• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රට කරවන්ට නම් මසුරන් ඇතිව කැටේ… වටිනා කියන දේ විකිණිය යුතුය රටේ I Sri Lanka Latest News

November 17, 2023
in Exclusive, News
Reading Time: 3 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මේ ලියන්න යන්නේ තොරතෝංචියක් නැතුව පිපෙන මල් පොහොට්ටු අස්සේ තුහින කැකුළු දඟ කරන හීතල නුවරඑළියේ. ඇහුව ගමන් හිතට දැනෙන්නේ අපූරු චමත්කාරයක්. ලස්සනක්. නුවරඑළියේ හැම ඉසව්වකටම හැඩයක් තියෙනවා, රටාවක් තියෙනවා, කලාවක් තියෙනවා වගේ නුවරඑළියේ හැම තැනකටම ලස්සනක් තියෙනවා.(Sri Lanka Latest News)

හැම බිම් අඟලකම නුවරඑළියේ මල් පිපෙනවා. ඈත ඉඳලා එන හුළං රැලි අස්සේ අපට දැනෙන්නේ ඇටමිදුලු දක්වා කිඳාබහින සීතලක්. ඒ සීතල මිහිරියි. ඒ සීතල රහයි. ඒ රහ විඳින්න අපි නුවරඑළි යනවා. මල් පිපෙන වසන්තෙට අපි නුවරඑළියේ නතර වෙනවා. හරියට මල් පිපෙන කාලෙට ලෝකෙ කොහෙ හරි ඉඳන් ලංකාවට ඉගිළිලා එන කුරුලු කිරිලියො වගේ. අපි ආදරේ කරන්නේ නුවරඑළියට. නුවරඑළියේ සමස්තයට. නුවරඑළිය අහසේ ඉඳන් මහපොළොවත් එක්ක තියෙන හැම දේටම අපි කැමැතියි. අපි ආදරෙයි. අපි ආසයි. හැබැයි සමහර අයට නුවරඑළිය කියලා කියන්නේ බිස්නස් එකක්. ව්‍යාපාරයක්. අලෙවි කරන්න පුළුවන් එකක්.

නුවරඑළියට ලොකු ලන්සුවක් තියන්න සමහර අයට පුළුවන්. නුවරඑළිය සල්ලිවලට අරගෙන කෑලි කෑලිවලට කඩලා සුද්දන්ට විකුණලා තමන්ගේ මඩිය තරකර ගන්න හදන මුදලාලිලා ලංකාවේ ඕනෙ තරම් ඉන්නවා. ඒ මුදලාලිලට නුවරඑළියේ කෑලි කෑලි විකුණලා කීයක් හරි යටිමඩි ගහගන්න බලාගෙන ඉන්න දේශපාලකයොත් ඉන්නවා. ඒ දෙගොල්ලොම එකතුවෙලා ලංකාවේ සංචාරක කර්මාන්තය විතරක් නෙවෙයි ලංකාවම විනාශ කරනවා. මේ, එහෙම කතාවක් කියලමයි මට හිතෙන්නේ.

නුවරඑළියට අඩුම තරමේ දෙතුන් වතාවක්වත් ගිය කෙනෙක් ඉන්නවා නම් ඔබට නුවරඑළියේ තැපැල් කන්තෝරුව අමතක වෙන්න බෑ. රතුපාට ගඩොලින් බැඳපු අපූරු ගොඩනැගිල්ල. අන්න ඒ ගොඩනැගිල්ල හෝටලයක් කරන්න හදන බවට වූ ආරංචිය අපිට තැන් කීපයකදීම ඇහුණා. ඒක නරකද හොඳද කියන එක තීරණය කරන්න අපට කිසිම අයිතියක් නෑ. ඒ සඳහා අපට කිසිම වරමක් නෑ. අපි ඒ ගැන දන්නෙ නෑ.

ඒත් කරන්න ඕනෙ මේකද, නැත්නම් නුවරඑළිය තැපැල් කන්තෝරුවෙන් මීට වඩා වැඩක් කරගන්න බැරිද කියන එක ගැන අපිට හිතෙනවා. අපිට දැනෙනවා. මොකද නුවරඑළිය සුදු ජාතිකයන්ට නතර වෙන්න හෝටල් නැද්ද? නුවරඑළියේ හෝටල් ප්‍රශ්නයක් තියෙනවද? නුවරඑළියට එන සුද්දෝ හෝටල් නැතුව තැන් තැන්වල පාරවල් ගානේ නිදාගෙන ඉඳලා තියෙනවද? නෑ, නුවරඑළියේ හැම අඟලක් ගානෙම තියෙන්නේ හෝටල්.

නුවරඑළියේ හෝටල් දාස් ගානක් තියෙනවා. ඒ අස්සේ මේ ඓතිහාසික වටිනාකම් සහිත ස්ථානයේ, ඒ ඓතිහාසික බවින් ප්‍රයෝජන නොගෙන මේවා සංචාරක හෝටල් බවට පත් කරලා, ඒකෙන් ලැබෙන ලාභය ගැන හිතනවා කියලා කියන්නේ ලංකාවෙ සංචාරක කර්මාන්තය කියලා කියන්නේ භයානක ගැටලුවක් බව සිහිපත් කරන්න ඕනෙ. ඒකට හේතුව නුවරඑළියේ තැපැල් කන්තෝරුව කියලා කියන්නේ දීර්ඝ ඉතිහාසයක් තියෙන තැනක්. ඒක නොදන්නා කෙනෙක් මේ වැඩේ කරනවා විය නොහැකි බව අපිට විශාල විශ්වාසයක් තියෙනවා.

ලංකාවේ තැපෑලට මේ වෙනකොට අවුරුදු 209කට විතර වැඩි ඉතිහාසයක් තියෙනවා. ලංකාවේ තැපෑල පරණයි. 1798දී ලන්දේසීන් තමන්ගේ පාලන කාලය තුළ මුහුදුබඩ පළාත්වලට මුල්ම තැපැල් කාර්යාල පිහිටුවීම සිද්ධ කළ බව තමයි කියන්නේ. 1799දී මුල් වරට තැපැල් රෙගුලාසි ප්‍රකාශයට පත්කළා කියනවා. මේ වගේ විවිධ කතන්දර අපට අහන්න ලැබෙනවා. 1798 ඉඳන් 1815 දක්වා ඉතිහාසය ඇතුළේ ලංකාවේ තැපෑල ලොකුවට දියුණු වෙලා තියෙනවා.

මෙහෙම දියුණු වෙච්ච තැපෑල මේ වෙනකොට ලොකු ගමනක් ඇවිල්ලා තියෙනවා. අපි ඒක නෑ කියන්නේ නෑ. බි්‍රතාන්‍ය පාලකයෝ 1894 වර්ෂයේදී නුවරඑළියේ තැපැල් කාර්යාලය පිහිටුවූ බව තමයි ඒ පිළිබඳ ඉතිහාසය හොයා බලන අයට දැනගන්න තියෙන්නේ. මේ ගොඩනැගිල්ල වික්ටෝරියා වාස්තු විද්‍යා ආකෘතියක් අනුව නිර්මාණය කළ අතර, රතුපාට ගඩොලින් නිර්මාණය කර තිබීම නිසා ඒකට සුවිශේෂ බවක් ලැබිලා තියෙනවා.

ගොඩනැගිල්ල තුළ තියෙන ඔරලෝසුවත් සුවිශේෂ එකක්. මේ තැපැල් කාර්යාලය ශ්‍රී ලංකාවේ මෙතෙක් ඉදිකරන ලද පැරැණිතම තැපැල් කාර්යාලවලින් එකක් බවයි අපි අහලා තියෙන්නේ. එහෙම තැපැල් කාර්යාලයක් මේ වගේ කාලයක විනාශ කරලා දානවද, එහෙම නැත්නම් තැපැල් කාර්යාලයේ තියෙන පෞරාණික බව ආරක්ෂා කරමින්, ඒ පෞරාණික බවෙන් ප්‍රයෝජන අරගෙන, ඒ ස්ථානය නරඹලා, ඒක විඳලා ඒකෙන් යම් අත්දැකීමක් ලබාගන්න විදේශිකයන්ට අවස්ථාව ලබාදෙනවද කියන එක ගැන හිතන්න ඕනෙ. මේක ඇත්තටම ටිකට් එකක් ගහලා සුද්දන්නට පෙන්නන්න වටින තැනක්. ඒක නොකරන්නේ ඇයි කියන එක අපට ප්‍රශ්නයක්. ඇත්තටම ඒ සම්බන්ධව හිතන්න මොළයක් නැත්තේ ඇයි කියන එකත් අපට ප්‍රශ්නයක්.

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

බදු සහ ගාස්තු ඉහළ දැමීම් අභියෝගයට ලක්කරමින් ආණ්ඩුවට එරෙහිව අධිකරණයට යා හැකිද? I Sri Lanka Latest News

Next Post

VAT එකතු කළ අගය මත බද්ද වැඩිකිරීම ගැන ඔබ දැනගත යුතුම කරුණු 5ක් I Sri Lanka Latest News

MORE NEWS

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)
Exclusive

ගිය අවුරුද්දේ ණය ගෙවද්දී බිලියන 48ක් වැඩිපුර ගෙවලා! I Sri Lanka Latest News

ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

Load More
පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

ජාතික ඩෙංගු මර්දන ඒකකය නිකුත්කළ නවතම වාර්තාවට අනුව අද (24) වන විට මෙරටින් වාර්තා වී ඇති ඩෙංගු මරණ සංඛ්‍යාව 59...

Read more
දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)

ගිය අවුරුද්දේ ණය ගෙවද්දී බිලියන 48ක් වැඩිපුර ගෙවලා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.