• About us
  • Contact us
Wednesday, June 10, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අලුත් හැඩයකින් අලුත් මුහුණකින් මේ එන්නේ 88-89 යුගයද?

August 10, 2022
in Exclusive, News
Reading Time: 3 mins read
A A
අලුත් හැඩයකින් අලුත් මුහුණකින් මේ එන්නේ 88-89 යුගයද?
Share on WhatsAppShare on Facebook

අමතකව යමින් තිබූ සුදු වෑන් භීතිය ගිය සතියේ අලුත් වූයේය. ඒ, කැලණිය විශ්වවිද්‍යාලයේ සිවුවැනි වසරේ සිසුවෙක් සුදු වෑන් එකකින් පැහැරගැනීම නිසාය. එලෙස පැහැරගෙන ගොස් ඇත්තේ සරසවියේ ශිෂ්‍ය ක්‍රියාකාරිකයෙකි. ඔහු පැහැරගත් කණ්ඩායම පැය දෙකකට වැඩි කාලයක් ප්‍රශ්න කර ඇති බව දැනගන්නට ඇත. ඔවුන් ප්‍රශ්න කර ඇත්තේ අන්තරේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ සහ තවත් ශිෂ්‍ය ක්‍රියාකාරිකයන් කිහිපදෙනකු පිළිබඳ තොරතුරුය. ඒ ප්‍රශ්න කිරීම් සහ පැහැරගැනීමේ පසුබිම විමසා බැලීමේදී එය මේ දිනවල සිවිල් සමාජ ක්‍රියාකාරිකයන් ඉලක්ක කර මුදාහරිමින් තිබෙන රාජ්‍ය මර්දනයේ අංගයක් බව පැහැදිලි වෙයි.

ගාලුමුවදොර අරගලය සහ රට පුරා සිදුවන විරෝධතා උද්ඝෝෂණ ආදියට මර්දන ආකාරයෙන් පිළිතුරු දීම් ආණ්ඩුව ආරම්භ කරනුයේ පසුගිය 09 වැනිදා අරලියගහ මන්දිරය ඉදිරිපිට ‘මයිනා ගෝ ගම’ට සහ ගාලුමුවදොර ‘ගෝඨා ගෝ ගම’ට එල්ල කළ ප්‍රහාර සමගිනි. එතැන් සිට මේ දක්වාම රට පුරා විවිධාකාරයේ අරගලකරුවන් මර්දනය කිරීම් දැකගත හැකි විය. මේ සියලු ආකාරයේ මර්දනයන් අපට සිහි කරනුයේ 87 – 89 භීෂණ සමය පිළිබඳ බිහිසුණු මතකයන්ය. එහෙත් ඇතැමුන් පවසා සිටියේ සමාජ මාධ්‍ය භාවිතය ඉතා දියුණු අඩියක පවතින වර්තමානයේ සිවිල් සමාජ නැඟී සිටීමක් ඒ ආකාරයෙන් මර්දනය කිරීම් වූ කලි කිසිසේත් කළ නොහැක්කක් බවය. එම කතාවේ ඇත්ත නැත්ත කෙසේ වෙතත් මේ වන විටත් අණ්ඩුව පවතින නීති රාමුවට මුවාවී අරගලකරුවන් මතු නොව සියලු විකල්ප මතධාරීන්ද මර්දනය කිරීම අරඹා අවසන්ය.
ජනාධිපති ලේකම් කාර්යාලය මුදාගැනීමේදී පොලු මුගුරු පාවිච්චියේ ආදීනව බටහිර රටවල් සහ ආයතනයන්ගෙන් ලුණු ඇඹුල් ඇතිව අසාගත් වත්මන් රජය, මේ අරගලය නිෂ්ක්‍රීය කිරීමට තවදුරටත් ප්‍රචණ්ඩත්වය යොදාගැනීමට ඇත්තේ ඉතා සුළු ඉඩකි. අරගලයට එරෙහිව ආණ්ඩුව තමන්ගේ සිස්ටම් එක චේන්ජ් කර අවසානය. ඒ අනුව ජාත්‍යන්තරයේ අපවාදයන් මඟහැර විරුද්ධවාදීන් මර්දනය කරන්නට ඇති හොඳම ක්‍රමය ලෙස ඔවුන් රටේ නීතිය හමුවේ වැරැදිකරුවන් කිරීමය. ආණ්ඩුව මේ යන්නේ ඒ පාරේය.

පසුගියදා ඩුබායි බලා යන ශ්‍රී ලංකන් ගුවන් යානයක අසුන් ගෙන සිටි අරගලයේ සක්‍රීය සාමාජිකයකු වන ධානීෂ් අලී අත්අඩංගුවට ගෙන ඔහුගේ ගමන වළකාලුවේ ප්‍රශ්නසහගත ආකාරයෙනි. ගුවන්ගත වීමට මොහොතකට පෙර අත්අඩංගුවට පත්වන ධානිෂ් අලී සමාජය හඳුනාගෙන ඇත්තෙ අරගලයේ ක්‍රියාකාරිකයකු ලෙසයි. එහෙත් ඔහු අත්අඩංගුවට ගන්නේ අරගලය නිසා නොව, පසුගිය 13 වැනිදා ජාතික රූපවානිය ප්‍රමුඛ මාධ්‍ය ආයතනයන්ට බලහත්කාරයෙන් ඇතුළුවී එහි විකාශනයට බාධා කිරීමේ චෝදනා යටතේය. සජීවීව රටම නැරඹූ ධනීෂ් අලීගේ එම විගඩම නිසා අරගල භූමියට ඔහු වීරයෙක් වුවත් රටේ පවතින නීතියට අනුව ඔහු කර ඇත්තේ බරපතළ වරදකි. එබැවින් ඔහුට එරෙහිව නඩු පැවරීමට බොහෝ දුරට ඉඩ තිබේ. ධනීෂ් අලී අරගල භූමියෙන් ඉවත් කිරීමට ආණ්ඩුව කර ඇත්තේ පොලිසිය මගින් පවතින නීතිය ක්‍රියාත්මක කිරීමය. අධිකරණයෙන් පනවා තිබූ වාරණ නියෝගයක් නොතකා උද්ඝෝෂණයක නියැළුණේ යැයි ලංකා ගුරු සම්මේලනයේ ලේකම් ජෝසප් ස්ටාලින් අත්අඩංගුවට ගෙන රිමන්ඩ් කළේ පසුගිය 04 වැනිදාය. මේවා සියල්ල අරගලය පෙරට දමා තම විරුද්ධවාදීන් දඩයම් කිරීම් බව පැහැදිලිය. එහෙත් ඒ සියල්ල නීතියේ රාමුවට දමා දෑත පිසදාගැනීමට තරම් ආණ්ඩුව උපක්‍රමශීලී වනු ඇත. එබැවින් කැති පොලු හමුදාවක් සමග ගනුදෙනු කරනවාට වඩා සූක්ෂ්ම ලෙස රනිල් වික්‍රමසිංහ රජය සමග ගනුදෙනු කිරීමට අරගලකරුවෝ ප්‍රවේශම් විය යුතුය.

කෙසේ වෙතත් රට පුරා ක්‍රියාත්මක පොලිස් මෙහෙයුම් මගින් සක්‍රීය අරගලකරුවන් පමණක් නොව දවසක් දෙකක් අරගල බිමට නිකමට ගොඩවැදුණු ගමේ ගොඩේ අහිංසක මිනිසුන්ද අත්අඩංගුවට ගනිමින් තිබේ. ආණ්ඩුව එවැනි පුරවැසියන් ඉලක්ක කර ක්‍රියාත්මක කරන මෙහෙයුම් දිනෙන් දින ඉහළ යමින් පවතී. මේ වන විට අරගලය සම්බන්ධ සිදුවීම් වෙනුවෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයන් ප්‍රමාණය සිය ගණනකි. එහෙත් ඔවුන්ට එල්ලව ඇති චෝදනා පණ ඇති මිනිසුන්ට ගෙන එන්නේ හාස්‍යයකි.

ලැබෙමින් පවතින වාර්තාවන්ට අනුව මේ වන විට ජනාධිපති මැඳුරට මුලින්ම ඇතුළු වූ පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත. ජනාධිපතිගේ ධජය ඇඳ ඇතිරිල්ලකට යොදාගෙන එහි ඡායාරූප සමාජ මාධ්‍යයේ පළකළ පුද්ගලයා අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් කර අවසානය. ඊට අමතරව ජනාධිපතිගේ පුටුවේ වාඩිවී ඡායාරූපයක් ගත් පුද්ගලයාද, ජනාධිපතිගේ බියර් වීදුරුව හොරෙන් ගත් පුද්ගලයාද මේ වන විට අත්අඩංගුවේය. යම් ස්ථානයකට අයුතු ආකාරයෙන් ඇතුළු වී එහි බඩු භාණ්ඩ රැගෙන යාම හෝ ඒවාට අලාභ හානි කිරීම නීතිය හමුවේ වරදකි. එහෙයින් ඉහත සඳහන් සිදුවීම් සියල්ල අධිකරණයකදී නඩු නිමිති විය හැකිය. එහෙත් සාමාන්‍ය මිනිසුන්ට මෙකී චෝදනා ඇසෙන විට ඇතිවන්නේ සිංහල අවුරුදු උත්සවයක තරග ලයිස්තුව කියවන විට ඇතිවන ආකාරයේ හාස්‍යජනක හැඟීමකි. අනෙක් අතට කප්පරක් ප්‍රශ්න පවතින රටක මේවාත් නඩු දැමිය යුතු ප්‍රශ්න දැයි ජනතාව විමසති. සීනි බද්දෙන්, කොරෝනා එන්නතින් කෝටි ගණන් වංචා කළ උන්ට ක්‍රියාත්මක නොවන නීතිය, බියර් වීදුරුවක් රැගෙන ගිය එකාට ක්‍රියත්මක වන විට සමාජය හමුවේ නීතිය විහිළුවක් වීම වැළැක්විය නොහැක. අපරාධ නඩුවක වැරදිකරුවෙක් වී අත්හිටුවූ සිර දඬුවම් විඳින පුද්ගලයෙක් පාර්ලිමේන්තුවේ ඇමැති ධුරයක් හොබවන රටක, පුටුවක වාඩිවූ තැනැත්තකු හිරේ විලංගුවේ වැටීම හාස්‍යයට කරුණක් නොවන්නේද?

සොයන්නට දෙයක් නැති නිසාදෝ අරගලකරුවන්ට තරු පන්තියේ හෝටලයකින් කෑම ලැබීම ගැනද පොලීසිය පරීක්ෂණ මෙහෙයවන බව වාර්තා වේ. තරු පන්තියේ හෝටලයකින් කෑම ලබාගැනීමට අරගලකරුවන්ට තහනමක් නැති සේම අරගලකරුවන්ට කෑම දීමට (නොමිලේ හෝ මුදලට) තරු පන්තියේ හෝටලයකටද තහනමක් නැත. වරද වන්නේ මුදල් නොගෙවා කෑම ලබාගත්තේ නම් පමණි. එහෙත් එවැනි දෙයක් විමර්ශනයට නම් පැමිණිල්ලක් තිබිය යුතුය. පමිණිල්ලක් පවා නොමැති අවස්ථාවක පොලිසිය අරගලකරුවන් කාපු බීපු හෝටල් හොයන්නේ අහවල් දේකටදැයි අප දන්නේ නැත. මේ උත්සාහ ගන්නේ වරදක් නැති තැන වරදක් සාදා අරගලකරුවන් කිහිප දෙනෙක් ඇතුළට අරින්නට බව නම් පැහැදිලිය.

අරලියගහ මැඳුරේ සහ ජනාධිපති මන්දිරයේ ඇඟිලි සලකුණු ලබාගැනීමේ පුවතට ඉහළ ප්‍රචාරයක් ආණ්ඩුව ලබාදීමෙන් ආණ්ඩුව උත්සාහ ගත්තේ ජූලි 09 වැනිදා අරගලයට සම්බන්ධව ජනාධිපති මන්දිරය සහ අරලියගහ මන්දිරය අල්ලාගෙන ඒවාට ඇතුළුවූ අරගලකරුවන් පමණක් නොව ඊට පසු දිනවල එකී මන්දිර දෙක නරඹන්නට වැල නොකැඩී පැමිණි ජනතාවටද තමන් අත්අඩංගුවට පත්වීමේ අවදානමක් ඇති බව සිහි කිරීමය. එබැවින් සිස්ටම් චේන්ජ් කරන්නට අරගල කරන්නන් මුලින්ම පවතින සිස්‍ටම් එක හරියට කියවාගත යුතුය. අරගලයට ලක්ෂ ගණනින් සෙනඟ පැමිණ ජනාධිපති සහ අගමැති පලවාහළ පමණින් ව්‍යවස්ථාව බල රහිත වන බව පැවසීම පෙරටුගාමී පක්ෂයේ නායක කුමාර් ගුණරත්නම්ගේ සිතුවිල්ලක් මිස යථාර්ථය නොවේ. තව දුරටත් අධිකරණයේ නඩු විභාග වනුයේ පවතින ව්‍යවස්ථාවට සහ නීති පද්ධතියට අනුවය.

අරුණ ලක්ෂ්මන් ප්‍රනාන්දු

SendShareShare
Previous Post

ගෝඨා අපේ රටට එනවා! දින 90ක් ඕන නම් ඉන්න පුලුවන්! තායි ආණ්ඩුවෙන් නිවේදනයක්!

Next Post

චීන ඔත්තු නැව ලංකාවට එන්න හදද්දී ලංකාව ඉන්දියාවෙන් ඔත්තු බලන ‌යානයක් මිලට ගන්න ලෑස්ති ‌වෙයි!

MORE NEWS

ඉන්දියාවෙ විතරක් නෙමෙයි ලංකාවෙ ගොවියොත් පාරට බහින්න වගේ යන්නේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඉන්දියාවෙ විතරක් නෙමෙයි ලංකාවෙ ගොවියොත් පාරට බහින්න වගේ යන්නේ..! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවේ හැමෝම සලේ ගැන කතා කරද්දී නාමල් ජවිපෙ ජාතික ලයිස්තුවේ හිටපු මරාගෙන මැරෙන බෝම්බකරුවන්ගේ තාත්තා ඊබ්‍රහිම් ගැන කතා කරයි! I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුවේ හැමෝම සලේ ගැන කතා කරද්දී නාමල් ජවිපෙ ජාතික ලයිස්තුවේ හිටපු මරාගෙන මැරෙන බෝම්බකරුවන්ගේ තාත්තා ඊබ්‍රහිම් ගැන කතා කරයි! I Sri Lanka Latest News

කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කන්ටේනර් 323 එළියට අදී! මීට පෙරත් අවස්ථා 14කදී බහාලුම් දහසකට වඩා පරීක්ෂා නොකර එළියට දාලා! ඇමැති නලින්ද ඉතිහාසයත් මතක් කරලාම උත්තර දෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

නීතීඥ සංගමය විරුද්ධ වුණා..! මහාධිකරණ නීතීඥ සංගමය විරුද්ධ වුණා..! කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නීතීඥවරු විරුද්ධ වුණා! ආණ්ඩුව රිවස් වුණා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජනතාවට බදු පිට බදු ගහලා බිලියන ගණන් හොයන ආණ්ඩුව සිගරට් සමාගම්වලට බිලියන 17ක බදු සහන දීලා! VIDEO I Sri Lanka Latest News

සලේ ගැන පාර්ලිමේන්තුවේදී ආනන්ද විජේපාලගෙන් අනාවරණ ගොඩක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ ගැන පාර්ලිමේන්තුවේදී ආනන්ද විජේපාලගෙන් අනාවරණ ගොඩක්! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාවෙන් ලොකු ටීම් එකක් පාර්ලිමේන්තුවට ඇවිත් පාර්ලිමේන්තුවේදී විපක්ෂනායක සජිත් හමුවෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

අමෙරිකාවෙන් ලොකු ටීම් එකක් පාර්ලිමේන්තුවට ඇවිත් පාර්ලිමේන්තුවේදී විපක්ෂනායක සජිත් හමුවෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Load More
ඉන්දියාවෙ විතරක් නෙමෙයි ලංකාවෙ ගොවියොත් පාරට බහින්න වගේ යන්නේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඉන්දියාවෙ විතරක් නෙමෙයි ලංකාවෙ ගොවියොත් පාරට බහින්න වගේ යන්නේ..! VIDEO I Sri Lanka Latest News

“ලොවෙත් නැති වෙන්න ඡන්දෙ දුන්නා” - “දැන් අනිත් පැත්ත හැරිලා ගොවියාට ලොවෙත් නැතිවෙන්න දීලා” Sri Lanka Latest News

Read more
ආණ්ඩුවේ හැමෝම සලේ ගැන කතා කරද්දී නාමල් ජවිපෙ ජාතික ලයිස්තුවේ හිටපු මරාගෙන මැරෙන බෝම්බකරුවන්ගේ තාත්තා ඊබ්‍රහිම් ගැන කතා කරයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ හැමෝම සලේ ගැන කතා කරද්දී නාමල් ජවිපෙ ජාතික ලයිස්තුවේ හිටපු මරාගෙන මැරෙන බෝම්බකරුවන්ගේ තාත්තා ඊබ්‍රහිම් ගැන කතා කරයි! I Sri Lanka Latest News

කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කන්ටේනර් 323 එළියට අදී! මීට පෙරත් අවස්ථා 14කදී බහාලුම් දහසකට වඩා පරීක්ෂා නොකර එළියට දාලා! ඇමැති නලින්ද ඉතිහාසයත් මතක් කරලාම උත්තර දෙයි!  VIDEO I Sri Lanka Latest News

නීතීඥ සංගමය විරුද්ධ වුණා..! මහාධිකරණ නීතීඥ සංගමය විරුද්ධ වුණා..! කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නීතීඥවරු විරුද්ධ වුණා! ආණ්ඩුව රිවස් වුණා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ජනතාවට බදු පිට බදු ගහලා බිලියන ගණන් හොයන ආණ්ඩුව සිගරට් සමාගම්වලට බිලියන 17ක බදු සහන දීලා! VIDEO I Sri Lanka Latest News

සලේ ගැන පාර්ලිමේන්තුවේදී ආනන්ද විජේපාලගෙන් අනාවරණ ගොඩක්! VIDEO I Sri Lanka Latest News

සලේ ගැන පාර්ලිමේන්තුවේදී ආනන්ද විජේපාලගෙන් අනාවරණ ගොඩක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.