සමන්තුරේ නගර සභාවේ සහ කල්මුණේ ප්‍රාදේශ සභාවේ මැතිවරණ වහාම පැවැත්වීමට පියවර ගන්නා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය මැතිවරණ කොමිසමට නියෝග කොට තිබේ.Sri Lanka Latest News
සමන්තුරේ නගර සභාවේ සීමා නිර්ණයන් පිළිබඳ කටයුතු වහාම අරඹන ලෙස පළාත් පාලන අමාත්‍යවරයාට නියෝග කළ ශ්‍රේෂ්ඨාධිකරණය කල්මුණේ ප්‍රාදේශීය සභාව සහ සමන්තුරේ නගර සභා සම්බන්ධ සීමා නිර්ණ කටයුතු අවසන් වීමෙන් පසු එම ප්‍රදේශ ගැසට් නිවේදනයන් මගින් ප්‍රකාශයට පත්කරන ලෙස ජනාධිපතිවරයාට නියෝග කරනු ලැබීය.
සමන්තුරේ ප්‍රදේශයේ පදිංචි ඡන්දදායකයන් දෙදෙනෙක් විසින් ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට ගෙන තීන්දුව ප්‍රකාශයට පත් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය එසේ නියෝග කොට තිබිණි.
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන ජනක් ද සිල්වා, ප්‍රියන්ත ප්‍රනාන්දු සහ සම්පත් අභයකෝන් යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඬුල්ලක් හමුවේ පෙත්සම විභාග කරනු ලැබීය.










