• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home News

‘ධෛර්යය, අධිෂ්ඨානය හා පරාර්ථකාමීත්වය සමාජය තුළ පරීවර්තනීය වෙනසක් ඇති කළ හැකියි’ – ගුණසේකර පදනමේ සභාපති සනුත් ගුණසේකර I ධනාත්මක වෙනසක් ඇති කිරීම සඳහා ගුණසේකර පදනම එළිදක්වයි! PHOTOS

March 9, 2024
in News
Reading Time: 8 mins read
A A
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලාංකීය ප්‍රජාවන් තුළ ධනාත්මක වෙනස්කම් ඇති කරමින් ඔවුන් තුළ ඇති කරනු ලබන ධෛර්යය හා අධිෂ්ඨානය මගින් සමාජය තුළ පරීවර්තනීය වෙනසක් ඇති කළ හැකි බවත් ප්‍රජාවන් තුළ ගොඩනැගෙන පරාර්ථකාමීත්වය සමාජ ප්‍රගමනයට වඩාත් ඉවහල් වන බව ගුණසේකර පදනමේ සභාපති හා ව්‍යාවසායක සනුත් ගුණසේකර මහතා පැවසීය. (Sri Lanka Latest News)

ඒ මහතා මෙම අදහස් පළ කර සිටියේ මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමිනි.

වැඩිදුරටත් අදහස් දක්වන සනුත් ගුණසේකර මහතා,

වෙහෙස මහන්සි වී වැඩ කිරීම සහ කැපවීම තුළින් සමාජය තුළ පරිවර්තනීය බලපෑමක් ඇති කිරීමේ හැකියාව පෙන්නුම් කරමින්, අවශ්‍යතා ඇති අයට උපකාර කිරීමට ගුණසේකර පදනම කටයුතු කරමින් සිටිනවා. මගේ සාර්ථකත්වය සමාජය තුළ ධනාත්මක වෙනසක් ඇති කිරීමට මෙන්ම උදව් උපකාර වඩාත් අවශ්‍ය අයට උපකාර කිරීමට භාවිතා කිරීමට බලාපොරොත්තු වෙනවා.

ගුණසේකර පදනම ශ්‍රී ලංකාවේ තරුණ නායකයින් එකමුතු කිරීමට උත්සාහ කරන දේශපාලන නොවන පුණ්‍යායතනයක් වන “තරුණ සමගිය සහ ප්‍රජා සංවර්ධන මුලපිරීම” යන තේමාව යටතේ සවිමත් වී ඇත. පදනමේ මූලික ඉලක්කය වන්නේ තරුණයින් අතර සහයෝගීතාවය පෝෂණය කිරීම, දීප්තිමත් හා යහපත් අනාගතයක් මෙරටට ඇති කිරීම උදෙසා සාමූහිකව දායක වීමට ඔවුන් බලගැන්වීමයි.

අපගේ මෙහෙවර වන්නේ විවිධ තරාතිරම්වල පුද්ගලයන්ට තමන්ගේම ව්‍යාපාර ආරම්භ කිරීමට හෝ තිරසාර ජීවනෝපායන් ඇති කිරීමට සහාය වීමයි. එමගින් ශ්‍රී ලාංකීය ආරර්ථිකය සවිබල ගැන්වීම සඳහා අවශ්‍ය දායකත්වය ලබා දීමට බලාපොරොත්තු වෙනවා. අපගේ මුලපිරීම් සහ වැඩසටහන් හරහා ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය හැඩගස්වා කලාපය තුළ නායකත්වය ලබාදීම අපගේ අරමුණයි.

”තරුණ එකමුතුව සහ ප්‍රජා සංවර්ධන මුලපිරීම” යන තේමාව යටතේ ගුණසේකර පදනම විවිධ ව්‍යාපෘති සහ පුණ්‍යායතන සමග සම්බන්ධ වේ. එමෙන්ම ආහාර ප්‍රේරණ, අධ්‍යාපනික මුලපිරීම් සහ සෞඛ්‍ය වැඩසටහන් වැනි සමාජීය සේවාවන් පදනම විසින් මෙහෙයවන පුණ්‍ය කටයුතු වලට ඇතුළත් වේ. හදිසි ආපදා අවස්ථා වලදී ඉක්මනින් බෙදාහැරීම සඳහා අත්‍යවශ්‍ය ද්‍රව්‍යයන් සංචිතයක් ගොඩනගා ගැනීමට ද පදනම උත්සාහ කරන අතර තරුණ නායකයින් අතර ජාලකරණය සහ උපදේශනය සඳහාද මූලිකත්වය ගෙන කටයුතු කරයි.

ගුණසේකර පදනම අනාගත දේශපාලන කටයුතු සඳහා සූදානම් වීමට තරුණ නායකයින් අතර සහයෝගී ප්‍රයත්නයන් අවධාරණය කරමින්, ව්‍යාප්තිය පුළුල් කරමින්, සිය පුණ්‍ය සේවා වැඩසටහන් අඛණ්ඩව කරගෙන යාමට සැලසුම් කරයි.

මාගේ පියාගෙන් පමණක් නොව මාගේ සීයා වන හිටපු නියෝජ්‍ය සෞඛ්‍ය අමාත්‍ය ප්‍රේමරත්න ගුණසේකර මහතාගේ ද ආභාසය ලබා ගනිමින් මෙම වැඩසටහන් ක්‍රියාත්මක කරනු ලැබේ. කිසිදු ලාභ අපේක්ෂාවකින් තොරව අවශ්‍යතා ඇති පුද්ගලයන්ට සැබෑ ලෙසම උපකාර කරමින්, ඒ සඳහා අවශ්‍ය නායකත්වය ලබා දීමට සැලසුම් කර තිබේ.

1978 දී මහරගම ජනාධිපති විද්‍යාලය පිහිටුවීමෙන් ආදර්ශවත් වූ මාගේ සීයාගේ උරුමය ඉදිරියට ගෙන යාමේ ගැඹුරු වගකීමක් ඇති බව බව මා හට නිතරම හැගී යයි. පවුලෙන් ලැබෙන අනුබලය තුළින් සමාජය තුළ ධනාත්මක වෙනස්කම් පෝෂණය කිරීම, දරාගැනීමේ හැකියාව ප්‍රදර්ශනය කිරීම, පෞද්ගලික සහ වෘත්තීය යන දෙඅංශයේම එකමුතුකම ප්‍රවර්ධනය කිරීමට කැපවීම මාගේ අභිලාෂය වී තිබේ.

ගුණසේකර පදනම පිළිබඳව කෙටියෙන්,

ගුණසේකර පදනම තරුණ නායකයින් එකමුතු කිරීම සඳහා දේශපාලනික නොවන පුණ්‍ය කටයුතු ප්‍රවර්ධනය කරමින් ශ්‍රී ලංකාවේ “තරුණ සමගිය සහ ප්‍රජා සංවර්ධන මුලපිරීම” කෙරෙහි අවධානය යොමු කරයි. ව්‍යාපාර ආරම්භ කිරීම, තිරසාර ජීවනෝපායන් නිර්මාණය කිරීම සහ රටේ අනාගතයට දායක වීම සඳහා පුද්ගලයන්ට සහාය වීම ඔවුන්ගේ මෙහෙවරට ඇතුළත් වේ. හදිසි අවස්ථා සඳහා අත්‍යවශ්‍ය භාණ්ඩ තොගයක් ගොඩනැගීම අරමුණු කරගනිමින් පදනම පුණ්‍ය කටයුතු, අධ්‍යාපනික මුලපිරීම් සහ සෞඛ්‍ය ව්‍යාපාර සංවිධානය කරයි. 2024 වර්ෂයේ දී, අනාගත දේශපාලන කටයුතු සඳහා තරුණ දේශපාලනඥයන් අතර සහයෝගී උත්සාහයන් අවධාරණය කරමින්, පදනම සිය ව්‍යාප්තිය පුළුල් කිරීමට සැලසුම් කර තිබේ.

SendShareShare
Previous Post

ජනාධිපතිතුමා හදන්නේ ජනතාව පීඩාවට පත්කරන IMF මල්වට්ටියට අපිටත් කියලා අතගස්සවන්න! සඳුදා තියෙන සාකච්ඡාවට අපි එන්නේ නෑ! ගිය පාර වගේම විපක්ෂනායකතුමා වෙනම IMF එක මුණගැහේවි! සජබය ජනපතිගේ ආරාධනාව ප්‍රතික්ෂේප කරයි! VIDEO I Sri Lanka Latest News

Next Post

දැන් තියාම සූදානම් වෙන්න! මේ තියෙන රස්නෙත් එක්ක මාසෙ අන්තිමට මානසික පීඩනය ඉහළ යන්න නියමිතයි! වහාම උපදේශන සේවාවන්ට යොමුවෙන්න! කොළඹ සරසවියේ ආචාර්යවරයෙක් රටටම අනතුරු අඟවයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

ජනතාවට වඩාත් කාර්යක්ෂම සහ ඵලදායී සේවාවක් සැපයීම ගැන කතාකරන්න අනුර දිස්ත්‍රික් ලේකම්වරුන්-අමාත්‍යංශ ලේකම්වරුන්-දෙපාර්තමේන්තු ප්‍රධානීන් කැඳවයි! I Sri Lanka Latest News
Exclusive

ජනාධිපති කෝච්චි බස් ගැන දැඩි තීන්දුවක් ගනී! Sri Lanka Latest News

එහෙන් මෙහෙන් එහෙට මෙහෙට ගණන් හදන… සල්ලිවලට කොළේ වහල ගේම ගහන… අර ලොක්කව මේ ලොක්කව ෆෝම් කරන… ඡන්ද කාලෙ පැටව් ගහන ගණන් හැදුම…
Exclusive

ගෙවල් ඇතුළේ ආර්ථිකය 51.4%කින් කඩාවැටිලා! ජන මතයකින් හෙළිවෙයි! Sri Lanka Latest News

මාලිමාව ඉවරයි! දැන් තියෙන්නේ JVP එක! මෙන්න උදාහරණ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ – මාලිමාව රට පුරා පාරට බහින සූදානමක්! Sri Lanka Latest News

මහා ජන සන්නිපාතය හමුවේ සජබ නායක සජිත්ගෙන් අනුරට විවෘත අභියෝගයක්! පුළුවන්නම් පළාත් සභා ඡන්දය තියන්න!  LIVE VIDEO I Sri Lanka Latest News
Exclusive

23 වැනිදා සජිත් මුළු විපක්ෂයම කොළඹට කැඳවයි! Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

උතුරු නැගෙනහිර වතුකරය එකම පෙරමුණකට! පළාත් සභා ඡන්දය ගන්න ලොකු සටනක් ඇරැඹෙයි! Sri Lanka Latest News

හිටපු පොලිස්පති මැරුවද? මැරුණද? මොකක්ද මේ අබිරහස? Sri Lanka Latest News
Exclusive

හිටපු පොලිස්පති මැරුවද? මැරුණද? මොකක්ද මේ අබිරහස? Sri Lanka Latest News

Load More
සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

නියමිත කාලය අවසන් වන ලබන සැප්තැම්බරයේ තමන් විශ්‍රාම යන බව ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කළේය.Sri Lanka Latest News

Read more
බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)

ගිය අවුරුද්දේ ණය ගෙවද්දී බිලියන 48ක් වැඩිපුර ගෙවලා! I Sri Lanka Latest News

ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.