• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මහින්දානන්ද ටොප් ටෙන් VS
මරික්කාර් ෆේල් ටොප් ටෙන්

July 14, 2021
in Exclusive, News
Reading Time: 4 mins read
A A
මහින්දානන්ද ටොප් ටෙන් VS මරික්කාර් ෆේල් ටොප් ටෙන්
Share on WhatsAppShare on Facebook

ටොප් 10, ටොප් 20, ටොප් 40 යන වචන බොහෝ දුරට අප අසා තිබුණේ විද්‍යුත් මාධ්‍ය වැඩසටහන් හරහාය. සතියේ ජනප්‍රිය ගීත වැඩවැඩසටහන් සඳහා එවැනි නම් යොදාගැනීමට මාධ්‍ය ආයතනය ආරම්භයේ සිටම කටයුතු කර ඇත. නමුත් දැන් එම වචන දේශපාලනයේදී ද ඇසෙන්නට පටන් ගෙන ඇත.

පසුගිය දා පැවැති මාධ්‍ය හමුවකදී සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා ආණ්ඩුවේ “ෆේල් ටොප් ටෙන්” නමින් අපූරු ලැයිස්තුවක් පිළිබඳ හෙළිදරව් කර තිබිණි.

මරික්කාර් මහතාට අනුව “ෆේල් ටොප් ටෙන්” ලැයිස්තුවේ පළමු තැන ගන්නේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාය. වැඩ කරන රටක් නිර්මාණය කරන බව පවසා පරාජිත රටක් නිර්මාණය කිරීම එතුමා මෙම ලැයිස්තුවේ පළමු තැන ගැනීමට හේතුව ලෙස මරික්කාර් මහතා පැවසුවේය.

මෙහි දෙවැනි තැන ගන්නේ හිටපු මුදල් ඇමති අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාය. සෞභාග්‍යයේ දැක්ම හරහා ලෝකයේ දියුණුම ආර්ථිකය ඇති රටක් බවට ලංකාව පත් කරන බව පවසා, රුපියලේ අගය බිංදුවටම පහත හෙලා රටේ ආර්ථිකය බිඳවැටීමට කටයුතු කිරීමත්, රටේ ණය බර වැඩිකිරීමත් නිසා එතුමාට දෙවැනි තැන ලැබී ඇත. තවදුරටත් කරුණු දැක්වූ මරික්කාර් පැවැසුවේ මහ බැංකු වංචාකරුවන් ඇල්ලීම පසෙක ලා ඔවුන්ට අයිති මෙන්ඩිස් මත්පැන් කර්මාන්ත ශාලාව යළි ආරම්භ කිරීමට ඉඩ දීමෙන් මහින්ද රාජපක්ෂ මහතා රටේ ආර්ථිකය සම්පූර්ණවම විනාශ කළ බවයි.

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් අගාධයටම ගෙන යාමත්, මෙරට ක්‍රීඩාවේ අනාගතය අඳුරුතම යුගයක් කරා රැගෙන යාමත් නිසා ෆෙල් ටොප් ටෙන් අතර තුන්වැනි තැන ලෙස ක්‍රීඩා ඇමැති නාමල් රාජපක්ෂ මහතා නම් කර තිබිණි. මරික්කාර් මහතා පැවසුවේ ක්‍රීඩාවකින් ආඩම්බර විය හැකි කිසිවක් මෙරට ඉතිරිව නොමැති බවයි.

ලැයිස්තුවේ සිව්වැනි තැන ලෙස මරික්කාර් විසින් නම් කෙරුණේ සෞඛ්‍ය ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මියයි. මුට්ටි සහ පැණි පසුපස රට ගෙන යමින් කොරෝනා එන්නත් ගෙන ඒම ප්‍රමාද කර රටම කොරෝනාවේ ගොදුරක් බවට පත් කිරීමත්, වර්තමානයේ මෙරට පන්සල්, පල්ලි, කෝවිල් පවා වසා තිබියදී ස්පා ආයතන විවෘතව තැබීමත් එතුමිය ෆෙල් වීමට හේතු ලෙස මරික්කාර් මහතා පැවැසුවේය.

සෞභාග්‍යයේ දැක්ම හරහා ජාතික පාසල් දාහක් ඇති කරන බවට පවසා මෑතක් වන තුරුම ජාතික පාසල් ගැසට් කරගැනීමටවත් අසමත් වූ අධ්‍යාපන ඇමති ජී.එල්. පීරිස් මහතා “ෆේල් ටොප් ටෙන්” අතර පස්වැනි තැනට නම් කර තිබිණි. ඔන්ලයින් අධ්‍යාපනය නිසා අද මෙරට දුෂ්කර ගම් පළාත්වල සිට කොළඹ අග නගරය දක්වාම දුප්පත් මව්පියන්ගේ දරුවන්ට අවුරුද්දක් මුළුල්ලේ අධ්‍යාපනය අහිමි කරවීමත්, ඒ දරුවන්ගේ අනාගතය අඳුරු කිරීමත් නිසා අධ්‍යාපන ඇමැති ෆේල් බව මරික්කාර් මහතා පැවසුවේය.

තමන් කෘෂිකර්ම ඇමැතිව සිටින තෙක් එක හාල් ඇටයක්වත් පිටරටින් ගෙන ඒමට ඉඩ නොදෙන බවට කයිවාරු ගසා, අද මෙරට ගොවීන්ට පොහොර අර්බුදයක් නිර්මාණය කළ නිසා මහින්දානන්ද අලුත්ගමගේ මහතා මරික්කාර් මහතාගේ ලැයිස්තුවේ සයවැනි තැන ගෙන ඇත. ක්‍රමානුකූලව කාබනික වගාව හඳුන්වා නොදී, අකාර්යක්ෂම කළමනාකරන හැකියාවන් ප්‍රදර්ශනය කරමින් මෙරට ගොවීන් අතර පොහොර අර්බුදයක් ඇති කිරීම නිසා රටේ නිශ්පාදනය අඩු වෙමින් පවතින බවත් කෘෂිකර්ම ඇමැතිතුමා රට අහාර අර්බුදයක් කරා මෙහෙයවන බවත් මරික්කාර් මහතා පැවසීය.

“ෆෙල් ටොප් ටෙන්” ලැයිස්තුවේ හත්වැනි තැනට පත්වන්නේ බන්දුල ගුණවර්ධන මහතාය. එතුමා වෙළෙඳ ඇමැති වූදා සිට මෙරට හාල්, එළවළු, පොල් ආදී මෙකී නොකී සියලු ආහාර ද්‍රව්‍යවල මිල දෙතුන් ගුණයකින් ඉහළ දැමූ බවත්, ජනතාවට ලැබෙන ආදායමෙන් තුන්වේල කෑමට නොහැකි තත්ත්වයක් උදාකර ඇති බවත්, ඉන් නොනැවතී කළු සල්ලි ලංකාවට රැගෙන ඒමට ලෑස්ති වන බවත් මරික්කාර් සඳහන් කළේය.

එතුමාට අනුව ලැයිස්තුවේ අටවැනි තැන ගන්නේ අමාත්‍ය උදය ගම්මන්පිල මහතාය. පසුගිය වසරේ පෙබරවාරියේදී තෙල් බැරලයක මිල ඩොලර් දාහතකට පහත වැටුණු මොහොතේ පවා මෙරට තෙල් මිල අඩු නොකරීමටත්, එම වසර පුරා අඩුවුණු තෙල් මිලේ වාසි ජනතාවට ලබා නොදීමටත්, තෙල් මිල යම් ප්‍රමාණයකින් වැඩිවුණු අවස්ථාවේ තිබුණු මිලටම තෙල් ලබාදීමේ හැකියාව තිබියදීත් තෙල් මිල වැඩි කිරීමටත්, ඒ හරහා ප්‍රවාහන ගාස්තු ඇතුළු සියලු අත්‍යවශ්‍ය ද්‍රව්‍යවල මිල වැඩි කිරීමටත් වගඋත්තරකරුවා ඇමැති ගම්මන්පිල බව මරික්කාර් මහතා පැවැසීය.

ශ්‍රේෂ්ඨ උගතෙකු වූ හිටපු වරාය ඇමැති ලලිත් ඇතුලත්මුදලි මගතා වැනි පුද්ගලයින් මෙරට වරාය ලෝකයේ ඉහළම ස්ථානයකට ගෙන ආ නමුත් වත්මන් රජය පැමිණීමට පසු මෙරට මුහුදු සීමාවේදී නැව් දෙකක් ගිනි ගත් බවත්, ඒ නැව් වලින් ලැබෙන ඩොලර්වලින් මෙරට ආර්ථිකය ගොඩනැගීමට හැකි බව කියන වර්තමාන වරාය ඇමැති ෆේල් ටොප් ටෙන් ලැයිස්තුවේ නම වැනි තැනට පත් වන බවත් මරික්කාර් මහතා පැවසුවේය.

එතුමා විසින් මෙම ලැයිස්තුවේ දසවැනි තැනට නම් කෙරෙන්නේ සරත් වීරසේකර මැතිතුමාගේ නමයි. මෙම ආණ්ඩුව බලයට ඒමට ප්‍රධාන හේතුවක් වූයේ පාස්කු ප්‍රහාරය බවත්, තවමත් ඒ ප්‍රහාරකයන්ට දඬුවම් ලැබී තිබේද යන්න ප්‍රශ්නසහගත බවත්, රැගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳ සෑහීමකට පත්විය නොහැකි බවත් මරික්කාර් පැවසුවේය. ඔහු තවදුරටත් පැවැසුවේ සරත් වීරසේකර මහතා නිරෝධායනයට යන බස් රථයක් හැරවූ බවට ප්‍රචාරය වූවා මිස මත්කුඩු මත්ද්‍රව්‍ය වැටලීම සිදුකර නැති බවත්, පාස්කු ප්‍රහාරකයන් අල්ලා දඬුවම් දී නැති බවත්ය. අවසානයේ මරික්කාර් මහතා පැවැසුවේ මෙම “ෆේල් ටොප් ටෙන්” ලැයිස්තුවෙන් පෙනී යන්නේ සමස්ත ආණ්ඩුවම ෆේල් බවය.

එස්.එම්. මරික්කාර් මහතාගේ “ෆේල් ටොප් ටෙන්” ගැන අවධානය යොමුකිරීමේදී අපේ මතකය දිවයන්නේ මීට වසර කිහිපයකට පෙර යහපාලන ආණ්ඩු සමයේදී එවකට විපක්ෂය ගෙන ආ “ටොප් ටෙන් හොරු” ලැයිස්තුව පිළිබඳවය. එම ලැයිස්තුව සකස් කිරීම සඳහා මූලිකත්වය ගෙන කටයුතු කළේ අද ෆේල් ටොප් 10 ලැයිස්තුවේ සයවැනි තැනට නම් කර ඇති මහින්දානන්ද අලුත්ගමගේ මහතා වීමද විශේෂත්වයකි. “යහපාලන ටොප් ටෙන් කම්බා හොරු” නමින් අලුත්ගමගේ මහතා ග්‍රන්ථයක්ද එළිදැක්වීය.

එහ පළමු පිටපත අලුත්ගමගේ මහතා ලබාදෙනු ලැබූයේ වර්තමාන අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙතටය. එවකට යහපාලන ආණ්ඩුවේ මැති ඇමැතිවරුන් සිදුකරන ලද මිලියන 1,500කට ආසන්න මහජන මුදල් මංකොල්ලයන් පිළිබඳ තොරතුරු එම ග්‍රන්ථයේ අඩංගුවන බව එම අවස්ථාවේදී අලුත්ගමගේ මහතා ප්‍රකාශ කළේය. එමෙන්ම වසර දෙකහමාරක කාලය තුළ මූල්‍ය අපරාධ විමර්ශන අංශයට ඉදිරිපත් කළ පැමිණිලි පිළිබඳවත්, එම පැමිණිලි එහිදී විභාග නොකිරීම හේතුවෙන් ඒ පිළිබඳ මහජනතාව දැනුවත් කිරීම තම ප්‍රධාන අරමුණ බවත් අලුත්ගමගේ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

අලුත්ගමගේ මහතාගේ ලැයිස්තුවේ ඇතුළත් වූ මැති ඇමැතිවරුන් කවුරුන්ද යන්න පිළිබඳ විවිධ මතවාද ඒ දිනවල පැතිරුණත්, එම නම් නිල වශයෙන් ප්‍රකාශයට පත්වූයේ නැත. ජනතාවගේ දැනගැනීමට යයි ඉදිරිපත් කළ ග්‍රන්ථය කිසිවකුට දැකගැනීමට ලැබුණේද නැත. එමෙන්ම එම මූල්‍ය වංචා පිළිබඳ තම රජයක් යටතේ නීතිමය පියවර ගැනීමට කිසිදු උත්සාහයක් අලුත්ගමගේ ඇමැතිවරයා ගන්නා බවක්ද පෙනෙන්නට නැත.

විපක්ෂයේ මන්ත්‍රීවරයකු අලුත්ගමගේ මහතාව රජයේ ටොප් ෆේල් ලැයිස්තුවේ හයවැනි තැනට නම් කර ඇත්තේ ඒ අතරතුරේය. තමන් ෆේල්ද නැද්ද, යන්න සම්බන්ධයෙන් ඕනෑම කෙනකුට පෞද්ගලිකව අදහස් දැක්විය හැක. නමුත් ජනතාවට වගකිව යුතු ඇමැතිවරයෙකු ෆේල්ද නැද්ද කියා විමසිය යුත්තේ ජනතාවගෙනි. එබැවින් මහින්දානන්ද අලුත්ගමගේ ඇමැතිවරයා ෆේල් ටොප් ටෙන් ලැයිස්තුවට ඇතුළත් කළ යුතුද නැද්ද යන්නට ජනතාව සාක්ෂි සපයනු ඇත. එමෙන්ම ඊට පෙර තමන් සකස් කළ ටොප් ටෙන් කම්බා හොරු ලැයිස්තුවට කුමක් සිදුවූයේදැයි යන්න ප්‍රකාශ කිරීම මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ වගකීමය.

–චන්දන පොන්නම්පෙරුම

SendShareShare
Previous Post

නැවක් නිසා රටම විනාශ වුණා: රෝහිත හොඳටම ඇනගෙන…
දයාසිරිගෙන් තවත් ප්‍රහාරයක්!

Next Post

සීමා පැන්නොත් නැවතත් රටටම සංචරණ සීමා!

MORE NEWS

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News
Exclusive

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.