එයාර් බස් ගනුදෙනුව සම්බන්ධයෙන් සිදුකරමින් පවතින විමර්ශනයට අදාළව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, හිටපු ගුවන් සේවා ඇමැති ප්‍රියංකර ජයරත්න හා විලී ගමගේ නමැති අයගෙන් ප්‍රකාශ ලබාගැනීම සඳහා ඔවුන් අල්ලස් කොමිසම වෙත කැඳවීමට පියවර ගෙන ඇත.Sri Lanka Latest News
ඒ අනුව, ලබන අඟහරුවාදා (12) හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අල්ලස් කොමිසම වෙත පැමිණ ප්‍රකාශයක් ලබාදීමට නියමිත බව වාර්තා වේ.
කෙසේ වෙතත් එදිනට මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් අල්ලස් කොමිසම ඉදිරියට විශාල පිරිසක් කැඳවීමට පොහොට්ටුව කටයුතු යොදා ඇති බවක්ද දැනගන්නට තිබේ.










