• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

විපක්ෂය කැඩිලා කියලා නිව්ස් ගහද්දී ආණ්ඩුවම හොල්මන් කළ විපක්ෂයේ අලුත්ම සන්ධානය…

May 4, 2023
in Exclusive, News
Reading Time: 10 mins read
A A
විපක්ෂය කැඩිලා කියලා නිව්ස් ගහද්දී ආණ්ඩුවම හොල්මන් කළ විපක්ෂයේ අලුත්ම සන්ධානය…
Share on WhatsAppShare on Facebook

ආණ්ඩුවට හිතවත් මාධ්‍ය පසුගිය වකවානුවේ දිගින් දිගටම සමගි ජන බලවේගය ඉලක්ක කරගෙන මන්තරයක් වගේ මැතිරූ පුවතක් තිබිණි.

‘සමගි ජන බලවේගය දෙකඩ වෙයි. මන්ත්‍රීවරු තොගයක් ආණ්ඩුවට’

ඒ ආකාරයේ ප්‍රවෘත්ති පළ නොවූ දවසක් නැති තරම් විය. සමගි ජන බලවේගයේ කිසිවෙක් රනිල් සමග එකතු නොවුණ ද බොරු ප්‍රවෘත්තිය පළකිරීමේ ඉවරයක් දකින්නට ලැබුණේ නැත. සමගි ජන බලවේගයෙන් කිසිදු මන්ත්‍රීවරයකු නොයන බවට එහි මන්ත්‍රීවරු ප්‍රකාශ කරද්දී ඒවාට ඒ මාධ්‍ය කිසිදු ඉඩක් ලබාදුන්නේ නැත. ඒ තබා, සිය මන්ත්‍රීවරු හෝ තමන් ආණ්ඩුව සමග කිසිදු හේතුවකට එක් නොවන බවට විපක්ෂ නායක සජිත් විශේෂ නිවේදනයක් සහ විශේෂ ප්‍රකාශයක් සිදුකළද ඒ ප්‍රවෘත්තිවලටද එම මාධ්‍ය මුද්දරයක තරම් ඉඩක් ලබාදුන්නේ නැත. ඒ වෙනුවට සමහර ජාතික යැයි කියාගන්නා පුවත්පත්වල මුල් පිටු දින ගානක් පුරා සිය ප්‍රධාන සිරස්තලය බවට පත්කර ගත්තේ සමගි ජන බලවේගයෙන් මන්ත්‍රීවරු ආණ්ඩුවට එන කතාවය.

‘මොකක්ද මේ වෙන්නේ? අපෙන් කිසි කෙනෙක් යන්නේ නැහැ. එහෙම නොවෙන බව දැන දැනම මෙහෙම බොරු දාන්න කොහොමද?’ මන්ත්‍රීවරු සජිත්ගෙන් සහ මහලේකම් රංජිත්ගෙන් එසේ අසන විටත් බොහෝ විට ඔවුන් ප්‍රතිඋත්තර ලෙස දුන්නෙ සිනාසීම පමණි.
‘මට මගේ මන්ත්‍රී කණ්ඩායම ගැන විශ්වාසයි. එහෙන් මෙහෙට යනවද මෙහෙන් එහෙට යනවද කියලා ඉස්සරහට බලාගමු’ සජිත් උත්තරයක් විදිහට දුන්නේ ඒක පමණි.

‘ආණ්ඩුව මේ රට මොන තරම් ප්‍රජාතන්ත්‍ර විරෝධී දුර්දාන්ත තැනකට ගෙනියනවාද කියලා හොඳටම පේනවා. මම මගේ මන්ත්‍රී කණ්ඩායම විශ්වාස කරනවා. කාට හරි ආණ්ඩුවට යන්න ඕනෙ නං යන්න. හැබැයි විශාල පිරිසක් එන්න ඉන්න බවත් අමතක කරන්න එපා…’ සජිත් ඒ කතාව කීවේ සමගි ජන බලවේගය කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමේදීය.

‘සමහරු කියලා මම තද තීන්දු ගන්නෙ නෑ කියලා. මම ඒකාධිපතියෙක් නෙමේ. සමගි ජන බලවේගය වෙන දේශපාලන පක්ෂ වාගේ එහෙයියො හදාගෙන ඉන්න පක්ෂයකුත් නෙවෙයි. හැබැයි තීන්දුව ගන්න ඕනෙ වෙලාවට මම තීන්දු හරියට ගන්නවා.’ සජිත් එහෙමත් කීවේය.
‘මේ වගේ දුර්දාන්ත ආණ්ඩුවකට එකතු වෙනවා නම් එකතු වෙන්නේ ඔළුවේ අමාරුකාරයෝ. මං හිතන්නේ නෑ එහෙම අය අපේ පක්ෂෙ ඉන්නවා කියලා’ එහෙම කිව්වේ තිස්ස අත්තනායකය.

‘සමහරුන්ට ගොඩක් වයසට යනකොට එක එක ඔළුවේ අමාරු ඇතිවෙනවා. එතකොට සමහර විට ඔය මොකක් හරි, ආණ්ඩුවට යන්න ඕනෙ එකතු වෙන්න ඕනෙ වගේ කතාවක් කියන්න පුළුවන්.’ තුෂාර ඉඳුනිල් එහෙම කීවේය.

‘මේ දූෂිත-ජනතාව ප්‍රතික්ෂේප කරපු ආණ්ඩුවකට අපි යන්නේ නෑ. ඒක ස්ථිරයි. ජාතික ආණ්ඩුවක් කියලා හොරු එක්ක හදන්න යන ආණ්ඩුවක අපි හිටගන්නේ නෑ. අපෙත් සමහර අය දැන් කියනවා යනවා කියලා. අපේ ගාව ඉන්න හොරු ටික ආණ්ඩුවට ‌ගියාට කමක් නෑ…’ පක්ෂ සභාපති සරත් ෆොන්සේකා එහෙම කීවේය.

‘අපෙන් එහෙට යනවා කියලා බොරු ප්‍රචාරය කරන ගමන් ආණ්ඩුව කරන්නේ මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය වළපල්ලට දක්වන පනත් සම්මත කරන එක. ඒ නිසා කරුණාකරලා ආණ්ඩුවේ මේ ඩබල් ගේම්වලට අහුවෙන්න එපා…’ සජිත් කෘත්‍යාධිකාරී හමුවේ කීවේය.

ඒ අතර සජිත් කෘත්‍යාධිකාරී මණ්ඩලය සමග එක්ව තවත් තීන්දුවක් ගත්තේය. ඒ, සමගි ජන බලවේගයේ විනය කමිටුව ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය යටතට පත්කිරීමය. මින් ඉදිරියට කිසිදු මන්ත්‍රීවරයකුට පක්ෂ මතයට පිටින් අදහස් ප්‍රකාශ කළ නොහැකි බවත්, එවැනි ප්‍රකාශ සිදුකරන පුද්ගලයන්ට එරෙහිව තරාතිරම නොබලා විනය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බවත් විපක්ෂ නායකවරයා දැනුම් දුන්නේය.

කෙසේ වෙතත්, ආණ්ඩුවට හිතැති ගොබෙල්ස් පන්නයේ මාධ්‍ය කෙරුවාව ඉවරයක් වුණේ නැත. ආණ්ඩුවේ ක්‍රියාවලිය ඒ විදියට සිදුවෙමින් තිබෙද්දී විපක්ෂ නායක සජිත් සද්ද නැතුව සිය කණ්ඩායම සමග අලුත් වැඩපිළිවෙළක් දියත් කරමින් සිටියේය. ඒ අන් කිසිවක් නොව විපක්ෂය එක බලවේගයකට ගොනු කිරීමේ දැවැන්ත වැඩපිළිවෙළය.

සිය පක්ෂයේ ප්‍රධානීන් සමග සජිත් මේ පිළිබඳ දීර්ඝ වශයෙන් සාකච්ඡා කළේය. ඒ සාකච්ඡාවලට රංජිත් මද්දුමබණ්ඩාර, ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා, තිස්ස අත්තනායක,ගයන්ත කරුණාතිලක, ඉම්තියාස් බාකීර් මාකර් ඇතුළු පිරිසක් නිරන්තරයෙන් සහභාගි වූහ.

‘ආණ්ඩුව මේ ගහන ඩබල් ගේම් එක අපි තේරුම් ගන්න ඕනෙ. බලන්න ප්‍රතිත්‍රස්ත පනත ගැන මහනායක හාමුදුරුවෝ පවා නිවේදනයක් නිකුත් කරලා තියෙනවා. විපක්ෂය එකට එකතු කරපු දැවැන්ත බලවේගයක් නිර්මාණය කරන්න ඕනෙ කියලා මං කල්පනා කළා….’ සජිත් කීවේය.

‘ඩලස්ලගෙ කණ්ඩායම මහා නායක හාමුදුරුවන් වහන්සේලා බැහැදැකලා ප්‍රතිත්‍රස්ත පනත ගැන දැනුවත් කළා. ඒක ඉතාම හොඳ වැඩක්.’ මහ ලේකම් රංජිත් කීවේය.

‘විපක්ෂයේ ගොඩක් අය මාත් එක්ක කතා කරනවා. ජාතිවාදී නොවන, දූෂිතයෝ නොවන අය එක්ක අපි එකට එකතු වෙමු. ඩලස්ලගෙ කණ්ඩායම එක්කත් කතා කරමු…’ සජිත් කීවේය.
‘පොහොට්ටුවේ මන්ත්‍රීවරු වගයක් ඔබතුමා එක්ක සාකච්ඡා කළා කියලා නිවුස් එකක් ගිහින් තිබුණා…’ ගයන්ත කරුණාතිලක ඇසුවේය.

‘කීප දෙනෙක් කතා කළා. තවත් කීපදෙනෙක් මුණගැහෙන්න වෙලාවේ ඉල්ලුවා. හැබැයි, සමහරුන්ට නම් මම වෙලාවක් දුන්නේ නැහැ. වෙලාවත් දෙන්නෙත් නෑ…’ සජිත් එහෙම කියන විට පිරිස මුහුණෙන් මුහුණ බලාගත්හ.

‘දූෂිත, දේශපාලන පිළිල කීපයකුත් මුණගැහෙන්න වෙලාවක් ඉල්ලුවා. මොනම හේතුවකටවත් එහෙම අය අපි ගන්නේ නෑ. නමුත් මෙරට ගොඩනඟන්න ඕනෙ කියලා විශ්වාස කරන, හොඳ පිරිස් එක්ක අපි අත්වැල් බැඳගමු…’

සජිත්ගෙ කතාව සියලු දෙනාම අනුමත කළහ

ආණ්ඩු විසින් ක්‍රියාත්මක කරන ප්‍රජාතන්ත්‍ර විරෝධී කටයුතුවලට එරෙහිව දැවැන්ත බලවේගයක් ලෙස එක්ව කටයුතු කිරීම උදෙසා විපක්ෂයේ කණ්ඩායම්වලට ආරාධනා කරන ලෙස සජිත් රංජිත්ට උපදෙස් දුන්නේය. ඒ අනුව වර්තමානයේ උද්ගතව ඇති දේශපාලනික, ආර්ථික හා සමාජයීය ප්‍රශ්න හමුවේ ආණ්ඩුව ක්‍රියාත්මක කරනු ලබන අත්තනෝමතික, වැඩපිළිවෙළට එරෙහිව විපක්ෂයේ සියලු දේශපාලන පක්ෂ එකට එක්වී පොදු වැඩපිළිවෙළක් සැකසීම සඳහා සමගි ජන බලවේගය ප්‍රමුඛ විපක්ෂයේ කණ්ඩායම් රැසක් 24 වැනිදා පාර්ලිමේන්තුවේදී එක්විය. ඒ, විපක්ෂ නායක සජිත්ගේ ප්‍රධානත්වයෙනි.

‘අපි ඔබතුමන්ලාට කතා කළේ ආණ්ඩුව ගෙනියන මේ දුර්දාන්ත වැඩපිළිවෙළට විරුද්ධව එකට එකතු එකතුවෙලා වැඩ කරමු කියන ආරාධනාව කරන්න. මේ පිළිවෙළ වඩාත් ශක්තිසම්පන්නව අපි ඉදිරියට ගෙන යමු…’ සජිත් මුලපිරුවේ එහෙමය.

ආණ්ඩුව ගෙන ඒමට නියමිත ප්‍රතිත්‍රස්ත පනත ඇතුළු පනත් බොහොමයක් මේ රටේ මානව හිමිකම් ඇතුළු ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් උල්ලංඝනය කරන බවත් එබැවින් ඒවට එරෙහිව ගත හැකි සියලු ක්‍රියාමාර්ග විපක්ෂය එක්ව ගතයුතු බවත් සජිත් අවධාරණය කළේය.

‘ඔව් ආණ්ඩුව උත්සාහ කරන්නේ බරපතළ ව්‍යසනයකට රට තල්ලු කරන්න. විශේෂෙන්ම මේ ත්‍රස්ත විරෝධී පනත වගේ පනත් හරහා ආණ්ඩුව ඒක බොහොම අපූරුවට කරමින් ඉන්නවා. අපි මහා නායක ස්වාමින් වහන්සේලා පවා දැනුවත් කළා….’ ඩලස් අලහප්පෙරුම එහෙම කීවේය.

‘අපි දැක්කා. ඊට පස්සේ මහා නායක හාමුදුරුවන් වහන්සේලා නිවේදනයක් පවා නිකුත් කරලා තිබුණා….’ විපක්ෂ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල එහෙම කීවේය.

PTA සහ ATA වෙනුවට විකල්ප වැඩපිළිවෙළක් සකස් කළයුතු බව එහිදී සජිත් පැවසූ අතර, ඊට මහාචාර්ය ජී.එල්. පීරිස්, රවුෆ් හකීම්, මනෝ ගනේෂන්, ලක්ෂ්මන් කිරිඇල්ල, ඉම්තියාස් බකීර් මාකර්, චන්දිම වීරක්කොඩි, නාලක ගොඩහේවා, උදය ගම්මන්පිල, වීරසුමන වීරසිංහ, ගජේන්ද්‍ර පොන්නම්බලම්, දයාසිරි ජයසේකර, ගෙවිඳු කුමාරතුංග, ඇතුළුව මන්ත්‍රීවරු කණ්ඩායමක් ඒ සඳහා සුදුසු ලෙස පත්කර ගන්නා ලෙසද ඉල්ලා සිටියේය.

නෛතික, ජාතික, සමාජයීය, ජාත්‍යන්තර යන සිවු ආකාරයෙන් මේ තත්ත්වය පිළිබඳ ක්‍රියාමාර්ග ගතයුතු බව ඩලස් අලහප්පෙරුම පැවසීය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පිළිබඳ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන යෝජනාව, ප්‍රතිත්‍රස්ත පනත පිළිබඳ එම හමුවේදී මූලික අවධානයක් යොමු කළ අතර පනත පරාජය කිරීමට විපක්ෂයේ සියලු පක්ෂ සමග එක්ව කටයුතු කරන බවත් සියලු දෙනාම එක්විය යුතු බවත් දයාසිරි ජයසේකර පැවැසීය.

ප්‍රතිත්‍රස්ත පනත ක්‍රියාත්මක කළහොත් ජාත්‍යන්තර වශයෙන් බලවත් අනතුරක් ඇතිවිය හැකි බවත් යුරෝපා කොමිසම පවා මේ තීරණාත්මක මොහොතේ එරෙහිවනු ඇති බවත් මහාචාර්ය ජී.එල්. පීරිස් පැවැසීය.

මේ පනත් කෙටුම්පත් කරන්නේ නීතිපති දෙපාර්තමේන්තුවට වඩා පෞද්ගලික නීතිඥවරුන් විසින් යැයි එහිදී ලක්ෂ්මන් කිරිඇල්ල පැවැසීය.

ප්‍රතිත්‍රස්ත පනත ජනාධිපතිවරයා නීත්‍යානුකූල ඒකාධිපතියකු බවට පත්වීම උදෙසා උත්සාහ කිරීමක ප්‍රතිඵලයක් යැයි මනෝ ගනේෂන් එහිදී පැවසීය.

මෙම පනතට විරෝධය දැක්වීමේ දී නිශ්චිත කාල රාමුවක් සකස් කරගැනීම අතිශය වැදගත් බව එහිදී ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් පැවැසීය.

ආංශික කාරක සභා රැස්වන අවස්ථාවේදී මේ පනත පිළිබඳව බලපෑම් සහගත සාකච්ඡාවක් සිදුකළ යුතු බව එහිදී රවුෆ් හකීම් පැවැසීය.

මේ පනතට විරෝධය දැක්විය යුත්තේ ත්‍රස්ත විරෝධී පනත රඳවා ගැනීමට නොව මේ පනත් දෙකම අහෝසි කොට දියුණු රටවල ක්‍රියාත්මක වන පරිදි ත්‍රස්ත විරෝධී පනතක් ක්‍රියාත්මක කරලීමට විය යුතු බව චන්දිම වීරක්කොඩි මන්ත්‍රීවරයා පැවැසීය.

මේ පනත සම්පූර්ණයෙන්ම ඉල්ලා අස්කර ගත යුතු බවට බලපෑම් කළ යුතු බව එහිදී ගෙවිඳු කුමාරතුංග මන්ත්‍රීවරයා පැවැසීය.

මෙම පනතට සියලු දෙනා විරුද්ධ බව පැහැදිලි යැයිද, දැන් අවශ්‍ය වන්නේ ඊට එරෙහිව ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳ එකඟතාවකට පැමිණීම යැයිද උදය ගම්මන්පිල පැවසීය.
‘විපක්ෂය හැටියට මේක ඉතාම සාධනීය තත්ත්වයක්. විශේෂයෙන්ම අපේ රට වෙනුවෙන් එකට එකතු වෙලා කරන්න පුළුවන් හැම වැඩක්ම කරමු. ජාත්‍යන්තරය සමග ගනුදෙනු නොකර, ළිං මැඩි සංකල්පය තුළ හිඳිමින් රටකට පෙරට යන්න බෑ. අප කළයුත්තේ ජාත්‍යන්තරය සමග සංවාදශීලී වැඩපිළිවෙළක් හරහා හොදම දේ දිනාගැනීම’ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස එහිදී පැවැසීය.

අදාළ පොදු එකඟතා කටයුතු ඉදිරියට කරගෙන යෑම සඳහා පාර්ලිමේන්තුවේ විපක්ෂ දේශපාලන පක්ෂ එකමුතුවේ කැඳවුම්කරු ලෙස සජිත් සහ විපක්ෂයේ අනෙකුත් පක්ෂ නායකයන්ගේ එකඟත්වයෙන් ඉම්තියාස් බාකීර් මාකර්ව පත්කරනු ලැබීය.

‘ඇත්තටම මේ කටයුත්ත ඉදිරියට කරගෙන යාමේදී මෙහි ප්‍රධාන කැඳවුම්කරු විදිහට ඔබ අප කවුරුත් පිළිගන්න, මේ රටේ ඉන්න කීර්තිමත්ම දේශපාලනඥයෙක් වෙන ඉම්තියාස් බාකීර් මාකර් මහතාව යෝජනා කරනවා…’

සජිත් එහෙම කියන විට සෙසු නියෝජිතයන් සියලු දෙනාම එක හඬින් එය අනුමත කළහ.
මෙම එකමුතුවෙහි පාර්ලිමේන්තු කටයුතු සම්බන්ධීකාරක ලෙස පත්කරනු ලැබුවේ ලක්ෂ්මන් කිරිඇල්ලය.

ප්‍රතිත්‍රස්ත පනත ඇතුළු ආණ්ඩුව ගෙන ඒමට නියමිත ප්‍රජාතන්ත්‍ර විරෝධී පනත් පිළිබඳ පුළුල් වශයෙන් මාධ්‍ය දැනුවත් කළ යුතු බව එහිදී යෝජනා වූ අතර එම කටයුත්ත ද ඉම්තියාස් බාකීර් මාකර් මහතාට පැවරිණි.

කෙසේ වෙතත් මෙම හමුවට ජනතා විමුක්ති පෙරමුණ එක්ව නොසිටියේය.

එහෙත්, සෙසු කණ්ඩායම් සමග සාකච්ඡාව පසුදාටම යොදාගන්නට ඔවුන් තීරණය කළ අතර එදින හමුවට දෙමළ සන්ධානය නියෝජනය කරන පිරිස් ද එක්ව සිටීම කැපීපෙනෙන සිදුවීමක් විය.

ගොඩනැගෙමින් තිබෙන එකඟතාව පිළිබඳ මේ වනවිට ආණ්ඩුව සිටින්නේ බලවත් භීතියකට ලක්වය.

‘සමගි ජන බලවේගය මන්ත්‍රීවරු වෙන වෙනම නෙවේ එකට එනව නම් බාරගන්න ලෑස්තියි…’
වැරැදි ප්‍රවෘත්ති ප්ලාන්ට් කිරීමට දැන් ආණ්ඩුව පටන්ගෙන ඇත. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පිළිබඳ විවාදය දවසේ පාර්ලිමේන්තුවේ දී විපක්ෂ නායක සජිත් සහ රනිල් අතර මුහුණට මුහුණ සිදුවූ සංවාදයේදී ද ඒ බව දැකගත හැකි විය.

‘ඔබතුමන්ලා සේරම මේ පැත්තට ඇවිල්ල අපිත් එක්ක එකතුවෙලා වැඩ කරමු…’ ජනපති රනිල් සජිත්ට කීවේය.

‘වැරදි වැඩ කොන්දේසි විරහිතව ප්‍රතික්ෂේප කරන්නත්, හොඳ වැඩවලට සහාය දෙන්නත් අපි දෙපාරක් හිතන්නේ නෑ. හැබැයි ජනාධිපතිතුමනි, රාජපක්ෂලාව ආරක්ෂා කරන ඔය ආණ්ඩුව එක්ක අපි වැරදිලාවත් එකතු වෙන්නේ නෑ…’ සජිත් කීවේය.

පුබුදු උදයංග

SendShareShare
Previous Post

ජල සම්පාදනය වැඩිදියුණු කරන්න සාගල ආසියානු සංවර්ධන බැංකුවේ ප්‍රධානීන් හමුවෙයි!

Next Post

අපි ගිය 30 වැනිදා දැම්මා ඥානාංග ICU එකේ උදව් කරන්න කියලා! අනේ ජී.ආර්. ගිය පාරේම අද ඥානාංගත් ගිහින්!

MORE NEWS

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News
Exclusive

‘ඔබතුමා කියන්නේ සජිත්ට මොළේ නෑ කියලා නේද…?’ ‘නෑ එහෙම වැරදියට අර්ථකථනය කරන්න එපා! ඔයා සිරස නේද? ආ.. ඔව්…! හහ්.. හහ්… හා…!!!’ VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News
Exclusive

වැඩිහිටියන් 11 දෙනකු පිච්චී මියගිය හොරණ වැඩිහිටි නිවාසය රෙජිස්ටර් නොකරපු හොර එකක්! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

Load More
තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

පිස්සු කුට්ටි ආරච්චි ඔයා කට පරිස්සම් කරගන්න සජිත් මහත්තයගේ මොළේ ගැන කතා කරන්න ඔයා කවුද සජිත් කරපු වැඩ එක්ක ඔයාට...

Read more
ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News

‘ඔබතුමා කියන්නේ සජිත්ට මොළේ නෑ කියලා නේද…?’ ‘නෑ එහෙම වැරදියට අර්ථකථනය කරන්න එපා! ඔයා සිරස නේද? ආ.. ඔව්…! හහ්.. හහ්… හා…!!!’ VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News

වැඩිහිටියන් 11 දෙනකු පිච්චී මියගිය හොරණ වැඩිහිටි නිවාසය රෙජිස්ටර් නොකරපු හොර එකක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.