රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ නව සභාපති ලෙස ශ්‍රී ලංකා පරිපාලන සේවයේ හිටපු ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් වන සනත් ජයන්ත එදිරිවීර මහතා සහ එහි සාමාජිකයින් ලෙස තවත් 06 දෙනෙකු පත්කර තිබේ.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ නිර්දේශ අනුමත කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අදාළ පත්කිරීම් සිදුකර ඇත.
සනත් ජයන්ත මහතාගේ සභාපතිත්වයෙන් යුතුව ජනාධිපතිවරයා විසින් පත්කළ රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සෙසු සාමාජිකයන් වන්නේ එම්. සිත්ති මරීනා මොහොමඩ්, නරසිංහ හේරත් මුදියන්සේලාගේ චිත්‍රානන්ද, මහාචාර්ය නාගනාතන් සෙල්වක්කුමාරන්, මාණික්ක බඩතුරුගේ රෝහණ පුෂ්පකුමාර, ආචාර්ය අංගම්පොඩි දමිතා නන්දනී ද සොයිසා, රංජිනී නඩරාජපිල්ලෙයි සහ පල්ලේගම චන්ද්‍රරත්න පල්ලේගම යන මහත්ම මහත්මීන් ය.










