• About us
  • Contact us
Saturday, June 13, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

බෙග් මාස්ටර් ඉකි ගගහා ඇඬුවා… තිස්ස මහා කලකිරීමකට පත් වුණා… මමත් මහ පාරට වැටෙයිද දන්නෙ නෑ… සිංහල සිනමාවේ හංස විල මේ කියන කතාව අහගන්න I Sri Lanka Latest News

January 7, 2024
in Exclusive, News
Reading Time: 7 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මීට අවුරුදු ගානකට කලින් තවත් විදියකට කියනවා නම් 1980 අවුරුද්දේ අගභාගයේදී රූපවාහිනී කතිකාවකට ආව මොහිදීන් බෙග් සිය කතාව අතරතුරදී ඉකි ගගහා අඬන්න ගත්තා. ඇඬිල්ලට හේතුව වුණේ කලා ශිල්පියකු ලෙස තමා කළ මෙහෙවරට නිසි සැලකිල්ලක් ලැබුණේ නැති කාරණයයි.(Sri Lanka Latest News)

‘ඉස්ලාම් ලබ්ධිකයෙක් වෙලත් මම වැඩිපුරම කිව්වේ බෞද්ධ ගීත. එදා ඉඳලම අදටත් වෙසක් උත්සවයට පන්සලක දන්සලක එහෙමත් නැත්නම් මොකක් හෝ බෞද්ධ උත්සවයකදී මහ හඬින් ඇහෙන්නේ මම කියපු ඒ සින්දු. ඒත් ඉතින් කියන්න කනගාටුයි. මට ඒ වෙනුවෙන් මේ රටෙන් ලැබුණු කිසිම දෙයක් නැහැ. පාරට ඉඩ ඕනෑය කියලා පාර අයිනේ තිබුණු අපේ මහ ගෙදර ඉඩමෙනුත් කොටසක් ආණ්ඩුවෙන් ගත්තා.

මට ඒකට සාධාරණයක් ලැබුණෙත් නැහැ. සින්දු කියන්න බැරිවුණු දාට කලාකාරයන්ට කියලා ගෙවීමකුත් නැහැ. අපි උන්නද මැරුණද කියලා කවුරුවත් හොයලා බලන්නෙත් නැහැ. ඇයි ලංකාවේ කලාකාරයන්ට මෙහෙම වෙන්නේ? මං වගේ බෞද්ධ ගීත වැඩිපුරම කියපු මුස්ලිම් මනුස්සයෙක් ගැනවත් සැලකිල්ලක් දක්වන්න හිතන්නෙ නැත්තේ ඇයි කියන එක ගැන මට හරි කනගාටුයි…’

වචනවලින් කියනවා නම් බෙග් මාස්ටර්ගේ දුක්බර ප්‍රකාශය සටහන් වෙන්නේ ඒ විදියටයි. ඉන් පස්සේ බෙග් මාස්ටර් ඉකි ගගහා අඬන්න ගත්තා. රූපවාහිනී මැදිරියේ හිටපු අය බිරන්තට්ටු වෙලා බලාගෙන හිටියා. එතකොටම එදා එතැන වැඩසටහන මෙහෙයවපු මාධ්‍යවේදියා,

‘ඔව්, මොහොතකට අපි කොමර්ෂල් බ්‍රේක් එකකට යන්නයි සූදානම’ කියලා ඒ සංවේදී අවස්ථාව දැන්වීම් කලාවේ නඩත්තුවකින් වසා දැමුවා.

ඒ විදියට ප්‍රසිද්ධියේ හඬාවැටුණේ බෙග් මාස්ටර් විතරද?

ඔව්, ඒ විදිය කාටත් පේන්න ජාතික රූපවාහිනී නාලිකාවක හඬාවැටුණේ බෙග් මාස්ටර් විතරයි. හැබැයි රහසේ හුදෙකලාව හඬාවැටෙමින් තම අසරණකම ලොවට හඬගා කියාගන්නට බැරි කලා ශීල්පීන් ඕනෑ තරම් අපේ රටේ සිටින බව කනගාටුවෙන් වුවද කිව යුතුව ඇත. ඒ අතර බොහොමයක් දෙනා මියයන්නේද ඉතා අසරණවය. තවත් අයගේ අවමඟුලට සහභාගි වන්නටවත් කිසිවකුට වෙලාවක් නැත. පත්තර කතිකාවට කතාකරපු වෙලාවේ ඊට අදාළ මාධ්‍යවේදිනියට කලකට ඉහත අතිශය ජනප්‍රියව සිටි කඩවසම් නළු තිස්ස විජේසුරේන්ද්‍ර අපූරු කතාවක් කියා තිබුණේය.

‘ඔබතුමීලා ඔබාලගේ පත්තරේ විකුණගන්න අපිව අදටත් මාර්කට් කරනවා. 1970 දශකයේ සිංහල සිනමාවට වසන්තය ගෙනාවේ අපි වගේ නළුවෝ. දින 100 නෙවෙයි 200, 300 පවා අපේ චිත්‍රපට එක දිගට දිව්වා. සුහද පැතුම, සුදු පරෙවියෝ චිත්‍රපටවල සින්දු අදටත් ජනප්‍රිය අපි කරපු ඒ ලස්සන රංගනය නිසයි. සිංහල සිනමාවට අපි ලොකු සේවයක් කළා. දැන් කාටත් අපිව අමතකයි. පෙන්ෂන් එකක්වත් නැති අපට ජීවත් වෙන්න මාර්ගයක් නැහැ.

අපි කනවා බොනවද අසනීපෙකට බේත් ගන්නවද කියලවත් මේ රටේ වගකිවයුත්තකු හොයා බලන්නේ නැහැ. ඒ හින්දා අපි අපේ කතාබහකින් පත්තර පිටුව රස කරවන්න කලින් ඔබතුමීලාවත් අපේ දුක හිතෙන මේ කතන්දරය ගැන වගකිව යුත්තන්ට දැනෙන විදියට පත්තරේට ආටිකල් එකක් කරන්න. මාත් එක්ක තරහා වෙන්න එපා. මම මේ කතා කරන්නේ ලොකු කලකිරීමකින්. අන්න ඒක තේරුම් ගන්න…’

ඒ, තිස්ස විජේසුරේන්ද්‍ර හද පතුලින් හඬමින් කී කතාවය. ජාත්‍යන්තර කීර්තියට පත් ප්‍රවීණ නිළි නීටා ප්‍රනාන්දුද ‘පාංශු’ සිනමා පටය වෙනුවෙන් තවත් ජාත්‍යන්තර සම්මානයක් දිනාගත් මොහොතේ ‘මව්රට’ පුවත්පතට සඳහන් කළේ දීර්ඝකාලීනව ශ්‍රී ලාංකේය කලා කෙතට මහඟු සේවයක් කළ කලාකරුවන් වෙනුවෙන් විශ්‍රාම වැටුපක්වත් රජයෙන් දෙනවා නම් හොඳයි කියලාය. ඇත්තටම ඒ කතාවෙහි කිසිම වරදක් නැත. මාස ගණනක මන්ත්‍රී ධුරයක් දැරූ අපේ නවක නිළි තරුවකට ආණ්ඩුවේ පෙන්ෂන් මුදල හිමිවෙනවා නම්, ප්‍රවීණ කලාකරුවන් දශක ගණනක් පුරා සිනමාවට වේදිකාවට සංගීතයට කළ සේවයට විශ්‍රාම වැටුපක් ලබාදීම අන්තිම සාධාරණය.

නමුත් ඒ සාධාරණය තවමත් ඉටුවන පාටක් නැත. එදා වගේම අදටත් අපේ කලාකරුවන් සිය වේදනාවන් මාධ්‍ය හරහා කියන්නට පෙළඹී ඇත්තේ ඒ නිසාය. ශ්‍රී ලාංකේය කලාකරුවන්ට මෙහෙම වෙන්නේ ඇයි?

‘ඒ ගැන කනගාටුවට පත්වීමෙන් පලක් නැහැ. ඒ අපේ රටේ හැටිය. අප උපන්න රටේ හැටිය…’

ඊයේ පෙරේදා දවසක එහෙම කිව්වේ අතිවිශිෂ්ට රංගනවේදී ධර්මසිරි බණ්ඩාරනායකයන්ය.

‘චිත්‍රපටයක් කරන්න මට ආරාධනා කරන්න කෙනෙක් නැහැ. මගේ ඒ ආසාව ඉටුකරන්න කෙනෙක් නැහැ. ඒ මම උපන්න රටේ හැටි. මගේ නිර්මාණකරණය මොන මට්ටමේද තියෙන්නේ කියන එක ගැන විනිශ්චය කරන්න මම කරපු චිත්‍රපට කිහිපය හොඳටම ඇති. ඒ චිත්‍රපට සතුටින් නැරඹූ දස දහස් ගණන් ඉන්නවා. ඒ දස දහස් ගණන අතරින් හෝ කිසිවකු ඇවිදින් චිත්‍රපටයක් කරමුද කියා මගෙන් ඇහුවේ නැහැ. චිත්‍රපටයක් කරන්න මට කීයක් හරි දෙන්නය කියලා කා ළඟවත් දණින් වැටෙන්නත් මට බැහැ. ඇත්තටම මෙය හරිම ශෝචනීය තත්ත්වයක්…’

ඒ, ධර්මසිරි බණ්ඩාරනායකගේ ශෝකාකූල ප්‍රකාශයයි. ධර්මසිරි බණ්ඩාරනායක කියන්නේ කවුද කියන එක ගැන මෙය කියවන ඔබට අලුතෙන් කියන්නට වුවමනා නැත. හංස විලෙන් පටන්ගත්ත ඔහුගේ සිනමා නිර්මාණ කලාවත්, ඒකා-අධිපතිගෙන් පටන්ගත් වේදිකා නිර්මාණ කලාවත්, බක්මහ දීගේ චිත්‍රපටයෙන් පටන්ගත් රංගන කලාවත් ගැන එය රසවිඳපු ප්‍රේක්ෂක පිරිසට නැවත නැවත අටුවා ටීකා කියන්නට වුවමනා නොවේ. වචන කිහිපයකින් කියනවා නම් ධර්මසිරි බණ්ඩාරනායක කියන්නේ අපේ රටට ජාතික වස්තුවකි. කිසිදු දේශපාලන පක්ෂයකට දරදිය ඇද්දේ නැති ඔහු හරි කෙළින්, වැරැද්ද නිවැරැද්ද කතා කළ කෙනෙකි. කිසිම බලවතකුට ගැතිකම් නොකළ අයෙකි. 69 ලක්ෂයේ මැතිවරණ ජයග්‍රහණයට උඩගෙඩි දුන් කලා කවයටද ඔහුගේ කිසිදුම ඇඟෑලුම්කමක් තිබුණේ නැත.

ඒ නිසාද ධර්මසිරි බණ්ඩාරනායකට බොහෝ වරප්‍රසාද අහිමිව ගියේ?

ඒක නම් කියන්නට දන්නේ නැත.

හැබැයි ශ්‍රී ලාංකේය සිනමාවට අනුපමේය සේවයක් කළ මේ කෘතහස්ත සිනමාකරුවා පසුගිය දවසක සමාජ ජාල වෙබ් අඩවියකට ගොඩවැදී කතා කළ විලාසය හරිම ශෝචනීයය. උස් නිර්මාණයක නියැලෙන්නට මහත් ආශාවකින් සිටින ඔහුට එකී ආශාව ඉටුකර ගැනීමට මුදල් නැත. ඒවාට මුදල් හදල් වියදම් කරන්නටද කිසිවකු නැත. නිර්මාණකරණය සඳහා තබා ජීවිතය ගැටගසා ගැනීමටවත් මේ සුවිශේෂ නිර්මාණකරුවාට වත්කමක් නැතිවා සේය.

‘මම හිතන විදියට මගේ සිනමාකරණය මෙයින් අවසානයි. මම දැන් ඔහේ පාඩුවේ ජීවත් වෙනවා. බඩගිනි වුණාම කනවා බොනවා. කන්න බොන්න නැති දවසට කාගෙන් හරි කන්න මොනවා හරි පොඩ්ඩක් දෙන්න පුළුවන්ද කියලා ඉල්ලා ගන්නවා.

හොඳ නිර්මාණයන්ට දායක වූ නිර්මාණකරුවකු වූ මට මෙහෙම වුණේ ඇයි කියලා මේ තත්ත්වයට වැටුණේ ඇයි කියලා මම දුක් වෙන්නේ නැහැ. ඒ මොකද, මම ආයෙමත් කියන්නේ මේ මම උපන්න රටේ හැටි. මේ පණිවුඩය මේ රටේ හැමෝටම කිව යුතුයි. ඔබ කරන මේ මාධ්‍යය ඔස්සේ මෙය රටට හඬගා කියන්නට පුළුවන් නම් හොඳයි…’

ධර්මසිරි බණ්ඩාරනායක බොහොම සංවේදී විදියට එහෙම කීවේ,

‘නිර්මාණකරණයෙන් ඔබතුමා ඈත් වූයේ ඇයි? අලුතෙන් යමක් කිරීමේ කැමැත්තක් නැද්ද?’ යනුවෙන් මාධ්‍යවේදියා ඔහුගෙන් ඇසූ ප්‍රශ්නයට පිළිතුරු ලෙසය. ඇත්තෙන්ම මේ අද්විතීය නිර්මාණකරුවාගේ ප්‍රකාශයෙන් ඔහු නිරුත්තර වුණා. ඔහු විතරක් නොව, ජාත්‍යන්තර කීර්තියට පත් ස්වර්ණා මල්ලවාරච්චි සහ අනෝජා වීරසිංහ වැනි ප්‍රවීණ නිළියන්ව කදිමට මෙහෙයවූ ඒ අසමසම නිර්මාණකරුගේ එකී දුක්ඛිත ප්‍රකාශයෙන් ඔහුගේ නිර්මාණ රසවිඳි අප මෙන්ම මේ රටේ ලොකු පුටුවල ඉන්නා වගකිව යුත්තන්ද අනිවාර්යෙන් නිරුත්තර විය යුතුය. ඔහුගේම වචනවලින් කියනවා නම් ඔහු සිටින්නේ අතිශය කලකිරීමෙනි.

එලෙසම ඔහුගේම වචනවලින් කියනවා නම් ඒ කලකිරීම වෙනුවෙන් වුවද කළ යුතු කිසිවක් නැත. මන්ද යත් වගකිව යුත්තන් නිහඬය. නළු නිළි සංගම් කොයි තරම් තිබුණද කලාකරුවන් වෙනුවෙන් හඬනැඟිය යුතු ලොකු ලොක්කන් දේශපාලන නායකයන් ලොකු ලොකු පුටුවල වගකිව යුතු තනතුරු දැරුවද ධර්මසිරි බණ්ඩාරනායක වැනි ඉච්ඡාභංගත්වයට පත්වූ ප්‍රවීණ නිර්මාණකරුවන් වෙනුවෙන් සෑහෙන යමක් කිරීමට ඔවුන්ට සිත් පහළ වන්නේ නැත. සෑහෙන යමක් කියා මේ ඊනියා දේශපාලන ක්‍රමය තුළින් අපේ කලාකරුවන්ට සොච්චමක්වත් ලැබෙන්නේ නැත. සොච්චමක් දෙනවා තබා වගකිව යුත්තන් කලාකරුවන් වෙනුවෙන් කන් දෙන්නේවත් නැත.

ලංකාවේ කලාකරුවන්ට මෙහෙම වෙන්නේ ඇයි?

අනේ දෙවියනේ කලාකරුවන්ට දෙවියන්ගේ නාමයෙන්වත් සලකපල්ලා…

කලාකරුවන් මෙලෙස හුදෙකලා වෙන්නේ ඇයි? යනුවෙන් මොන තාලේ හෙඩිමකින් පත්තරේ ආටිකල් ගියත් වගකිව යුත්තන් ඒවා දකින්නේ නැත. ඒවා කියවන්නට ඔවුන්ට වුවමනාවක්ද නැත. එක කාලෙක නම් මෙලොවින් වියෝ වූ පසුව කලාකරුවන්ට සම්මාන දෙන, උපහාර පුදන කලාවක් තිබුණේය. අද ඒ කලාවවත් නැත. බොහෝ කලාකරුවෝ හුදෙකලාව යන්නට යති. ඔවුන්ගේ මරණ ගෙදරටවත් එකී වගකිව යුත්තන් පය තියන්නේ නැත. අනේ ඇත්තටම ලංකාවේ කලාකරුවන්ට මෙහෙම වුණේ ඇයි?

‘කනගාටු වෙන්න එපා. ඒ අපි උපන්න රටේ හැටි…’ ආචාර්ය ධර්මසිරි බණ්ඩාරනායක කීවේ එහෙමය. ඒ ඔහු පෙන්නුවේ ඔහු සතු කලකිරීමය.

ඒත් අපි එහෙම කියන්නේ නැත. අපි මෙහෙම කියමු.

වගකිව යුත්තනි, අනේ දැන්වත් ඇස් ඇර බලාපල්ලා…’

දමයන්ති රේණුකා ප්‍රනාන්දු

SendShareShare
Previous Post

සපත්තු නැතිව පිලිපීනයේදී දුවලා රන් පදක්කම දිනපු අවුරුදු 72ක අකිලා යාපනයේදී ජනපති හමුවෙයි! I Sri Lanka Latest News

Next Post

රනිල් දැන් නත්තල් පප්පා වගේ! යාපනයට ගිහින් අරක දෙන්නම් මේක දෙන්නම් කියනවා! අගමැති කාලේ මේවා කරන්න තිබුණනේ! දැන් ළමයින්ටවත් කන්න නැති වෙලාවේ මිලියන 250 ගාණේ ගෙවලා රතු මුහුදේ හූති කැරලිකරුවන් එක්ක හැප්පෙන්න නැව් යවන්න හදනවා! මේ පාර රනිලුයි පොහොට්ටුවයි හෝදගෙන යන්නේ සුනාමියකට අහුවුණා වගේ! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කන්ටේනර් 323 එළියට අදී! මීට පෙරත් අවස්ථා 14කදී බහාලුම් දහසකට වඩා පරීක්ෂා නොකර එළියට දාලා! ඇමැති නලින්ද ඉතිහාසයත් මතක් කරලාම උත්තර දෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

රනිල් කල් දාපු ඡන්දයක් අපි තිබ්බා! රනිල් කල්දාපු පළාත් සභා ඡන්දෙට මොනවා වෙයිද? VIDEO I Sri Lanka Latest News

පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News
Exclusive

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News
Exclusive

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

අද පාර්ලිමේන්තු වර්ජනයක්! ආණ්ඩුව පැත්තෙන් පළමු සංඥාව නිකුත් වෙයි! EXCLUSIVE
Exclusive

නන්දන ශ්‍රීගේ කැබිනෙට්ටුව…..! Sri Lanka Latest News

වවන්නෝ දිනන්නෝ කිව්වට වවන්න ගිහිල්ලා පරදින්නත් පුළුවන්! Sri Lanka Latest News
Exclusive

වවන්නෝ දිනන්නෝ කිව්වට වවන්න ගිහිල්ලා පරදින්නත් පුළුවන්! Sri Lanka Latest News

Load More
කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කන්ටේනර් 323 එළියට අදී! මීට පෙරත් අවස්ථා 14කදී බහාලුම් දහසකට වඩා පරීක්ෂා නොකර එළියට දාලා! ඇමැති නලින්ද ඉතිහාසයත් මතක් කරලාම උත්තර දෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

රනිල් කල් දාපු ඡන්දයක් අපි තිබ්බා! රනිල් කල්දාපු පළාත් සභා ඡන්දෙට මොනවා වෙයිද? VIDEO I Sri Lanka Latest News

පළාත් සභා ඡන්දය පැවැත්වීමට අවශ්‍ය නීතිය සම්පාදනය වූ පසු එය පවත්වන බව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.Sri Lanka Latest News

Read more
පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

අද පාර්ලිමේන්තු වර්ජනයක්! ආණ්ඩුව පැත්තෙන් පළමු සංඥාව නිකුත් වෙයි! EXCLUSIVE

නන්දන ශ්‍රීගේ කැබිනෙට්ටුව…..! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.