• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කොලයක් හෙව්වා පාර පුරා I Sri Lanka Latest News

July 2, 2023
in Exclusive, Holiday, News
Reading Time: 4 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ලෝකෙ ඕනෙම රටකට ගිහිල්ලා ඒ රටේ ජීවත් වෙන්නත් නීත්‍යනුකූල ක්‍රම තියෙනවනේ. ඒ නීති රටෙන් රටට වෙනස් වෙනවා. සාමාන්‍යයෙන් වෙනත් රටකට යන්න වීසා ලබාගැනීම අනිවාර්යයි. ඒ ඒ රටවල ජීවත් වෙන්න හෝ රැකියා කරන්න ලබාගත යුතු බලපත්‍ර විවිධාකාරයේ ඒවා වෙන්න පුළුවන්.(Sri Lanka Latest News)

ඒත් ඉතාලියේ ඔය කතාව වෙනස්. ඉතාලියේ ජීවත් වෙන්න හෝ රැකියාවක් කරන්න නම් තියෙන්න ඕනේ කොළයක්. කොලේ කිව්ව ගමන් ඉතාලිය ගැන දන්න ඕනෙම කෙනෙක් ඒ ගැන දන්නවා. ‘කොළයක් සෙව්වා පාර පුරා’ කියලා ලංකාවේ සින්දුවකුත් තියෙන්නේ. මං දන්න තරමින් එවැනි බලපත්‍ර සඳහා කොළේ කියන නම භාවිත කරන්නේ ඉතාලියේදී විතරයි.

අතීතයේදී ඉතාලියට පැමිණෙන පුද්ගලයන්ට එරට රැඳී සිටීම සඳහා බලපත්‍රය ලබාදීලා තියෙන්නේ කොළයක. ඒ කොළේ තමයි සියලු තොරතුරු සඳහන් වෙලා තියෙන්නේ.

මේ කොල කතාව භාවිතයට ඇවිත් තියෙන්නේ ඒ හරහා. Permesso di soggiorno කියන ඉතාලියේ දීර්ඝකාලීනව රැඳීසිටීම සඳහා ලබාදෙන බලපත්‍රය වර්තමානයේ ඩිජිටල් කාඩ්පතක් බවට පත්වෙලා.

ඒත් අපේ අය තාමත් ඒකට කොළේ කියන එක වෙනස් කරලා නෑ. ඒ වගේ තමයි ඉතාලියේ අනවසරයෙන් ඉන්න බොහෝ දෙනා බලන් ඉන්නේ කොළයක් එනකම්. ඒකට කොළ නීතිය කියලත් කියනවා. ඉතාලියේ කොළයක් එනවා කියන එක ගැන ලංකාවේ බොහෝ දෙනකුත් උනන්දුයි. ඒ හින්දමද කොහෙද ළඟදී කොළයක් එනවා කියන කටකතාව ඉතාලියේ අපේ අය අතර බොහොම ජනප්‍රියයි.

ඉතාලිය තුළ නීත්‍යනුකූල නොවන ආකාරයෙන් රැඳී සිටින විදේශිකයන්ට නීත්‍යනුකූල තත්ත්වයට පත්වෙන්න ලබාදෙන අවසරය තමයි මේ කොළේ එනවා, කොල නීතිය එනවා කියන්නේ. අවසන් වතාවට එහෙම නීතියක් ඇවිත් තියෙන්නේ 2020 වසරේ. ඊට කලින් කොල නීතිය ඇවිත් තියෙන්නේ 2012 වසරේ. ලෝකයේ එවැනි ආකාරයේ නීති ක්‍රියාත්මක වෙන එකම රටත් ඉතාලිය. ඉතාලියට සංක්‍රමණිකයන් බහුලව පැමිණෙන්න ඒකත් එක හේතුවක් වෙලා තියෙනවා.

මේ කොල නීති ගැන කතාකරද්දී අමතක කරන්නම බැරි චරිතයක් තමයි ඉතාලියේ හිටපු අගමැති සිල්වියෝ බර්ල්ස්කෝනි. සිවුවරක් ඉතාලියේ අග්‍රාමාත්‍ය ධුරය දැරූ ඔහු මේ මාසේ මුල් සතියේදී මෙලොවින් සමුගත්තා. බර්ල්ස්කෝනි කියන නම ලෝකයේ බොහෝ දෙනා අතර ජනප්‍රිය ඔහු සහ කාන්තාවන් ඈඳුණු විවිධ කතන්දර නිසා. ඒත් විදෙස් සංක්‍රමණිකයන්ට නීත්‍යනුකූල වීම සඳහා වැඩිම අවස්ථා ලබාදුන්, එහෙම නැත්නම් වැඩිම කොල නීති ගණනක් ලබාදුන් අගමැතිවරයෙක් ලෙස ඔහුව හඳුන්වන්න පුළුවන්.

කොලේ තීනවද, කොලේකට ආවේ, කොලේකට එන්න විදියක් නැද්ද, කොලේ ඉවර වෙන්නේ කවදද, කොලේ කඩාගන්න එපා, කොලේ අලුත් කරන්න ඕනේ, කොලේ තැපැල් කරන්න ඕනේ, වගේ කොලේ එක්ක සම්බන්ධ කතා ගොඩක් ඉතාලියේ අපේ අයගෙන් නිතර ඇහෙනවා.

කොල සම්බන්ධයෙන් කතාකරද්දී අමතක කරන්නම බැරි තව එකක් තමයි කොට කොලේ. මොකද ලංකාවේ ගුවන් තොටුපොළ නිලධාරීන් පවා මේ කොට කොලේ ඒ නමින්ම දන්නවා. ඉතාලියේ රැඳවුම් බලපත්‍රය අලුත් කිරීමේ ක්‍රමවේදය සිද්ධ වෙන්නේ තැපැල් කාර්යාල හරහා. ඒක තමයි මූලික පියවර. ඒ වැඩකටයුතු අවසන් වෙලා නව බලපත්‍රය එන්න ටික කාලයක් යනවා.

ඒ ලියකියවිලි තැපැල් කිරීමෙන් පසු තැපැල් කාර්යාලයෙන් ඒ බව සනාථ කළ ලියවිල්ලක් ලබාදෙනවා. ඒ ලියවිල්ල තමයි නව බලපත්‍රය එනතුරු ඉතාලිය තුළ රැඳීසිටීමේ තාවකාලික බලපත්‍රය වෙන්නේ. අපේ අය කොට කොලේ කියලා කියන්නේ අන්න ඒකට.

ඒ ලියවිල්ලෙන් ඉතාලියෙන් පිටවෙලා තමන්ගේ ගම් රටවල් බලා ගිහින් එන්න වුණත් පුළුවන්. එහෙම ලංකාවට ආවම ලංකාවේ ගුවන් තොටුපොළ නිලධාරීන් පවා කෙළින්ම අහන්නේ ‘කොට කොලේ තියෙනවද?’ කියලා.

ඒ හින්දා කොට කොලේ ගැන නොකියා කොල ගැන කතාකරලා වැඩක් නැහැ. ඊට අමතරව සුදු කොල, කහ කොල වගේ තාවකාලික බලපත්‍රත් ඉතාලියේ තියෙනවා. මොන බලපත්‍රය වුණත් ඒ ඔක්කොම කොල වීම තමයි මෙහි තියෙන විශේෂත්වය.

ඉතාලියේ අපේ අය භාවිත කරන තවත් විශේෂ වචන බොහොමයක් තියෙනවා. ඒ ගැන ආයේ දවසක කතා කරමු. කොලේකට හරි නැතුව හරි, ඇවිත් කොලේ හදාගන්න බලාගෙන හරි ඉතාලියට එන බොහෝ දෙනකුගේ මූලික අරමුණ රැකියාවක්නේ. ඒ හින්දා රැකියා සම්බන්ධ විශේෂ වචන දෙකකුත් කියලම අද කතාව නවත්තන්නම්. මෙහේ බොහෝ දෙනෙක් කරන්නේ ජොබ්වලට නගින බහින එක.

ඒ කියන්නේ කතාවට. ‘පරණ එකෙන් බැහැලා අලුත් ජොබ් එකකට නැග්ගා’ වගේ කතා මෙහෙදී රැකියාව සම්බන්ධයෙන් ඇහෙන්නේ. ජොබ් එකකට යන්න බලාගෙන නෙවෙයි ජොබ් එකකට නගින්න බලාගෙන තමයි ඉතාලි එන්න ඕනේ.

ජීවිත කාලෙම උපයපු සියල්ලම විකුණලා හරි කොලේකට ඉතාලි එන්න ලංකාවේ බොහෝ දෙනෙක් මේ වෙද්දී සිහින දකිනවා.

විවිධ උත්සාහ ගන්නවා. ඒ අතරේ ඉතාලියේ අපේ අය ඉතාලිය අතැරලා වෙනත් රටවලට යන්නත් උත්සාහ කරනවා. ඒ ප්‍රවණතාව දැන් පෙරට වඩා වැඩියි කියන එකයි බොහෝ දෙනාගේ අදහස.

චන්දන පොන්නම්පෙරුම

SendShareShare
Previous Post

දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම ගැන වචනයක්වත් කිව්වෙත් නෑ! කථික ලයිස්තුවේ නම තිබිලත් ඡන්දෙට ආවෙත් නෑ! අනුර ගැන වෘත්තීය සමිතිවලට ලොකු ප්‍රශ්නයක්! ‍I Sri Lanka Latest News

Next Post

ප්‍රජාතන්ත්‍ර විරෝධියි! සම්ප්‍රදායට ගැලපෙන්නේ නෑ! මගේ පාර්ලිමේන්තු ජීවිතයේ පළවෙනි වතාවටයි කතා ලයිස්තුව ඉතුරු වෙලා තියෙද්දි මෙහෙම දෙයක් කළේ! විමලුත් කතානායකට හොඳටම කියයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.