• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home News

හැංගිලා ඉන්න-කොන්ද තියෙන-කඩේ ගිය-කඩේ යන එවුන් කෝ? ‌කලාකාරයෝ ගැන ඇත්ත දැනගන්න!

November 16, 2021
in Exclusive, News
Reading Time: 3 mins read
A A
හැංගිලා ඉන්න-කොන්ද තියෙන-කඩේ ගිය-කඩේ යන එවුන් කෝ? ‌කලාකාරයෝ ගැන ඇත්ත දැනගන්න!
Share on WhatsAppShare on Facebook

නියම විප්ලවය බිහිවන්නේ රටේ සියලු පුරවැසියන්ට එහි පීඩනය දැනුණු විට බව මාක්ස්ලා, එංගල්ස්ලා ඇතුළු සමාජවාදය පිළිබඳ විශ්ලේෂකයෝ බොහෝ තැන්වල කියා තිබේ. කිරි උරා බොන ළදරුවාගේ සිට බුලත් විට හපනා මහල්ලා දක්වා යම්කිසි අවස්ථාවක දේශපාලන, ආර්ථික පීඩනය දැනෙනා බව ඒ සමාජවාදය ගැන කතා කරන හැම තැනකදීම අපට අහන්න ලැබී තිබෙනවා. හැබැයි බොහෝ රටවල දේශපාලනික වශයෙන් වාසි ලබන තම තමන්ගෙ ගොඩ වැඩිකරගන්න පාලකයො, නායකයො, කලාකරුවො, දේශපාලකයො, මාධ්‍යවේදියො ඇතුළු බොහෝ දෙනෙක් ඒ පවතින ක්‍රමයට ආවඩනකම් ඒ ක්‍රමය වෙනස් වෙන්නෙ නෑ කියලයි අපි දන්නේ.

ලංකාවෙ මේ වෙනකොට පවතින ක්‍රමය සම්බන්ධව බොහෝ තැන්වල විවේචන තියෙනවා. ඒ සම්බන්ධව දේශපාලන කණ්ඩායම් විසින්ම තමන් තුළම විවේචන ඉරිපත් කරගන්නා අවස්ථාත් තියෙනවා. මේ බලය හදපු ආණ්ඩු හදපු කණ්ඩායම් විසිනුත් ඒ සම්බන්ධව විවිධ තැන්වල විවේචන ඉදිරිපත් කරන විදිය අපි දැක්කා. විශේෂයෙන්ම ජනාධිපතිතුමන් පවා තමන් වැරැදි නම්, කලින් හිටපු කට්ටියට නැතුව වෙනත් පිරිසකට බලය දෙන්න කියලා ඊයේ පෙරේදා කියලා තිබුණා. පාරේ චිත්‍ර ඇඳ ඇඳ හිටපු තරුණයො අද පිටරට යන්න පෝලිම්වල ඉන්නවද කියලා චුට්ටක් හොයලා බලන්න කියලා කියන්නේ වර්තමාන ආණ්ඩුවෙ අගමැතිතුමා. ඒ කියන්නේ ජනාධිපතිතුමාගෙ සහෝදරයා.

මේ විදියට යනකොට මේ රටේ යම් කිසි දේශපාලන අර්බුදයක්, ප්‍රශ්නයක් නිර්මාණය වෙලා තියෙනවා කියන එක කවුරුත් පිළිගන්න කාරණයක්. ඒකට හේතුව සමහර විට ලෝකයම වෙළාගෙන තියෙන කොවිඩ් ප්‍රශ්නය වෙන්න පුළුවන්. කොවිඩ් හරහා ඇතිවුණු ආර්ථික අවපාතය, නිෂ්පාදනය අඩුවීම, විශාල සෞඛ්‍ය පිරිවැය ඇතැම් විට අපි වගේ දුප්පත් රටකට දරාගන්න බෑ. ඒකට හේතුව අපේ රටේ දේශපාලකයන් පෙර සූදානමකින් නොසිටීම. හැබැයි මේ වෙලාවෙ අපිට පේනවා කලාකරුවො නිතර දෙවේලේ මේ කාරණාව සම්බන්ධව කතා කරන තත්ත්වෙකට පත්වෙලා තියෙනවා. ආණ්ඩුව හදන්න නම් ඉතින් කලාකරු විශාල ප්‍රමාණයක් වෙහෙසුණා. රැස්වීම්වල වේදිකාවල පවා කතා කළා. සමහර කලාකරුවො දේශපාලනයට ආවා. ඔවුන් ඡන්දෙ ඉල්ලුවා. ඒ අතරතුරේ දුලීකා මාරපන පහුගිය වතාවෙ ආණ්ඩුව විවේචනය කරමින් ආණ්ඩුවේ යම් යම් වැරැදිවලට නිතර දෙවේලේ කතා කරනවා අපි දැක්කා. විශේෂයෙන්ම දුලීකා මේ කොවිඩ් ප්‍රශ්නෙ පටන් අරන් ටික කාලෙකදි අරාබි රටවලින් ලංකාට එන්න බැරිව හිටපු ගෘහ සේවිකාවන් වෙනුවෙන් පවා කතා කළා. ඈ කියන්නේ මේ වෙලාවෙ ඒ මිනිස්සු වෙනුවෙන් වැඩ කරන්න ඕනෙ කියලා. ඒ මිනිස්සු වෙනුවෙන් පියවර ගන්න ඕනෙ කියලා. මේ දේශපාලන ක්‍රමය වෙනස් විය යුතුයි කියලා දුලීකා මාරපන නිතර කතා කරනවා අපි දැක්කා.

ලංකාවේ සමහර නළුවො ඡන්දෙට කලින් කතා කළත්, ඡන්දෙට පස්සේ එහෙම කතා කරනව අපි දැක්කෙ නෑ. හැබැයි ජගත් මනුවර්ණ, සමනලී ෆොන්සේකා වගේ කලාකරුවන්, ඒ වගේ රවි සිරිවර්ධන වගේ ගීත රචකයන් මේ ආණ්ඩු ක්‍රමයෙ තියෙන සමහර කාරණා ඇතැම් විට එළිපිටත්, ඇතැම් වෙලාවට තමන්ගෙ සමාජ ජාල ගිණුම් හරහාත් විවේචනය කරන ආකාරය අපට පේන්න තියෙනවා. හැබැයි මේ සියල්ල අතරින් ඉතා විශේෂ සිදුවීමක් පහුගිය දවසක සිදුවුණා. ඒ තමයි ප්‍රවීණ නිළි වීනා ජයකොඩි අධිකරණය ඉදිරියට පැමිණියා. අධිකරණය ඉදිරියට පැමිණියා කියලා කියන්නේ අධිකරණයට ඇතුළු වන මාර්ගය අසලට ඈ එනවා.

ඒ එන්නේ පාස්කු ප්‍රහාරය සම්බන්ධව සිරිල් ගාමිණී පියතුමන් අධිකරණයට කරුණු දැක්වීම සඳහා කැඳවූ අවස්ථාවේ. ඒ අවස්ථාවේ තවත් පියතුමන්ලා විශාල ප්‍රමාණයක් මේ ස්ථානයට පැමිණෙනවා. ඒ අය අතරට වීනා ජයකොඩිත් එකතු වෙනවා. වීනා ජයකොඩි ඒ අවස්ථාවෙදි කියන්නේ පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයා බලන බවට පැමිණි ආණ්ඩුව මේ වන විට විමර්ශන කටයුතු කිසිවක් හරියට සිදුකරන්නෙ නෑ කියලා. කාගෙන් ගැළවුණත් දෙවියන්වහන්සේගෙන් ගැළවෙන්න නොහැකි බව ඈ ඒ අවස්ථාවෙදි කියනවා. ඒ වගේම ඇය කියනවා මේ වන විට මේ සිදුවීම ඇත්තටම සාපයක් බවට පත්වෙලා තිබෙන බව. වීනා මේ වෙලාවෙ පියතුමන්ලා සමග එකතු වෙලා යම් නිහඬ විරෝධතාවකටත් සහභාගි වෙනවා.

ඒ සියල්ල අතර පහුගිය සති අන්තයේදී ඉතා විශේෂ සිදුවීමක් බවට පත්වෙන්නේ රියැලිටි තරුවක් බවට පත්වුණු ශිහාන් මිහිරංගගෙ කතාව. සාමාන්‍යයෙන් අපි දන්නා විදියට ශිහාන් මිහිරංග කියන්නේ රියැලිටි තරුවක් විදියට ගායන ලෝකයට එකතු වුණු බොහොම සෙල්ලක්කාර තරුණ ගායකයෙක් කියලා. ඔහුගෙ විලාසිතා, ඔහුගෙ පෙනුම, හැසිරීම ගත්තත් එහෙම තමයි. හැබැයි ශිහාන් ඒ වෙලාවෙ කියන්නේ ඉතා පරිණත කතාවක්. ඔහු කියන්නේ පවතින මේ දේශපාලන ක්‍රමය තුළ අපි සියලු දෙනාම අපහසුතාවට පත්ව තිබෙන බව. ඔහු කියනවා ඔබේ පියාට රට ඉඳන් ලංකාවට එන්න දැන් බෑ.

මගේ පියා ඉස්සර රට ඉඳන් ලංකාවට එන්නේ නිදහසේ. හැබැයි ඒ නිදහස අපට නැතිකරලා තියෙන්නේ මේ පාලකයො බව. අපේ රටේ මේ දේශපාලනය වෙනස් කළ යුතුයි. මේ ක්‍රමය වෙනස් විය යුතුයි කියන එක තමයි ශිහාන් කියන්නේ. ඔහු කියන්නේ මේ කණ්ඩායම, නැත්නම් මේ ආණ්ඩුව විවේචනය කිරීමකට වඩා ලංකාවෙ දේශපාලන ක්‍රමය වෙනස් විය යුතුයි කියන අදහසක්. ඒ විදියට කලාකරුවන් එක්කෙනා දෙන්නා මේ වෙනකොට මේ සම්බන්ධව අදහස් දක්වන්න පටන් අරගෙන. සමහර විට හෙට අනිද්දා වෙද්දි තවත් කලාකරුවො මේ සම්බන්ධව කතා කරාවි. අද වෙනකොට ඔන්ලයින් ප්ලැට්ෆෝර්ම් නිර්මාණය වෙලා තියෙන නිසා, යූටියුබ් සමාජ ජාල නිර්මාණය වෙලා තියෙන නිසා ඔවුන්ට නිදහසේ කතා කරන්න පුළුවන්කම ලැබිලා තියෙනවා.

ආණ්ඩුව හදන්න එකතු වෙච්ච සියලු කලාකරුවන් මේ ආණ්ඩුව වෙනස් කරන්න, නැත්නම් මේ ආණ්ඩුව යන ගමන වෙනස් කරන්න, යහපත් මාර්ගයට ගන්න ඉදිරිපත් වෙන්නත් ඕනෙ තරම් ඉඩකඩ තියෙනවා. එහෙම නැතිව බලාගෙන හිටියොත් තවදුරටත් රිදෙන්නෙ සාමාන්‍ය මහජනතාවට.

බොහෝ විට කලාකරුවන් තමයි රටක ගමනට විශාල උදව්වක් විය හැකි පිරිසක් බවට පත්වෙන්නේ. රටේ දේශපාලන ගමන හරි නම් ඒ ගමනට උදව් කරන්නත්, ඒ දේශපාලන ගමන වැරැදි නම් ඒ වරද නිවැරැදි කරන්නත් කලාකරුවන්ට වගකීමක් තියෙනවා. ඒ වගේම යුතුකමක් තියෙනවා.

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

සජිත් ගාලු මුවදොර ඉදිරිපිට බංකුවක් උඩ නැග ජාතිය අමතයි!

Next Post

අද වෙළෙඳපොළ අයාලේ! හාල් 140යි! අපි මළත්-ආණ්ඩුව විනාශ වුණත් IMF එකට නම් යන්නෙ නෑ! (VIDEO)

MORE NEWS

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2020. 11. 20 වැනි දා පාර්ලිමේන්තුවේ පැවසූ ආකාරයට බන්ධනාගාර ගත වී සිරගත වී සිටින අය රාජ්‍ය...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.