• About us
  • Contact us
Saturday, June 6, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කංචන ඊළඟට කපන්නේ කොහෙද I Sri Lanka Latest News

September 3, 2023
in Exclusive, News
Reading Time: 4 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

අදින් දශක හත අටකට පෙර පොළොන්නරුව දිස්ත්‍රික්කයේ කදුරුවෙල, පළුගස්දමන, සොරිවිල ආදී වනගත ගම්මාන වැසියෝ ගෙවූයේ දුක්බර ජීවිතයකි. නියඟයට අමතරව මැලේරියාව වැනි වසංගත විසින් හේබානා ලද ගැමියෝ උපතින්ම දුක්ඛිත ජීවිතයකට හුරුව සිටියෝය.(Sri Lanka Latest News)

දකුණුලක මාතර පළාතින් පැවිදි බිමට ඇතුළත්ව සංසාර ගමන කෙටි කරගනු රිසින් වනගතව භාවනාව සඳහා පොළොන්නරුවට පැමිණි එක්තරා හිමිනමක් සිය විමුක්තිය වහා පසෙක දමා පොළොන්නරුවේ දුක්විඳින ජනතාව වෙනුවෙන් කළ හැකි දෙයක් කරන්නට සිතාගත්තේ මේ වකවානුවේදීය.

කිසිදු නායකයෙක් නොමැතිව මහ වනරොද මැද හුදෙකලාව දිවි ගෙවමින් සිටි මෙම පිරිසෙන් බහුතරය වැදි ජනයාය. කිසිදු ජීවන අවබෝධයක් නොමැතිව දඩයක්කාර ජීවිතයකට හුරුව සිටි මෙම පිරිස වෙත ආ මෙහිමියෝ සසරින් එතෙර වන්නට නොව නොමැරී ජීවත්වන්නට ඔවුනට මුලින්ම කියාදුන් සේක. රට කරවන නිලමක්කාරයන් සියලු දෙනාට අමතකව යමින් තිබූ තමන්කඩුවේ දුක්විඳින මිනිසුන්ගේ විමුක්තිය වෙනුවෙන් ජීවිතය දියකළ උන්වහන්සේ අන් කවුරුත් නොව මාතර කිතලගම සීලාලංකාර නැතහොත් රටම දන්නා දිඹුලාගල හාමුදුරුවෝ නම් වූහ.

ධූමරක්ඛ පබ්බත නමින් හැඳින්වූ දිඹුලාගලට සීලාලංකාර හිමියන් වඩින කල එහි විසූවෝ ආදිවාසී වැදි ජනයාය. දිඹුලාගල අවට වැදිගම්මානවලට නායකත්වය දුන් මිල්ලාන යාපා නම් වැදි නායකයා හමුවූ සීලාලංකාර නාහිමියෝ තම අරමුණ පැහැදිලි කළහ. නාහිමියන් ගැන පැහැදුණු මිල්ලාන යාපා උන්වහන්සේට නවාතැන් පිණිස තම පවුල දිවි ගෙවූ ගල්ලෙන පූජා කළහ.

දඩයමින් ජීවත් වූ මිල්ලාන යාපාගේ පරපුරේ ඇත්තෝ මස් පලහාගෙන කෑ ගල්ලෙන බුදු පුතෙකුට සෙවණ දෙන තැනට පත්වූ අතර අද එම ගල්ලෙන බුදුගෙයක් ලෙස භාවිත කෙරෙන්නේය. සීලාලංකාර හිමියන් ගැන තව දුරටත් පැහැදුණු මිලාන යාපා තම පුතණුවන්ද සසුන්ගත කරන්නට තීරණය කරන්නේය. මිල්ලානේ සිරියාලංකාර නමින් වර්තමානයේ දිඹුලාගල සෙනසුනේ නායකත්වය හොබවන්නේ එලෙස පැවිදිවූ මිල්ලාන යාපාගේ පුතණුවන්ය.

ගම්මාන 40ක් බිහිකළ උන්වහන්සේ මනම්පිටිය සිංහල මහ විදුහල, අරලගංවිලයාය මධ්‍ය මහා විදුහල, දිඹුලාගල මහ කස්‌සප මහ විදුහල, සේරුවිල රෝහණ විදුහල ඇතුළු පාසල් 26ක් පිහිටුවීමට මුල් වූහ. ඉන් නොනැවතුණු මෙහිමියෝ මනම්පිටිය රෝහල සහ දිඹුලාගල ආයුර්වේද රෝහලත් ආරම්භ කරන්නට නායකත්වය දෙන ලදී. දිඹුලාගල අවට කලාපයට වාරි ජලය සැපයීම පිළිබඳ දැඩි උනන්දුවක් දැක්වූ උන්වහන්සේ මාදුරුඔය ව්‍යාපාරය ආරම්භ කිරීමේ දේශපාලන නායකත්වයට දිරි දුන්නේය.

උතුරු නැගෙනහිර දෙපළාතේ නව ජනාවාස බිහිකරන්නට මුල් වූ උන්වහන්සේ පදිංචි කරන ලද පවුල් සංඛ්‍යාව 45,000කට අධික බව පැවැසේ. එහෙත් උන්වහන්සේගේ මේ වැඩපිළිවෙළ ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිගේ හිතට අල්ලලා ගියේ නැත. වර්ගයා බෝවීම ස්වභාවිකව සිදුවිය යුතු බවත් එය බලහත්කාරයෙන් සිදුකිරීම අනවශ්‍ය බවත් ජේ.ආර්.ගේ මතය විය.

දිඹුලාගල හිමියෝ ඊට පිළිතුරු දෙමින් කියා සිටියේ ‘ජනාධිපතිතුමා දැන් ඉතින් වළ පයයි, ගොඩ පයයි. සිංහල පවුල් පදිංචි කරනවාට අකැමැති නම් දෙන්න නායකත්වය ප්‍රේමදාස මහත්තයට’ යනුවෙනි. උතුරුමැද සහ නැගෙනහිර දෙපළාතේ කිරුළු නොපලන් රජු ලෙස දිඹුලාගල නාහිමියෝ අදටත් ඒ පළාත්වල ජනයා හඳුන්වති.

නැගෙනහිර තමන්කඩුවේ ජනයාගේ පමණක් නොව ලෝකවාසී බෞද්ධ ජනයාගෙ ගෞවරයට පත් දිඹුලාගල වන සෙනසුනේ අතීත කතාව එසේ වුවද පසුකාලීනව එම සෙනසුන ශාසනනික වශයෙන් මහා මෙහෙයක් ඉටුකරලන්නට සමත් වන්නේය. ආදිවාසීන් මෙන්ම අවට ගම්වල දිවිගෙවූ දිළිදු දෙමළ පවුල්වල දරුවන් ගණනාවකටම පැවිදි බව ලබන්නට හැකිවූයේ සීලාලංකාර හිමියන්ගේ උට්ඨාන වීර්යය නිසාය. ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලා අටසියයකට ආසන්න ගණනකට පැවිදි වරය ලබාදුන් දිඹුලාගල හාමුදුරුවෝ නැගෙනහිර පළාතේ ශාසනික විප්ලවයක් සිදුකළ සේක.

එදා ඒසා දැවැන්ත බෞද්ධ පුනරුදයකට පාර කැපූ දිඹුලාගලට රාජ්‍ය අනුග්‍රහය හිමිවුයේ ආර්. ප්‍රේමදාස අගමැතිවරයාගේ සම‍යේදීය. බොහෝ රාජ්‍ය නායකයන් නොතකා හළ දිඹුලාගල ජාතික තලයේ වැදගත්කමක් ඇති සිද්ධස්ථානයක කරන්නට වැඩ කළේ ඔහුය. ඉතිහාසයේ මුල්වරට දිඹුලාගලට විදුලි එළියදී එහි ඉගෙනුම ලබමින් සිටි සාමණේර භික්ෂූන් වහන්සේලා සිය ගණනකගේ නෙත් පෑදූවේ ආර්. ප්‍රේමදාස පාලන සමයේ බව ඉතිහාසය දන්නා ඕනෑ කෙනකුට රහසක් නොවේ.

දිඹුලාගලට විදුලිය දුන්නේ අලංකාරයට ලයිට් දාගෙන ඉන්නට නොව එහි විසූ හිමිවරුනගේ ජීවිත ආරක්ෂාවට සහ අධ්‍යාපන අවශ්‍යතාවයනට එය ඉතා වැදගත් වූ නිසාය. අලි ඇතුන් ඇතුළු වන සතුන් දහවල් කාලයේ පවා ගැවසෙන වන බිමක පිහිටා ඇති දිඹුලාගල වැනි වන සෙනසුනකට විදුලිය යනු අත්‍යාවශ්‍ය කාරණයකි.

එදා ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ සමයේ ලබාදුන් විදුලිය කිසිම හේතුවක් නිසා විසන්ධි කරන්නට කිසිම පාලකයෙක් කටයුතු කළේ නැත. වෙනකක් තබා දිඹුලාගල හිමිගේ ආරක්ෂාව අඩුකොට උන්වහන්සේ කොටි ත්‍රස්තයන්ගේ පහසු ගොදුරක් බවට පත්කළ චන්ද්‍රිකා බණ්ඩාරනායක රජයවත් දිඹුලාගල විදුලිය විසන්ධි කළේ නැත. එහෙත් තනි සිංහල බෞද්ධ ඡන්දවලින් බලයට ආ පොදුජන පෙරමුණේ ආණ්ඩුව පසුගිය දෙසැම්බර් මුල් සතියේ ඒ නොපනත්කම කළේය.

සිය ගණනක් භික්ෂුන් වහන්සේලා වැඩසිටි දිඹුලාගල පින් බිම කළුවරේ තබමින් එදා සිදුකළ ඒ සාහසිකකම මුළු රටම හෙළාදැක්කේය. එහෙත් වත්මන් ආණ්ඩුව එකම දේ අද යළි යළිත් කරන බව පෙන්වමින් පසු ගිය 24 වැනිදා යළිත් වරක් දිඹුලාගල ආරණ්‍යයේ විදුලිය විසන්ධි කළේය. ඒ වන විට වසර එකහමාරකට ආසන්න කාලයක් තිස්සේ ගොඩගැසී තිබූ විදුලි බිලේ එකතුව රුපියල් ලක්ෂ 50කට ආසන්න වී තිබූ බව පැවැසේ.

සැබැවින්ම සිදුව ඇත්තේ විදුලි බිල ඉහළ දැමීම නිසා එය කළමනාකරණය කරගැනීමට නොහැකි වීමය. දිඹුලාගල යනු ජාවාරාම්කාරයන් කළු සල්ලිවලින් පින් කරන්නට එන තැනක් නොවේ. එමෙන්ම එය කෝටිපති දායකයන්ගේ පරිත්‍යාගවලින් සුපෝෂිත නූතන අසපුවක්ද නොවේ. වන්දනාමාන කිරීමට එහි එන්නේ අසීරුවෙන් මග වියදම් සොයාගත් සැදැහැවතුන්ය. ඔවුනට දිඹුලාගල ලයිට් බිල ගෙවන්නට තරම් හයියක් නැත.

අනෙක් අතින් බලන කල දිඹුලාගල නැගෙනහිර පළාතේ ඇති සුවිශේෂ පින් බිමකි. එහි වැඩවසන භික්ෂුන් වහන්සේලා බොහෝය. ආරණ්‍ය සේනාසනයට අයත් පිරිවෙනේ වැඩවාසය කරන ශිෂ්‍ය භික්ෂුන්වහන්සේලාට අමතරව ගිලන්වූ භික්ෂුන්වහන්සේලා විශාල පිරිසක්ද එහි වැඩවාසය කරති. ආණ්ඩුවේ මේ විදුලිය විසන්ධි කිරීමෙන් ශිෂ්‍ය භික්ෂුන්වහන්සේලාගේ අධ්‍යාපනයට එල්ලව ඇත්තේ බරපතළ අවහිරයකි.

එමෙන්ම එහි වැඩවාසය කරන ගිලන් භික්ෂුන්වහන්සේලාගේ ජීවිතවලටද ආණ්ඩුවේ විදුලිය විසන්ධි කිරීම නිසා මතුව ඇත්තේ තර්ජනයකි. සේරටම වඩා දහවල් කාලයේ පවා අලි කොටි වලසුන් ගැවසෙන වනාන්තරයක පිහිටි වන සෙනසුනක විදුලිය විසන්ධි කිරීම දින රහිත මරණ වරෙන්තුවකට සමානය. එහෙත් වත්මන් ආණ්ඩුව භික්ෂුන් වහන්සේලා දෙතුන් සියයකට එකී වරෙන්තුව ලියා දී ඇත්තේය.

ප.ලි.
ඉකුත් 24 වැනිදා ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ විදුලිය විසන්ධි කිරීමෙන් අනතුරුව ඒ පිළිබඳ සොයාබැලීමට රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොළොන්නරු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් සමරවික්‍රම ඇතුළු පිරිසක් එහි යන ලදී. එහිදී නායක ස්වාමින්වහන්සේ හා වැඩවාසය කරන භික්ෂුන්වහන්සේලා සමග කළ සාකච්ඡාවකින් අනතුරුව භික්ෂුන්වහන්සේ ගේ යෝජනාවක් රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත් විසින් විදුලිබල අමාත්‍ය කංචන විජේසේකර වෙත දුරකතනයෙන් දැනුම් දීමෙන් පසු හිඟ විදුලිබිල මාසයකට රුපියල් ලක්ෂය බැගින්ද, සෑම මාසයකම විදුලි බිල එම මාසයේදීමද ගෙවීමට එකඟ වීමෙන් අනතුරුව දිඹුලාගලට යළි විදුලිය සබඳතාව ලබාදී ඇත.

නිර්මාල් දේවසුරේන්ද්‍ර

SendShareShare
Previous Post

මුලින් ලක්ෂ 30ක්! පස්සෙ ලක්ෂ 6ක්! ඊටපස්සෙ ලක්ෂයක්! අන්තිමේ එකවුන්ට් එකට 20000ක් දාන්න කිව්වා! අරගලේ සිටි දානිෂ් අලිට එරෙහිව හිටපු පාපන්දු ලොක්කාගෙන් බරපතළ චෝදනාවක්! VIDEO I Sri Lanka Latest News

Next Post

අදත් පළාත් පහකට වහිනවා! සමහර තැන්වල මිලිමීටර් 100 පනිනවා! I Sri Lanka Latest News

MORE NEWS

ප්‍රේමකීර්ති මරා දැම්මේ අද වගේ දවසක රෑ 8.30ට! I Sri Lanka Latest News
Exclusive

තරු පොකුරකට එළිය දුන් අවුරුදු 42දී නිවා දැමූ තනි තරුව! Sri Lanka Latest News

Exclusive

එක එක රස සිගරට් හදපු CTC සමාගමට අභියාචනාධිකරණයෙන් තහනමක්! Sri Lanka Latest News

රන් පදක්කම් 30න් 16ක්ම දිනූ කොළඹ සරසවියේ දක්ෂතම සිසුවිය හෂිනිගේ ලස්සනම දවස අවලස්සන කළ මුරුත්තෙට්ටුවේ හාමුදුරුවෝ! Sri Lanka Latest News
Exclusive

රන් පදක්කම් 30න් 16ක්ම දිනූ කොළඹ සරසවියේ දක්ෂතම සිසුවිය හෂිනිගේ ලස්සනම දවස අවලස්සන කළ මුරුත්තෙට්ටුවේ හාමුදුරුවෝ! Sri Lanka Latest News

ඔයා සිරසෙන් නේද? අයියෝ ඔයිට වඩා සදාචාරාත්මක වෙන්නකෝ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඔයා සිරසෙන් නේද? අයියෝ ඔයිට වඩා සදාචාරාත්මක වෙන්නකෝ..! VIDEO I Sri Lanka Latest News

“ලේකම්කමකට පෙම් බැන්දා – ආශා දහසක් රස වින්දා – නටු අග කටු මත කටුක බව දැනී – එනිසා මම ඉල්ලා අස්වෙමි…” I මහාචාර්ය කපිල ලේකම්කමෙන් ඉල්ලා අස්වුණේ ඇයි? ! Sri Lanka Latest News
Exclusive

“ලේකම්කමකට පෙම් බැන්දා – ආශා දහසක් රස වින්දා – නටු අග කටු මත කටුක බව දැනී – එනිසා මම ඉල්ලා අස්වෙමි…” I මහාචාර්ය කපිල ලේකම්කමෙන් ඉල්ලා අස්වුණේ ඇයි? ! Sri Lanka Latest News

සිංදුවකින් ප්‍රභාකරන් වර්ණනා කළා කියලා රට ඇතුළේ ත්‍රස්තවාදයක් හෝ යුද්ධයක් ඇතිවෙන්නේ නෑ! යාපනේ මාලිමා මන්ත්‍රී රජීවන් ජයචන්ද්‍රමූර්තිගෙන් ආන්දෝලනාත්මක කතාවක්! I Sri Lanka Latest News
Exclusive

සිංදුවකින් ප්‍රභාකරන් වර්ණනා කළා කියලා රට ඇතුළේ ත්‍රස්තවාදයක් හෝ යුද්ධයක් ඇතිවෙන්නේ නෑ! යාපනේ මාලිමා මන්ත්‍රී රජීවන් ජයචන්ද්‍රමූර්තිගෙන් ආන්දෝලනාත්මක කතාවක්! I Sri Lanka Latest News

Load More
Exclusive

එක එක රස සිගරට් හදපු CTC සමාගමට අභියාචනාධිකරණයෙන් තහනමක්! Sri Lanka Latest News

ශ්‍රී ලංකාව තුළ දුම්කොළ පාලනය සඳහා ක්‍රියාත්මක වන ප්‍රධානතම නීතිමය රාමුව වන 2006 අංක 27 දරන දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ...

Read more
ප්‍රේමකීර්ති මරා දැම්මේ අද වගේ දවසක රෑ 8.30ට! I Sri Lanka Latest News

තරු පොකුරකට එළිය දුන් අවුරුදු 42දී නිවා දැමූ තනි තරුව! Sri Lanka Latest News

රන් පදක්කම් 30න් 16ක්ම දිනූ කොළඹ සරසවියේ දක්ෂතම සිසුවිය හෂිනිගේ ලස්සනම දවස අවලස්සන කළ මුරුත්තෙට්ටුවේ හාමුදුරුවෝ! Sri Lanka Latest News

රන් පදක්කම් 30න් 16ක්ම දිනූ කොළඹ සරසවියේ දක්ෂතම සිසුවිය හෂිනිගේ ලස්සනම දවස අවලස්සන කළ මුරුත්තෙට්ටුවේ හාමුදුරුවෝ! Sri Lanka Latest News

ඔයා සිරසෙන් නේද? අයියෝ ඔයිට වඩා සදාචාරාත්මක වෙන්නකෝ..! VIDEO I Sri Lanka Latest News

ඔයා සිරසෙන් නේද? අයියෝ ඔයිට වඩා සදාචාරාත්මක වෙන්නකෝ..! VIDEO I Sri Lanka Latest News

“ලේකම්කමකට පෙම් බැන්දා – ආශා දහසක් රස වින්දා – නටු අග කටු මත කටුක බව දැනී – එනිසා මම ඉල්ලා අස්වෙමි…” I මහාචාර්ය කපිල ලේකම්කමෙන් ඉල්ලා අස්වුණේ ඇයි? ! Sri Lanka Latest News

“ලේකම්කමකට පෙම් බැන්දා – ආශා දහසක් රස වින්දා – නටු අග කටු මත කටුක බව දැනී – එනිසා මම ඉල්ලා අස්වෙමි…” I මහාචාර්ය කපිල ලේකම්කමෙන් ඉල්ලා අස්වුණේ ඇයි? ! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.