• About us
  • Contact us
Sunday, June 14, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මෙයා මේ රස්සා කරා නම් I Sri Lanka Latest News

August 17, 2023
in Exclusive, News
Reading Time: 18 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

චූටි මල්ලියි පොඩි මල්ලියි ලෙස ශ්‍රී ලාංකේය ජනතාව අතර ජනප්‍රියත්වයට පත් ප්‍රහසන ශිල්පීන් දෙපළ වන ගාමින්ද සහ සුනෙත් විසින් නවතම ප්‍රහසන වීඩියෝවක් පසුගියදා නිකුත් කළා. ‘මෙයා මේ රස්සාව කළා නම්’ ලෙස නම්කර ඇති එම වීඩියෝව ‘මව්රට’ පාඨක ඔබ වෙනුවෙන් මෙලෙස අප ගෙන එන්නෙමු. නෝනාවරුනි මහත්වරුනි අද කතාව ‘මෙයා මේ රස්සාව කළා නම්’.(Sri Lanka Latest News)

Sri Lanka Latest News

කවුද මෙයා කියන්නේ? ඔන්න මෙයා දොස්තර කෙනෙක් වෙලා. දොස්තර කෙනෙක් වුණා නම් කොයි වගේ වෙයිද. ඔන්න ලෙඩෙක්ව අරගෙන එක්කෙනෙක් එනවා.

එන්න.

අර මම කිව්වේ ඩොක්ටර් ලෙඩා.

ආ… මම බැලුවා. විශේෂයෙන් කියන්ට ඕනෙ. ඔයාගෙද ඒ ලෙඩා.

ඔව්. දැන් අපි මොකද කරන්නෙ?

විශේෂයෙන් කියන්ට ඕනෙ. මේ ලෙඩේ සනීප කරන්න අමාරුයි. නිට්ටාවට සනීප කරන්න බෑ. කන්ට්‍රෝල් කරන්න විතරයි පුළුවන්. මොකද දැන් නාඩි වැටෙනවා බොහොම හොරයි. ලෙඩාට එන්ට එන්ට අමාරුයි. මේ සතිය අමාරුයි. ඊළඟ සතිය වෙනකොට තව අමාරුයි.

එතකොට ඩොක්ටර් මෙයාට ඉස්සර තිබුණා…

නෑ නෑ… ඉස්සර තිබුණට වැඩක් නෑ. මොකද ඉතිහාසෙ වැඩක් නෑ. අපි අනාගතයට යන්ට ඕනෙ. අනාගතේට යනකොට ඉතිහාසය අපි කතා කරලා වැඩක් නෑ. මොකද මේ ලෙඩා බොහොම දුර්වල තැනක ඉන්නේ.

අපිට කරන්නම දෙයක් නැද්ද?

කරන්ට තියෙන්නේ කොන්ට්‍රෝල් කරන එක විතරයි. දවසක් කියන්ට බෑ. ගොඩ එයි කියලා කොහොමත් කියන්ට බෑ. මේකට අපිට තාවකාලිකව අයි.එම්.එෆ්. කියලා සේලයින් එකක් තියෙනවා. ඒක දීලා බලමු.

ඒකෙන් හරියන්න පුළුවන් නේද?

හරියන්ට පුළුවන්. හරි ගියේ නැත්නං ඒත් කොරන්න දෙයක් නෑ. මොකද ලෙඩාට එන්ට එන්ට අමාරුයි.

එතකොට ඩොක්ටර් අපි මොකද කරන්න ඕනෙ?

කරන්න තියෙන්නේ හිත හදාගන්න එක. මොනවා හරි වුණොත් ඉතිං අපි ඒක දෙයියංගෙ හාස්කමක් කියලා හිතාගමු.

දැන් ඔන්න ලොකු සයිට් එකක ඉංජිනේරු මහත්තුරු ඉන්න තැනක් මේක.

Sri Lanka Latest News

ආ… ඉංජිනේරු මහත්තයා.

ඔව් කියන්න. මොකද කරන්න ඕනෙ?

මෙතන පාලමක් හදන්නනේ කතා කරන්නේ?

ඒක තමයි. මේක විශේෂයෙන් කියන්ට ඕනෙ. මම මේකෙ තනිකරම වාර්තාවක් ගත්තා. මේ රිපෝට්වල හැටියට මෙතන පාලමක් හදන්ට අමාරුයි. ඉස්සරහට කොහොමත් අමාරුයි. දැං බලන්ට මෙතන පාලම හදනකොට ගොඩ දෙනකුට එගොඩ වෙන්ට නම් පාලමක් හැදුවට කමක් නෑ. මෙතන මේ එක්කෙනෙක් එගොඩ කරන්ට නේ මේ පාලමක් හදන්නේ. ඒක නිසා මේකට ලොකු වියදමක් යයි. මේකට මම හිතනවා වැල් පාලමක් හැදුවා නං ඇති කියලා. ඒ වැල් පාලමක් හැදුවා නම් ඒක හොඳටම ඇති එක්කෙනෙක්ට එගොඩ වෙන්න. එහෙම නැත්නම් තුනී වීදුරුවකින් අපට පාලමක් හදන්ට පුළුවන්. තුනී වීදුරුවකින් පාලමක් හදලා අපි එගොඩ වෙන කෙනාට කියනවා යකඩ සපත්තු දෙකක් දාලා හෙමින් සීරුවේ පාලමෙන් එගොඩ වෙන්ට කියලා. එතකොට මං හිතන්නේ එක්කෙනෙකුට එගොඩ වෙන්ට ඒ හොඳටම ඇති කියලා. ඉතිං මං හිතන්නේ ඇත්තටම ලොකු ගානක් වියදම් කරලා මහන්සි වෙලා පාලමක් හදලා තේරුමක් නෑ.

එතකොට දැන් කලින් ඉංජිනේරු මහත්තයා කිව්වනේ?

කලින් එක්කෙනා කිව්වා කියලා කරන්න බෑ. මම එයා නෙවෙයි. කලිං එක්කෙනාට ඒක බැරි වුණු නිසානේ මට කිව්වේ. මට පුළුවං විදියට මං කරනවා. ඔය හිතන තරං ඕවා ලේසි නෑ. ඒකයි. තෑන්ක් යූ….

ඔන්න මේක ලොකු ගරාජ් එකක්. බාසුන්නැහැ කෙනෙක් වාහන බල බලා යනවා වාහන.

Sri Lanka Latest News

ආ බාසුන්නැහැ… මේ අපේ වාහනේ බැලුවද?

ඒක බැලුවා.

මොකද තත්ත්වෙ?

එහෙම කියන්ට බෑ. කියන්ට අමාරුයි. ඒ කියන්නේ තියන්ට එංජිමක් නෑ. ඒකයි මෙතන තියෙන ප්‍රශ්නෙ?

ඒ කියන්නේ?

එංජිම හදන්ට අමාරුයි. හදන්ට එංජිමක් නෑ. ඇත්ත වශයෙන්ම මේක කියන්ට ඕනෙ. මේක දැං එන්ට එන්ට අමාරුයි මේ වාහනේ. පරණ වාහනනේ. මේවා ගොඩ දාන්ට අමාරුයි. මම වටේම හොඳට පරීක්ෂා කරලා බැලුවා. මේක බොහොම දරුණු තත්ත්වෙක තියෙන්නේ.

කලිනුත් ඔය වගේ ප්‍රශ්නයක් ඇවිල්ලා, කලින් එක්කෙනා හදලා දුන්නනේ?

කලින් එක්කෙනාගෙ කතා මට වැඩක් නෑ. මොකද මම ගත්තට පස්සේ මම තමයි. මට ඕනෙ විදියට තමයි වාහනේ හදන්නේ. අනිත් එක කලින් එක්කෙනා මේක සම්පූර්ණයෙන්ම මේක කාලා තියෙන්නේ. මේක ඇත්ත වශයෙන්ම කියන්ට ඕනෙ. මේකෙ බොඩි එක හොඳ නෑ. චැසි එක හොඳයි. මේකෙ එංජිමත් හොඳටම හොඳ නෑ. මේ වගේ තත්ත්වෙ තියෙන එකක් හදන්න අමාරුයි. මහත්තයට මට මෙහෙම දෙයක් කරලා දෙන්ට පුළුවන්. මේ වාහනේ ඉස්සරහට යන්ට අමාරුයි. ඒක නිසා මට මේක පස්සට යන්ට රිවස් එකට යන්ට හදලා දෙන්න පුළුවන්.

මොකක්ද අප්පා පස්සට ගිහිල්ලා හරියනවයැ? වාහනයක් ඉස්සරහටනේ යන්න ඕනේ? දැං මොකද මේකට කරන්නෙ?

මේවා පරණ වාහනනේ. මේවට පිටරට හොඳ මාකට් එකක් තියෙනවා. මොකද ඒ රටවල ඇන්ටික් වාහනනේ ගන්නේ. ඇත්ත වශයෙන්ම තියෙන්නේ මේ වගේ වාහන අපි එකතු කරලා පිටරටකට විකුණලා දාලා අලුත් වාහනයක් දෙකක් ගන්ට ඕනෙ. මොකද මේවා තියාගෙන ඉඳලා වැඩක් නෑ. තේරුණාද…? හදන එක විතරනෙ කරන්ට වෙන්නේ. මේවා හදලා හදලා මේවයෙ ආයෙ හදන්ට දෙයක් නෑ. මේක හොඳ ගානකට පිටරටකට දීගත්තා නම් යකඩවලට හරි වික්කා නම් මේ වෙලාවේ ලාබයි. ඒකයි මට කියන්ට තියෙන්නේ….

ඔන්න දැන් මාළු විකුණන කෙනෙක්ගෙ කතාවක්.

Sri Lanka Latest News

මාළු… මාළු මාළු…. සාලයෝ තියෙනවා… හුරුල්ලෝ තියෙනවා…

මේ මොනවද තියෙන්නෙ පොඩි මාළුනෙ ඔක්කොම තියෙන්නේ?

පොඩි මාළුනෙ තියෙන්නේ. ලොකු මාළු ගන්ට බෑ. තෝරු පරා කොහොමත් ගන්ට බෑ. රුපියල් තුන්දහක් විතර වෙනවා තෝර පරව්. මාළු ගන්ට හරි අමාරුයි. සාලයෝ 250ක් දෙන්නද?

එහෙම නෙවෙයි කපන මාළු මොනවද තියෙන්නේ?

කපන මාළු ගල් මාළු විතරයි. වෙන ලොකු මාළු ගෙනල්ලා වැඩක් නෑ. ලින්නො පන්සීයක් දෙන්නද?

ලින්නො සාලයො කාලා වැඩක් නෑ අප්පා… මොකද ඉතිං මාළු ඔච්චර ගණං?

බෝට්ටුවලට ණය ගෙවන්ට තියෙනවා. තෙල්වලට ලොකු ගානක් යනවා. ඊට පස්සේ බෝට්ටුවට ණය ගෙවලා, ගෝලයන්ට පඩි ගෙවන්ටත් තියෙනවා. මුදලාලිට ණයයි. අයිස් දාන්ට තියෙනවා. අයිස් දාලා ෆ්‍රීසර්වල දාන්ට තියෙනවා. ඊට පස්සේ ට්‍රාන්ස්පෝට් කරන්ට තියෙනවා. මේ ඔක්කොම කළාම ලොකු ගානක් යනවා. ඉතිං මේවා ඔක්කොම කළාම ලොකු ගානක් යනවා. එහෙම කරන්ට හරි අමාරුයි. මොකද තත්ත්වෙ එන්ට එන්න අමාරුයි.

ඉතිං දැන් මොකද කරන්නේ?

දැං මාළු කන්ට වෙන්නෙ නෑ, ඇත්ත කියන්න ඕනනෙ. බොරු කියලා වැඩක් නෑ. මොකද මාළු කන්ට පුළුවන් තත්ත්වෙක නෙමෙයි තියෙන්නේ.

හරි මේකට මොකක්ද කරන්නේ?

මිනිස්සුන්ට මාළුවල ගණන් කිව්වම මිනිස්සුන්ගෙ ඇඟේ මාළු නටනවා. ඉතිං මේක හරි අමාරුයි. මේ සේරම ගෙවාගෙන කරනවට වඩා හරි ලේසියි අපි එක සැරයක් කොහෙ හරි රටකට කතා කරලා මුළු මහ මුහුදටම ගානක් කියනවා. කියලා මුළු මහ මුහුදම ඒගොල්ලන්ට දෙනවා බද්දට. ඊට පස්සේ ඒගොල්ලො ලොකු ලොකු නැව් දාලා මාළු අල්ලනවා. අල්ලලා ඉතුරු ටිකක් අපිටත් දෙයි. ඒ මාළු කෑල්ලක් කාලා අපිටත් ඉන්ට පුළුවන්. එහෙම තමයි කරන්ට වෙන්නේ.

මේ කතාව ගොවියෙක් ගැන. කුඹුරු කොටන්න නියරේ ඇවිදිනවා. එතකොට එනවා කෙනෙක්.

Sri Lanka Latest News

මේ මොකද මේ….? අඹුඩයක් එහෙම ගහලා. හරි ලස්සනයි.

විහිළු කරන්ට එපා. ගොවියා කියලා කියන්නේ මඩ සෝදගත්තම රජ කමටත් සුදුසුයි. විශේෂයෙන්ම කියන්ට ඕනෙ. ඒක කිව්වේ රොබට් නොක්ස්. රොබට් නොක්ස්ගෙ පොතේ තියෙනවා මඩ සෝදාගත් කල ගොවියා රජකමටත් සුදුසුයි. රොබට් නොක්ස්ගෙ පොත මගේ ළඟ තිබුණා. හැබැයි දැන් ඒක මගේ ළඟ නෑ. තිබුණා නං දෙන්ට තිබුණා.

මොකක්ද කුඹුරේ තත්ත්වෙ?

වතුර නෑ. වතුර නෑ කියන්නේ කුඹුර මේවා වෙලා යනවා. පෝර නෑ. පෝර ගන්ට ගියාම එතන පෝර නෑ. යූරියා නෑ. එහෙම වුණාට පස්සේ අස්වැන්න නෑ. අස්වැන්න තිබුණත් ඒක විකුණගන්න ගියාම හරි ගානක් නෑ. ඇත්ත වශයෙන්ම කියන්ට ඕනෙ. මේ ගොවිතැන කරලා හරියන්නේ නෑ. අපි අනාගතේට යනවා නං අමුඩ ගහගෙන කුඹුරු කොටලා හරියන්නෑ….

අපි ඉතිං ඉතිහාසෙ ඉඳලා අවුරුදු ගානක් තිස්සේ…

ඒවා වැඩක් නෑ. ඉතිහාසෙ කතා කරලා වැඩක් නෑ. ඉතිහාසෙ ගැන කතා කරකර හිටියොත් අපි දේවානම්පියතිස්ස රජ්ජුරුවොන්ගෙ කාලෙට යන්ට වෙනවා. ඒ කාලෙ වවපු මෙනේරු කුරහං වවන්ට වෙනවා. ඒවා කරන්ට බෑ. මොකද ඒවා වවලා මේ ආර්ථිකේ එක්ක අපට යන්ට අමාරුයි. මේ කුඹුරු කොටලා, පොහොර ටික එනකං ඉඳලා මේවා කරලා හරියන්නෙ නෑ. අපි අලුත් තාක්ෂණයේ එක්ක යන්ට ඕනෙ. මේක අපි තනි තනියෙං කුඹුරු කෑලි කරලා හරියන්නෙ නෑ. මේ යායම එක කට්ටියකට දෙන්ට ඕනෙ. ඉතිං මම හිතනවා මේ කුඹුරු ටික අපි ඔක්කෝම එකතු වෙලා මෙච්චර හෙක්ටයාර ගානක් තියෙනවා කියලා පිටරටින් එන කොම්පැනියකට දෙන්ට ඕනෙ. ඊට පස්සේ ඒගොල්ලෝ මැෂින් දාලා කුඹුරු කරලා අපිට අස්වැන්න විකුණනවා. අපි ඒගොල්ලො කියන ගානට අස්වැන්න අරගෙන අපිට ඉන්ට පුළුවං. එතකොට මඩේ බැහැලා දුක් විඳින්න ඕනෙ නෑ.

එහෙම කරලා හරියනවයැ. ඊට පස්සේ ඒ මිනිස්සුන්ට ඕනෙ විදියටනෙ අපිට කන්න වෙන්නේ?

ඔව් ඉතිං එහෙම තමයි කරන්ට වෙන්නෙ. කොහොමත් ඉස්සරහට එහෙම තමයි කරන්ට වෙන්නේ.

සැකසුම – චානක ලියනගේ

SendShareShare
Previous Post

දරුවන් 17 දෙනකු වැදූ මවක් ගමම හඬවමින් අවසන් ගමන් යයි! VIDEO I Sri Lanka Latest News

Next Post

හෝමාගම රසායනික ද්‍රව්‍ය කර්මාන්ත ශාලාවක ගින්නක්! Sri Lanka Latest News

MORE NEWS

කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කන්ටේනර් 323 එළියට අදී! මීට පෙරත් අවස්ථා 14කදී බහාලුම් දහසකට වඩා පරීක්ෂා නොකර එළියට දාලා! ඇමැති නලින්ද ඉතිහාසයත් මතක් කරලාම උත්තර දෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

රනිල් කල් දාපු ඡන්දයක් අපි තිබ්බා! රනිල් කල්දාපු පළාත් සභා ඡන්දෙට මොනවා වෙයිද? VIDEO I Sri Lanka Latest News

පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News
Exclusive

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News
Exclusive

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

අද පාර්ලිමේන්තු වර්ජනයක්! ආණ්ඩුව පැත්තෙන් පළමු සංඥාව නිකුත් වෙයි! EXCLUSIVE
Exclusive

නන්දන ශ්‍රීගේ කැබිනෙට්ටුව…..! Sri Lanka Latest News

වවන්නෝ දිනන්නෝ කිව්වට වවන්න ගිහිල්ලා පරදින්නත් පුළුවන්! Sri Lanka Latest News
Exclusive

වවන්නෝ දිනන්නෝ කිව්වට වවන්න ගිහිල්ලා පරදින්නත් පුළුවන්! Sri Lanka Latest News

Load More
කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කන්ටේනර් 323 එළියට අදී! මීට පෙරත් අවස්ථා 14කදී බහාලුම් දහසකට වඩා පරීක්ෂා නොකර එළියට දාලා! ඇමැති නලින්ද ඉතිහාසයත් මතක් කරලාම උත්තර දෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

රනිල් කල් දාපු ඡන්දයක් අපි තිබ්බා! රනිල් කල්දාපු පළාත් සභා ඡන්දෙට මොනවා වෙයිද? VIDEO I Sri Lanka Latest News

පළාත් සභා ඡන්දය පැවැත්වීමට අවශ්‍ය නීතිය සම්පාදනය වූ පසු එය පවත්වන බව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.Sri Lanka Latest News

Read more
පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

අද පාර්ලිමේන්තු වර්ජනයක්! ආණ්ඩුව පැත්තෙන් පළමු සංඥාව නිකුත් වෙයි! EXCLUSIVE

නන්දන ශ්‍රීගේ කැබිනෙට්ටුව…..! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.