ලංකාවට ඇපල් ජංගම දුරකතන ගෙන්වා බෙදාහරින නිල ලත් එකම නියෝජිතයා වන GENXT ආයතනය මගින් හෙට (27) දිනයේදී නවතම ඇපල් ජංගම දුරකතනය වන IPhone 15 මාදිලිය ලංකාවට හදුන්වා දීමට නියමිතය.Sri Lanka Latest News
මෙම අවස්ථාවට GENXT ආයකනයේ විධායක අධ්‍යක්ෂවරයා වන රජීව් ගුණරත්න මහතා ඇතුලු කලා ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් රැසක් එක්වීමට නියමිතව තිබේ.
මේ පිළිබදව අදහස් දක්වන ජනප්‍රිය ගායක ගයාන් පෙරේරා සදහන් කළේ තිඹිරිගස්යායේ පිහිටි GENXT ආයතනයේදී මෙම එළිදැක්වීම සිදුකිරීමට නියමිත බවත්, ඒ සමග තවත් උපාංග කිහිපයක්ම ලබා ගැනීමට හැකි බවත්ය.










