• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

හිතුමතේම ඇවිදින් හිතුමතේ ජීවත් වී හිතුමතේම නික්ම ගිය හිතුමතේ ජීවිතේ…

January 24, 2023
in Exclusive, News
Reading Time: 3 mins read
A A
හිතුමතේම ඇවිදින් හිතුමතේ ජීවත් වී හිතුමතේම නික්ම ගිය හිතුමතේ ජීවිතේ…
Share on WhatsAppShare on Facebook

පත්තරකාරයෙක් විදියට මම ඉහේ කෙස් ගානට ලිපි ලියලා තියෙනවා. ඒ ලංකාවේ ඉන්න තරුණ මාධ්‍යවේදීන් අතර, ආධුනික පත්තරකාරයන් අතර ඉන්න කෙනෙක් විදියට. ආධුනික පත්තරකාරයෙක් විදියට ඉහේ කෙස් ගානට ලිපි ලියලා තියෙනවා නම්, අපේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියෝ කොච්චර නම් දේවල් ලියලා ඇද්ද? කොච්චර නම් දේවල් දැකලා ඇද්ද? කොච්චර නම් දේවල් ඒගොල්ලෝ අහලා ඇද්ද? ඒත් මං වගේ පත්තරකාරයෙක් ඒ වගේ සමාජයේ සිද්ධ වෙච්ච දේවල් දන්නවා නම් ඒගොල්ලෝ කොච්චර දේවල් දන්නවා ඇද්ද? මට මේ ලිපිය ලියන්න පටන් ගනිද්දී එහෙම හිතුණා. ජීවිතේ කියන්නේ මහ පුදුමාකාර දෙයක්. එක වෙලාවකට මට දැනෙන්නේ මේක කන්දක් වගේ. මේක නැගගෙන නැගගෙන යනකොට නොහිතන බාධක දහස් ගණනක් අපට මුණගැහෙනවා.

මිනිස්සු කතාවට කියනවා කන්දක් නැග්ගම පල්ලමක් හමුවෙනවා කියලා. ඒත් සාමාන්‍යයෙන් අපි දන්නවා කන්දට වඩා පල්ලමේ අවදානම වැඩියි කියලා. කන්ද පදිනවට වඩා පල්ලමේ පදින එක ලේසියි. කන්ද නගින එකට වඩා පල්ලම බහින එක ලේසියි. කන්දෙදි ගන්න තියෙන වාරුවට වඩා පල්ලමේදී ගන්න තියෙන වාරුව අඩුයි. ඒත්, කන්දට වඩා පරිස්සම් වෙන්න ඕනේ පල්ලමේදී. කන්දෙදි ලිස්සලා වැටෙනවට වඩා වැඩි ප්‍රවණතාවක් තියෙන්නේ පල්ලමේදී ලිස්සලා වැටෙන්න. පල්ලමක් බහිද්දී බයිසිකලේක බ්‍රේක් අඩුවුණොත් ඒ පල්ලම ජීවිතේ අවසානම පල්ලම වෙන්නත් පුළුවන්. පල්ලම්වල වෙන අනතුරු ප්‍රමාණය, කඳුවල සිදුවෙන අනතුරු ප්‍රමාණයට වඩා වැඩියි. පල්ලම්වලින් ඈතට වීසිවෙච්ච වාහනවලින් මිනිස්සු විස්ස තිහ මැරුණු අවස්ථා අපි දැකලා තියෙනවා. ඒ නිසා කන්ද වගේම පල්ලමත් අවදානම් බව අපි අවබෝධ කරගත යුතුයි. ඒ නිසා ජීවිතේ ආරක්ෂිත කලාපයක් නෑ. ජීවිතේ ආරක්ෂිත පහරවල් නෑ. ජීවිතේ හැම වෙලාවකම හැම තත්පරේකම හැම මොහොතකම අපට ගතකරන්න සිද්ධ වෙන්නේ අවදානම පිළිබඳ අවධානයෙන්.

බුදුරජාණන්වහන්සේ කියපු විදියට මේක තණ අග පිනි බිඳක් වගේමයි. ඒක කුමන ආගමිකයකුට වුවද විශ්වාස කරන්න සිද්ධ වෙන සත්‍යයක්. ආගමක් විදියට ගන්නේ නැතිව, දර්ශනයක් විදියට ගත්තොත් ඒක ලෝකෙටම අදාළ කරගන්න පුළුවන්. ආගමක් විදියට ගන්න ගියාට පස්සේ තමයි අපට මේක අපේ නෙවෙයි කියලා දැනෙන්න පටන් ගන්නේ. ලිපිය පටන් අරගන්නේ බණ කියන්නට නොවෙයි. නමුත් බණ කියන්නට සිද්ධ වෙන තැන්වලදී බණ කියන්නට දැන් අපට හෝ සිද්ධ වෙනවා. ඒකට හේතුව තමයි බණ කියන්න ඉන්න අය බණ නොකියන එක. එහෙම නැත්නම් තව විදියකට කියනවා නම් බණ කියන්න ඉන්න අය කියන ඒවා බණ නොවන හින්දා. බණ කියන්නට සුදුසුකම් සපිරූ බොහෝ දෙනෙක් දැන් බණ නොවන ඒවා කියන නිසා ඒ අය බණ වෙනුවට කියන්නේ වෙන වෙන දේවල්. තමන්ගෙ කටමැත දොඩවන එකට බණ කියලා කියනවා නම් ඒවායින් රටට සමාජයට වෙන වැඩේ ගැන නොහිතනවා නම් ඒ බණ කියනවට වඩා හොඳයි නොකියා ඉන්න එක.

ලිපිය පටන් අරගන්නකොටම කළ යුතු දෙයක් තියෙනවා. ඒ, මේ ලිපිය ලියන්නට පෙර කෘතහස්ත මාධ්‍යවේදී උදේනි සමන්කුමාර මහත්තයගෙන් අවසර ගැනීම. ඒකට හේතුව මේ කතාව අයිති ඔහුට. මේ කතාව රස කරලා, රටට කියලා, මිනිස්සුන්ට මේ කතාව දැනෙන්න සැලැස්සුවේ වෙන කිසිවෙක් නොවෙයි, උදේනි සමන්කුමාර කියන මාධ්‍යවේදියා. අද වෙනකොට මේ කතාවට අයිතිකාරයෝ දහස් ගණනක් හිටියත්, මේ කතාවේ හැබෑ අයිතිකරු ඔහු. ඒ නිසයි අපි ඔහුට හිස නමා ආචාර කරලා මේ කතාව පටන්ගන්නේ. මේ ලිපියේ කිසිදු කොටසක් අප විසින් සොයාගත් හෝ සොයා ගිය හෝ කතන්දර නොවෙයි. මේ සියල්ල උදේනි සමන්කුමාරයන් විසින් පැය ගණන්, දවස් ගණන්, මාස ගණන් ගතකරමින් අමාරුවෙන් හොයාගත් දේවල්. ඔහු පාරක් පාරක් ගානේ කතාව ගැටගහගත්තේ වීදියක් වීදියක් ගානේ විස්තර හොයලා. මේ පාරවල් අවට තියෙන ගොඩනැගිලි, අවට සිද්ධ වෙච්ච සිදුවීම් සියල්ල තනිවම සොයාගෙන යන්න ඔහුට සිද්ධ වුණා. ඒ සොයාගෙන යද්දී අපිත් එක්ක හිටපු තුෂාර ගුණරත්නයන් ඇතුළු පිරිස තමයි ඔහුට අවශ්‍ය ශක්තිය බවට පත්වුණේ. ඒ නිසයි මේ ලිපිය ලියද්දී උදේනි සමන් කුමාරයන්ගෙන් අවසර ගන්නේ. නමුත් මේ කතාව සම්බන්ධව විවිධ මතිමතාන්තර මේ වන විට පැතිර යනවා. සමහර අය කියනවා මේක සම්පූර්ණයෙන්ම අසත්‍ය කතාවක් කියලා. ඇත්තටම මේක අසත්‍යද, සත්‍යද කියන එක නෙවෙයි වැදගත් වෙන්නේ. මේ ලිපිය ලියන්නට පෙර මේ ලිපිය කියවන්නට පෙර බොහෝ විට ඔබ දන්නවා ඇති ඔහුට අපි කිව්වේ ‘හිතුමතේ ජීවිතේ’ කියලා. ඔහුට හිතුමතේ ජීවිතේ කියලා කියන්නේ ඔහුගේ පපුවේ කොටලා තිබුණු පච්චයක් හින්දා. ඔහු අපූරු කතාවක් තමන්ගේ ජීවිතේ සම්බන්ධව කියනවා. ඒ කතාව සමහර අය කියන්නේ ප්‍රබන්ධයක් කියලා. නමුත් ඒ තරම් සාර්ථකව ඔහුට ප්‍රබන්ධයක් ගොතන්න පුළුන් නම් ඔහු දක්ෂයෙක්. ඒ නිසා ඔහු අපූරු මනුස්සයෙක් කියන එක නම් මට මගේ හිතෙන් අයින් කරන්න බැරි කතාවක්. ඒ නිසයි මේ කතාව මේ විදියට ලියන්න තීරණය කළේ.

කොහොම නමුත් දැන් ඔහු මියගිහිල්ලා. මියගියාට පස්සේ ඔහුට අයිතිකාරයෙක් මුණගැහිලා. ඔහුගේ ඇත්ත කතාව මොකක්ද කියලා සමහර තැන්වල කියවෙමින් තියෙනවා. ඔහුගේ කතාව අලළා චිත්‍රපට නිෂ්පාදනය කරන්නත් ඇතැම් කටයුතු සූදානම් වුණා. කොහොම නමුත් මේ මනුස්සයා රටේ බොහෝ ප්‍රකට පුද්ගලයෙක් බවට පත්වෙලා තමයි මේ විදියට අවසන් ගමන් යන්නේ. කතාව ඇත්ත වුණත්, නැති වුණත් ඔහු ඇත්ත කෙනෙක් යැයි අපි උපකල්පනය කළොත් ඔහු එක පැත්තකින් මිනීමරුවෙක්. හැබැයි ඔහු මේ මනුෂ්‍ය ඝාතන සිද්ධ කරද්දී, තමන්ගේ නැගණිය වෙනුවෙන් මැරුවත්, කවුරු වෙනුවෙන් මැරුවත් ඒවා අයිති වෙන්නේ මිනීමැරුම් ගණයට බව ඇත්ත. හැබැයි අපි අහලා තියෙනවා සියල්ලටම වඩා ලේ ගනකම බව. ඔහු සමහර විට ලෝකෙට කියන්න උත්සාහ කළෙත් ඒ කතාවම වෙන්න ඇති. කොහොම නමුත් සුබ ගමන් ඔබට….

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

ජොගින් ට්‍රැක් 25ක් හැදුවා! මිලියන 1263ක් වියදම් කළා! දැන් ඉතින් සෞඛ්‍ය සම්පන්න ජාතියක් බිහිකරමු! ප්‍රසන්න රණතුංග වැඩට බහී!

Next Post

ඇප මුදල් බාර නොගන්න හපුහින්න ගහපු චක්‍රලේඛයට එරෙහිව පළමුවැනි නඩුව වැටෙයි! මගේ මූලික අයිතිවාසිකම් කඩකළා! සජබෙ කොළඹ නගරාධිපති අපේක්ෂක මුජිබර් ශ්‍රේෂ්ඨාධිකරණයට යයි! තවත් නඩු පෙළක්ම එනවා!

MORE NEWS

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.