• About us
  • Contact us
Monday, July 27, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සෝෂල් මීඩියා සරණ ගිය සාදුලගෙ අසාදු චර්යා I Sri Lanka Latest News

September 7, 2023
in Exclusive, News
Reading Time: 4 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

‘දෙව්රම් වෙහෙරට යන්න එන්න ඇති බණත් අහන්නැති ඒ කාලේ – නිවන් දකින්නට පින් මදි වෙන්නැති ඒකයි තවමත් සංසාරේ…’ කියලා කියන එකද මේකට වැඩියෙන්ම ගැළපෙන්නේ, ඉඳ ඉඳ එක වෙහෙර – විඳ විඳ දහම් මනහර – සිඳ බිඳ මොක් සසර – අනේ දෙව්දත් නොදිටි මොක්පුර’ කියන එකද මේකට ගැළපෙන්නේ කියන එක ඔබ තීරණය කරන්න.(Sri Lanka Latest News)

ලංකාව කියලා කියන්නේ බණ අහන රටක්. බණ ඇහෙන රටක්. දෙවියෝ වඳින, බුදුන් වඳින, ආගම ධර්මයට බොහොම ළැදි, ආගමට ආදරේ කරන, ජාතියට ආදරේ කරන මිනිස්සු ඉන්න රටක්. අපේ භික්ෂුන්වහන්සේලාත් එහෙම තමයි. අනේ උන්නාන්සේලා ඉතිං මේ රට ජාතිය වෙනුවෙන් තමන්ගේ මුළු ජීවිතේම කැපකරලා ඉන්නේ. අපිට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන්නෙත් උන්නාන්සේලා. උන්නාන්සේලා කියන දේවල් තමයි එදා ඉඳන්ම මේ රටේ රාජරාජ මහාමාත්‍යාදීන් පවා පිළිපැද්දේ. එහෙම පිළිපැද්දා කියලා රටට වෙච්ච නරකකුත් නැහැ. රටේ ගෞරවනීය භික්ෂුන්වහන්සේලා විශාල පිරිසක් ඉන්නවා. ඒ අය මේ රට, ජාතිය වෙනුවෙන් තමන්ගේ දිවි දෙවැනි කොට කටයුතු කරපු කට්ටිය.

සමහර වෙලාවට ජාතිය ආගම කුලය ගැන කිසිම තැකීමක් නොකර සියලු දෙනාම මනුෂ්‍යයෝය කියන තැන ඉඳලා වැඩ කටයුතු කරන භික්ෂුන්වහන්සේලා අපට අපේ ගමේ පන්සලේදිත් මුණගැහෙනවා. උන්වහන්සේලාට යම් හිත රිදවීමක් වෙනවා නම් මේ ලිපියෙන්, සමාවෙන්න ඕනේ. මොකද ඒකට හේතුව අර පොදු කුලකයක් ඇතුළේ දේවල් කතා කරනකොට සමහර වෙලාවට ඉතා ගුණයහපත්, ඉතා විනයගරුක, හරිම හොඳ අයට ඒකෙන් යම් අසාධාරණයක් සිද්ධ වෙනවා.

මේ වෙලාවෙත් එහෙම දෙයක් සිද්ධ වෙනවා නම් සමාවෙන්න කියලා ආයෙත් ආයෙත් කියනවා. මේ ලිපියේ අරමුණ එහෙම දෙයක් කරන එක නෙවෙයි. මේ ලියුම්කරුත් බෞද්ධයෙක්. මේ ආයතනයේ ප්‍රධානියත් බෞද්ධයෙක්. මේ ලිපිය සකස් කරන කෙනාත්, මේ පිටුව සකස් කරන කෙනාත්, මේ ලිපිය ටයිප් කරන කෙනාත් ඒ සියලු දෙනාම බෞද්ධයෝ. ඒක නිසා මේ කිසිවක් බෞද්ධයන් විදියට බුද්ධාගමට සිදුකරන අපහාසයක් විදියට තේරුම් ගන්න එපා. හැබැයි අපි මේ උත්සාහ කරන්නේ බුද්ධාගමට අපහාස කරන මිනිස්සුන්ට එරෙහි වෙන්න සහ අපහාස කරන මිනිස්සුන්ට එරෙහිව අපිට පුළුවන් විදියට හරි සටන් කරන්න.

මොකක්ද මේ කතන්දරේ? යූටියුබ් එක නැත්නම් සමාජ මාධ්‍ය කියලා කියන්නේ අද වෙද්දී මුළු ලෝකයම ග්‍රහණය කරගත්තු දෙයක්. සමාජ මාධ්‍ය පරිශීලකයන් ප්‍රමාණය බිලියන දෙකකට ආසන්නයි. ඒ කියන්නේ ලෝක ජනගහනයෙන් හතරෙන් එකකට වැඩි ප්‍රමාණයක් සමාජ මාධ්‍ය පරිශීලකයන් බවට පත්වෙලා තියෙනවා. මේක අන්තර්ජාල පරිශීලකයෝ විදියට ගත්තොත් බිලියන 4ක්. ඒ කියන්නේ ලෝක ජනගහනයෙන් දෙකෙන් එකක්.

ඒ නිසා ඒ අය ගැන කතා කරනකොට අන්තර්ජාලය කියලා කියන්නේ අපට නැතිවම බැරි දෙයක්. ලෝකයට නැතිවම බැරි දෙයක්. ඒ වගේම ලෝකය විසින් ඉතා දැඩිව ග්‍රහණය කරගත්ත දෙයක්. කවුරු හරි හිතනවා නම් අන්තර්ජාලය කියන්නේ නරක දෙයක් කියලා, නරක වුණත්, හොඳ වුණත් දැන් අපට ඉන් මිදෙන්න බෑ. අපි අන්තර්ජාලයට ආදරය කරන්න පුරුදු වෙලා ඉවරයි. හැබැයි මේ කතන්දරය ඇතුළේ අපට කියන්න සිදුවෙලා තියෙන්නේ අන්තර්ජාලය සහ යූටියුබ් එක අවභාවිත කරන අපේ භික්ෂුන්වහන්සේලා ගැනයි.

කිරුළපන ධම්මවිජය කියන පොඩි උන්නාන්සේ නම් ඕං ඔහොම පෝස්ට් එකක් දාලා තිබුණා ෆේස්බුක් එකේ. මම ඒක කියන්නම්කෝ.

‘සමුගනිමි.
අනුවණ සමාජයකට හොඳ නරක කියා දීමට යෑම කාලය අපතේ යවා ගැනීමක් පමණි.
එනිසා සමාජයේ ඇති විෂමභාවයට විපාක ඔවුන්ටම විඳගැනීමට අවකාශ තබමින් ඉතිරිව සිටින පින්වන්තයන්ට විමුක්තිය දැක්වීම පමණක් ඉදිරි ගමනේ ආධ්‍යාශය කරගනිමින් ජාතික කර්තව්‍යයට සමුදීමට තීරණය කළෙමි.
කැප කළ යුතු කොටස මා විසින් කැපකර අවසන් අතර, නුවණැත්තන්ගෙන් මා ලද සම්මාන මඳකට පසෙකින් තබමි.
මන්ද මා අනුවණයන්ගෙන් ලත් දුර්ලභ සම්මානය වඩාත්ම ප්‍රිය කරන බැවිනි.
ඔවුන්ගෙන් මා ලද සම්මානය ‍‘ජාතිවාදියා’ යන නම්බු නාමයයි. එය මා මේ ජීවිතයේ ලද වඩාත්ම ප්‍රිය කරන නම්බු නාමය වේ….’

–කිරුළපන ධම්මවිජය ස්වාමින්වහන්සේ

ඔය අස්සේ තිත්තගල්ලයි උමන්දාවයි හැප්පෙනවා අපි දකිනවා. ඊට පස්සේ මහමෙවුනාවයි උමන්දාවයි තව වෙලාවක දෙපැත්තට බෙදිලා ගැටුම් ඇතිකරගන්නවා, එකිනෙකාට විවේචන එල්ල කරමින් ඉන්නවා. මේ කිරුළපන ධම්මවිජය පොඩි හාමුදුරුවෝ උන්නු ගමන් ෆේස්බුක් එක හරහා මහා දේවල් කියමින් යනවා. යූටියුබ් හරහා සමාජයට දේවල් ඉදිරිපත් කරනවා. තව අපි දකිනවා සඟගිරි සෑයේ හාමුදුරුවෝ නම් කවුරුවත් එක්ක ගැටෙන්නවත්, රණ්ඩු කරන්නවත් යන්නේ නෑ. උන්වහන්සේ කරන්නේ උන්වහන්සේගේ වෙහෙර විහාර ගොඩනැගීම සහ ඒ සම්බන්ධ ජනතාව දැනුවත් කිරීම කරගෙන උන්වහන්සේ සාමාන්‍ය පරිදි කටයුතු කරගෙන යනවා. උන්වහන්සේත් මේ සමාජ මාධ්‍ය කියන එක තමයි පාවිච්චි කරමින් ඉන්නේ.

ඒ අස්සේ කොටුවේ පොඩි හාමුදුරුවෝ. උන්නැහැ නම් ඉතිං මොකක්ද කරන්නේ කියන එක අපිට පැහැදිලි නැහැ. මතක තියාගන්න අපි මේ කිසිවකුට චෝදනා කරනවා එහෙම නෙවෙයි. මොකද මහමෙවුනාව හෝ උමන්දාව වගේ තැන්වල සිදුවෙන කාර්යභාරයන්වලට අපි කිසිම චෝදනාවක් කරන්නේ නෑ. අපි නිතරම කියන දෙයක් තමයි උමන්දාවෙ පාට අරගෙන අපිට අපේ ජීවිත පාට කරගන්න පුළුවන්.

මිනිස්සු විදියට උමන්දාව ඇතුළේ තියෙන පාඩම ඉගෙනගන්න ඕනේ. මහමෙවුනාව කියන්නේ මිනිස්සුන්ට හික්මෙන්න පුළුවන්, නිවෙන්න පුළුවන් එක ක්‍රමවේදයක්. ඒක ඔබ තෝරාගන්නවා නම් අපි ඒකට චෝදනා කරන්නේ නෑ. හැබැයි අපේ හාමුදුරුවනේ ඔබවහන්සේලා සෝෂල් මීඩියා අස්සේ එකිනෙකාට ගහගන්න එපා. අපිට මේක ඇතුළේ පේන්නේ ආලවකලාව විතරයි. දමනය කරන්න බුදුහාමුදුරුවෝ වඩිනකන් බලාගෙන ඉන්න වෙනවා අපිට. මේක බුදුන් දවසේ නෑදෑයෝ ගඟ දෙපස සටන් කළා වගේ අපට පේන්නේ. දෙපැත්තට බෙදිලා ගහගන්න තැනක් නෙවෙයි මේක. සුර අසුර යුද්ධ නෙවෙයි මේ ඇතිවෙන්න ඕනෙ.

චූලෝදරයි මහෝදරයි මැණික් පුටුවට රණ්ඩු වුණාම බුදුහාමුදුරුවෝ අහසින් වැඩියා. හැබැයි අවාසනාවකට දැන් වඩින්න බුදුහාමුදුරුවෝ නෑ. එදා චූලෝදරලා මහෝදරලා රණ්ඩු කරනකොට ඒ සටන් බේරපු රාජකාරියයි අපි හාමුදුරුවන්ගෙන් බලාපොරොත්තු වෙන්නේ. ඒත් අද වෙලා තියෙන්නේ හාමුදුරුවරු චූලෝදරලා මහෝදරලා වගේ සටන් කරනවා. එතකොට මේ දෙගොල්ලෝ අතරට මැදිහත් වෙන්න බුදුරජාණන්වහන්සේ කෙනෙක් අපි කොහෙන්ද හොයාගන්නේ? ඒ නිසා ඔබවහන්සේලා මීට වඩා සමාජ මාධ්‍ය භාවිත කරද්දී කල්පනාකාරී වෙන්නත් ඕනෙ.

ඒවා ඉතාම නිර්මාණශීලීව භාවිත කරන්න දන්න භික්ෂුන්වහන්සේලා අපේ රටේ ඉන්නවා. ඒක හරිම වටිනවා. හැබැයි ඒක ඇතුළේ මම තමයි හොඳ, මගේ තමයි හොඳම එක, මගේ ක්‍රමය තමයි නියම කියලා එකිනෙකාට ගහමරාගෙන රණ්ඩු වෙලා චෝදනා කරලා අනෙක් මිනිස්සු වැරැදියි කියලා, භික්ෂුන්වහන්සේලාවම මේක ඇතුළේ විවේචනය කරන්න පාවිච්චි කරන්න එපා. යම් යම් අවස්ථාවලදී යමාමහ පෙළහර පෑවා බුදුහාමුදුරුවෝ. හැබැයි උන්වහන්සේ යමාමහ පෙළහැර පෑවා කියලා ඔබවහන්සේලා ආලවකලා අංගුලිමාලලා වෙන්න එපා. ඒක තමයි අපි ඔබවහන්සේලාගෙන් ඉල්ලන්නේ. ඔබවහන්සේලා අමනාප වෙන්න එපා මේ කතාව මේ විදියට කිව්වට. අපි මේවා දිහා බලාගෙන ඉඳලා බැරිම තැනයි මේ විදියට කිව්වේ.

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

බයික් එකකින් ආපු දෙන්නෙක් පාර හරස් කොට බස් එකක් නවත්වලා බස් එක ඇතුළේ සිටි කාන්තාවකට වෙඩි තියලා යයි! හරියට ෆිල්ම් එකක වගේ! I Sri Lanka Latest News

Next Post

ආණ්ඩුවට 113 නැති වෙයි! ‌දේශීය ආදායම් පනතට ආණ්ඩුවෙන් ඡන්දය දීලා තිබ්බේ 103යි! I Sri Lanka Latest News

MORE NEWS

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

දෙපැත්තම යුද්ධය නතර කළා…! බොර තෙල් බැරලය බැස්සා! I Sri Lanka Latest News

සර්වපාක්ෂික ආණ්ඩු කතා කුඩේ කුඩු! මෙන්න පළමු දවසෙම ද්‍රවිඩ මන්ත්‍රී කෙනකුට කරපු පහත් වැඩේ! ඔන්න අහගන්න! බොරුව තේරුම් ගන්න! (VIDEO)
Exclusive

දෙමළ මුස්ලිම් පක්ෂ එකමුතුවේ සාකච්ඡාවට පාර්ලිමේන්තු කමිටු කාමරයක් දෙන්න කතානායකතුමා බෑ කියයි! ශානක්‍යයන් කේන්තියෙන් සාකච්ඡාවෙන් නැගිට යයි! උඩින් ආපු කෝල් එකකින් කාමරය ලෑස්ති කරයි! I Sri Lanka Latest News

සජබයත් වැඩේ අතාරින්නේ නෑ! අධිකරණයේ ස්වාධීනත්වයට අත නොතබනු! මහජන පෙත්සම කුරුණෑගලත් අත්සන් කළා! PHOTOS I Sri Lanka Latest News
Exclusive

සජබයත් වැඩේ අතාරින්නේ නෑ! අධිකරණයේ ස්වාධීනත්වයට අත නොතබනු! මහජන පෙත්සම කුරුණෑගලත් අත්සන් කළා! PHOTOS I Sri Lanka Latest News

මිල අඩුයි.. මිල අඩුයි කියලා හැම වෙලාවෙම රේඩියෝවල දැන්වීම් දාපු ‘කසාගල ග්‍රීන් සුපර්’ හාල් වැඩි මිලට විකුණපු එක උසාවියේදී පිළිගනී! ලක්ෂ 5ක දඩයක් ගහයි! I Sri Lanka Latest News
Exclusive

මිල අඩුයි.. මිල අඩුයි කියලා හැම වෙලාවෙම රේඩියෝවල දැන්වීම් දාපු ‘කසාගල ග්‍රීන් සුපර්’ හාල් වැඩි මිලට විකුණපු එක උසාවියේදී පිළිගනී! ලක්ෂ 5ක දඩයක් ගහයි! I Sri Lanka Latest News

දේවාලයේ බැංකු ගිණුම පෞද්ගලික ගිණුමක් නොව පොදු අරමුදලක්! දෙවිනුවර ශ්‍රී විෂ්ණු දේවාලයේ බැංකු ගිණුම ගැන අභියාචනාධිකරණයෙන් තීන්දුවක්! බස්නායක නිළමේ ගැනත් තීන්දුවේ විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News
Exclusive

කංජිපානිගේ සද්දෙට දෙවිනුවර දේවාලයේ බස්නායක නිළමේ බය නොවෙයි! පොලිස්පතිවරයා පෙරහරේ කාවඩි නැටුම් තහනම් කළත් නිළමේවරයා කාවඩි කණ්ඩායම් 25කට නටන්න අවසර දෙමින් නිවේදනයක් නිකුත් කරයි! I Sri Lanka Latest News

අගවිනිසුරුගේ සහ උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම කාලය දීර්ඝ කිරීමේ යෝජනාවට දිසා විනිසුරුවන් මහේස්ත්‍රාත්වරුන් ඇතුළත් අධිකරණ සේවා සංගමය ඒකමතිකව විරුද්ධ වෙයි! ඡන්ද විමසුමේදී ආපු 65ම විරුද්ධව ඡන්දය දීලා! Sri Lanka Latest News
Exclusive

කලින් ඒකමතිකව යෝජනාවකුත් සම්මත කළා! විශාල අවුලක්! විනිසුරුවරුත් ඉන්න අධිකරණ සේවා සංගමය විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට දැඩි විරෝධය පළ කරමින් අධිකරණ ඇමැතිට ලියුමක් යවයි! I Sri Lanka Latest News

Load More
රාගම ශාන්ත අන්තෝනි පෙරපාසලේ වාර්ෂික සිඟිති ක්‍රීඩා උත්සවය – 2026 හරසරින් පැවැත්වෙයි! Sri Lanka Latest News
Uncategorized

රාගම ශාන්ත අන්තෝනි පෙරපාසලේ වාර්ෂික සිඟිති ක්‍රීඩා උත්සවය – 2026 හරසරින් පැවැත්වෙයි! Sri Lanka Latest News

රාගම ශාන්ත අන්තෝනි පෙරපාසලේ ( RAGAMA ST. ANTHONYS PRE SCHOOL ) වාර්ෂික සිඟිති ක්‍රීඩා උළෙල - 2026 , පසුගියදා උත්සවාකාරයෙන්...

Read more
ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

දෙපැත්තම යුද්ධය නතර කළා…! බොර තෙල් බැරලය බැස්සා! I Sri Lanka Latest News

සර්වපාක්ෂික ආණ්ඩු කතා කුඩේ කුඩු! මෙන්න පළමු දවසෙම ද්‍රවිඩ මන්ත්‍රී කෙනකුට කරපු පහත් වැඩේ! ඔන්න අහගන්න! බොරුව තේරුම් ගන්න! (VIDEO)

දෙමළ මුස්ලිම් පක්ෂ එකමුතුවේ සාකච්ඡාවට පාර්ලිමේන්තු කමිටු කාමරයක් දෙන්න කතානායකතුමා බෑ කියයි! ශානක්‍යයන් කේන්තියෙන් සාකච්ඡාවෙන් නැගිට යයි! උඩින් ආපු කෝල් එකකින් කාමරය ලෑස්ති කරයි! I Sri Lanka Latest News

සජබයත් වැඩේ අතාරින්නේ නෑ! අධිකරණයේ ස්වාධීනත්වයට අත නොතබනු! මහජන පෙත්සම කුරුණෑගලත් අත්සන් කළා! PHOTOS I Sri Lanka Latest News

සජබයත් වැඩේ අතාරින්නේ නෑ! අධිකරණයේ ස්වාධීනත්වයට අත නොතබනු! මහජන පෙත්සම කුරුණෑගලත් අත්සන් කළා! PHOTOS I Sri Lanka Latest News

මිල අඩුයි.. මිල අඩුයි කියලා හැම වෙලාවෙම රේඩියෝවල දැන්වීම් දාපු ‘කසාගල ග්‍රීන් සුපර්’ හාල් වැඩි මිලට විකුණපු එක උසාවියේදී පිළිගනී! ලක්ෂ 5ක දඩයක් ගහයි! I Sri Lanka Latest News

මිල අඩුයි.. මිල අඩුයි කියලා හැම වෙලාවෙම රේඩියෝවල දැන්වීම් දාපු ‘කසාගල ග්‍රීන් සුපර්’ හාල් වැඩි මිලට විකුණපු එක උසාවියේදී පිළිගනී! ලක්ෂ 5ක දඩයක් ගහයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.