• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

2024 රටට කොහොමද? I Sri Lanka Latest News

January 1, 2024
in Exclusive, News
Reading Time: 15 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

චූටි මල්ලියි පොඩි මල්ලියි කියන අනාවැකි…

නෝනාවරුනි මහත්වරුනි, අද කතාව 2024 රටට කොහොමද කියන එක. වසර ගණනාවක් තිස්සේ ලංකාව පිළිබඳ හරියටම අනාවැකි කියලා තියෙන්නේ චුට්ටෙයි පොඩ්ඩෙයි කරන මේ වැඩසටහනෙන් කියන එක මේ අවස්ථාවේ කියන්න ඕනේ. කල් ඇතුව, මාසය හරියටම බලලා අපි කියලා තියෙනවා. ටක්කෙටම අනාවැකි කියපු වැඩසටහන මේක කියලා බයනැතුව කියන්න පුළුවන්. ඔන්න මේ අවුරුද්දෙත් අපි ඒක කරනවා. ඔන්න ඉතින් ඒ සඳහා ජ්‍යොතිර්වේදීතුමා මුණගැහෙන්න තමයි දැන් ඇවිල්ලා ඉන්නේ.(Sri Lanka Latest News)

කපුටු කාක් කාක් කාක්

ආයුබෝවන්, මම කිව්වේ එනවා කියලා.

ආ ඔව් කිව්වා.

මම පත්තරෙන්. 2024 අවුරුද්දේ මොකද වෙන්නේ කියලා මට කියන්නකො.

ශ්‍රී ලංකාවේ ලග්නය කුම්භ ලග්නයනේ. කුම්භ ලග්නයේ බලපෑම තමයි අපට තියෙන්නේ.

එතකොට ශ්‍රී ලංකාව උපන්නේ කවද්ද?

නිකං මෝඩ ප්‍රශ්න අහන්න එපා. පිහිටීම අනුවයි ඒක බලන්නේ.

එහෙමද?

පිහිටීම අනුව අනුව අපට බලපවත්වන්නේ කුම්භ ලග්නේ. මේ එන වසරේ මහත්තයෝ, බඩුමුට්ටු ගණන් 20%කින් විතර මිල ඉහළ යෑමක් වෙනවා. සමහරු කියනවා ගොං කමට, නෑ 3%යි කියලා. ඒගොල්ලන්ට ගණන් බෑ. එහෙම නැත්නම් ඒ අයට කොමන් සෙන්ස් නෑ. මොකද ප්‍රවාහන ගාස්තුයි, විදුලි ගාස්තුයි වැඩිවුණාම බින්දුවේ සිට 18%කින්, අනිත් ඒවා ඔටෝමැටිකලි වැඩිවෙනවා කියන එක තේරුම්ගන්න තරම් බුද්ධියක් නැති තකතීරු මිනිස්සු තමයි ඔය වගේ තර්ක ගේන්නේ. ඒක නිසා මිනිස්සුන්ට ටිකක් අමාරු වෙනවා මහත්තයෝ. ඒ වගේම හොරමැරකම් ටිකක් වැඩි වෙනවා. චේන් කැඩිලි, පොකට් ගැහිලි, රෙදි ඉස්සිලි, ගෙවල්වලට පැනලා ඒවා මේවා ගන්න ඒවා වැඩිවෙනවා.

රෙදි උස්සනවා කියන්නේ මොකක්ද?

රෙදි උස්සනවා කියන්නේ වැල්වල තියෙන රෙදි.

ඇඳගෙන ඉන්න ඒවා නෙවෙයිනේ?

ප්‍රබල මිනිස්සු මැතිවරණවලට ඡන්දේ ඉල්ලන්න ගෙවල්වලට ගිය අවස්ථාවල ඇඳගෙන ඉන්න ඒවා පවා උස්සලා පෙන්නිලි අපට වාර්තා වෙන්න පුළුවන්. ඊළඟට විශේෂයෙන්ම කියන්න ඕනේ රට පුරාම කපුටු කාක් කාක් කියන සද්දේ නිතර රැව්පිළිරැව් දෙයි.

ඒ කියන්නේ ආයෙත් අරගලයක් එනවද?

නෑ නෑ. ඒ කියන්නේ සෙනසුරුගේ බලපෑම. සෙනසුරු ඒරාෂ්ටක බලපෑම නිසා මිනිස්සු බලු කපුටු දාන දෙනවනේ. එතකොට කපුටු කාක් කාක් කියන එක කියයි.

කලාව

මහත්තයා දැන් අපි කොටස් වශයෙන් ගමු නේද?

ඔව් කොටස් වශයෙන් ගමු.

මට කියන්නකෝ එහෙනම් දැන් කලාවට, කලාකාරයට මොකද වෙන්නේ කියලා?

ඇත්ත වශයෙන්ම මේක මේ මම කියන්නේ වෙන කෙනෙක්ගෙන් ගත්ත කතාවක්. ඒ කියන්නේ මහත්තයෝ කලාකාරයන්ට හිතෙනවා මේ වසරේ කලාකාරයෙක් වුණාට වඩා හොඳයි මෙහේ, ඉන්දියාවේ නළාකාරයෙක් වුණා නම් කියලා. එහෙම හිතෙන්න පුළුවන්. මොකද කලාකාරයාගේ තත්ත්වය, ඒ කියන්නේ කලාකරුවා කියන කෙනා රටේ සෞභාග්‍යය පෙන්නුම් කරන කෙනෙක්නේ. එයාගේ තත්ත්වය හීන වෙනවා.

එයා තමන්ට උචිත නැති තැන්වලට ගිහිල්ලා නිකං පචවෙනවා. තේරුණාද? එක එක්කෙනාව උස්සලා තියන්න ගිහිල්ලා, ගුණ වයන්න ගිහිල්ලා තමන්ට තියෙන තැන නැතිභංගස්ථාන කරගන්න තත්ත්වයක් මේ වසරේ අපට දකින්න ලැබෙනවා. ඒ වගේම තමයි දැන් තියෙනවනේ සංගීත සංදර්ශන වගේ දේවල්. ඒවා ටික ටික අඩුවෙන තත්ත්වයක් පෙන්නුම් කෙරෙනවා. ඒවා තිබුණත්, ඒවාට සල්ලි ලැබෙන්නේ නැති තත්ත්වයක්, පොරොන්දු වෙන මුදල නොදී සංවිධායක පනින තත්ත්වයක් අපේ ලග්නේ හැටියට කලාවට උදාවෙන්න පුළුවන්.

ඒ වගේම විහිළුකරන කට්ටිය ඉන්නවනේ. චූටි මල්ලි, පොඩිමල්ලි වගේ කට්ටිය. ඒ වගේ මිනිස්සු තමන්ගේ පාඩුවේ විහිළුවක් කරගෙන හිටියනේ. ඒගොල්ලන්ට පොඩි ඉල්ලුමකුත් තිබුණා. ඒක අප්‍රේල් මැයි වෙනකොටම අඩුවෙලා යනවා. ඒ කියන්නේ ඒගොල්ලන්ට බෝඩ් වෙන්න බැරි තරම් විහිළුකාරයෝ බිහිවෙන්න පටන්ගන්නවා.

විහිළු කරනවා කියන්නේ ආයේ නෑ, යටිබඩ කොරවෙන විහිළු. ඒ විහිළුවලට මිනිස්සුන්ට හිනා යනවා කියන්නේ කඳුළු පනින්න හිනායනවා. ලොකු ලොකු ස්ටේජ්වලට ඇවිල්ලා තමයි ඒ අය මේ විහිළු කරන්නේ. ඒක නිසා මේ වසර කලාකාරයෝ ඉතාම කල්පනාවෙන් ඉන්න ඕනේ. ඒ වගේම ඉතාම ප්‍රසිද්ධ ප්‍රබල දක්ෂ කලාකාරයන්ගේ අභාවය මේ වසරේ පෙන්නුම් කරනවා අපේ කේන්දරේට අනුව.

ක්‍රීඩාවට

ක්‍රීඩාවට මොකද වෙන්නේ ජ්‍යොතිෂවේදීතුමා?

විශේෂයෙන්ම කියන්න ඕනේ ක්‍රිකට් ක්‍රීඩාවට ප්ලූටෝගේ බලපෑම.

ප්ලූටෝ ඉන්න ගොඩක් ඈතනේ?

ඔව් ඔව්. ළඟ ඉන්න අයට වඩා ඈත ඉන්න අයගේ බලපෑම තමයි ගොඩක් එන්නේ. ප්ලූටෝගේ බලපෑම නිසා අසල්වැසි රාජ්‍යවල බලපෑම අපේ ක්‍රීඩාවට තදින්ම දැනෙන අවුරුද්දක්. විශේෂයෙන්ම අපි ගමු ක්‍රිකට් ක්‍රීඩාව. ජනවාරි පෙබරවාරි මාසවල කළු වලාවක රිදී රේඛාවක් වගේ පොඩි බලාපොරොත්තුවක් ඇතිවෙන වර්ෂයක් බවට පත්වෙනවා.

ඊට පස්සේ?

ඊට පස්සේ ටිකක් මැදට වෙන්න ආයෙත් පොඩ්ඩක් වැඩේ අවුල් වෙනවා. ඒ කියන්නේ එතැන ඇතිවෙන්නේ රාහුගේ බලපෑම. රාහුගේ මහ දශාව ක්‍රීඩාවට බලපානවා. ඇවිදිනවා. ඒ කියන්නේ එහෙ යනවා, මෙහෙ යනවා. ක්‍රීඩා අමාත්‍යාංශවල ඉන්න බලධාරී නිලධාරී සංගම්වල අයට හරියට රාහුගේ බලපෑම. ඒගොල්ලෝ එහේ යනවා, මෙහේ යනවා, අර රටට යනවා, මේ රටට යනවා. ඒ වගේ යනවා.

බොහෝම මුදල් නාස්තිවීම් පෙන්නුම් කරනවා. ඒ වගේම තමයි ක්‍රීඩා සංගම් තියෙනවනේ. ඒ සංගම් ආයෙත් විසුරුවනවා. ආයෙත් පටන්ගන්නවා. ක්‍රීඩාව කරන ක්‍රීඩකයෝ ටික ඇරෙන්න අනිත් ඔක්කෝම එක එක ක්‍රීඩා කරන්න පටන්ගන්නවා. බෝල පාස්කිරිල්ල, මඩ ගැහිලි, කඹ ඇදිලි වගේ ක්‍රීඩා බලධාරීන් ගොඩක් කරන්න පටන්ගන්නවා. ක්‍රීඩකයෝ අසරණ වෙලා බලාගෙන ඉන්න තත්ත්වයක් තමයි පෙන්නුම් කරන්නේ.

බිස්නස්

ව්‍යාපාර කටයුතුවලට කොහොමද?

ඒක මෙහෙමයි මහත්තයෝ. මේකෙ හැටියට නෙප්චූන් සහ රාහු එකටමයි ඉන්නේ. එකටම ගමන් කරනවා. ඒකෙ බලපෑම වෙනස්. දෙගොල්ලන්ට දෙවිදියකට බලපානවා. අපි හිතමු මහත්තයා සාධාරණ ව්‍යාපාරයක් කරගෙන, බදු ටික ගෙවාගෙන ඉන්නවා කියලා. ඔන්න මහත්තයා හොම්බෙන් යනවා. තේරුණාද? මහත්තයට අමාරු වෙනවා, මහත්තයට ප්‍රශ්න වෙනවා. මහත්තයාගේ සේවකයෝ අතර ප්‍රශ්න ඇතිවෙනවා. ඒ අතර ඉන්නවා වෙනම බිස්නස්. ජල්තර් බිස්නස්. ඩීල් බිස්නස්.

පොඩි ගේම් බිස්නස්. ආන්න ඒ වගේ අයට මහත්තයෝ පොඩ්ඩක් ඔළුව උස්සගන්න පුළුවන් වසරක් තමයි 2024දී උදාවෙන්නේ. විශේෂයෙන්ම මහත්තයෝ ඔය ඇඩ්වටයිසින් වගේ බිස්නස්වලට අවුරුද්දේ අප්‍රේල් මැයි පනිනකොට එනවා මඩ ගහන වැඩ, කබ්බෝ ෆෝම් කරන වැඩ. ඒ වගේ වැඩවලින් ලොකු ගානක් හොයාගන්න පුළුවන්. ඒ වගේම දේශීය මත්පැන් කර්මාන්තය දියුණුවට පත්වෙන වසරක් බවට පත්වෙනවා.

දේශීය කියන්නේ මොකක්ද? රාද?

මම ඒ වචනේ පාවිච්චි කරන්න කැමැති නෑ ඇත්තටම. කසිප්පු ව්‍යාපාරය ගන්නකෝ. ඒක කොච්චර බලපෑම් ආවත් බලපෑම් මැද නැගීසිටින තත්ත්වයක් පෙන්නුම් කරනවා.

කාළගුණය

දැන් එතකොට කාලගුණ දේශගුණ තත්ත්වෙ කොහොමද 2024දී?

ඇත්ත වශයෙන්ම කියන්න ඕනේ මෙතැනදී අපිට යුරේනස්ගේ බලපෑම සෙනසුරු සමග සුසංයෝග වෙනවා.

ගොඩක් ඈත ඒවමයි බලපාන්නේ නේද?

ඔව්. පස්සේ පස්සේ ළඟට එනවා. ඒකෙ බලපෑම ප්‍රබලව එල්ල වෙනවා. මොකද නිතරම යුරේනස්ගේ බලපෑම අපේ කුම්භ ලග්නෙට තියෙනවා. ඔන්න බලන්නකෝ ජනේරුවේ ටිකක් සීතල ගතියක් පෙන්නුම් කරනවා.

ඒක ඉතිං කොහොමත් තියෙනවනේ?

සීතල ගතිය එක්ක වැස්සකුත් තියෙනවා. ඕක පෙබරවාරි වෙනකොට අඩුවෙනවා. ඔන්න ඊට පස්සේ මහත්තයෝ නියඟෙ. ඕං නියඟයක් ඇතිවෙනවා මහත්තයෝ. ඕක අල්ලනවා මැයි අග විතර වෙනකං. ජුනි වගේ වෙනකොට ආපහු රටට එනවා ගංවතුර බලපෑම. තේරුණාද? ගංවතුර බලපෑමක් ඇවිල්ලා කඳු ප්‍රදේශවල ඉන්න අයට නායයෑමේ බිය ඇතිවෙනවා. ඒකෙන් පස්සේ මහත්තයෝ වැස්ස වැඩිවෙනවා. වැස්ස මාස දෙකතුනක් අල්ලලා හිටිනවා. ඒකෙන් පස්සේ මහත්තයෝ රෝග බියකුත් චුට්ටක් ඇතිවෙනවා.

විශේෂයෙන් කියන්න ඕනේ ඩෙංගු වගේ රෝග ඇතිවෙනවා. නොවැම්බර් වගේ වෙනකොට ආයෙත් ගංවතුර තත්ත්වය. අකුණු සැර වැදීම් වැඩිවෙනවා. තැන් තැන්වල කතාකරනවානේ ස්ටේජ් ගහගෙන. ඒ තැන්වලට මහත්තයෝ හෙණගෙඩි පාත්වෙනවා. ඒ වගේ තත්ත්වයක් ඇතිවෙනවා. නැවතත් දෙසැම්බර් වෙනකොට පොඩ්ඩක් ආයෙත් සීතල තත්ත්වයක් ඇතිවෙන බව තමයි කියන්න තියෙන්නේ.

සෞඛ්‍ය

එතකොට සෞඛ්‍ය ක්ෂේත්‍රය ගැන පොඩ්ඩක් කතාකරමු. මොකද මේ දවස්වල ඒ ගැන ගොඩක් අය කතාකරන නිසා?

සෞඛ්‍ය ගැන ගත්තොත් මහත්තයෝ ඇත්ත වශයෙන්ම කනගාටුදායක තත්ත්වයක් තියෙන්නේ. මිනිස්සුන්ට කන්න බොන්න නැතිවෙලා මන්දපෝෂණ තත්ත්වයක් ඇතිවෙනවා.

පාසල්වල ළමයි කලන්තේ දාලා වැටෙන තත්ත්වයක් ඇතිවෙනවා. ඒ වගේම මහත්තයෝ වසංගත රෝග බිය, කොවිඩ් වගේ රෝගවලට නැවතත් පොඩි බියක් ඇතිවෙනවා. උණ රෝග, ඉන්ෆ්ලුවෙන්සා රෝග වගේ ඒවා පොඩ්ඩ පොඩ්ඩ වැඩිවෙනවා.

ඊට පස්සේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඉන්න ප්‍රබලයන්ට දෙයියන්ගේ හාල් කැවිලා තියෙන්නේ. දන්නවද දෙයියන්ගේ හාල් කැවුණාම මොකද වෙන්නේ කියලා?

නෑනේ.

ඒක මහත්තයෝ බ්‍රහස්පතීයි, රාහුයි, සෙනසුරුයි සමකෝනී ත්‍රිකෝණයක් වගේ තැනකට එනවා. එතකොට ඔබ එක මුල්ලක සිටියා, මම තව මුල්ලක සිටියා වගේ. මොක වෙයිද දන්නේ නෑ මහත්තයෝ දෙයියන්ගේ හාල් කාපු මිනිස්සුන්ට. හිරේ විලංගුවේ වැටෙන්න වෙනවා මහත්තයෝ බර ගානකට. ප්‍රබල, මහා කෙරුම්කාරයන්ට හිරබත් කන්න වෙනවා මහත්තයෝ. හිරබත් කෑවේ නැතත් මිනිස්සු ‘තූ නොදකිං කාලකණ්ණියා’ කියන තත්ත්වයට පත්වෙනවා. එහෙම පත්වෙලා මහත්තයෝ සෞඛ්‍ය ක්ෂේත්‍රය ටිකක් පිරිහෙනවා.

ඩෙංගු වගේ රෝගත් ඇතිවෙනවා. ඒවට ගහන බේත මහත්තයෝ වැඩකරන්නේ නැතිවෙනවා. ඒ කියන්නේ බේත මහත්තයෝ තියෙනවා. ලෙඩා ඉන්නවා. බේත ගත්තට බේත අහන්නේ නැති තත්ත්වයක් මේ බලපෑම නිසා, ත්‍රිකෝණගත වීම නිසා ඇතිකරන වර්ෂයක් බවට 2024 පත්වෙනවා.

Chooty Malli Podi Malli යූටියුබ් නාලිකාවෙනි

SendShareShare
Previous Post

රට ගොඩගන්න කැපවෙමු! ජනපති අලුත් අවුරුද්දට සුබ පතයි!  I Sri Lanka Latest News

Next Post

අද ඉඳන් ෆෝන් එකක මිල 35%කින් වැඩිවෙනවා! තවත් අලුත් අවුරුදු තෑග්ගක්!  I Sri Lanka Latest News

MORE NEWS

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? VIDEO I Sri Lanka Latest News

සජබ කාන්තා දිනයටත් නෙළුම් පොකුණ පිරිලා ඉතිරිලා යන විදිහට හිතපු නැති සෙනගක් ආවා! සජබ වෘත්තීය සමිති සංවත්සරයටත් හිතපු නැති විදිහේ සෙනගක් සජබ මූලස්ථානයට ඇවිත්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

බෙදී වෙන්වෙන්නේ නැතිව එකට එකතු වී අභියෝග ජයගැනීමට විපක්ෂනායක සජිත්ගෙන් සියලු දෙනාටම ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

මොනරාගලින් අනුරාධපුරයට එලවපු.. තුට්ටු දෙකට වැටිච්ච කුට්ටිආරච්චිට පාදුක්ක හොඳටම දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුවට ගහනවා වෙනුවට විපක්ෂනායකටයි සජබෙටයි ගහලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවක් කරපු ‘නිල නොලත් ජනාධිපතිගේ’ කට නාමල් වැහුවද? දැන් කියන කතාව කොහොමද? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

චන්ද්‍රිකාගෙ කාලෙ ‘වැව් දහසක්’ පටන් ගත්ත ජවිපෙ මේ පාර ‘ගම් දහසක වැඩ දහසක්’ පටන් ගනී! I Sri Lanka Latest News

Load More
කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

ඇහැලියගොඩ ‍පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා රත්නපුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් ඊයේ (3)  අත්අඩංගුවට ගෙන තිබේ.Sri Lanka Latest News මැණික් ගලක්...

Read more
වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? VIDEO I Sri Lanka Latest News

සජබ කාන්තා දිනයටත් නෙළුම් පොකුණ පිරිලා ඉතිරිලා යන විදිහට හිතපු නැති සෙනගක් ආවා! සජබ වෘත්තීය සමිති සංවත්සරයටත් හිතපු නැති විදිහේ සෙනගක් සජබ මූලස්ථානයට ඇවිත්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

බෙදී වෙන්වෙන්නේ නැතිව එකට එකතු වී අභියෝග ජයගැනීමට විපක්ෂනායක සජිත්ගෙන් සියලු දෙනාටම ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

මොනරාගලින් අනුරාධපුරයට එලවපු.. තුට්ටු දෙකට වැටිච්ච කුට්ටිආරච්චිට පාදුක්ක හොඳටම දෙයි! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවට ගහනවා වෙනුවට විපක්ෂනායකටයි සජබෙටයි ගහලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවක් කරපු ‘නිල නොලත් ජනාධිපතිගේ’ කට නාමල් වැහුවද? දැන් කියන කතාව කොහොමද? VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.