් මාලිංග කියන ප්‍රධාන පන්දු යවන්නන් තුන්දෙනා ගැන අපි විශේෂයෙන්ම කතා කරන්න ඕනේ. ඒ අතරින් ලෝක මට්ටමේදී වැඩි වාර්තා ප්‍රමාණයකට හිමිකම් කියන ක්‍රීඩකයන් වුණේ වාස් සහ මාලිංග සලකන්න පුළුවන්. ඒ අතරිනුත් වාස් කියලා කියන්නේ ලංකාවේ ක්‍රිකට් වෙනුවෙන් අති විශාල සේවයක් කළ ක්‍රීඩකයෙක් බව අපට බැලූ බැල්මටම පේනවා. ඒ වගේම ලෝකයේ හොඳම පන්දු යැවීමේ වාර්තාව අදටත් තියෙන්නේ චමින්ද වාස් ගාව. ඒ, ලකුණු 18කට කඩුලු 09ක් දවාගත්ත අවස්ථාව. ඇත්තටම මේ වාර්තාව බිඳහෙළිය හැකිද කියන එක පවා සැකසහිතයි. ලසිත් මාලිංගගේ කඩුලු 04 වාර්තාවත් ඒ වගේම තමයි. චමින්ද වාස් තමන්ගේ ප්‍රථම පන්දු වාරයේ ප්‍රථම පන්දු තුනෙන්ම හැටි්‍රක් එකක් ලබාගැනීම ලෝකයේ කිසිදා බිඳිය නොහැකි වාර්තාවක් බවට පත්වෙනවා. ඒ තරමටම ඒක ශ්‍රේෂ්ඨ වාර්තාවක්.

කොහොම නමුත් අපි මේ ආයෙත් කතා කරන්න යන්නේ ලංකාවෙන් බිහිවෙච්ච වේග පන්දු යවන්නෙක් ගැන. ඔහු තමයි මතීෂ පතිරණ. මතීෂට අද වෙනකොට වයස අවුරුදු 20යි, දවස් 142යි. ඒ කියන්නේ මේ ලිපිය ලියන දවස වෙනකොට. ඔබ මේ ලිපිය කියවන දවස වෙනකොට වැඩිම වුණොත් මතීෂට වයස අවුරුදු 20යි, දවස් 150ක්, 160ක්, 170ක් වෙලා තියෙයි. කොහොම හරි සරලවම කිව්වොත් මතීෂට වයස අවුරුදු 20යි. ඔහු ඉපදිලා තියෙන්නේ 2002 දෙසැම්බර් මාසේ 18 වැනිදා, මහනුවරදී. ටි්‍රනිටි කොලේජ් එක තමයි මතීෂගේ ඉස්කෝලෙ විදියට දැනට අපට දැනගන්න ලැබෙන්නේ. බොහෝ තැන්වල මතීෂගේ පාසලක් ගැන ලොකු සඳහනක් නැති නිසා මේකෙ වරදක් තියෙනවා නම් සමාවෙන්න ඕනේ. කොහොම නමුත් මහනුවර ඉපදුණු මේ පුංචි කොල්ලට හදිසියේම අවස්ථාව ලැබෙනවා ශ්‍රී ලංකාවේ 19න් පහළ කණ්ඩායමට එකතු වෙන්න. මේක මතීෂට ලැබුණු සුවිශේෂ අවස්ථාවක්.

මතීෂගේ පන්දු යැවීමේ ඉරියව්ව ගැන තමයි බොහෝ දෙනෙක් කතා කරලා තිබුණේ. මතීෂගේ පන්දු යැවීමේ ඉරියව්ව සහ ලසිත් මාලිංගගේ පන්දු යැවීමේ ඉරියව්ව අතර යම් සමානකමක් තිබෙන බව පේන්න තිබුණා. ඒ නිසාම මතීෂට අඩු වයසින් ලෝකයේ කතාබහට ලක්වෙන ක්‍රීඩකයෙක් බවට පත්වෙන්න අවස්ථාව ලැබුණා. මතීෂ මුලින්ම ක්‍රීඩා කරන්නේ වයස අවුරුදු 19න් පහළ ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමත් එක්ක ලෝකයට ගිය තරගයකට. ඇත්තටම ඒ වෙලාවේදී මතීෂගේ දක්ෂතා ගැන ලෝකයේ යම් අවධානයක් යොමුකරගන්න ඔහු සමත් වෙනවා. බටහිර ඉන්දීය කොදෙව් දූපත්වල තිබුණු 19න් පහළ ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියට තමයි මතීෂ මුලින්ම ක්‍රීඩා කරන්නේ. මෙහිදී මතීෂ ගැන කතාකරන එක අවස්ථාවක් වන්නේ මතීෂගේ අතිෂය වේගවත් පන්දුවක් ගැන. යම් අවස්ථාවක කියනවා ඒ පන්දුව තාක්ෂණික දෝෂයක් කියලා. ඇත්තටම අපිත් විශ්වාස කරනවා එහි යම් කිසි ගැටලුවක් ඇති කියලා. මොකද ඒක ගැන කිසිම ගැටලුවක් නෑ. ඒ අවස්ථාවේදී පැයට කිලෝමීටර් 170ක පමණ වේගයකින් පන්දු යවන්න මතීෂට පුළුවන් වෙලා තිබුණා.

මතීෂ අවසාන වශයෙන් චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම නියෝජනය කරමින් මුම්බායි කණ්ඩායමත් සමග පැවැති තරගයට සහභාගි වුණා. එහිදී ඔහු තරගයේ වීරයා විදියටත් සම්මානය හිමි කරගත්තා. මේ තරගයේදී මතීෂගේ පන්දු යැවීම අති සුවිශේෂ පන්දු යැවීමක් විදියට සලකන්න පුළුවන්. ඔහු පන්දු වාර 04ක් යවලා, ලකුණු 15ට කඩුලු 3ක් දවාගන්න සමත් වෙනවා. මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමේ ප්‍රබල පිතිකරු ලැයිස්තුව ඔහුට අභියෝගයක් වුණේ නෑ. මේ කණ්ඩායමේ පුහුණුකරු මහේල ජයවර්ධන. මහේලට හොඳ ඇනලයිස් එකක් තියෙනවා මතීෂ පතිරණ ගැන. නමුත් මතීෂ, මහේලගේ ඇනලයිස් එක පරාජය කරමින් හොඳින් පන්දු යවනවා. එහිදී මතීෂටTristan Stubbs දවාගන්න පුළුවන් වෙනවා. ඒ වගේම Arshad Khan දවාගන්න පුළුවන් වෙනවා. මේ තරගයේදී මතීෂ දක්වපු සුපිරි දක්ෂතා විදියට තමයි අපට ඒ දවාගැනීම් සලකන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම Nehal Wadhera දවාගැනීමත් ඉතා විශේෂයි. මොකද Nehal Wadhera මේ තරගයේදී ලකුණු 64ක් ලබාගෙන හිටියේ පන්දු 51කට මුහුණදීලා, එක් 06 පහරක් සමග. ඔහු විතරයි මේ කණ්ඩායම වෙනුවෙන් 06 පහරක් එල්ල කරපු ක්‍රීඩකයෙක් හිටියේ. මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායම පන්දු වාර 20දී ලකුණු 139කට සීමා කරන්න මතීෂ ප්‍රමුඛ පන්දු යවන්නන්ට සමත් වෙනවා. එහිදී මතීෂ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මේ තරගයට සහභාගි වූ ක්‍රීඩකයෙක් විදියට අපට හඳුනාගන්න පුළුවන්.

කොහොම නමුත් මේ පුංචි ක්‍රීඩකයා ගැන ලෝකයේ බොහෝ තැන්වල කියවිලා තිබුණා. එම්.එස්. දෝනි පවා කියලා තිබුණා ඔහු ඉතා සුවිශේෂ ක්‍රීඩකයෙක්, බවත් ඔහුව ආරක්ෂා කරගත යුතුයි කියලා. ඔහු චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම නියෝජනය කරමින් ‘ඩෙඩ් ඕවර්ස්’ යවන පන්දු යවන්නෙක් බවට පත්වෙලා තියෙනවා. ඒ කියන්නේ අවසන් පන්දු වාරය යවන්නා බවට පත්වෙලා තියෙනවා. ඒක හරිම සුවිශේෂ අවස්ථාවක්. ඔහු මේ ලිපිය ලියන දවස වෙනකොට සහභාගි වුණු තරග අතර, ප්‍රථම තරගය ආර්.සී.බී. සුපර් කිංගස් තරගයේදී ලකුණු 42කට කඩුලු 02ක්, සන්රයිසස් කණ්ඩායම සමග තරගයේදී ලකුණු 22කට එක් කඩුල්ලක්, කේ.කේ.ආර්. කණ්ඩායමත් සමග තරගයේදී ලකුණු 27කට එක් කඩුල්ලක්, රාජස්ථාන් රෝයල්ස් තරගයේදී ඔහු කඩුලු දවාගත්තේ නෑ, පන්ජාබ් කිංග්ස් කණ්ඩායම සමග පැවැති තරගයේදී ලකුණු 31කට කඩුලු එකක් සහ සුපර් ජයන්ට්ස් කණ්ඩායම සමග තරගයේදී කඩුලු 02ක් දවාගන්න ඔහු සමත් වෙනවා. ඔහුට කඩුල්ලක් දවාගන්න බැරි වුණේ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම සමග පැවැති තරගයේදී විතරයි.

ඔහු මේ වෙනකොට කඩුලු 10ක් දවාගන්න සමත් වුණු පන්දු යවන්නෙක් බවට පත්වෙලා තියෙනවා. හැබැයි ප්‍රශ්නෙ තියෙන්නේ මේ තරුණ ක්‍රීඩකයාව නවසීලන්ත සංචාරයට එක්කගෙන ගිහිල්ලා ඔහුව බංකුවේ තිබ්බ එක. මතීෂ පතිරණ ජාත්‍යන්තර තරග කිහිපයකටම තරග කරලා තියෙනවා. ඩෙසර්ට් වයිපර්ස් කණ්ඩායම සමග පන්දු වාර 10 තරගාවලිය ඔහු නියෝජනය කළා අපි දැක්කා. ඒ වගේම කැන්ඩි ෆැල්කන් කණ්ඩායම නියෝජනය කළා ශ්‍රී ලංකාවේදී. එන්.සී.සී. සමාජය වෙනුවෙන් ඔහු ක්‍රීඩා කරනවා. නමුත් ඔහු දැනට ක්‍රීඩා කරලා තියෙන්නේ ජාත්‍යන්තර ටී-20 තරග එකකට විතරයි. ඇෆ්ගනිස්තානය සමග පැවැති ඒ තරගයේදී ඔහුට යවන්න ලැබෙන්නේ එක පන්දු වාරයයි. ඒ පන්දු වාරයේදී ඔහු ලකුණු 16ක් ලබාදෙනවා. ඒ තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයට පත්වුණා ඔබට මතක ඇති. ඒ තමයි ආසියානු කුසලානය දිනාගත්ත තරගාවලියේදී එකම තරගය අපි පරාජයට පත්වුණු. ඉතා දුර්වල පිති හරඹයක් කරපු අපේ ක්‍රීඩකයන්ට ලබාගන්න පුළුවන් වුණේ ලකුණු 105ක් විතරයි. ඒ තරගයට විතරයි ඔහුට ක්‍රීඩා කරන්න ලැබෙන්නේ.

නමුත් ඔහු ජාතික කණ්ඩායම වෙනුවෙන් තේරුණු අවස්ථා බොහොමයක් තියෙනවා. ඒ කිසිදු අවස්ථාවකදී ඔහු පන්දු යවන්නෙක් විදියට යොදාගත්තේ නෑ. විශේෂයෙන්ම නවසීලන්තයේ වගේ තණතීරුවල වේග පන්දු යවන්නන්ට ඉතා හිතකර තත්ත්වයකදීවත් ඔවුන් මේ ක්‍රීඩකයා ගැන බලාපොරොත්තු තියලා නෑ. දැන් ඔහු මේ වෙනකොට පළමු පන්තියේ ටී-20 තරග 17කට ක්‍රීඩා කරලා තියෙනවා. එහිදී ඔහු කඩුලු 17ක් දවාගන්න සමත් වෙලා තියෙනවා. හොඳම පන්දු යැවීම විදියට ලකුණු 15ට කඩුලු 03ක් දවාගත්ත අවස්ථාව සඳහන් වෙනවා. ඔහුගේ කඩුලු දවාගැනීමේ ඇවරේජ් එක 24.1ක් ලෙසත් සඳහන් වෙනවා. ඔහු පන්දු වාරයකට ලබාදෙන ලකුණු සංඛ්‍යාව 7.56ක් සඳහන් වෙලා තියෙනවා. ස්ට්‍රයික් රේට් එක 19.1ක් විදියට ඔහු රඳවාගෙන තියෙනවා. මේක ඉතා හොඳ තත්ත්වයක්. ඔහු පන්දු 325ක් යවලා ලකුණු 410ක් විතරයි ලබාදීලා තියෙන්නේ. ඔහු මේ පන්දු යවලා තියෙන්නේ ලෝකයේ ඉන්න අතිශය බිහිසුණු පිතිකරුවන්ට. චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම නියෝජනය කරමින් ඔහුට තරගවදින්න සිදුවෙන්නේ ලෝකයේ ප්‍රබලතම ක්‍රීඩකයෝ ඉන්න ජාත්‍යන්තර මට්ටටම් දක්ෂතාවලිනුත් උපරිමයටම ආපු කණ්ඩායමකට. නමුත් ඔහු ඒ කිසිදු අවස්ථාවකදී දුර්වල පන්දු යැවීමක් වාර්තා කළ බව අපි දැක්කේ නෑ. ඔහුට තවමත් තරගවදින්න ලැබිලා තියෙන්නේ පළමු පෙළ සහ ලිස්ට් ් තරගවලට විතරයි.

මේ තරුණ ක්‍රීඩකයාව අපි හරියට පාවිච්චි කළොත් ලෝකයට යන අපේ ඊළඟ ක්‍රීඩකයා බවට ඔහුව පත් කරගන්න අපට පුළුවන් වෙයි. නමුත් අපට තියෙන ප්‍රශ්නය අපි මේ ක්‍රීඩකයන්ව නිවැරැදිව පාවිච්චි කරනවාද කියන එක. චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ එම්.එස්. දෝනි ඔහුව හොඳින් පාවිච්චි කරන බව අපට පේනවා. ඔහු ඇත්තටම එම්. එස්. දෝනිත් එක්ක හොඳින් සම්බන්ධතා පවත්වමින් කටයුතු කරනවා. මේ විදියට ඔහුට පුළුවන් නම් අපේ ජාතික ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කරන්න අවස්ථාව ලබාගන්න, අපි හිතනවා ඔහුට පුළුවන් වෙයි ලංකාවේ ක්‍රිකට්වල ඊළඟ තරුව බවට පත්වෙන්න. ඒත්, අවාසනාවකට අපේ රටේ ක්‍රිකට් තියෙන්නේ අපි හිතනවාට වඩා වෙනස් තැනක නිසා සමහර වෙලාවට අපිට ඔහුව මඟහැරිලා යයි. ලසිත් මාලිංගවත් අපට මඟහැරුණා වගේ.

අපේ ගොඩක් ක්‍රීඩකයෝ හිත රිදිලා තමයි ක්‍රිකට්වලින් සමුඅරගෙන යන්නේ. එහෙම හිත රිදෙන්න නොදී මේ පුංචි ක්‍රීඩකයා වෙනුවෙන් ඔබට පුළුවන් නම් අපේ කණ්ඩායමේ ඉඩක් දෙන්න ඉතින් අපි බොහොම ආදරෙන් ඉල්ලා සිටිනවා, මේ අපේ වත්කම්. අපි අපේ වතුවල, රස දේවල් හදලා ලෝකෙට දෙන්නේ නැතුව, අපි අපේ ක්‍රිකට් හදමු. මතීෂට ඉඩ දෙමු අපේ කණ්ඩායම වෙනුවෙන් අපේ රට වෙනුවෙන් අපේ ජාතික කණ්ඩායම වෙනුවෙන් ඔහුගේ දක්ෂතා දක්වන්න.

ජීවන පහන් තිළින

SendShareShare
Previous Post

ලංකාවට ආපු IMF ප්‍රධානීන් විපක්ෂනායක හමුවෙන්න පැමිණෙයි! බදුගැහිල්ල නිසා මිනිස්සු විඳින දුක – අවිධිමත් පාලනය සහ දූෂණය ගැන IMF ‌ලොක්කට කියයි! VIDEO & PHOTOS

Next Post

මේ ආණ්ඩුව අපේ! අපි ජනාධිපති කෙනෙක් පත්කරලා තියෙනවා! අපි කියලා තියෙන්නේ පුලුවන් තරම් සජබෙන් ආණ්ඩුවට අරන් වැඩ කරන් යන්න කියලා! මෙන්න ජොනී කියන කතාව! VIDEO

MORE NEWS

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News
Exclusive

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.