• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඇස් ඇරලා බලපල්ලා මේ අපේ රටේ දරුවන්ට වෙන්න යන භයානක අනතුර දිහා I Sri Lanka Latest News

November 25, 2023
in Exclusive, News
Reading Time: 3 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

අපි කොයිතරම් උස්මහත් වුණත්, මොන තරම් උසස් තරාතිරමක කෙනෙක් වුණත් අපි ඉගෙනගත්ත පාසලට හැමදාම ගෞරව කරනවා. ඒ, අපේ ඇස් පැදූ විදුහල් මාතාවට තියෙන ආදරය නිසයි. පාසල, දරුවෙකුට ලබාදෙන්නේ යහපත් ජීවිතයක්. ඒ නිසාම හැම කෙනෙක් තුළම තමන්ගේ පාසල කෙරෙහි තියෙන්නේ ගෞරවය මුසුවූ අමුතුම හැඟීමක්. අනාගතය දිනන්න මඟ පාදපු ඒ පාසල ගරාවැටිලා විනාශ වෙලා යනවා දකින්න අපි කවුරුවත් කැමැති නැහැ.(Sri Lanka Latest News)

නමුත් පසුගියදා අපට ගාල්ල ප්‍රදේශයෙන් අසන්නට ලැබුණේ පාසලකට අත්වී ඇති කනගාටුදායක ඉරණමක් පිළිබඳ කතාවකුයි. ගාල්ලේ ඉඳලා තවත් කිලෝමීටර 36ක් පමණ ගමන් කළ විට හමුවන නාගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් මාපලගම ගමේ පිහිටි කඹුරුහේන පඤ්ඤාවාස ප්‍රාථමික විද්‍යාලය තමයි මේ කනගාටුදායක තත්ත්වයට මුහුණපාලා තියෙන්නේ.

දහස් ගණන් සිසු දරුවන්ගේ නැණ නුවණ පාදපු මේ පුංචි ඉස්කෝලෙ වැසී ගිහින් දැන් අවුරුදු දෙකක් පමණ වෙනවා. ඊට හේතුව විදියට සැලකෙන්නේ ගම්වාසීන්ගේ දුගී දුප්පත්කම. ඒ නිසාම තමන්ගේ දරුවන්ව පාසල් නොයවා විවිධ රැකියා සඳහා යොමුකරන්නටයි මවුපියන් කටයුතු කරමින් ඉන්නේ. රට ආර්ථික සමාජයීය වශයෙන් කවරදාකටත් වඩා පිරිහිලා තියෙන මේ වගේ කාලෙක දිවයිනේ පළාත් රැසක මේ වගේ තත්ත්වයන් නිර්මාණය වෙලා තියෙන බව සමීක්ෂණ වාර්තා හෙළිකරනවා. ඇත්තටම මේක ඉතාම කනගාටුදායක තත්ත්වයක්. ඉගෙනගන්න වයසේ දරුවන්ට පාසල් අධ්‍යාපනය ලබන්න තියෙන අයිතිය ඔවුන්ගේ මවුපියන් විසින්ම අහිමි කරලා. ඒ වෙනුවට ඔවුන්ව කුලී වැඩවලට යොමු කරනවා කියන්නේ කොයි තරම් අවාසනාවක්ද?

කඹුරුහේන පඤ්ඤාවාස ප්‍රාථමික විද්‍යාලය මීට කලකට ඉහතදී නව ගොඩනැගිලි, ජල පහසුකම් සහ සනීපාරක්ෂක පහසුකම්වලින් යුක්තව එවක ජනප්‍රිය පාසලක්ව පැවතුණත් අද වන විට එය මෙලෙස වැසීගොස් ඇත්තේ අධ්‍යාපනය ලැබීමට තරම් දරුවන් ප්‍රමාණයක් නොමැති වීම නිසයි. විශාල වියදමක් දරා ඉදිකරන ලද ගොඩනැගිලි අභාවයට යමින් වල් බිහිවෙමින් තිබීම මහා විනාශයක් බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ. ඒ වගේම සවස් වන විට පාසල් ගොඩනැගිලි තුළ විවිධ විෂමාචාර ක්‍රියාවන් සිදුවන බවටත්, මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන්ගේ තිප්පොළක් බවට එය පත්වන බවටත් ප්‍රදේශවාසීන් මැසිවිලි නගනවා. ගමේ දරුවන් පවා මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වීමට ඉඩ ඇති බැවින් වහාම මේ තත්ත්වය වැළැක්වීමට බලධාරීන්ගේ අවධානය යොමුකර දෙන ලෙසයි ප්‍රදේශවාසී ජනතාව ඉල්ලා සිටින්නේ.

‘මේක දිරාපත්වෙලා කඩාවැටෙන්න යනවා. තව ටික දවසක් යනකොට එහෙම වෙයි. මේ ගොඩනැගිල්ල රජයේ වැදගත් කටයුත්තකට යොදාගන්න පුළුවන්. ග්‍රාම නිලධාරීන්ට ඉන්න තැනක් නැහැ. කෘෂි නිලධාරීන්ට ඉන්න තැනක් නැහැ. ඒ වගේ කටයුත්තක් සඳහා මේ වටිනා ගොඩනැගිලි යොදාගන්නවා නම් බොහෝම හොඳයි නැත්නම් මත්ලෝලීන්ගේ තිප්පොළක් බවට මේ තැන පත්වෙනවා…’ යනුවෙන් ප්‍රදේශවාසියෙක් සඳහන් කර සිටියා.

මේ පාසලෙන් අධ්‍යාපනය ලබා අද වන විට ඉහළ තනතුරු දරන බොහෝ පිරිසක් සිටිනවා. තමන් ඉගෙනගත් පාසලට වර්තමානයේ අත්ව ඇති ඉරණම දකින ඔවුන්ගේද හදවත් කම්පාවට පත්වනු නියතයි. කඹුරුහේන පඤ්ඤාවාස ප්‍රාථමික විද්‍යාලය ආදි ශිෂ්‍යයෙක් තම පාසල ගැන මේ අදහස් පළ කළේ මහත් වේදනාවකින්.

‘අපි ගියපු ඉස්කෝලේ මේක. දැන් අවුරුදු දෙකක් විතර වෙනවා වැහිලා. සම්පූර්ණයෙන් කැලේ වැහිලා තියෙන්නේ. මේ ඉස්කෝලේ නැවත පටන්ගන්න බැරි නම් කවුරු හරි ඉදිරිපත් වෙලා මේ තැන් තැන්වල තියෙන කාර්යාල ටිකවත් මේ පාසල තුළ ස්ථාපිත කරලා දෙන්න කියලයි අපි ඉල්ලන්නේ. ළමයි ඇවිල්ලා වෙන වෙන නීති විරෝධී දේවල් මේක ඇතුළේ කරනවා…’

‘මම මේ කියන්නේ බලධාරීන්ගේ ඇස් ඇරෙන්න. අපේ ගමේ ළමයි විනාශ වෙනවා අපිට බලන් ඉන්න බැහැ. අපේ ගමේ ළමයින්ට මීට වඩා දෙයක් වෙයි මේ තියෙන තත්ත්වයේ හැටියට මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වුණොත්. ඒ නිසා බලධාරීන්ගෙන් මම ඉල්ලා සිටින්නේ මේ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ගයක් ගන්න කියලයි…’ යනුවෙන් ගම්මානයේ ජීවත්වන මවක් කියා සිටියා.

ගම්වාසීන් තමන්ගේ දුක මේ විදියට පැවැසුවත්, මීට වගකිව යුතු බලධාරීන් කවුද යන්න කිසිවකු දන්නේ නැහැ. අධ්‍යාපන අමාත්‍යාංශය, අධ්‍යාපන අමාත්‍යවරයා, පළාත් අධ්‍යාපන කාර්යාල හෝ වෙනත් ආයතනයක් මෙහි වගකීම දරනවා වන්නට පුළුවන. ඒත් ඒ කිසිවකු මේ වන විටත් මේ දුප්පත් පාසල ගැන සිය අවධානය යොමුකරන බවක් නම් පෙනෙන්නට නැති වීම කනගාටුවට කරුණකි.

කොළඹ, ගාල්ල, මහනුවර වැනි දිස්ත්‍රික්කවල රටේ නමගිය ප්‍රධාන පාසල් රැසක් පිහිටා තිබෙනවා. සියලු පහසුකම්වලින් සපිරි ඒ පාසල්වල දහස් ගණනක් සිසු දරු දැරියන් අධ්‍යාපනය ලබනවා. නමුත් එවැනි පාසලකට මේ වගේ දුෂ්කර ප්‍රදේශයක ජීවත්වෙන දරුවෙකුට ඇතුළු වෙන්න කොයි තරම් නම් අපහසුද? එදිනෙදා පුංචි රැකියාවකින් ජීවිතේ සරිකරගන්නා මවුපියන්ගේ අහිංසක දරුවෙක් කොහොමද ඒ වගේ ප්‍රධාන පෙළේ පාසලකට යන්නේ? කැලේ පිපෙන මල් කැකුළුවලට ඒ වෙලාවට පිහිටට තියෙන්නේ තමන්ගේ ගමේම තියෙන මේ වගේ පුංචි ඉස්කෝලය විතරයි.

කඹුරුහේන පඤ්ඤාවාස ප්‍රාථමික විද්‍යාලය කියන්නෙත් ගමේ දරුවන්ගේ ඇස් පාදන්න බිහිවෙච්ච අපූරු සිප් හලක්. දැන් ඒ සිප් හල මේ විදියට වැහිලා ගිහින් ඉවරයි. ලංකාවේ තවත් ප්‍රදේශ රැසක මේ ඉරණමම අත්වෙච්ච පුංචි පුංචි පාසල් කොයි තරම් නම් ඇද්ද? ඒ පාසල්වල ඉගෙනගත්තු දරුවෝ දැන් මොනවා කරනවා ඇද්ද? ඔවුන්ගේ අනාගතය අඳුරු වුණොත් එහි වගකීම භාරගන්නේ කවුද?

දරාගන්න බැරි ජීවන බරට උරදීලා ඉන්න අම්මලාට තාත්තලාට දරුවන්ගෙ පාසල් ගමනට මුදල් වෙන් කරන එක හරිම අමාරු වැඩක්. හම්බ කරන තුට්ටු දෙක එදා වේල කන්නවත් මදි. පුංචි මිනිහා බදුවලින් හෙම්බත් කරලා ලොකු ලොකු මහත්තුරු සුරසැප විඳිනවා. අවුරුදු හැතතෑ ගානක් තිස්සේ අපේ රටේ වුණේ ඒක. හෙට වෙන්නෙත් ඒකම තමයි. ඉතින් කොහොමද මේ වගේ දුප්පත් දරුවො හිත සතුටින් පාසල් යන්නේ? ඒ නිසා හෙට දවසේ මේ තත්ත්වය තවත් වැඩිවෙනවා මිසක්, සුබවාදී බලාපොරොත්තුවක් නම් අපේ දරුවන් ගැන තියාගන්න බෑ.

අධ්‍යාපන කියන දේ සෑම දරුවකුගේම අයිතියක්. නමුත් රටේ තියෙන ප්‍රශ්න නිසා ඒ දරුවන්ගේ අධ්‍යාපන අයිතිය අහිමි වීම නම් ඛේදවාචකයක්. ඒ ඛේදවාචකයට විසඳුම් සෙවීමයි බලධාරීන්ගේ වගකීම සහ යුතුකම විය යුත්තේ. ඒ වගකීම තවදුරටත් ඉටු වෙන්නේ නැත්නම්, කඹුරුහේන පඤ්ඤාවාස ප්‍රාථමික විද්‍යාලය වගේ තවත් සිය දහස් ගානක් පාසල් අපේ රටෙන් අතුරුදන් වෙන දවස වැඩි ඈතක නෙවෙයි.

නිලන්ති රේණුකා

SendShareShare
Previous Post

අලි ඔලු සහ අතපය නැති මිනිස්සු තැන්තැන්වලින් මතුවෙන ආශ්චර්යය I Sri Lanka Latest News

Next Post

විපක්ෂනායක සජිත් ‌පාර්ලිමේන්තුවට එන එක සති දෙකකට නවත්වන්න ආණ්ඩු පක්ෂයේ පොහොට්ටු මන්ත්‍රීවරු යෝජනා කරයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)
Exclusive

ගිය අවුරුද්දේ ණය ගෙවද්දී බිලියන 48ක් වැඩිපුර ගෙවලා! I Sri Lanka Latest News

Load More
වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වතුපිටිවල ප්‍රදේශයේදී තරුණයකු සහ පොලිස් නිලධාරියකු අතර සිදුවූ වාදයක් ඇතුළත් වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍යවල සැරිසරමින් තිබේ.Sri Lanka Latest News

Read more
පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.