ශ්‍රී ලංකාවේ ජල සම්පාදන සහ ජලප්‍රවාහන ක්ෂේත්‍රය ප්‍රතිසංස්කරණය සඳහා ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) ණය හා තාක්ෂණික ආධාර යටතේ ක්‍රියාත්මක වැඩසටහනේ ප්‍රගති සමාලෝචන රැස්වීමක් අද (04) පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්‍යාලයේදී පැවැත්වුණි.
ජල සම්පාදන සහ ජලප්‍රවාහන ක්ෂේත්‍රය දේශගුණයට ඔරොත්තු දෙන ආරක්ෂිත සහ පාරිසරික වශයෙන් තිරසාර ලෙස ශක්තිමත් කිරීම , ජාතික ජල සම්පාදන පද්ධති කළමනාකරණය වැඩිදියුණු කිරීම යන ක්ෂේත්‍ර දෙක ඔස්සේ මෙම ප්‍රතිසංස්කරණයන් සිදුකිරීමට නියමිත අතර එම යෝජනාවලියෙහි ඉදිරි කටයුතු සඳහා ගතයුතු ක්‍රියාමාර්ග සහ එම යෝජනාවලියට අදාළ සංශෝධනයන් පිලිබඳව මෙහිදී වැඩිදුරටත් සාකච්ඡා විය.
මෙම අවස්ථාවට ගරු අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතා, ආසියානු සංවර්ධන බැංකුවේ නිලධාරීන් සහ අදාළ රේඛීය ආයතනවල නිලධාරීන් සහභාගී විය.