• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කවුද කොහොමද කොතැන වැරදිද තාත්තේ…

February 14, 2023
in Exclusive, News
Reading Time: 3 mins read
A A
කවුද කොහොමද කොතැන වැරදිද තාත්තේ…
Share on WhatsAppShare on Facebook

සමහර වෙලාවට පත්තරකාරයෙක් විදියට මට හිතෙන දේ තමයි සමහර කතා නොලියා ඉන්න තිබුණා නම් හොඳයි කියන එක. ඒ කියන්නේ සමහර කතා කවදාවත් සිද්ධ නොවුණා නම් හොඳයි කියන එක. ඒත් අවාසනාවකට ඒවා මේ අහස යට මේ පොළොව උඩ සිද්ධවෙලා ඉවරයි. කොයි තරම් හිතට වේදනාවක් ආවත් අපේ රස්සාවෙ හැටියට ඒ කතාව හොයලා ඒ කතාව පස්සේ ගිහිල්ලා ඒ මිනිස්සුන්ගේ ඇත්ත කතාව ඔබට අපි කිව යුතුයි. ඒත් ඔබට වගේම අපටත් හදවත් තියෙනවා. ඔබේ වගේම අපේ හිතුත් රිදෙනවා. ඒ නිසා මේ කතාව මීට වඩා කොච්චර දුක හිතෙන විදියට ලියන්න පුළුවන් වුණත්, පුළුවන් තරම් මම පරෙස්සම් වෙනවා මේ කතාව අතිශය සාමාන්‍ය කතාවක් විදියට ඔබට කියන්න. ඒත් මතක තියාගන්න මේ වෙලාවේ පෑරුණු හිතක් සහිතව මේ ලිපිය ලියන මගේ අතින් බොහෝ වැරැදි සිදුවිය හැකි බව.

මේ කතාව අයිති අරණායකට. අරණායක කියන නම අහපු ගමන් මට දැනෙන්නේ වේදනාවක්. ඒ, අරණායක සාමසර කන්ද නායගිය වෙලාවේ දවස් තුනක් තිස්සේ වින්ද වේදනාව මිනිස්සුන්ගේ කඳුළු මිනිස්සුන්ගේ හුස්ම මිනිස්සුන්ගේ මළසිරුරු අස්සේ ජීවිතේ ගතකරපු කෙනෙක් විදියට මට අරණායක කිසිම දවසක මේ ආත්මේ නම් සතුටුදායක තැනක් වෙන එකක් නෑ. ඒක මගේ වරදක් මිසක් අරණායක වරදක් නෙවෙයි. ඒක නිසා යම් කිසි කෙනෙක් ඒ සම්බන්ධව අරණායක ප්‍රදේශයට චෝදනා කරලා වැඩක් නෑ. මේ කතාව අයිති අරණායකට. පොල්අඹේගොඩ ගොඩිගමුව පාරේ තියෙන අම්බලමට. දවසක් අම්බලමට තාත්තා කෙනෙකුයි දරුවො දෙන්නෙකුයි එනවා. තාත්තා ඉන්නේ වේදනාවෙන්. දරුවො දෙන්නට වේදනාව ගැන අදහසක් නෑ. තාත්තා ඉන්නේ අහස පොළොව ගැටලන්න තරම් කල්පනාවක. වටේ පිටේ ගස් කොළන් අස්සේ හැංගිලා හිටපු හුළඟ සද්ද නොකර අම්බලම දිහා බලාගෙන ඉන්නවා. හැලහොල්මනක් නැති ගොයම මේ වෙන්න යන දේ නොදැන තමන්ගෙ පරණ නැටුමම නට නටා ඉන්නවා. වලාකුළු නිහඬ වෙලා. අහස හිස් වෙලා බලාපොරොත්තු ගොන්නක් එක්ක පිරිච්ච ජීවිත එක යායට පුරන් වෙලා යන හැටි, ඉර කාෂ්ට ගිනි අව්වේ මිනිස්සු පිච්චෙන හැටි, තත්පරෙන් තත්පරේ බලාපොරොත්තු නැතිවෙලා යන හැටි මුළු ලෝකෙටම රහසේ අම්බලම විතරක් බලාගෙන ඉන්නවා.

බලාපොරොත්තු හුඟාක් එක්ක ජීවිතේ හොයාගෙන ගිය පුංචි පැටව් දෙන්නෙක්. මේ ලෝකෙ තමන්ව පරිස්සම් කරන එකේ වගකීම වැඩිපුරම තියෙන්නේ තාත්තගෙ තුරුල්ලේ. පයින් ඇවිදපු රිදුම් දෙන දෙපා පිරිමදිමින් අම්බලමට ඇවිත් වාඩිවෙනවා. ඒත් කතාව එතැනින් නතර කරලා පැය ගානකට පස්සේ කතාව මම ලියනවා. මේ කියන පරිසරය අස්සෙම මේ නිසොල්මන් අම්බලමෙ ඇහුණු කටහඬ නෑසී යනවා. ගත්ත හුස්ම නැවතී යනවා. හිනා හඬ හැඬුම් හඬ වේදනා හඬ සෙනෙහසේ හඬ මැකී යනවා. තාත්තෙක්ගේ මළ සිරුරක් එක්ක දරු දෙන්නෙක්ගේ මළ සිරුරු මිනිස්සු හොයාගන්නවා. දරුවො දෙන්නා මියගිහිල්ලා. පරිස්සමට බිම තියලා තිබුණු මළ සිරුරුවලට ඉහළින් එල්ලෙමින් තියෙන්නේ තාත්තෙක්ගෙ මෘත ශරීරයක්. ඔවුන් මියගිහිල්ලා. තාත්තා විසින් දරු දෙදෙනාව මරාදැමූ බවයි කියැවෙන්නේ. ගෙල වැලලාගෙන මියගිය තාත්තාගේ මළ සිරුර යට ඉන්නේ හය හැවිරිදි පුතු සහ නව හැවිරිදි දියණිය.

කතාව කොච්චර දිගද, කතාවේ වැරැදිකාරයා කවුද කියන එක මම දන්නේ නෑ. මට ඒක ලියන්න තේරෙන්නේ නෑ. ඒ වගේ මේ මරණවලට වගකිව යුත්තෝ හොයන එක මගේ රාජකාරියක් නෙවෙයි. මගේ රස්සාව වෙන්නේ මේ කතාව ඔබට කියන එක. කවුරු වැරැදි වුණත් මේ දරු දෙන්නගේ අම්මා ජීවත් වෙනවා. මේ ස්වාමිපුරුෂයගේ බිරිඳ ජීවත් වෙනවා. ඈ ඔහුගේ මෘත ශරීරයවත් භාර නොගෙන, දරු දෙදෙනාවත් පියාවත් අන්තිමට වෙන් කරලා සොහොන් පිටි දෙකකට පාර කියන තැනකට කතන්දරේ වෙනස් වෙනවා. අතින් අල්ලගෙන ආපු තාත්තගෙ අත අතහැරලා මෘත ශරීර දෙකක් වෙච්ච දරු දෙන්නා අම්මගෙ ගෙදර යනවා. තාත්තා තාත්තගෙ නෑදෑයෝ ගාවට යනවා. එක තැන එකට නිදාගෙන අවසන් ගමන යන්නවත් අවසර නොදී මේ මෘත ශරීර වෙන්කරලා දානවා. පෙට්ටි තුනක එක ළඟවත් අඩුම තරමේ ඉන්න අවසර දෙන්නේ නැති වුණාට මේ තාත්තා අන්තිම මොහොත දක්වාම අත නොහැර කොහෙ හරි තැනක දෑතින් බදාගෙන බලාගෙන ඇති.

මේ කරගත්තු වැඩේ අතිශය මෝඩ වැඩක්. නොකළ යුතු වැඩක් වුණාට අපේ රටේ මිනිස්සුන්ට සෙනෙහසින් දේවල් කියලා දීලා බදාගෙන වැලඳගන්න පුළුවන් මිනිස්සු හිඟයි කියලා දැන් දැනෙනවා. මේ අම්මා රට යන්න ඉඳලා තියෙන්නේ. තාත්තා එපා කියනවා. කියන දේ අහන්නේ නැති නිසා ඔවුන් මේ විපත කරගත්තා කියලයි කියන්නේ. වැඩිදුර විස්තරවලින් වැඩක් නෑ. රිදුම් දෙන මිනිස්සුන්ගේ හදවත්වල තියෙන වේදනාව කියවා ගන්න බැරි නම් තවදුරටත් මේ රටේ මේ වගේ කතන්දර ඕනෙ තරම් ඇහෙයි. එපා කියනකොට අඬලා දොඩලා කියන්න බැරි නිසා පිරිමියෙක් කොච්චර කිව්වත් ඒක තේරුම් ගන්නේ නැති මිනිස්සු, අන්තිමට මේ වගේ කතන්දරවලින් ජීවිතේ පාඩමක් ඉගෙනගන්නවා නම් අඩුම තරමේ ලබන ආත්මෙදිවත් මේ වගේ දේවල් නොවේවි කියලා අපි විශ්වාස කරනවා. තාත්තෙකුත් දරු දෙන්නෙකුත් මියගියාට පස්සේ අම්බලමේ පාළු හීතල හුළං අස්සේ ආයෙත් කවදාවත් බලාපොරොත්තුවක් දැල්වෙන එකක් නෑ. අපි ඔබට ආදරෙයි. අපිට ඔබව පරිස්සම් කරන්න තිබුණා. ඒ අම්මට රට නොගිහින් ඉන්න තිබුණා. මේ තාත්තට ගෙල වැලලානොගෙන ඉන්න තිබුණා. මේ දරු පැටව් දෙන්නා පරිස්සම් වෙන්න තිබුණා. ඒත් ඔවුන් හෙට මේ මහ පොළොවේ පස් යට සදහටම නිදාගනී. දැන් ඉතින් ඔබ යන්න. ඈතකට. වලාකුළු වියන් අස්සේ හැංගි හැංගි යන ගුවන් යානයක ඔබේ හීන හොයාගෙන. සමහර විට අතරමඟදී මුණගැසේවි ඔවුන්ව. ඔවුන් ඔබට අතවනාවී. ගිහින් එන්න කියාවි පරිස්සමට. ඒ ඔබේ ස්වාමිපුරුෂයා සහ දරු දෙදෙනා. ඒත් ඒ අම්මා රට යන්නේ ස්වර්ගය හොයාගෙන නොවන වග ඔබට කවදා හරි දවසක තේරේවි. මේ දුක් ගැහැට පිරිච්ච ලෝකෙ අපට කටුසර බිම්වල දුෂ්කර ක්‍රියාවලට පිටත් වෙන්න සිද්ධ වෙනවා. එහෙම දවසට හැඬුම් හඬින් වේදනාවෙන් සමුදෙනවා හැර වෙන කරන්න දෙයක් නෑ. අපේ ජීවිත අනාරක්ෂිතයි. ඒ නිසා ආයෙත් මේ වගේ දේවල් කරගන්න එපා. පින් සිද්ධවෙයි. ඔබට ප්‍රශ්නයක් තියෙනවා නම් ඔබ කතා කරන්න අපේ පත්තරේට. අපි මැදිහත් වෙන්නම් ඔබ වෙනුවෙන්. අපට මේ රටේ මිනිස්සු වටිනවා ඔය හැම දේටම වැඩිය.

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

මුද්‍රණාලයාධිපතිනියව ඊයේ අරලියගහ මැදුරට කැඳවලා! ඊට පස්සේ තමයි ඡන්ද පත්‍රිකා ගහන්න සල්ලි ඕනේ කිව්වේ! මෛත්‍රී කීවේ ඇත්තද? VIDEO

Next Post

ඡන්ද පත්‍රිකා ගන්න විදිහක් නෑ! තැපැල් ඡන්ද නිකුත් කිරීම කල් යයි!

MORE NEWS

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News
Exclusive

‘ඔබතුමා කියන්නේ සජිත්ට මොළේ නෑ කියලා නේද…?’ ‘නෑ එහෙම වැරදියට අර්ථකථනය කරන්න එපා! ඔයා සිරස නේද? ආ.. ඔව්…! හහ්.. හහ්… හා…!!!’ VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News
Exclusive

වැඩිහිටියන් 11 දෙනකු පිච්චී මියගිය හොරණ වැඩිහිටි නිවාසය රෙජිස්ටර් නොකරපු හොර එකක්! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? VIDEO I Sri Lanka Latest News

Load More
පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ විදෙස් ගමන් තහනම සම්බන්ධයෙන් කළ ප්‍රකාශය ඉල්ලා අස්කරගන්නා බවත්, ඒ සම්බන්ධයෙන් අධිකරණයෙන් සමාව ඉල්ලා සිටින...

Read more
අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News

‘ඔබතුමා කියන්නේ සජිත්ට මොළේ නෑ කියලා නේද…?’ ‘නෑ එහෙම වැරදියට අර්ථකථනය කරන්න එපා! ඔයා සිරස නේද? ආ.. ඔව්…! හහ්.. හහ්… හා…!!!’ VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News

වැඩිහිටියන් 11 දෙනකු පිච්චී මියගිය හොරණ වැඩිහිටි නිවාසය රෙජිස්ටර් නොකරපු හොර එකක්! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.