• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සංගා එහෙනම් උඹද මිනිහා…

April 6, 2023
in Exclusive, News
Reading Time: 8 mins read
A A
සංගා එහෙනම් උඹද මිනිහා…
Share on WhatsAppShare on Facebook

මතක තියෙන විදියට නම් කතාබහට ලක්වන ආකාරයට මුලින්ම දේශපාලන වේදිකාවට පය තියපු ප්‍රසිද්ධම ක්‍රිකට් ක්‍රීඩකයා වුණේ අර්ජුන රණතුංගය. ඔහු පැමිණියේ තම පියා සහ සහෝදරයන් දේශපාලනයට නෑකම් කී සබඳතාව මුල්කොට වුවද මනාප ලකුණු කරන විෂයේදී තැන ලැබුණේ ඔහු නොම්මර එකේ ක්‍රිකට් ක්‍රීඩකයකු වූ නිසාය.

ඒ කාලේ අර්ජුන රණතුංගව ක්‍රිකට්වලට ප්‍රිය කරන කවුරුත් වාගේ හැඳින්වූයේ ‘පිටියේ බලාපොරොත්තුව’ යන ගෞරවනීය වූ අන්වර්ථ නාමයෙනි. එයට හේතුව වූයේ ටෙස්ට් වරම් ලැබුණාට පසුව ගෙවී ගිය කාලය අතරතුර ආසියානු සහ ලෝක කුසලාන දිනාගත් මායිමට යන්නට පළමුව හැමදාමත් වාගේ අඩු ලකුණු ගණනකට දැවී යන සිලෝන් ටීම් එක ගොඩ ගන්න පිත්ත එහා මෙහා කරකවමින් පිට්ටනියට ආවේ අර්ජුන නිසාය. ශ්‍රී ලාංකේය පන්දු යවන්නන්ට සුහද පන්දු යවන්නන් ලෙස හැඳින්වූ මාන්නක්කාර ක්‍රිකට් නායකයකු වූ ඉම්රාන් ඛාන්ට පන්දුව හොයාගන්න බැරි තැනට ගේම් එක දුන්නේ අර්ජුනය. ආසියානු කුසලානය ශ්‍රී ලංකාවට ගෙන ආ පළමු ක්‍රිකට් කැප්ටන් වාගෙම ලෝක කුසලාන ලංකාවට ගෙන ආ එකම ක්‍රිකට් කැප්ටන් වූයේද අර්ජුනය. ඒ නම්බු නාමය තවමත් අර්ජුන වෙතින් ගෙන සමව බෙදාගැනීමට ලංකාවේ කිසිම ක්‍රිකට් කැප්ටන් කෙනකුට පුළුන් වූයේ නැත.

අර්ජුන රණතුංග දේශපාලන පොරපිටියට ආවේ ඒ ඉතිහාසගත ගැම්මෙන්ය. හැබැයි කියන්නට කනගාටුය. ක්‍රිකට් පිටිය පුරා පතුරුවාලූ රාජකීය පෙළහර දේශපාලන පිටිය තුළ පතුරවාලන්නට අර්ජුනට කෙසේවත් නොහැකි විය. කලාව වෙනුවෙන් සහ කලාකරුවන් වෙනුවෙන් යමක් කරන්නටයි කියා දේශපාලනයට ආව කලාකරුවන් වාගෙම ක්‍රිකට් ක්‍රීඩාවේ උන්නතිය වෙනුවෙන් යමක් කරනවාය කියා පැමිණි අර්ජුනද සිය පොරොන්දු පුස්සක් බවට පත් කළේ අභිමානවත් ක්‍රිකට් ක්‍රීඩකයෙක්ය යන ගාම්භීර නාමයද කුඩුපට්ටම් කරමිනි. අන්තිමේදී බලන විට ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් තියා රට හෝ දේශපාලනය වෙනුවෙන්වත් අර්ජුන කරපු දෙයක් නැති විය. අන්තිමෙදී පිටියේ බලාපොරොත්තුව යන නම්බු නාමයද රසිකයන්ට අමතකව යන තරමට දේශපාලනය නිසා අර්ජුනගේ ප්‍රතිරූපය බාල්දුවට ගියේය.

සනත් ජයසූරියටද දේශපාලන උණ හැදුණේය. මාස්ටර් බ්ලාස්ටර් යන නාමය සමග දේශපාලන පොර පිටියට පය තැබූ සනත්ටද සිදුවූයේ අර්ජුනට සිදුවූ සන්තෑසියමය. මාස්ටර් බ්ලාස්ටර් යන අභිමානනීය නාමයෙන් දේශපාලනය තුළ ජනප්‍රිය වෙන්නට ආව සනත්, දේශපාලනයෙන් සමුගෙන ගියේ කාටත් අමතකව ගිය චරිතයක් ලෙසය. ඔහුද ආවේ ක්‍රිකට් ක්‍රීඩාවේ උන්නතිය වෙනුවෙන් යමක් කරන්නටය. මාධ්‍ය කතිකාවලදී ඔහු කිව්වේද එහෙමය. හැබැයි එහෙම උන්නතියක් පේන මානෙක දකින්නට තිබුණේ නැත. අවසානයේ සිදුවූයේ ක්‍රිකට් ක්‍රීඩාව තිබුණු තැනින්ද පහළට ඇද වැටුණු එකය.

තිලකරත්න ඩිල්ෂාන්ද දේශපාලනයට පැමිණියේය. ජාත්‍යන්තර වශයෙන්ද ක්‍රිකට් පිටිය හොල්ලා තැබූ අර්ජුනලා සහ සනාලාගේ දේශපාලන කතාව අර විදියට වුණා නම් තිලකරත්න ඩිල්ෂාන්ලා වැනි අයගේ කතන්දරය මොන වාගේදැයි සිතාගන්නට අපහසු නැත. කොහොමත් එතරම් ප්‍රියමනාප ප්‍රතිරූපයක් නැති ඩිල්ෂාන්ද ක්‍රිකට් ක්‍රීඩාවේ උන්නතිය වෙනුවෙන් යමක් කරන්නට කියා ඇවිදින් ඔහේ යන්නට ගියේය. ක්‍රිකට් ක්‍රීඩාව සුපුරුදු ආකාරයටම පියවරෙන් පියවර තව තවත් කඩාබාන්දුව යන්නට ගත්තේය.

නැවතිල්ලේ ටිකක් හිතලා බලනකොට දේශපාලන පොර පිටියට ආව කළු නිළියන් වගේම ක්‍රිකඩ් ක්‍රීඩකයන්ගේද වෙනසක් නැහැ වාගේය. එයට හේතුව කුමක් විය හැකිද?

මේ හැමෝම දේශපාලනයට එන්නේ මීයක් කඩන්නේ අත ලෙවකන්නට නොවේය කියන තියරිය හිතේ තියාගෙනද?

නැහැ. එහෙම හිතන්නත් බැරිය. හැමෝටම එහෙම හිතෙන්නේ නැති අවස්ථාවන්ද වේ. කුමාර් සංගක්කාරගේ කලඑළි බැසීම එයට හොඳම නිදසුනකි.

ප්‍රවීණත්වයට පත් අතිදක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයකු ලෙස කුමාර් සංගක්කාරට කීර්තිමත් ඉතිහාසයක් ඇත. ඔහු කිසිදු දේශපාලන පක්ෂයකට හේත්තු නොවූ, වන්දිභට්ටකම් නොකළ ක්‍රිකට් කැප්ටන් කෙනෙකි. නීතිය හමුවේ යම් ආකාරයේ කටඋත්තර දීම්වලට සංගාට මුහුණ දෙන්නට සිදුවූයේද දේශපාලනමය වශයෙන් රටේ සිදුවන අක්‍රමිකතාවන්ට කෙළින් කතා කරන්නට ගිය නිසාය. බොහෝ අවස්ථාවල විවිධ දේශපාලන නායකයන් සංගාව තම තමන්ට වුවමනා ලෙස බිලීබාගන්නට උත්සාහ ගත්තද සංගා ඒ කිසිදු දේශපාලන නායකයකු හෝ පක්ෂයක් හමුවේ තම ගෞරවය පාවා දුන්නේ නැත.

එලෙසම සංගා අවසානය දක්වාම ගෝල්ෆේස් අරගලය සමග හිටපු හොඳ හිත ඇති මිනිසකු විය. සල්ලි යහමින් ඇති සුපිරි පන්නයට ජීවත් වන බොහොමයක් ලොකු මිනිස්සු අරගලය පිටුදකිද්දී සංගා අරගලය සමග හැමදාම හිටගත්තේය. සුපිරි කලාකාරයෝ එක දවසක් විතරක් ඇවිදින් මූණ පෙන්නලා ගියද සංගා එහෙම කළේ නැත. ඔහු අරගලයේ මිනිස්සුන්ගේ පිපාසය සංසිඳවීමට වගේම කුසගින්න නිවාදැමීමටද තම පුද්ගලික ධනය වැය කළේ කිසිදු ලාභ ප්‍රයෝජනයක් නැතුවය.

‘මේ විදියට උන්ට සලකපං. ඒක කවදාක හරි වාසියක් වේවි…’ කියා ඔහුට කිසිවකු කීවේ නැත. අරගලයට කන්න බොන්න දීලා ලාභයක් ලබන පහත් චේතනාවක් සංගාගේ යටි හිතේවත් තිබුණේ නැත. සංගා පමණක් නොව ඔහුගේ බිරිය යෙහාලිද අරගලයට ආවේ සිංහ කොඩිය දෑතින් ගෙනය. දහඩිය ගඳගහන පීඩිත පන්තියේ අරගලකරුවන් සමග එකතු වෙලා, ‘අරගලයට ජය වේවා…’ කියා යෙහාලි සංගක්කාර මහ හඬින් කෑගැසුවේ තද කළු පාට ඇඳුමකින් සැරසීගෙන ඇවිදින්ය.

‘අපට පක්ෂයක් නැහැ. අපට විශේෂ වූ පක්ෂයක පාටක්වත් නැහැ. අපි අරගලයට ආවේ සාධාරණත්වය ඉල්ලා කෑගහන හැම මිනිස් හඬක්ම වෙනුවෙන්…’

යෙහාලියි සංගයි සිරස නිවුස් ෆස්ට් එකට තම අදහස් දැක්වූයේ හරිම නිර්භීතවය.

‘සංගා අරගලය වෙනුවෙන් දුන්න ටෝක් එක පට්ට. හැමෝම අහපල්ලා…’

සංගා අරගලය වෙනුවෙන් කළ ඒ කතාව සමාජ මාධ්‍ය ජාලවල වෛරස් එකක් වාගේ පැතිර ගියේ ඒ සිරස්තලයත් එක්කය. ඒ වාගේම මේ වෙලාවේ සංගා එක්ක රොෂාන් මහානාමත් හිටියේ හෙවණැල්ල වාගේය. රොෂාන් ආවේ සංගා හින්දාම නෙමෙයි. රොෂාන් අරගලයට ආවේ තමන්ගෙම මනාපෙටයි. ඒ ආණ්ඩුවට හෝ වෙනත් පක්ෂෙකට ගිහින් මනාව ගන්න එහෙම නෙවෙයි. රොෂාන්ට ඕනෑ වුණොත් සංගාට ඕනෑ වුණු දේමය.

‘අරගලය වෙන කාගෙවත් නෙවෙයි. අපි හැමෝගෙමයි. එයට පක්ෂ නැහැ. පාට නැහැ. ඉතින් අපි හැමෝම එකම කොඩියක් යට එකාවන්ව අරගලයට එකතු වෙමු…’

ඒ, ජනප්‍රිය ක්‍රිකට් ක්‍රීඩක හිටපු ක්‍රිකට් නායක රොෂාන් මහානාමගේ හඬය. රොෂාන් අරගලයේ මිනිස් සමූහයට ඇති වෙන්න කන්න බොන්න දුන්නා.

ඒ මොනවටද?

මොනවටවත් නෙවෙයි. මනුස්සකමට අපේම කියන හැඟීමට අරගලය වෙනුවෙන් හඬ නගන මිනිස්සුන්ට හඬක් වෙන්න රොෂාන්ට ඕනෑ වුණා. වෙන කිසිම හේතුවක් දේශපාලන වාසි ගැනීමේ පහත් චේතනාවක් එතැන තිබුණේ නැහැ.

ඒ සංගයි මහානාමයි අරගලයට පිරිසිදු හිතින් පය තියපු කතාව. දැනට ඒ අරගලයේ කතාව පොඩ්ඩකට පැත්තකින් තියමු.

මේ කියන්න යන්නේ අරගලයට සමාන තවත් අරගලයක කතාවක්. ඒ, සංගා ශ්‍රී ලාංකේය පුරවැසියකු ලෙසින් අපේ රට වෙනුවෙන් තම හඬ ස්ථිරව නොබියව ඔක්ස්ෆර්ඩ් යුනිවර්සිටියේ සංසදය පුරා පතුරුවා හැරිය අහන්න වටින කතාවය. ඔහු කතා කළේ තරුණ හිත්වලටය. තරුණ මනසටය. තරුණ ලෙයටය. කතාව අවසන් කළ වේලාවේ ඔක්ස්ෆර්ඩ් යුනිවර්සිටියේ තරුණ සංසදය එක්ව ඔහුට දුන් අත්පොලසන් නාදය විනාඩි ගණනක් පුරා පැවැතිණි.

ඒ කතාව ඒ තරමට ඉස්තරම්ද?

ඉස්තරම් බවත් එහි හොඳ පදමට තිබුණා. හැබැයි සංගාගේ කතාවේ වැඩිපුරම තිබුණේ ‘පපුවට දැනුණු ගැම්ම’ය.

‘දැන් තමයි නියම වෙලාව. එකාවන්ව හැමෝම එකතු වෙයල්ලා…’

ඒ ගැම්ම තුළ තිබුණේ ඒ විදියේ විවෘත ආරාධනයකි. වැරැදි රාජ්‍ය පාලනයකට එරෙහිව ආරම්භ කළ යුතු අරගලයකට කරන ව්‍යංගාත්මක ආරාධනාවක්ද එහි තිබුණා වෙන්නට පුළුවන.

පක්ෂයක හෝ පාටක සේයාවක්වත් එහි නොවීම සතුටට කාරණයකි. මන්ද යත් සංගා හඬ නැගුවේ දේශපාලන පක්ෂයකට හෝ එහි ප්‍රතිවාදියකුට විරුද්ධව නොවේය. සංගා කතා කළේ තරුණ ජවයටය. රටක් ප්‍රපාතයකට ඇදවැටෙන්න යන විට ‘එය තදින් අල්ලා ගන්නට එකතු වෙයල්ලා’ යනුවෙන් තරුණ දෑතට මනසට සහ හදවතට කතා කරන සේයාවක් සංගාගේ නිර්භීත හඬ පුරා පිරී තිබිණි.

‘වෙනසකට කාලය පැමිණ හමාරයි. ඉදිරි වසර පහ අපේ රටට තීරණාත්මකයි. මේ තීරණාත්මක කාලය තුළ අප ක්‍රියාත්ක නොවුණොත් නැවත ආයෙම මෙවැනි අවස්ථාවක් නොඑන්නට පුළුවන්. එම වෙනස මම මූලිකව මට කළ හැකි යැයි මම කියන්නේ නැහැ. නමුත් අපට විශ්වාසය තැබිය හැකි තරුණ ප්‍රජාවක් මේ රටේ ඉන්න බව අරගලය තුළින් අප දුටුවා. ඔවුන්ගේ සමහර ක්‍රියාකාරකම් හරහා හොඳ වෙනසක් කරන්නට පුළුවන්. ඒ සඳහා අප ඔවුන්ට සහාය දිය යුතුයි. අඩිතාලම දමා දිය යුතුයි. පසුගිය කාලවකවානුවලදී වැරැදි පාලන ක්‍රමයන්ට විරුද්ධව කතා කළ ක්‍රිකට් ක්‍රීඩකයන්ද මේ සමග එකමුතු විය යුතුයි.

දේශපාලනය බොහෝ දූෂිත විෂයක් බැවින් දේශපාලන අරගලයක් තුළින් මෙය කළ නොහැකි නිසා, මෙම වෙනස කළ යුත්තේ කොහොමද කියන එකත්, ඒ සඳහා ඒකරාශි විය යුත්තේ කොහොමදැයි කියන එක ගැනත් අප කතාබහ කළ යුතුයි. ඉක්මනින් ක්‍රියාත්මක විය යුතුයි. ඉදිරියට එන වසර කිහිපය ඒ සඳහා ඉතා සුදුසු කාලයයි. අරගලයේ තරුණයෝ ක්‍රිකට් ක්‍රීඩකයෝ සමග හැකි සියලු දෙනාම ඒ වෙනුවෙන් එකමුතු වෙමු…’

ඒ, සංගාගේ හදවතින්ම එහෙම නැත්නම් පපුවෙන්ම ආ වචනය. ඔක්ස්ෆර්ඩ් සංසදයේ තරුණ තරුණියෝ ලෝභ නැතුව අත්පුඩි ගැසුවේ ඒ වචනවලටය. දේශපාලන වාසියක් නැතිව දේශපාලනය ගාවගන්නේ නැතිව සංගා පිරිසුදු හිතින් ජන අරගලයකට සූදානම් වෙයි.
සංගා කී අරගලය දියත් වෙයිද?

කියන්නට දන්නේ නැත. හැබැයි පීඩිතයන් හැමදාම ඉවසන්නේද නැත. ඒ ඉවසීම පුපුරා වාන් දමන විට අරගලයක් නොව දූෂිත දේශපාලකයන් දවන මහා ගින්දරක් වුවද ඔවුන්ට ඇතිකරන්නට බැරිකමක් නැත.

කොහොමත් සංගාට අපි සැලියුට් කරමු.

‘සංගා ඇත්තටම කියනවා නම් උඹ මාර පොරක්…’

සංගාට එහෙම චියර් කරන කොට රටේ නමගිය තවත් සුපිරි ක්‍රීඩකයකු ගැන ඊට හාත්පසින්ම වෙනස් කතාවක් මේ සමගම කියන්නට සිදුව ඇත. නොකියා බැරි හින්දා ඒ කතාවද කියන්නෙමු.

ඔහු මහේල ජයවර්ධනය. ක්‍රිකට් උපදේශකයකු ලෙස මහේලට ගෙවන පඩිය රුපියල් ලක්ෂ 60කි. මේ දිනවල මහේලගෙන් ක්‍රිකට් ඉගෙන ගත්ත කොල්ලො ටික නවසීලන්තයට වී නහුතෙට ඇදගෙන නාගනිමින් සිටියි. ඒ නාගැනිල්ලට විරුද්ධව සමාජ ජාලවල සහ විවිධ මාධ්‍යවල මහේලට මදි නොකියන්නට ගහන්න පටන්ගෙන ඇත. ගහන්නට හේතුව වී ඇත්තේ කොල්ලො ටික නාගන්න කාරණයට වඩා මහේල ගුරාට ඒ ගැන කිසිදු ගානක් නැති වීමය. අඩු ගණනේ මහේල ඇදගෙන නාන ක්‍රිකට් කොල්ලන්ට හයියක් වෙන්නටවත් නවසීලන්තය පැත්ත පළාතේවත් ගිහින් නැත.

යන්තමට හරි ගොඩවෙලා එන්නටවත් මහේලට එහි යන්නට තිබුණා නොවේද?

ඔව්. සත්තකින්ම අයි.පි.එල්. එකේ මොන වැඩ තිබුණත් මහේලට නවසීලන්තයට යන්නට තිබිණි. එහෙම ගියා නම් නන්නත්තාරව සිටින ක්‍රිකට් කොල්ලන්ට එය හයියක් වන්නට තිබිණි. මහේල වෙනුවෙන් විදෙස් මාධ්‍ය ප්‍රකාශ කොට තිබුණේ අයි.පී.එල්. එකේ වැඩ අධික නිසා මහේල හුඟක් බිසී කියලාය. බිසී නිසා එන්නට බැරි නම් මහේලට මේ වෙනුවෙන් යම් ප්‍රකාශයක් කරන්නට ඉඩ තිබුණා නොවේද? තාක්ෂණය මෙතරම්ම දියුණු ලෝකයක මාසික වේතනය ලක්ෂ 60ක් වෙච්ච මහේල වැනි සුපිරි ක්‍රීඩකයකුට තමා පුහුණු කළ ගෝලබාලයන්ගේ ඇදවැටුණු මානසිකත්වය නංවාලීම වෙනුවෙන් මොරාල් එකක් දෙන්නට මඟක් තිබුණේම නැතිද?

මෙය ලියන මොහොතේ පවා ශ්‍රී ලංකා ටීම් එක සිටින්නේ එක් දින ලෝක කුසලාන තරගයෙන් කැපෙයිද, නොකැපෙයිද කියන තීරණය දෙන වැට උඩකය. කරුණු කාරණා එතරම්ම බරපතළ නම් මහේල මෙහෙම ඉන්න එක හරිද?

ඔහු මේ කරන්නේ කරඇරීමක්ද? එහෙම නැත්නම් ‘මම නෙවෙයි වගකියන්න ඕනෑ’ කියන බෝල පාස්කිරීමක්ද? කොයික කෙසේ වුවද ක්‍රිකට් කොල්ලො ගුරාගේ මෝටිවේට් එක නැතිව අස්ථානගතව සිටිති. කොහොමත්, සංගා රට වෙනුවෙන් කිසිදුම දේශපාලන වාසියක් නැතුව මෙහෙම ගැම්මට අරගල කරන කොට මහේල එහෙම කළ එක හරි නැති බව නම් නොකියාම බැරිය.

දමයන්ති රේණුකා ප්‍රනාන්දු

SendShareShare
Previous Post

සාගල අද ලෝක බැංකු ප්‍රධානීන් හමුවී සාකච්ඡා කරයි! PHOTOS

Next Post

ජනාධිපති රාජ්‍ය සේවා කොමිසම පත් කරයි! සභාපති සනත් ජයන්ත!

MORE NEWS

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News
Exclusive

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News
Exclusive

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.