• About us
  • Contact us
Saturday, June 6, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පන්සලක තරම් හිත නිවන තැනක්… පිරිතක තරම් සවන් සනසන හඬක්… බුදු රුව වගේ හිතට දැනුණ රුවක්… තිබුනානම් තවත් ඒ අම්මා විතරමයි I Sri Lanka Latest News

July 29, 2023
in Exclusive, News
Reading Time: 5 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

විශ්වවිද්‍යාල වරම් ලබන හැම දරුවකුගේම සිහිනය තමයි උපාධි සිහිනය. ඒ දරුවන් අවුරුදු ගානක් තිස්සේ මේ හීනය සැබෑ කරගන්න පෙරුම් පුරනවා. ගොඩාක් කැපකිරීම් කරනවා. ඒ විදියට විශාල කැපකිරීමක් කරලා තම සිහිනය සැබෑ කරගත් දරුවකු පිළිබඳ කනගාටුදායක පුවතක් අපට අසන්නට ලැබුණේ යාපනය විශ්වවිද්‍යාලයෙන්.(Sri Lanka Latest News)

විශ්වවිiාලයක උපාධි ප්‍රදානෝත්සවයක් කියන්නේ සිසු දරු දැරියන් සතුටෙන් ඉපිල යන අවස්ථාවක්. වසර ගණනාවක් තමන් දුක් මහන්සියෙන් නෙළාගත් දැනුමේ අග්‍ර ඵලය නෙළාගන්න දවස තමයි ඒ උපාධි පිරිනැමෙන අවස්ථාව.

පසුගිය ජූලි 20 වැනිදා යාපනය විශ්වවිද්‍යාලයේ 37 වැනි උපාධි ප්‍රදානෝත්සවය පැවැත්වුණා. ඊට සහභාගි වී සිටි එක්තරා මවකගේ වේදනාව සභා ගර්භයේ සිටි ආචාර්ය මහාචාර්යවරු ඇතුළු සියලු දෙනාගේ හදවත් කම්පනයට පත්කරන්නට සමත් වුණා. ඒ මවගේ වේදනාවට හේතු වුණේ තම ආදරණීය පුතණුවන් වෙනුවෙන් උපාධිය පිරිනැමෙන මොහොත වන විට එම පුතා ජීවතුන් අතර නොමැති වීමයි. ඔහු මෙලොව හැරගොස් තිබුණේ අනුරාධපුර මැදවච්චිය ප්‍රදේශයේදී සිදුවූ යතුරුපැදි අනතුරකිනි.

උපාධි ප්‍රදානෝත්සව අවස්ථාවේ වේදිකාවේ සිටි නිවේදකයා විසින් එම සිසුවාගේ නම හඬනගා පැවැසුවා.

‘දිසානායක මුදියන්සේලාගේ හෂාන් සාගර දිසානායක…’ ඒ නම උපාධි ප්‍රදානෝත්සව ශාලාවේ ගිගුම් දුන්නා.

එහෙත් ඒ නමේ හිමිකාරයා ජීවතුන් අතර නැහැ. ඒ වෙනුවට ඔහුගේ මව සභා ගර්භයට පැමිණියේ තම පුත්‍රයාට හිමි ව්‍යවහාරික ගණිතය සහ පරිගණක විද්‍යාව පිළිබඳ විද්‍යාවේදී උපාධි සහතිකය ලබාගැනීමටයි.

මෙම මව විසින් පුතුගේ උපාධි සහතිකය ලබාගැනීම සඳහා පැමිණීමට බොහෝ වේලාවක් ගතව තිබුණේ පුතුගේ නම ප්‍රකාශ කිරීමත් සමග ඇය දැඩි කම්පනයට පත්වූ නිසයි. පැමිණ සිටි සියලු දෙනා මෙම මවට ගරුකිරීමක් ලෙස ආසනවලින් නැගී සිටියා.

එම අනුවේදනීය අවස්ථාවේ දුක දරාගත නොහැකිව සිටි මේ අම්මා අස්වසන්නට යාපනය විශ්වවිද්‍යාලයේ උපකුලපති, මහාචාර්ය සී. පද්මනාදන් මහතා කටයුතු කර තිබුණා. හෂාන් මේ ලෝකේ නැති වුණත් ඒ අම්මාගේ දුක තුනී කරගන්නට අස්වැසිල්ලක් වෙමින් යාපනය විශ්වවිද්‍යාලයේ උපකුලපතිතුමා ඇතුළු අචාර්යවරුන්ට මහාචාර්යවරු නිහතමානිත්වයෙන් නැගිට මේ මවට ආචාර කළා. අපි ඔවුන්ගේ ඒ නිහතමානීත්වයට හිස නමා ආචාර කළ යුත්තේ එවැනි අවස්ථා ඉතා විරල වන නිසයි.

ඒ සුවිශේෂ මොහොත හෂාන්ගේ අම්මාට දරාගන්නට නොහැකි වේදනාත්මක අවස්ථාවක් බවට පත්ව තිබුණා. හෂාන් සියල්ලන්ම දාලා යන්නම ගිහින්. මේ අම්මාගේ සිහින බලාපොරොත්තු තම පුතා ඉෂ්ට කරලා යන්නම ගිහින්.

ඔහු අධ්‍යාපනය ලබා තිබුණේ අනුරාධපුර නිවන්තක චේතිය ජාතික පාසලෙනි. එසේම හෂාන් රජයේ පාසලක ගණිත විෂය උගන්වමින් සිසු දරුවන් දහස් ගණනකගේ ඇස් පාදන්නට කටයුතු කර තිබුණා.

පුංචි කාලේ ඉඳලා ඉගෙනගෙන එහි අග්‍රඵලය වන උපාධිය සම්පූර්ණ කරන දවසේ හෂාන් මෙලොවින් සමුඅරන් ගිහින්. සහෝදර සිසු දරුවන් අම්මලා තාත්තලා සමග උපාධිය ලබාගන්න එනකොට හෂාන්ගේ අම්මාට උපාධිය ලබාගන්න යන්න වුණේ තම ආදරණීය පුතා නැතිවයි. මේ ලෝකේ කාටවත් මේ වගේ වේදනාවක් හිමි වෙන්න එපා කියලයි අපි ප්‍රාර්ථනා කරන්නේ.

හෂාන් කියන්නේ පුංචි කාලේ ඉඳලා බොහොම ධෛර්යවන්ත දරුවෙක්. ඔහු තමන්ගේ අනාගතය සාර්ථක කරගත්තා. ඔහු ඉගෙනගෙන ටියුෂන් කෙරුවා. තමන්ටම කියලා වාහනයක් ගත්තේ තමන්ගේ උත්සාහයේ ප්‍රතිඵලයක් වශයෙන්.

ජීවිතය කියන්නේ මහා පුදුමාකාර දෙයක්. බලාපොරොත්තු නොවූ ලෙස මේ අම්මාට තමන්ගේ දරුවා අහිමි වුණා. හෂාන් තම ජීවිතයේ සිහින බොහොමයක් සැබෑ කරගත්තත්, ඒවා භුක්ති විඳින්න තරම් වාසනාවක් ඔහුට තිබුණේ නැහැ.

තමන්ගේ ආදරණීය දරුවා ලෝකය දිනලා තිබුණත්, ඒ සතුට තමන්ගේ දරුවා මේ ලෝකේ නැතිකොට කොයි අම්මාටද, කොයි තාත්තාටද දරාගන්න පුළුවන් වෙන්නේ?

අනෙක් ළමයි තමන්ගේ අම්මා තාත්තා එක්ක උපාධිය ලබාගන්න සැරසෙන්නේ දවස් ගානක ඉඳලයි. එදාට අඩම්බරයෙන් උපාධි උත්සවයට යන එක ඒ හැම ළමයකුගේම සිහිනයක්. උපාධිය ලබාගත්ත දවසේ පින්තූරය රාමුකරලා ගෙදර ආලින්දයේ තියන්නේ ආඩම්බරයෙන්. ඒත් මේ අම්මාගේ ඒ සියලු සිහින බොඳව ගිහින්. ඒත් මේ අම්මා හිතින් කී වතාවක් අඬන්නට ඇතිද?

අම්මා කියන්නේ දරුවෙකුගේ ජීවිතයේ සඳක්. පුංචි කාලේ හරි දේ වැරදි දේ කියා දීලා ආදරය සෙනෙහස දීලා දරුවෙක්ව ලොකු මහත් කරන්න අම්මා කොයි තරම් කැපකිරීමක් කරනව? අම්මා කෙනෙක්ට පුතෙක් කොච්චර ලොකු වුණත්, කොයි තරම් උසස් තනතුරු දැරුවත් එදා දැක්ක පුංචි පුතාමයි කියලා හිතන්නේ.

තමන්ගේ පුතාගේ නම කියනකොට, අනෙක් අම්මාලාට දරුවන් ගැන ආඩම්බරයක් දැනෙනකොට, මේ අම්මාට දැනුණේ හදවතට දරාගන්න බැරි මහා දුකක් වේදනාවක් ඔහු ගෙනා කර්ම ශක්තිය මේ සියලු සිහිනවලට හරස් වුණා.

අම්මා සහ තාත්තා දෙන්නාම හිටියොත් තමයි දරුවකුගේ ජීවිතය එළිය වෙන්නේ. මේ අම්මා පුතාගේ දියුණුව දවසින් දවස දකින්නට ඇති. දහසක් සිහින බලාපොරොත්තු තියාගෙන ඉන්නට ඇති. කවදා හරි මගේ පුතා මේ රටේ ලොකු මහත්තයෙක් වෙලා මට සලකයි, මාව බලාගනියි කියලා හිතන්නට ඇති. ඒත් ඒ සියලු සිහින මොහොතින් බොඳව යන්නට ඇති.

අම්මා කෙනකුගේ ආදරය, වේදනාව වචනයකින් විස්තර කරන්නට බැහැ. සියලු දුක් අම්මා කියන කෙනා දරාගන්නවා. දරුවෙක් ගෙදරින් එළියට ගිහින් ගෙදර එන්න පරක්කු වුණොත් අම්මා ඇඟිලි ගැන ගැන පාර දිහා බලන් ඉන්නේ තමන්ගේ දරුවා ගෙදර එනකල්. හෂාන්ට මේ අනතුර සිදුවුණු දවසෙත් මේ අම්මා පුතා ගෙදර එනකල් බලාගෙන ඉන්න ඇති. නමුත් ඔහු ගෙදර ආවේ නිසල දේහයක් ලෙස. අම්මා වගේ දරුවෙක්ට ආදරය කරන කෙනෙක් මේ ලෝකේ තවත් නැහැ. අම්මා කියන්නේ දරුවන්ගේ ජීවිතයට සාර්ථකත්වයේ මඟ පෙන්වන කෙනා. අම්මාගේ මුළු ලෝකයම තම දරුවායි.

නොසැලකිලිමත් රියැදුරකුගේ රිය පැදවීම නිසයි මේ අම්මාට හෂාන්ව අහිමි වුණේ. අපි වාහනයක් අතට ගත්තයි කියලා සංයමයක් නොමැතිව රිය ධාවනය නොකළ යුතුයි. අම්මා කියන කෙනා දරුවන් මැරුණත් අතහරින්නේ නැති කෙනෙක්. අපි මොන තරම් දේවල් ජීවිතේ ළඟා කරගත්තත් දවසක අපි හැමෝටම මේ ජීවිතේ දාලා යන්න වෙනවා. සියලු දේ අනිත්‍යයි. අපි තේරුම්ගත යුත්තේ එයයි. කවදා හරි මේ සියලු දේ දාලා යන්න වෙන දවසක් එනවා. හෂාන් පුතේ, ඔයාට මෙවන් අකල් මරණයක් කිසිදු ආත්මයක හිමි නොවේවායි කියලා අපි ප්‍රාර්ථනා කරමු.

නිලන්ති රේණුකා

SendShareShare
Previous Post

සිසු සැරිය බස් රථයක් අනතුරකට ලක්වෙයි! සිසුන් තිදෙනකුට තුවාල! Sri Lanka Latest News

Next Post

තරිඳු උඩුවරගෙදර අත්අඩංගුවට ගැනීම හෙළාදකිමින් නිදහස් මාධ්‍ය ව්‍යාපාරයෙන් නිවේදනයක්! Sri Lanka Latest News

MORE NEWS

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News
Exclusive

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News

දැන් රනිල්ට හොදයි! දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවකට දාලා! ඩොක්ටර් හර්ෂ ද සිල්වා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජනාධිපතිතුමා ඉතා බුද්ධිමත් කෙනෙක්! ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

Load More
අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News
Exclusive

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News

මහබැංකු අධිපතිවරයා ලෙස අර්ජුන මහේන්ද්‍රන් පත්කිරීමට තමා ජනාධිපති ලෙස කටයුතු කරද්දී දැඩි විරෝධය පළකළ බවත්, එවක අගමැති ලෙස කටයුතු කළ...

Read more
දැන් රනිල්ට හොදයි! දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවකට දාලා! ඩොක්ටර් හර්ෂ ද සිල්වා! VIDEO I Sri Lanka Latest News

ජනාධිපතිතුමා ඉතා බුද්ධිමත් කෙනෙක්! ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.