• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පිල් මාරුකිරීම… නසීර් අහමඩ්ට අත්වූ ඉරණම තවත් කී දෙනෙකුට අත්වෙයිද? I Sri Lanka Latest News

October 26, 2023
in Exclusive, News
Reading Time: 7 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

පිල් මාරු දේශපාලනය යනු ශ්‍රී ලංකාවේ දේශපාලන ඉතිහාසය තුළ සුලබව හමුවන මාතෘකාවකි. පිල් මාරු කිරීම් පිළිබඳ පිළිකුල්සහගත ආකාරයේ ප්‍රතිචාරයක් සමාජය තුළ පවතින අතර, පිල් මාරුව‌ට විරුද්ධ ඡන්දදායකයන්ට සැනසිලිදායක තත්ත්වයක් මේ වන විට උදාවී තිබේ. ඒ, පරිසර අමාත්‍ය ධුරය දැරූ නසීර් අහමඩ් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයෙන් නෙරපීමට ගත් තීරණය නීත්‍යනුකූල බවට පසුගියදා ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුවත් සමගය.(Sri Lanka Latest News)

මේ වන විට නසීර් අහමඩ්ගේ පාර්ලිමේන්තු සාමාජිකත්වය අහෝසි වී ඇති අතර, ඒ වෙනුවට ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ මඩකලපුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සඳහා අලි සාහිර් මෞලානා සෙයියඩ් පත්කරමින් මැතිවරණ කොමිෂන් සභාව අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කළේය.

ඓතිහාසික නඩු තීන්දුව

පරිසර අමාත්‍ය ධුරය දැරූ නසීර් අහමඩ්, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයෙන් නෙරපීමට ගත් තීරණය නීත්‍යනුකූල බව පසුගිය ඔක්තෝබර් හයවැනිදා ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු ක‌ළේය. ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය ඔහුගේ පක්ෂ සාමාජිකත්වය අහිමි කිරීමට එරෙහිව නසීර් අහමඩ් විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනුකරනු ලැබ තිබුණු අතර, එම පෙත්සම විභාග කිරීමෙන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණය අදාළ නියෝගය ප්‍රකාශයට පත්කර තිබිණි.

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය, විනය පරීක්ෂණ ක්‍රියාවලිය නිවැරදිව සිදුකරමින් නසීර් අහමඩ් පක්ෂයෙන් නෙරපීමේ ක්‍රියාවලිය නිවැරදිව සිදුකර ඇති බවත්, අධිකරණය එයට මැදිහත් නොවිය යුතු බවත් පිටු 62ක තීන්දුවක් හරහා ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇත.

2022 වසරේ අප්‍රේල් මාසයේදී, එවකට පරිසර අමාත්‍ය ධුරය දැරූ නසීර් අහමඩ් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉවත් කෙරිණි. ඊට අදාළ ලිපිය පාර්ලිමේන්තු මහලේකම්වරයා වෙත නිල වශයෙන් යොමුකරන ලද්දේ 2022 අප්‍රේල් මස 25 වැනිදාය.

එම පක්ෂයේ ලේකම් නිසාම් කාරිප්පර් සඳහන් කළේ, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ ප්‍රතිපත්තිවලට හා මතයට පිටුපා 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඇතුළු ආණ්ඩුවේ විවිධ තීරණයන්ට සහය දැක්වීමත් පසුව පසුගියදා අමාත්‍ය ධුරයක් ලබාගැනීමත් යන චෝදනා යටතේ නසීර් අහමඩ්ට එරෙහිව දීර්ඝ විනය පරීක්ෂණයක් සිදුකිරීමෙන් පසුව ඔහු පක්ෂයෙන් හා මන්ත්‍රී ධුරයෙන් ඉවත් කිරීමට තීරණය කළ බවය.

පිල් මාරු කිරීම යනු කුමක්ද?

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ඔහුට/ඇයට මන්ත්‍රී ධුරය හිමිවූ පක්ෂයේ මතයට විරුද්ධ මතයක් පාර්ලිමේන්තුව තුළ දැරීම සහ තමන් නියෝජනය කරන පක්ෂයට පටහැනිව ක්‍රියාකිරීම පිල් මාරු කිරීම යනුවෙන් හැඳින්වේ. එවන් අවස්ථාවක අදාළ මන්ත්‍රීවරයා හෝ මන්ත්‍රීවරිය පක්ෂ සාමාජිකත්වයෙන් නෙරපීමට අදාළ පක්ෂයේ මහලේකම්වරයා ක්‍රියා කරයි.

ඉන්පසු, අධිකරණමය ක්‍රියාවලියකට නොයන්නේ නම්, පක්ෂ සාමාජිකත්වය අහෝසි කරන ලද දිනයේ සිට මාසයක කාලයකට පසු මන්ත්‍රීවරයාගේ හෝ වරියගේ පාර්ලිමේන්තු අසුන අහිමි වන බව ආණ්ඩුක්‍ර‍ම ව්‍යවස්ථාවේ 99(13)(අ) ව්‍යවස්ථාව මගින් පැහැදිලි කර තිබේ.

අධිකරණමය ක්‍රියාවලියකට අවතීර්ණ වුවහොත් එහි තීන්දුව ලැබෙනතුරු මන්ත්‍රීවරයාගේ හෝ වරියගේ පාර්ලිමේන්තු සාමාජිකත්වය අහෝසි වන්නේ නැත.

පක්ෂ සාමාජිකත්වය අහෝසි කර මාසයක් ගතවීමට පෙර ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් ගොනු කිරීමෙන් පසු එම අහෝසි කිරීම වලංගු නොවන බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළහොත් ඔහුගේ හෝ ඇයගේ මන්ත්‍රී ධුරය අහෝසි නොවන බවද 99(13)(අ) වන ව්‍යවස්ථාවේ අතුරු වගන්තියකින් පෙන්වාදී තිබේ.

තවත් මන්ත්‍රීවරුන් පිරිසක් අවදානම් තත්ත්වයක

මෙම නඩු තීන්දුව ප්‍රකාශයට පත්කිරීමත් සමග පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ ඒ පිළිබඳ දැඩි අවධානයකින් පසුවේ. මේ වන විට, නසීර් අහමඩ්ට අමතරව තවත් මන්ත්‍රීවරුන් කිහිප දෙනකුට අදාළව ඔවුන් නියෝජනය කරන පක්ෂ විනය ක්‍රියාමාර්ග ගෙන ඇති අතර, ඇතැමුන් අධිකරණ ක්‍රියාමාර්ගවලට එළඹී තිබේ. වත්මන් ආණ්ඩුවේ අමාත්‍ය ධුර දරන හරීන් ප්‍රනාන්දු, මනූෂ නානායක්කාර, රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ ඇතුළු පිරිසක් ඒ අතර වෙති.

මේ සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාරගෙන් කරන ලද විමසීමක දී ඔහු ප්‍රකාශ කළේ, පක්ෂයේ විනය කඩකළ සියලු දෙනාගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීමට පියවර ගෙන ඇති බවය. ඔවුන් ඊට එරෙහිව ගොනු කළ පෙත්සම් විභාග කිරීමෙන් පසු ලැබෙන අධිකරණ තීන්දු අනුව ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවද ඔහු සඳහන් කළේය.

මේ අතර, පක්‍ෂයෙන් ඉවත්ව ස්වාධීනව කටයුතු කරමින් සිටින මන්ත්‍රීවරුන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තීරණය කර තිබේ.

එම තීරණය ගෙන ඇත්තේ, නසීර් අහමඩ්ගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහෝසි කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුවෙන් පසුව පැවැත්වූ විශේෂ සාකච්ඡාවක දීය.

එම තීන්දුව පිළිබඳ අධ්‍යයනය කිරීම විශේෂ නීතිඥ කණ්ඩායමකට භාර දුන් බවද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් නීතිඥ සාගර කාරියවසම් පැවසීය.

පිල් මාරු ඉතිහාසය

ශ්‍රී ලංකාවේ ඉතිහාසය තුළ පිල් මාරු කිරීම අළලා පැවරුණු නඩු කීපයක් වෙයි.

1991 වසරේ, ගාමිණී දිසානායක එදිරිව එම්.සී.එම්. ඛලීල් සහ තවත් අය නඩුව, 1993 තිලක් කරුණාරත්න එදිරිව සිරිමාවෝ බණ්ඩාරනායක සහ තවත් අය, 2000 වසරේ සරත් අමුණුගම හා තවත් අය එදිරිව කරු ජයසූරිය හා තවත් අය ආදිය ඉන් කීපයකි.

ශ්‍රී ලංකාවේ මෑතකාලීන දේශපාලන ඉතිහාසය පිරික්සීමේ දී පිල් මාරු කළ දේශපාලනඥයන් රැසක් හමුවෙයි.

කෙහෙළිය රඹුක්වැල්ල, ලක්ෂ්මන් සෙනෙවිරත්න, බන්දුල ගුණවර්ධන, මහාචාර්ය ජී.එල්. පීරිස්, දයාසිරි ජයසේකර, මංගල සමරවීර, මනූෂ නානායක්කාර, වෛද්‍ය රාජිත සේනාරත්න, ලක්ෂ්මන් යාපා අබේවර්ධන, ගාමිණී ලොකුගේ, ජොන්ස්ටන් ප්‍රනාන්දු, වසන්ත සේනානායක, විජේදාස රාජපක්ෂ, විජිත් විජයමුනි සොයිසා, හරින් ප්‍රනාන්දු, ඩයනා ගමගේ ඉන් කීපදෙනෙකි.

සරත් එන්. සිල්වා දුන් අර්ථකථනය

ජාතික මැතිවරණ කොමිසමේ හිටපු සභාපති, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ කොමසාරිස්වරයකු වන නීතිඥ නිමල් පුංචිහේවා පැවැසුවේ, හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා දුන් තීන්දුවක් අනුව පිල් මාරුකිරීම සම්බන්ධයෙන් පැවැති අර්ථකථනය වෙනසකට ලක්වූ බවය.

‘ගාමිණී දිසානායක, ලලිත් සම්බන්ධයෙන් මීට කලින් නඩු තීන්දුවක් දීලා තිබුණා. ඊට පස්සේ සරත් එන්. සිල්වා අගවිනිසුරුවරයා ලෙස වැඩ කරන කාලෙ දීපු නඩු තීන්දුවක් මගින්, තමන්ගේ හෘද සාක්ෂියට එකඟව ජනතාව වෙනුවෙන් පිල් මාරුකරන්න ඉඩක් තියෙන්න අවශ්‍යයි කියලා අර්ථකථනයක් දුන්නා. ඒත් මහජනතාව වෙනුවෙන් කියලා යන අය හෘද සාක්ෂියට එකඟව නෙවෙයි, විවිධ ප්‍රතිලාභ සඳහා යන ප්‍රවණතාවක් තමයි දකින්න තියෙන්නේ. ඒ වගේ අවස්ථාවක හෘද සාක්ෂිය කියන එක අවභාවිතාවක් සිද්ධ වෙනවා…’

කෙසේ වෙතත්, නසිර් අහමඩ් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුව හරහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට යම් අනතුරු ඇඟවීමක් නිකුත් වී ඇති බවද නිමල් පුංචිහේවා පවසයි.

‘මේ ප්‍රවණතාව හොඳයි. විවිධ තනතුරු, වරප්‍රසාද වෙනුවෙන් පිල් මාරුකරන එක අනුමත කරන්න බැහැ. ඒ අයට ජනතාව ඡන්දය දීලා තියෙන්නේ, ඔවුන් අයත් පක්ෂය සමග කටයුතු කරයි කියන විශ්වාසය මතයි. ඒ අය පිල් මාරු කළොත් ඒක ජනතා මතයට පටහැනියි. ඒ නිසා, ඉදිරියේදී පිල් මාරු දේශපාලනයේ යෙදෙන දේශපාලනඥයන්ට මේ නඩු තීන්දුව හරහා යම් අනතුරු ඇඟවීමක් නිකුත් වෙලා තියෙනවා. ඒක හොඳ ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණයක්….’

මේ අතර, ජාතික මැතිවරණ කොමිසමේ සාමාජිකයකු පැවසුවේ, ඉදිරියේ දී ලැබෙන අධිකරණ තීන්දු අනුව සුදුසු පියවර ගැනීමට සූදානම් බවය.

බීබීසී සිංහල වෙබ් අඩවියෙනි.

SendShareShare
Previous Post

කමාන්ඩෝ ගේමක් දුන්න අවුරුදු 16 කෙල්ල I Sri Lanka Latest News

Next Post

iPhone 15 හෙට ලංකාවේ නිල වශයෙන් එළියට එනවා! මමත් ගන්නවා! ඕගොල්ලොත් එන්න! මෙන්න තැන! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News
Exclusive

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News
Exclusive

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!
Exclusive

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

Load More
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News
Exclusive

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන්ගෙන් පසු කොටි සංවිධානයේ නායකයා බවට පත්වූ කුමරන් පද්මනාදන් දේශපාලන තීරණ මත නිදහසේ ගත කිරීම සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේදී අජිත් පී...

Read more
අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.