ප්‍රමාණවත් පරිදි මුහුදු සම්පත් අහිමිව, බැංකු ණය මත ලබාගන්නා බහුදින ධීවර යාත්‍රාවල ණය පියවා ගැනීමට නොහැකිව සිටින බහු දින ධීවර යාත්‍රා හිමි ධීවරයන් වැඩි දෙනා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් විසින් මත්ද්‍රව්‍ය ගොඩ බිමට රැගෙන ඒමේ රහසිගත කොන්ත්‍රාත්කරුවන් ගොඩට ඇදගෙන ඇති බව පරීක්ෂණවලදී හෙළිව තිබේ. (Sri Lanka Latest News)
එවැනි අන්දමට ජාත්‍යන්තර මුහුදු සීමාවේ සිට 2015 සිට ගොඩ බිමට මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ රුපියල් කෝටි 70ක් වටිනා ධීවරයන් සතු බහුදින ධීවර යාත්‍රා 32ක් නාවික හමුදා විසින් අත්අඩංගුවට ගෙන පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයට භාරදී ඇතැයි උසස් පොලිස් නිලධාරියකු පැවැසීය.
ඇතැම් බහුදින යාත්‍රා හිමිකරුවන් දේශීය මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ මුදලට යටවී ඇති ආකාරය ගැනද ප්‍රශ්න කිරීම්වලදී හෙළිව තිබේ.
ඔවුන් සතු බහුදින යාත්‍රා අධිකරණයට ඉදිරිපත් කොට නඩු පවරා රාජසන්තක කිරීමටද පොලිසිය පියවර ගෙන ඇත.
බහුදින යාත්‍රාවක වටිනාකම රුපියල් කෝටි 2.5ක් බවද පැවසේ.
ශ්‍රී ලංකා මුහුදු තීරය තුළට අනවසරයෙන් ඇතුළු වී නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල යෙදෙන ඉන්දියානු ධීවරයන්ගේ බලපෑමද බහුදින ධීවරයන්ට බලපා ඇති අතර, මෑතකදී ධීවර බලධාරීන් යෝජනා කර ඇත්තේ එම අවුල විසඳීමට ඉන්දියානු ධීවරයන්ට බලපත්‍ර ක්‍රමයක් ක්‍රියාත්මක කරන ලෙසයි.
ඒ පිළිබඳවද ශ්‍රී ලාංකික ධීවරයන් විරොධය පළකොට ඇත්තේ ධීවර සම්පත විශාල වශයෙන් ඔවුන්ට අහිමි වීම නිසා බවයි පැවැසෙන්නේ.
ප්‍රේමලාල් විජේරත්න