• About us
  • Contact us
Saturday, June 6, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

දෙයි හාමුදුරුවනේ… ආයෙත් මහ බැංකුව කැඩුවද I Sri Lanka Latest News

June 25, 2023
in Exclusive, News
Reading Time: 5 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

කම්මලේ බල්ලාට හෙණ ගැසුවාට ගානක් නැති බව අප අසා ඇත්තෙමු. ඒ ආකාරයෙන්ම ශ්‍රී ලංකාවේ මිනිසුන්ට දූෂණ වංචාද ගණන් නැති ගානය. දේශපාලනඥයන් සහ නිලධාරීන් කිසිදු බියක් සැකක් නොමැතිව දූෂණ වංචාවන් කරන්නේ ඒ බව සක්සුදක් සේ දන්නා බැවිනි.(Sri Lanka Latest News)

යහපාලන කාලයේ සිදුවූ බැඳුම්කර වංචාව ඔබට මතක නැති වන්නට බැරිය. සිංගප්පූරුවෙන් ආනයනය කර මහබැංකු අධිපති පුටුවේ වාඩි කරවන ලද අර්ජුන් මහේන්ද්‍රන් සිය බෑණනුවන් වූ අර්ජුන් ඇලෝසියස් සමග එක්වී සිදුකළ මහබැංකු බැඳුම්කර වංචාව එකල හැඳින්වූයේ ලංකාවේ සිදුවූ දැවැන්තම මූල්‍ය වංචාව ලෙසිනි. එමෙන්ම එමගින් මෙරට බැඳුම්කර විකිණීම සහ මහබැංකුවේ ප්‍රතිරූපය මුළුමනින්ම බිඳවැටුණු අතර එය ශ්‍රී ලංකාවේ ආර්ථිකයට ඉතා බරපතළ ලෙස බලපාන ලද බව පැවසේ. අර්ජුන් ඇලෝසියස්ගේ සභාපතිත්වයෙන් යුත් පර්පචුවල් ට්‍රෂෙරීස් සමාගම මගින් මහබැංකු බැඳුම්කර මිලදී ගැනීමේදී සිදුකළ මේ මහාපරිමාණ මූල්‍ය වංචාව පිළිබඳ සොයාබලන්නට ජනාධිපති කොමිසමක් පවා පත්කරනා ලදී.

එකී ජනාධිපති විමර්ශන කොමිෂන් සභා වාර්තාවට අනුව, 2015 පෙබරවාරි 01 සිට 2016 මාර්තු 31 දක්වා කාලය තුළ භාණ්ඩාගාර බැඳුම්කර අලෙවියෙන් පර්පචුවල් ට්‍රෂෙරීස් ලිමිටඩ්, අර්ථ සාධක අරමුදල සහ අනෙකුත් ව්‍යවස්ථාපිත මණ්ඩල සහ රජයේ ආයතන හරහා ලබාගත් ශුද්ධ මුදල් (මුදල් ලාභය) රුපියල් 8,529,964,495.61(රුපියල් මිලියන 8,529) කි. මෙම අධිකතර ලාභය යනු අනෙකක් නොව එකී ගනුදෙනුව හරහා රජයට සිදුවූ දැවැන්ත පාඩුවය. මීට අදාළව සිදුකරන ලද වෝහාරික විගණන වාර්තාවට අනුව ශ්‍රී ලංකා රජයට සිදුවී ඇති අලාභය රුපියල් බිලියන 6.63 සිට රුපියල් බිලියන 9.68 දක්වා අතර අගයක් විය හැකි බව ඇස්තමේන්තු කර තිබුණි.

කෙසේ නමුත් මෙම වංචනික ක්‍රියාව නිසා රටේ සමස්ත ආර්ථිකයට සිදුවූ හානිය ඉතා විශාල එකක් බව විෂය ප්‍රාමාණිකයන්ගේ අදහස විය. පොලී අනුපාතය වෙනස්වීම්වලට සාපේක්ෂව බලන කල එහි වැඩි වීම රුපියල් බිලියන 145කට ආසන්න බව එවක පාර්ලිමේන්තුවේදී පවා ප්‍රකාශ විය. මහබැංකු බැඳුම්කර වංචාව පිළිබඳ පැවැති වාද විවාද බොහෝය. ඒවායේදී හෙළිවූ කරුණු බොහෝය. ඉන් වැදගත් තැනක් ගන්නේ 2015ට පෙරද බැඳුම්කර නිකුත් කිරීම්වලදීද මේ ආකාරයේ වංචා දූෂණ සිදුව ඇති බව අනාවරණ වීමය.

වර්ෂ 2014 දී මහින්ද රාජපක්ෂට අභියෝග කරමින් මෛත්‍රීපාල සිරිසේන ගල් ලෙන බිඳ එළියට එන්නේ සුපිරිසිදු රටක් බිහි කිරීමටය. 2015 ජනවාරියේ පැවැති මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂය ජයගෙන යහපාලන ආණ්ඩුව පිහිටුවන්නේ වංචාවට, දූෂණයට එරෙහිව බලයට පත්වූ මෛත්‍රී පාලනයේ දිගුවක් ලෙසිනි. එවැනි අරමුණකින් බලයට පැමිණි යහපාලන ආණ්ඩුව 2015 දී බැඳුම්කර වෙන්දේසිවලදී දැවැන්ත මූල්‍ය වංචා කිරීම අතිශය බරපතළ අපරාධයක් බව අමුතුවෙන් කිවයුතු නැත.

එහෙත් එකී වංචාව නිරාවරණ කරමින්, ඒ ඔස්සේ නන්නත්තාර වී තිබූ සිය දේශපාලනය යළි තහවුරු කරගැනීමට කටයුතු කළ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ බලවේග සිය පාලන කාලයේ සිදුකළ බැඳුම්කර වංචාවන් යහපාලන කාලයේ සිදුකළ වංචාවන් ඉක්මවා ගොස් තිබිණි. ඒ බව තහවුරු වූයේ බැඳුම්කර ක්‍රියාවලිය පිළිබඳ සිදුකළ වෝහාරික විගණනය මගිනි. ඒ අනුව යහපාලන ආණ්ඩු සමයේදී අවම වශයෙන් රුපියල් බිලියන 6.6ක පාඩුවක් බැඳුම්කර ගනුදෙනුවලින් සිදුවී ඇතැයි ඒ පිළිබඳ වූ වෝහාරික විගණන වාර්තාව තහවුරු කර තිබිණි. එය උපරිම වශයෙන් බිලියන 9.6ක් දක්වා විහිද යා හැකි බව තහවුරු වනුයේ එකී වාර්තාව මගිනි.

ලෝ ප්‍රකට විගණන සමාගමක් වන බී.ඩී.ඕ. සමාගම විසින් සැකසූ වෝහාරික විගණනයක් ඇසුරෙන් සැකසූ වාර්තාව පවසනුයේ 2002 – 2015 අතර කාලයේ සිදුවූ බැඳුම්කර නිකුත් කිරීම් මගින් සිදුව ඇති අවම පාඩුව රුපියල් බිලියන 10.47ක් බවත් උපරිම පාඩුව බිලියන 10.62ක් බවත්ය. එමෙන්ම එම කාලසීමාවේ බැඳුම්කර නිකුතුව සඳහා යොදාගත් ඍජු බැඳුම්කර නිකුත් කිරීමේ ක්‍රමය අවම විනිවිද බවකින් යුතු එකක් බවද එම වාර්තාව පවසා තිබිණි. කෙසේ වෙතත් ලංකාවේ ලොකුම වංචාව ලෙස බැඳුම්කර වංචාව පැවැතියේ ඉතා කෙටි කලකි. 2020 අර්බුද ගහන අවස්ථාවක බලයට පැමිණි පොදුජන පෙරමුණු ආණ්ඩුව සීනි බදු වංචාව සිදුකරමින් ලංකාවේ ලොකුම වංචාව සිදුකිරීමේ ‘කුප්‍රකට’ ගෞරවය ලබාගත්තේය. එහි පාඩුව රුපියල් මිලියන 17,681 ඉක්මවන බව වාර්තා විය.

ලංකාවේ සිදුකෙරුණු මහාපරිමාණ දූෂණයන්ගේ පැටිකිරිය යළි සිහියට නංවනුයේ පසුගියදා පැවැති මාධ්‍ය හමුවකදී සමගි ජන බලවේගයේ විධායක සභික නිරෝෂන් පාදුක්ක කළ කරුණු දැක්වීමක් නිසාය. දෙපාර්ශ්වයේම ක්‍රියාවන් හෙළිව ඇති බැවින් මින් ඉදිරියට ලංකාවේ බැඳුම්කර වංචාවන් සිදුවන්නේ නැතැයි හිත හදාගෙන සිටි හුදී ජනයා ඔසවා පොළොවේ ගසන්නට සමත් කාරණාවක් එළිකරන්නට එම සාකච්ඡාවේදී නිරෝෂන් පාදුක්ක සමත් වූයේය. දැවැන්ත ආර්ථික අර්බුදයකට රට මුහුණ දෙමින් සිටින වකවානුවක, අත්‍යාවශ්‍ය ඖෂධ ආනයනය කරගත නොහැකිව රෝගීන් මියයමින් සිටින කලක පවා බැඳුම්කර වංචා නොනැවතී සිදුවෙමින් පවතින බව ඔහු සාක්ෂි සහිතව පෙන්වා දුන්නේය.

ආර්ථික අර්බුදය සමග ශ්‍රී ලංකාවේ පොලී අනුපාතික විශාල ලෙස ඉහළ ගියේය. ආර්ථිකය හැකිළීමට සමාන්තරව රටේ ආර්ථිකයද හැකිළුණු බව නොරහසකි. එබැවි පොලී අනුපාතිකය අඩුකරන ලෙස රජයට සෑම අතින්ම බලපෑම් එල්ලවන්නට විය.

අවසානයේ කල් පසුවී හෝ මෙරට ප්‍රතිපත්ති පොලී අනුපාතිකය පහත හෙළන්නට මහබැංකුව තීරණය කරන ලදී. 2023 වසරේ මැයි මාසය වන විට මහබැංකු අධිපති ඇතුළු මූල්‍ය ක්ෂේත්‍රයේ ප්‍රාමාණිකයන් විසින් කරන ලද කරුණු දැක්වීම් නිසා පොලී අනුපාතිකයේ වෙනසක් ළඟ එන බව කොයි කාටත් වැටහෙමින් තිබිණි. විශේෂයෙන්ම වාහන ආනයනකරුවන්ගේ සංගමයේ නියෝජිතයන් පිරිසක් මහබැංකු නිලධාරීන් හමුවූ අවස්ථාවේ ප්‍රතිපත්ති පොලී අනුපාතය අඩු කිරීම ගැන පැහැදිලි ඉඟියක් ලබාදෙන ලදී.

මෙවන් තත්ත්වයක් රටේ ක්‍රියාත්මක වෙමින් පවතිද්දී පසුගිය මැයි 26 වැනිදා රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව නිකුත් කරමින් පැවසුවේ බැඳුම්කර නිකුතුව මගින් රුපියල් බිලියන 160ක් ලබාගැනීමට ශ්‍රී ලංකා මහබැංකුව අපේක්ෂා කරන බවය. ඒ අනුව, ඒ සඳහා වන වෙන්දේසිය මැය මස 31 වැනිදා පැවැත්වීමට නියමිත බව එම නිවේදනයේ සඳහන් විය.

ප්‍රකාශ කළ පරිදිම රුපියල් බිලියන 160ක් සොයාගැනීම සඳහා වන බැඳුම්කර වෙන්දේසිය පසුගිය 31 වැනිදා පවත්වන ලදී. එහිදී රුපියල් බිලියන 160ක් 25.65% පොලී අනුපාතයට මිලට ගැනීමට මහබැංකුව සමත් වන්නේය. එම මිලදී ගැනීමෙන් අනතුරුව තවත් බිලියන 40ක බැඳුම්කර ප්‍රමාණයක් ජුනි මස පළමුවැනිදා වනවිට විකිණීමට මහබැංකුව කටයුතු කර තිබේ. ඒ, පෙර දිනයේ තිබූ 25.65% පොලී අනුපාතිකයටමය.

බැලූ බැල්මට මේ ගනුදෙනුවේ ඇත්තේ අහවල් වරදක්දැයි ඔබට සිතෙන්නට පුළුවන. සමගි ජන බලවේගයේ විධායක සභික නිරෝෂන් පාදුක්ක පවසනුයේ වරද සිදුව ඇත්තේ බැඳුම්කර අලෙවි කිරීමේදී නොව, එය කර ඇති ආකාරයේ බවයි. රුපියල් බිලියන 160ක බැඳුම්කර 31/05.23 දින නිකුත් කර, එම පොලියටම 01/06/23 දින තවත් බිලියන 40ක බැඳුම්කර නිකුත් කිරීමට කටයුතු කර තිබුණද, 01/06/23 දින ශ්‍රී ලංකා මහබැංකුව සිය ප්‍රතිපත්ති පොලී අනුපාතය 2.5%කින් අඩු කරන ලදී.

ඒ අනුව 31/5/23 දින 25.65% පොලියට බිලියන 160ක් මහ බැංකුව ලබාගන්නේ ඊළඟ පැය 24 ගතවීමට පෙර මෙරට පොලී අනුපාතය 2.5%කින් අඩු වීමට තිබියදීය. වඩාත් වැදගත් කරුණ වනුයේ මෙම බැඳුම්කර වෙන්දේසිය සඳහා මහබැංකු අධිපති, නියෝජ්‍ය අධිපති, ආර්ථික සංවර්ධන අධ්‍යක්ෂ සහ දේශීය මෙහෙයුම් අධ්‍යක්ෂ යන ඉහළ නිලධාරීන් හතර දෙනාම සහභාගි වීමය. පය 24ක් ඇතුළත මෙරට පොලී අනුපාතික 2.5%කින් පහළ යන බව ඔවුන් නොදැන සිටින්නට හැකියාවක් නැත.

රුපියල් බිලියන 160ක බැඳුම්කර අලෙවිය නිමකර තවත් පැය 24ක් තුළ තවත් රුපියල් බිලියන 40ක බැඳුම්කර අලෙවි කිරීමට මහබැංකුව කටයුතු කරන්නේ පෙර දින පැවැති පොලී අනුපාතය වූ 25.65%ටමය. එහෙත් ඒ වන විටත් මෙරට ප්‍රතිපත්ති පොලී අනුපාතය 2.5%කින් පහත හෙළන්නට මහබැංකුව කටයුතු කර තිබිණි. එහෙත් ඒ බව නොතකා පෙර දින පැවැති 25.65% පොලී අනුපාතයටම බැඳුම්‍කර අලෙවිය සිදුකිරීම නිසා සිදුවූ පාඩුව රුපියල් බිලියන 5ක් බව හිටපු නියෝජ්‍ය මහබැංකු අධිපති පී. සමරසිරි පවසන්නේය.

යම් හෙයකින් මැයි මස 31 සහ ජූනි 01 වැනිදා පැවැත්වූ බැඳුම්කර වෙන්දේසි දෙක සතියකින් කල්දමා ගත්තේ නම් ඒ ඔස්සේ රජයට දැවැන්ත පාඩුවක් මඟහැර ගැනීමට හැකි වන්නේය. ඒ බව තහවුරු වන්නේ ජුනි මස 07 වැනි දින පැවැති වෙන්දේසියේදී බැඳුම්කර අලෙවී කර ඇත්තේ 23.81% වන අඩු පොලියකට වීම නිසාය.

රුපියල් බිලියන 200ක් වන මේ සමස්ත ගනුදෙනුවේ පාඩුව පිළිබඳ අදහස් දක්වන මහබැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති පී. සම‍රසිරි පවසනුයේ පොලී අනුපාතය පහත වැටීම නොතකා පෙර පැවැති පොලියටම බැඳුම්කර ගනුදෙනුව සිදුකිරීම නිසා සෑම රුපියල් 100කටම ශත 9.65ක පාඩුවක් රටට සිදුව ඇති බවය. ඒ අනුව සෑම රුපියල් 1000කටම මහ බැංකුවට සිදුව ඇති පාඩුව රුපියල් 965කි.

එම පාඩුව සෑම රුපියල් ලක්ෂයකටම රුපියල් 9,650කි. මිලියනයක දී එම පාඩුව 96,500 දක්වා ඉහළ යන්නේය. බිලියනයක් යනු මිලියන 1000කි. ඒ අනුව මෙම බැඳුම්කර අලෙවියේ සෑම බිලියනයකින්ම රජයට සිදුව ඇති පාඩුව 96,500 x 1000 = 96,500,000කි. මෙම සංඛ්‍යාව 200 ‍යොදා ගුණ කිරීමෙන් සමස්ත ගනුදෙනුවේ පාඩුව ඔබටද දැනගත හැකිය.

මේ පිළිබඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් කිරීමට නිරෝෂන් පාදුක්ක සූදනමින් පසුවේ. මෙම ගනුදෙනුවෙන් යම් පාර්ශ්වයක් අයථා වාසි ලැබුවේද, එසේ නම් ඒ කවුද යන්න ජනතාවට දැනගැනීමේ අයිතියක් ඇති බවත් එකී ශුද්ධ වූ අයිතිය උදෙසා තමා මේ මහා මූල්‍ය වංචාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට ගෙන යන බවත් ඔහු ‘මව්රට’ට පැවැසීය.

නිර්මාල් දේවසුරේන්ද්‍ර

SendShareShare
Previous Post

පොහොට්ටුව මහනුවරත් ප්‍රතිසංවිධාන වෙයි! PHOTOS I Sri Lanka Latest News

Next Post

කෝමා තත්ත්වයේ සිටියදීත් ජීව විද්‍යා අංශයෙන් ප්‍රථමයා වෙච්ච දිරිය දියණියක් ! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

තිස්සකුට්ටි පොහොට්ටුවෙන් දොට්ට! Sri Lanka Latest News
Exclusive

තිස්සකුට්ටි පොහොට්ටුවෙන් දොට්ට! Sri Lanka Latest News

බලු සුරතලුන්ට මාරාන්තික ලෙඩක් බෝවෙන්න පටන් අරන්! මේ ක්‍රම පිළිපැද්දොත් බේරගන්න පුළුවන් වේවි! Sri Lanka Latest News
Exclusive

මොනරාගලින් බදුල්ලට පැනලා ආයෙත් මොනරාගලට පැනලා මිනිස්සුන්ට එපා වෙලා අනුරාධපුරට එලවලා දාපු දේශපාලනයේ හදපු බලු පැටියෙක් ගැන හරීන් කියන මේ කතාව අහන්නකෝ! VIDEO I Sri Lanka Latest News

Exclusive

ජනාධිපතිවරණයට අවුරුදු 3ක් තියෙද්දි පොදු අපේක්ෂකයෝ රොත්තක්! Sri Lanka Latest News

හම්බන්තොට වෙසක් මහා පෙරහැර පිංකමේදී විපක්ෂ නායක සජිත් මංගල හස්තිරාජයා කරපිට සධාතුක කරඬුව තැන්පත් කරයි! වැටුණු රට ගොඩගැනීමට සියලු දෙනාට ආරාධනා කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

හම්බන්තොට වෙසක් මහා පෙරහැර පිංකමේදී විපක්ෂ නායක සජිත් මංගල හස්තිරාජයා කරපිට සධාතුක කරඬුව තැන්පත් කරයි! වැටුණු රට ගොඩගැනීමට සියලු දෙනාට ආරාධනා කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News
Exclusive

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News

දැන් රනිල්ට හොදයි! දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවකට දාලා! ඩොක්ටර් හර්ෂ ද සිල්වා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජනාධිපතිතුමා ඉතා බුද්ධිමත් කෙනෙක්! ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

Load More
තිස්සකුට්ටි පොහොට්ටුවෙන් දොට්ට! Sri Lanka Latest News
Exclusive

තිස්සකුට්ටි පොහොට්ටුවෙන් දොට්ට! Sri Lanka Latest News

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජානක තිස්සකුට්ටි ආරච්චි මහතා වහාම පක්ෂයෙන් ඉවත් කරන ලෙසට එම පක්ෂය ඇතුළෙන්ම නාමල්...

Read more
බලු සුරතලුන්ට මාරාන්තික ලෙඩක් බෝවෙන්න පටන් අරන්! මේ ක්‍රම පිළිපැද්දොත් බේරගන්න පුළුවන් වේවි! Sri Lanka Latest News

මොනරාගලින් බදුල්ලට පැනලා ආයෙත් මොනරාගලට පැනලා මිනිස්සුන්ට එපා වෙලා අනුරාධපුරට එලවලා දාපු දේශපාලනයේ හදපු බලු පැටියෙක් ගැන හරීන් කියන මේ කතාව අහන්නකෝ! VIDEO I Sri Lanka Latest News

ජනාධිපතිවරණයට අවුරුදු 3ක් තියෙද්දි පොදු අපේක්ෂකයෝ රොත්තක්! Sri Lanka Latest News

හම්බන්තොට වෙසක් මහා පෙරහැර පිංකමේදී විපක්ෂ නායක සජිත් මංගල හස්තිරාජයා කරපිට සධාතුක කරඬුව තැන්පත් කරයි! වැටුණු රට ගොඩගැනීමට සියලු දෙනාට ආරාධනා කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

හම්බන්තොට වෙසක් මහා පෙරහැර පිංකමේදී විපක්ෂ නායක සජිත් මංගල හස්තිරාජයා කරපිට සධාතුක කරඬුව තැන්පත් කරයි! වැටුණු රට ගොඩගැනීමට සියලු දෙනාට ආරාධනා කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.