ත්‍රස්තවාදය වැළැක්වීමේ දැනට පවත්නා පනත වෙනුවට රජය මගින් ඉදිරිපත් කිරීමට නියමිත විශේෂ පනත් කෙටුම්පත දැනට ඒ ගැන කරුණු විමර්ශනය කෙරෙන විශේෂ කමිටුව යටතේ නිරීක්ෂණය කෙරෙමින් පවතින බව අධිකරණ අමාත්‍යාංශය පවසයි.Sri Lanka Latest News
මෙම විශේෂ පනත් කෙටුම්පත, එම කමිටුවේ නිරීෂණයෙන් පසු අධිකරණ අමාත්‍යවරයා වෙත ලබාදීමට නියමිත බවද අධිකරණ අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙක් පැවැසීය.
ඉන්පසු අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා විසින්, එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට අනුමත කරවා ගැනීමට නියමිත බවද හෙතෙම කීය.
නන්දන ශ්‍රී දොරකුඹුර










