• About us
  • Contact us
Saturday, June 6, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

උණුසුම්… උණුසුම්… උණුසුම්… රනිල් සහ ලෝක ප්‍රකට DW චැනලය අතර සම්මුඛ සාකච්ඡාව මෙන්න I Sri Lanka Latest News

October 8, 2023
in Exclusive, News
Reading Time: 40 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

DW – වික්‍රමසිංහ මහතා, Deutsche Welle වෙත ඔබව සාදරයෙන් පිළිගනිමු. එමෙන්ම අප සමග සිටීම, දින දෙකේ බර්ලින් සංවාදවලින් පසු ආපසු ගෙනයන ශුභ ආරංචි මොනවද?(Sri Lanka Latest News)

රනිල් – මට මෙතැනින් ආපසු ගත හැක්කේ අප අතර ඇති පරතරය අවසන් වෙමින් පවතින තත්ත්වය ගැන වැඩි අවබෝධයක් තිබීමයි. විශේෂයෙන් යුරෝපීය පැත්තෙන් මට පැරිස් දේශගුණ සමුළුවට සහභාගි වීමට අවස්ථාව ලැබුණු අතර, මම දැන් බර්ලිනයට පැමිණ සිටින්නේ, යුරෝපීය සංගමය, ප්‍රංශය සහ ජර්මනිය යන දෙකම අපගේ චින්තනය දන්නා අතර, අපගේ චින්තනයට අනුගත වන අතර, ඔවුන් සමහර ගැටලු විසඳීමට ක්‍රමයක් සිතමින් සිටිනවා.

DW – ඔබේ චින්තනය ගැන සම්පූර්ණයෙන්ම අවධානය යොමු නොකරන්නේ IMF ද? මම අදහස් කළේ 15% අසාර්ථකත්වයන් ඇති බැවින් අවම වශයෙන් සාකච්ඡා පැවැත්වීමට නියමිතව ඇති දෙවැනි පැකේජය නවත්වන බව IMF පසුගිය දින කිහිපය තුළ පවසා තිබුණා. ආදායම් සඳහා ඔවුන්ගේ අපේක්ෂාවන් සපුරාලීමට උත්සාහ කිරීම, එයින් අදහස් කරන්නේ ඔබට බදු අයකරන ආයතනයක් ඇති බවයි. මෙය ඉතා සිත් ඇදගන්නාසුලු බව පේනවා. මෙය වේගවත් කිරීමට විශේෂ සැලැස්මක් තිබේද?

රනිල් – මම හිතන්නේ නෑ අපි එකඟතාවකට ආවා කියලා දෙවැනි පැකේජය නවත්තනවා කියලා. අපි මේ අවුරුද්දේ කරපු දේවල ප්‍රතිඵල ලබන අවුරුද්දේ පෙන්වනවා කියන ස්ථාවරයේ අපි ඉන්නවා. ඉලක්කය, සමහර ඉලක්ක සපුරාගත නොහැකි බව සෑම විටම දැනෙනවා. ඔවුන්ට ඒ ගැන දන්වලා තියනවා. දැන් ඒ අය කතා කරන්නේ ඒ හිඩැස පුරවන්නේ කොහොමද කියලා. අපි එකඟ නොවුණු යෝජනා තියෙනවා. සාමාන්‍ය ජනතාවගේ බර තවත් වැඩි වෙන්න පුළුවන් කියලා අපිට හිතෙන නිසා. IMF විකල්ප යෝජනා කිහිපයක් ගේන්න කියලා දන්වල තිබුණා. මම විකල්ප යෝජනා එයාලට දීලා තිබුණත් එයාලා පහුවදා පිටත් වුණා.

DW – ඔබට බාධා කිරීම ගැන කනගාටුයි, ඔබට බදු පැහැර හැරීම ගැන ඉතිහාසයක් තියෙනවා. ඔබ බලයේ සිටින බැවින් මෙය ඔබට ප්‍රවෘත්තියක් විය නොහැකියි?

රනිල් – බලන්න මම තමයි මුලින්ම ඒක පිළිගන්නේ. අපි කියනවා අපිට අලුත් ආදායම් අධිකාරියක් තියෙන්න ඕනෙ කියලා. මම 2003 මෙම යෝජනාව ගෙනාවා. 2004 මැතිවරණයෙන් මම පැරදුණා. අපි එකඟ වූ ආදායම් පැහැර හැරීම ගැන පමණක් ප්‍රශ්නයක් නැහැ. ඒ ආදායම අපි කොහෙන්ද ගන්නේ. ආදායම් පැහැර හැරීම අවුරුද්දකින් ජයගන්න බැහැ. අපට කියනවා ඔවුන් එය ලබාදීමට එකඟ වී ඇති බව දැනටමත් කතාකර ඇති අතර, දැන් අපි මුදල් සොයා ගන්නේ කොහෙන්ද? එය ළඟදීම විසඳේවි.

DW – කොපමණ කාලයක් ගතවේද?

රනිල් – ලබන සතිය වෙනකොට ඒක විසඳෙයි කියලා හිතනවා.

DW – දරිද්‍රතාව සුරැකීම පිළිබඳ ඉතා වැදගත් ප්‍රශ්නයක් Save the Children international ශ්‍රී ලංකාවේ දැඩි කුසගින්න පිළිබඳ අර්බුදයක් ගැන කතා කරනවා.

රනිල් – පසුගිය වසරේ දරුණු සාගින්න පිළිබඳ අර්බුදයක් තිබුණා. මෙම පැකේජය අවසන් වූ පසු අපි ඊළඟ පියවර ගන්න බලාපොරොතු වෙනවා. ආර්ථිකයක් කඩාවැටෙන විට එය එසේ විය යුතුය. මිනිසුන්ට ඉන්ධන තිබුණෙ නෑ. රැකියා කර්මාන්ත කඩා වැටෙමින් තිබුණා. අපි එය සමග යමින් සිටියා. දැනට සංචාරක ව්‍යාපාරය සම්බන්ධයෙන් ගත් කල, සමස්ත ක්ෂේත්‍රයම නැඟීසිටින බව කිව හැකියි.

DW – Save the Children වාර්තාව සතියකට කලින් නිකුත් කළ එකක්?

රනිල් – මම ඒක දැකලා කියවලා තියෙනවා. අපි ඒ ගැන එකඟ නොවෙන්න පුළුවන්. සංඛ්‍යාලේඛන ගැන අපි එකඟ නොවෙන්න පුළුවන්. කුසගින්න තියෙනවා මම නැහැ කියන්නේ නැහැ. නියත වශයෙන්ම ආර්ථිකය කඩාවැටෙද්දී එය එසේ විය යුතුයි. මම නැහැ කියන්නේ නැහැ. ළදරුවන් ගැන නවතම පරීක්ෂණ වාර්තා තියනවා. එය හුදෙක් බඩගින්න පිළිබඳ ප්‍රශ්නයක් නොවේ. ඇති විශාල ප්‍රමාණයක ළදරුවන් නියමිත ආකාරෙයේ ළදරු ආරක්ෂාව නොමැතිව ඉන්නවා. එම වාර්තා මට ගිය සතියේ ලැබුණේ.

DW – අධ්‍යාපනයත්?

රනිල් – අධ්‍යාපනය කඩාවැටුණා. දැන් අපි උත්සාහ කරනවා සාමාන්‍ය කාලසටහනකට 2024 ද යන්න ගැන. අපි මේ පිළිබඳ දීර්ඝකාලීන ප්‍රතිසංස්කරණ සැලසුම් සකස් කරමින් ඉන්නේ. අපිට දොස් නගන්න පමණක් ක්‍රියා කිරීම වැරදී.

DW – නැහැ, නැහැ, දොස් නැගීමක් නොවෙයි. රජය මෙම ප්‍රශ්නය විසඳීමේ කාලය පිළිබඳ ගැටලු තියෙනවා?

රනිල් – හොඳයි ඔබට හැකිද මෙය විසඳන්න වසරකින්?

අපගේ අර්ථිකය කඩාවැටුණා. මේ අවුරුද්දෙ එය නැවත නැගී සිටීමට උත්සාහයක් පෙනෙන්න තියෙන්නේ. බඩගින්න අඩුවෙලා. දරිද්‍රතාව අඩුවෙනවා. බොහෝ දෙනාට රැකියා ලැබෙනවා. මෙය පරිවර්තනාත්මක කාලයක්. කුසගින්න නැහැ කියල අපි කියන්නේ නැහැ. කුසගින්න තියෙනවා. ඒ නිසා මම භාරගත්තේ බඩගින්න නැති කරන්න.

DW – හොඳයි, අපි දැන් යමු පසුගිය සති කීපය තුළ ශ්‍රී ලංකාවේ විශාල කතාවක් බවට පත්වුණු Channel 4 සිදුවීමට. රටේ සමහර රජයේ සාමාජිකයන් සහ ත්‍රස්තවාදී කණ්ඩායම් සමග භයානකම ත්‍රස්ත සිදුවීම සම්බන්ධව?

රනිල් – ඔබ ඇයි Channel 4 පූජනීය ලෙස සලකන්නේ?

DW – නැහැ, මම නියත වශයෙන් එහෙම කරන්නේ නැහැ.

රනිල් – එංගලන්තයේ බොහෝ දෙනා එසේ කරන්නේ නැහැ. ඇයි ඔබ Channel 4 ගැන පමණක් කතා කරන්නේ?

DW – නැහැ. ඒ සම්බන්ධව ප්‍රබල චෝදනාවක් තියෙනවා.

රනිල් – මාධ්‍යයෙන් චෝදනාවක් කළ පලියට මම එය ගැන ක්‍රියාකළ යුතු නැහැ. හිටපු නීතිපති චෝදනාවක් කළා. හිටපු රහස් පොලීසියෙ අධ්‍යක්ෂවරයෙක් චෝදනා කළා. ඔබ ඒවා සම්බන්ධව ප්‍රශ්න කරන්නෙ නැත්තේ ඇයි?

DW – එය හුදෙක් ප්‍රකාශයක් නෙවෙයි. එය කතෝලික පල්ලිය පරීක්ෂණයක් ඉල්ලා සිටින්නේ. හිටපු ජනාධිපතිවරයෙක් ඔබ සමග සේවයේ යෙදුණා.

රනිල් – ඔබ මෙය කලින් ඇහුවේ නැහැ. මම ප්‍රශ්න කළාට පසුවයි මෙය අහන්නේ. හිටපු ජනාධිපතිවරයෙක් පරීක්ෂණයක් ඉල්ලුව බව, ඔබ කතා කළේ Channel 4 (‘Gospel truth’) සුබ ආරංචියේ දේව පණිවුඩයක් රැගෙන ආ බවට හැඟෙන පරිදි…

(දෙපාර්ශ්වයෙන් බාධාකර ගැනීම්)

රනිල් – මම උත්තර දෙන්නද?

DW – කරුණාකරලා.

රනිල් – ප්‍රථමයෙන් channel 4 සම්බන්ධයෙන් මම පරීක්ෂණ කොමිසමක් පත්කරලා තියෙනවා. විනිශ්චයකාරවරයෙක් ප්‍රධානියා ලෙසට සහ හිටපු ගුවන් හමුදාපතිවරයා, ප්‍රසිද්ධ නීතිඥවරයෙක්, එය සම්බන්ධව සොයා බැලීමට.

දෙවැනුව, DW මෙම කොමිසම ගැන කිසිවකුගේ පිළිගැනීමක් නැහැ. එයට කිසිම බලයක් නැති නිසා.

රනිල් – එය ඔබගේ මතය. මගේ නොවේ.

DW – නැහැ නැහැ.

(දෙදෙනා එකවර කතාකර ගනී)

රනිල් – මට ඉවර කරන්න දෙන්න…

DW – පිළිතුරු දෙන්න බැරි නම් එසේ නොකර ඉන්න පුළුවන්. නමුත් මට ප්‍රශ්න කරන්න පුළුවන්.

රනිල් – නැහැ, එය ඔබේ අදහස…..

DW – කතෝලික පල්ලිය?

රනිල් – අමතක කරන්න, මම කතෝලික පල්ලියෙන් අහන්නේ නැහැ. මම කටයුතු කරන්නේ රදගුරු සම්මේලනය සමගයි. කාදිනල් හිමි සමග නොවේ. රදගුරු සම්මේලනය සියලුම වෙළුම් ඉල්ලා සිටියා. මම ඒක ඔවුන්ට ලබාදීලා තියෙන්නේ.

DW – ඔවුන් ස්වාධීන පරීක්ෂණයක් බලාපොරොත්තු වෙනවා?

රනිල් – ස්වාධීන පරීක්ෂණයක් තියෙනවා ඔවුන් එකඟ වුණු. ඔබ රදගුරු සම්මේලනය සමග කටයුතු කරන්නේ නැහැ මම වගේ. ඔවුන් පැමිණ මා හමුවෙනවා. ඔබ නොවේ, ඔබ මෙතැන වාඩිවී ඉන්නවා කඩදාසි කැබැල්ලක් සමග.

DW – සත්තකින්ම.

රනිල් – මම රදගුරු සම්මේලනය සමග කතා කරලා තියනවා. මම නැවත ඔවුන් සමග ගියාට පසු කතාකරනවා.

දෙවැනුව පර්ලිමේන්තු කමිටුව. මෙයින් යමක් අතපසුවී තිබුණා නම් පාර්ලිමේන්තු කමිටුව ඒ ගැන සොයා බලනවා. පර්ලිමේන්තුව තමයි අවසානයේ තීරකයා.

ජනාධිපති සිරිසේනගේ කාරණය සම්බන්ධව මම නැවත පැමිණි පසු ඔහු මා හමුවේවි. එවිට මම ඔහුගෙන් අහන්නම් ඔහු එක කමිටුවක් පත් කළ නිසා ඔහුට තව එකක් අවශ්‍යද කියලා. මම කිසි දෙයක් කරලා නැහැ. කිසි දෙයකට සම්බන්ධ නැහැ. මම එය විසඳන්න හදන්නේ. ඔබ කාදිනල්ගෙන් කඩදාසි කැබැල්ලක් අරගෙන කියවනවා. ඔබ Bishop conference සමග කතා කරලා තියෙනවද?

DW – නැහැ.

රනිල් – එසේ නම් ඔබට කිසිදු අයිතියක් නැහැ එය සම්බන්ධව කතාකරන්න.

DW – මම හිතනවා මෙය අතිශයෝක්තියක් කියලා. එම ප්‍රශ්නය මහජනයාගේ දැනගැනීම වෙනුවෙන් ගොනුකළ එකක්.

රනිල් – මහජනයාගේ දැනගැනීම වෙනුවෙන් මම පිළිතුරු දෙන්නේ. ඔබ කවුද ?

DW – අපි ඊළඟ ප්‍රශ්නයට යමුද?

රනිල් – හොඳයි. ඔබ මෙහි පැමිණියේ ප්‍රශ්න අහන්න නොවෙයි, මාව කොන්කරන්න, මම කිසි දෙයක් නොකරන්නෙක් වගේ. ඔබගේ මෙම බටහිර ආකල්ප නැතිකරගන්න.

DW – මට දැනගන්න ලැබුණා කිහිප දෙනෙක් ඉල්ලා සිටිනවා ස්වාධීන ජාත්‍යන්තර පරීක්ෂණයක්..

රනිල් – ශ්‍රී ලංකා රජයට ජාත්‍යන්තර පරීක්ෂණ අවශ්‍ය නැහැ. සුළු පිරිසක් ඉල්ලන්න ඇති. නමුත් පර්ලිමේන්තුව නොවේ. මට අමතක වුණා ඔබට යමක් කියන්න. FBI වාර්තාව අනුව පිටස්තර කිසිවකුත් සම්බන්ධ නැහැ කියලා. අපිට FBI, එංගලන්ත පොලිසිය, ඔස්ටේ්‍රලියානු පොලිසිය, ඉන්දියාව, චීන, පාකිස්තාන වාර්තා තිබුණා.

DW – ඔබට තේරෙනවද මෙය හුදෙක් කට වචනයට පමණක් සීමා වූවක් කියලා?

රනිල් – නැහැ, FBI, Indian English, Australian, Chinese රහස් සේවා වාර්තා කරලා තියෙනවා නම් ඔබ මොනවද කියන්නේ?

මම සත්‍ය කතා කරනවා. ඔබ බේගල් ඇදබානවා.

DW – ඔබ එසේ වියහැකිය. ඔබට කැමැති ආකාරයකට පිළිතුරු දෙන්න පුළුවන්. නමුත් මට මගේ ප්‍රශ්නය අහන්න ඉඩදෙන්න.

රනිල් – මම ඔබට කියා සිටිනවා මට චෝදනා කරන්න එපා මෙතැනට ඇවිත්. මෙය සිදුවිය යුත්තේ මෙසේ නොවේ. මෙය අහන්න, මම මෙම ක්‍රීඩාවේ නියැළෙන්නේ ඔබට වඩා සෑහෙන කාලයක ඉඳන්.

DW – මම විශ්වාස කරන එහෙම කියලා.

රනිල් – මම රූපවාහිනිය සහ මාධ්‍ය සමග සම්බන්ධ වෙලා තියනවා.

DW – ඔවු සත්‍ය වශයෙන්ම.

රනිල් – මම යමක් කියන්නම්. බටහිර මාධ්‍ය හිතනවා අපි වැරදියි කියලා. අපි විමර්ශන කරන ආකාරය නම් ශ්‍රී ලංකා නිලධාරීන් සම්බන්ධ කරගෙන. නමුත් ඔබ කියන්නේ එය සම්පූර්ණයෙන් වැරදී කියලා.

DW – නැහැ.

රනිල් – අපි ජාත්‍යන්තර් පරීක්ෂණ කිසිම ප්‍රශ්නයක දී යොදාගන්නේ නැහැ. එංගලන්තයේ එහෙම නැහැ. ජර්මනියේ එහෙම නැහැ. ඔබ කියන්නෙ එහෙම පැවැත්වුණු පර්යේෂණයක් ගැන? පෙන්වන්න එංගලන්තය එහෙම තිබුණද? ඇයි ශ්‍රී ලංකාවට සහ අසියානුවන්ට පමණක් බලකරන්නේ? ඔබ හිතනවද අපි දෙවැනි පන්තියේ කියලා?

DW – නැහැ, මම එහෙම හිතන්නේ නැහැ.

රනිල් – එහෙම නම් ඇයි එහෙම අහන්නේ?

DW – ඒ, ඔබට කොමිසම් සම්බන්ධයෙන් ඉතිහාසයක් තියෙනවා. අඩු වශයෙන් 2008 සිට අද දක්වා අඩ සියවසක කාලයක, මට දීර්ඝ ලැයිස්තුවක් ඉදිරිපත් කරන්න පුළුවන්. උදලාගම, උගත් පාඩම්.

රනිල් – මම කියන්නද මෙය පාස්කු පිපිරීම සම්බන්ධ කොමිසමක් සහ මේ සම්බන්ධව ප්‍රමාණවත්. අපි ඒවා සම්බන්ධව ක්‍රියාකර තියෙනවා. reconsiliation සම්බන්ධව එය සම්පූර්ණයෙන් වෙනස්. සමහර ඒවා සම්බන්ධව අපි ක්‍රියා කරලා තියෙනවා. සමහර ඒවා නැහැ.

DW – වික්‍රමසිංහ මහතා, මෙහිදී ඔබ මට කතා කරන්න ඉඩදිය යුතුයි.

රනිල් – ඔබ හිතනවා නම් අපි තුන්වැනි පන්තියේ රටක් කියලා?

DW – මම එහෙම නැහැ.

රනිල් – ඔබ සියල්ල වැරදියට වටහාගෙන. මට කතාකරන්න දෙන්නේ නැහැ. ඔබ පැමිණියේ මට කඩාපනින්න සහ මාව කොන් කරන්න. එය සිදුවුණේ නැහැ. දැන් මට කතාකරන්න දෙන්නේ නැහැ. එම නිසා මම ඔබෙන් ප්‍රශ්න අහනවා.

DW – නැහැ කවර විටවත් කඩාපැන්නේ නැහැ.

මීළඟ ප්‍රශ්නය UNHCR හි අවසාන වාර්තාව ශ්‍රී ලංකාවේ මානව හිමිකම් ගැන ඉතාමත් අශෝභනයි. එම නිසා ඇමෙරිකානු කොංග්‍රසයේ 12 දෙනෙක් බයිඩන් පාලනයෙන් ඉල්ලීමක් කරලා තියෙනවා. ඔබ රජයට බලකරන්න කියලා ඔබ මෙය සම්බන්ධව ක්‍රියා කරන ආකාරය ගැන. ඔබ ළඟදී ප්‍රකාශ කරා සත්‍ය සහ ප්‍රතිසන්ධාන කොමිසමක්. මම කලින් සඳහන් කළ ඒවාට අමතරව සත්‍ය වශයෙන්ම බලයක් නැති…

DW – මීළඟ ප්‍රශ්නය, මෑතකදී නිකුත් වුණු එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් වාර්තාව ශ්‍රී ලංකාව ගැන සඳහන් කරන්නේ ඉතා අශෝභන ලෙස. ඇමෙරිකානු කොංග්‍රසයේ මන්ත්‍රීවරුන්ගෙන් 12 දෙනෙක් ඉල්ලා සිටින්නේ ඔබගේ රජය මේ සම්බන්ධව ගන්න පිළියම් සම්බන්ධව බලකිරීමක් කරන ලෙසට. ඔබ මාස කීපයකට පෙර සඳහනක් කර නව සත්‍ය සහ ප්‍රතිසන්ධාන කොමිසම මම කලින් සඳහන් කළ ඒවාට අමතරව පත්කරනවා කියලා…..

රනිල් – ඔබ වරදවා ගත්තා. එය සාමාන්‍ය ජනාධිපති කොමිසමක් නොවේ. සත්‍ය සහ ප්‍රතිසන්ධාන කොමිසම එකඟ වුණා මේ රටවල් සමග අපි සත්‍ය සහ ප්‍රතිසන්ධාන කොමිසම ස්ථාපිත කර ඇති බවට. මේ මොහොතේ සාකච්ඡා පැවැත්වෙනවා අදාළ පාර්ශ්ව සහ රජය සමග. අපි බටහිර රටවල් සමග කතා කරනවා. සෙනට් සභිකයෝ මෙය ඉදිරිපත් කරන්න පුළුවන්. නමුත් අපි බටහිර රටවල් සමග සාකච්ඡා කරනවා සහ සත්‍ය සහ ප්‍රතිසන්ධාන පනත වසර අවසානයට පෙර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා.

මම භාරගත්ත නිසා බරපතළ ප්‍රශ්නයක් නැහැ.

DW – ඔබටම බලා ගන්න පුළුවන් ඹභ මානව හිමිකම් වාර්තාව ඉතා මෑතදී නිකුත් කළ මාසයකට අඩු වකවානුවක තුළ, මට විශ්වාසයි ඔබ එය කියවා ඇති බවට. (බධා කිරීම්)

රනිල් – මම කියන්නම්.

DW – කරුණාකර මට කතා කරන්න ඉඩදෙන්න.

රනිල් – නැහැ, ඒ ඹභ වාර්තාව ප්‍රතික්ෂේප කරා.

DW – කවුරුන් විසින්ද?

රනිල් – ශ්‍රී ලංකා රජය එය ප්‍රතික්ෂේප කළා. මම එම UNHCR වාර්තාව පිළිගන්නේ නැහැ.

DW – එසේ නම් UN මෙය සම්බන්ධව වැරදිද?

රනිල් – UN නොවෙයි, මානව හිමිකම් කොමිසම වැරදියි.

DW – UNHCR වැරදී. එසේම Amenesty සහ Human rights watch වැරදිද?

රනිල් – HR කොමිසම වැරදියි. Amenesty International අලුත් දෙයක් කියනව නම් කියපුදෙන් බලමු.

DW – ඔබ කැපවෙනවද අපරාධ පරීක්ෂණයකට? ඔබ රජයේ ඇමැතිවරු ඉල්ලා සිටින?

රනිල් – කවුද ඇමැතිවරු?

DW – මම විශ්වාස කරනවා ප්‍රනාන්දු?

රනිල් – කවුද ප්‍රනාන්දු?

DW – ප්‍රශ්නය වෙන්නේ ඔබ කැමැතිද අපරාධ පරීක්ෂණයක් කරන්න…..?

රනිල් – (බාධා කරමින්) මට ඇමැතිවරු දෙදෙනෙක් ඉන්නවා, වාණිජ කටයුතු ඇමැති ප්‍රනාන්දු, සංචාරක කටයුතු ඇමැති ප්‍රනාන්දු. මෙයින් කිසිවෙක් එවැන්නක් ඉල්ලා නැහැ. ඔබ ඉතාම බරපතළ චෝදනාවක් කළා.

DW – කුමක්ද බරපතළ චෝදනාව?

රනිල් – මගේ කැබිනෙට් එකේ ඇමැතිවරු දෙන්නෙක්?

DW – එය චෝදනාවක් නොවේ.

රනිල් – ඔබ වැරදියි.

DW – මම යමක් අහන්නද?

රනිල් – නීතියේ හැටියට මේ ගැන පරීක්ෂා කරන්න හැකි වන්නේ පොලිසියට පමණයි. ඔබේ රටේ වාගේ. පොලිසිය විනිසුරුවකුට වාර්තා කළාට පසු විනිසුරුවට හැකියි වැඩිදුර පරීක්ෂණ නියම කරන්න.

DW – ඔබ රහස් පොලිසිය මේ සඳහා ගෙනෙනවද?

රනිල් – ඔවු, නියත වශයෙන් ඔවුන් ඒ සඳහා කටයුතු කරාවි.

DW – මේ සඳහා නියත වශයෙන්ම ජාත්‍යන්තර සහභාගිත්වයක් හෝ නිරීක්ෂණයක් වීමක් නොවෙනවද?

රනිල් – ඔබේ රටේ ප්‍රශ්නවලදී ජාත්‍යන්තර නිරීක්ෂකයින් ගෙන්වනවද?

DW – 60,000 සිට 100,000 දක්වා පිරිසක් ශ්‍රී ලංකාවේ අතුරුදන් වී තියනවා ඔබ…. ( බාධාකිරීමක්)

රනිල් – නැහැ, අවසානයේදී සංඛ්‍යා ලේඛන අඩුවිය යුතුයි. අතුරුදන් වූවන්ගේ කොමිසම ඒ සම්බන්ධව සොයා බලනවා.

DW – එය කාලයක් තිස්සේ කෙරෙන්නක්?

රනිල් – මම ජනාධිපති වෙලා දැනට අවුරුද්දයි.

DW – නමුත් ඔබ අගමැති හැටියට බලයේ සිටියා සය වතාවක්.

රනිල් – ඉතින්?

DW – මෙය ඇත්ත වශයෙන් රටේ පැවැතියක්. ඔබ දන්නා…

රනිල් – ඔබ නවත්වන්න, මමත් නවත්වන්නම්. අපි යමු. ඔබ කෑගහනවා මම වැරදි කියලා.

DW – ඔබට පිළිතුරු දෙන්න බැරි ඇයි?

රනිල් – ඔබ මෙම කාර්ය සඳහා ගෙදර වැඩ හැරියට නොකර මෙතනට ඇවිත් කෑමොර දෙනවා. අපි මානව හිමිකම් කඩකරනවා කියලා. අපි එසේ නොවෙයි.

DW – මෙය බරපතළ චෝදනාවක්?

රනිල් – මම එකඟ වෙන්නේ නැහැ.

DW – මට හැකිද ඔබෙන් බොහෝ දුරට මගේ අවසාන ප්‍රශ්නය?

රනිල් – ඔව්

DW – සත්තකින්ම ඔබට මේ සම්බන්ධව සම්පූර්ණයෙන් එකඟ නොවී ඉන්න පුළුවන්. ලෝකයේ බොහෝ දෙනා බලයේ කේන්ද්‍රගතවී සිටින, මෙය පිළිගන්නේ බරපතළ කාරණයක් ලෙසට. දැනට ඔබ එය මත රැඳී සිටින අයෙක්. ශ්‍රී ලංකා (මට ප්‍රශ්නය අහන්න ඉඩ දෙන්න කරුණා කරලා) විශ්වාස කරනවා ශ්‍රී ලංකාව වගවීම සහ යුක්තියට සාධාරණයක් ඉටුකර නොමැති බව. ඔබ පොරොන්දු දීමේදී මේ සම්බන්ධව ඔබ හිතුවේ නැද්ද මෙය නිසා ජාත්‍යන්තරයෙන් නොලැබිය හැකිදේ අති විශාල බව?

රනිල් – මම ජාත්‍යන්තර ප්‍රජාව සමගින් මෙය නිවැරදි කරගැනීමට ක්‍රියා කරනවා. අපි ඔවුන් සමග ක්‍රියා කරනවා. ඔවුන් අපි ඒ සම්බන්ධව කටයුතු කරන බවත් දන්නවා. අපි සෑම දෙයක්ම සාකච්ඡා කරනවා. මගේ විදේශ කටයුතු පිළිබඳ ඇමැති එය ගැන සෑම විටකම උපදෙස් දෙනවා. ඔවුන් සියල්ල දන්නවා. ඉතින් ඔබ සතු සෑම දේම හුදෙක් පුස්සක්.

DW – නමුත්…..

රනිල් – ඔබ ප්‍රශ්නයක් ඇහුවා. මම ඒකට උත්තර දුන්නා. එච්චරයි.

DW – එය ප්‍රශ්නයක් නොවේද?

රනිල් – අපි ඒ සම්බන්ධව ක්‍රියා කරනවා. අපිට ඒ ගැන හොඳ වාර්තාවක් තියෙනවා. ඔබ මෙහි ඇවිත් කෑගනවා.

DW – ඔබට බොහොම ස්තුතියි.

පරිවර්තනය – රිෂාර් සලීම්

කතෝලික සභාවේ නිල පුවත්පත ඥානාර්ථ ප්‍රදීපයේ කතුවැකියෙන් උත්තරයක්…

ශ්‍රී ලංකා රජය කිසිදා ජාත්‍යන්තර විමර්ශනයක් සිදු නොකරන බව ජනාධිපතිවරයා ඉතා දැඩිව එම සාකච්ඡාවේ දී ප්‍රකාශ කරයි. මෙම ජනාධිපතිවරයාම, වැඩ බලන ජනාධිපති ලෙස කටයුතු කරද්දී 2022 ජූලි 18 දින ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් කරමින් කියා සිටියේ පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ විධිමත් විමර්ශනයක් සිදු නොවීමේ අර්ථය වන්නේ එම කාරණය තවමත් සම්පූර්ණයෙන්ම විසඳී නැති බවයි.

එහිදී තව දුරටත් ඔහු කියා සිටියේ පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයේ විමර්ශනවල අසම්පූර්ණ ස්වභාවය නිසා බි්‍රතාන්‍ය රජයෙන් සහ ඔවුන්ගේ බුද්ධි අංශවලින් ඒ සඳහා අවශ්‍ය සහාය ඉල්ලා සිටින බවයි. වසරක පමණ කාලයක්‌ තුළ ජනාධිපතිවරයාගේ මෙම වෙනස්වීම පෙන්නුම් කරන්නේ, ඔහුගේ වංචනික සහ දෙබිඩි පිළිවෙතයි. තම ස්ථාවරය කෙටි කලකදී මෙසේ වෙනස් කරන්නේ ජනමතයකින් තොර තම බලය රැක ගැනීමේ තණ්හාධික චේතනාවෙන් බව ඉතාම පැහැදිලිය. එවැනි නායකයකු අද කියන දෙය පිළිබඳ මේ රටේ ජනතාව විශ්වාසය තැබිය හැක්කේ කෙසේද?

එම සාකච්ඡාවේදී ජනාධිපතිවරයා අසත්‍ය ප්‍රකාශ කිහිපයක්ම සිදුකරයි. පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ ඔහු අතිඋතුම් කාදිනල් හිමිපාණන් සමග ගනුදෙනු නොකරන බවත්, ශ්‍රී ලංකා කතෝලික රදගුරු සමුළුව සමග ඔහු සාකච්ඡා කළ බවත්, කතෝලික රදගුරු සමුළුව පැමිණ ඔහු සමග සාකච්ඡා කළ බවත් ජනාධිපතිවරයා පවසයි. මේ පිළිබඳ ‘ඥානාර්ථ ප්‍රදීපය’ කළ විමසීමකදී කතෝලික රදගුරු සමුළුවේ සභාපති, අතිඋතුම් හැරල්ඩ් ඇන්තනි හිමිපාණන් පැහැදිලිව ප්‍රකාශ කර ඇත්තේ පාස්කු ප්‍රහාරය පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා ජනාධිපතිවරයා කිසි විටෙක කතෝලික රදගුරු සමුළුව හමු නොවූ බවයි.

එසේම ඒ සඳහා කතෝලික රදගුරු සමුළුව ද කිසි විටෙක ජනාධිපතිවරයා හමුවීමට නොගිය බව අපි දනිමු. රටේ ජනාධිපතිවරයා, ජාත්‍යන්තර මාධ්‍යයන් හමුවේ මෙසේ සම්පූර්ණ අසත්‍ය ප්‍රකාශ කිරීමෙන් සිදුවන්නේ ඔහුගේ පෞරුෂය සහ කීර්තිනාමය හානියට ලක්වීම පමණක් නොව, ඔහු නියෝජනය කරන රටේ මහජනතාවගේද කීර්ති නාමය විනාශ කිරීමකි.

එසේම, අතිඋතුම් කාදිනල් හිමිපාණන් සහ කතෝලික රදගුරු සමුළුවේ ස්ථාවරය අතර පරස්පරයන් ඇති බව පෙන්වීමට මෙම සාකච්ඡාවේ දී ජනාධිපතිවරයා අසාර්ථක උත්සාහයක යෙදෙන බව පැහැදිලිය. එහෙත්, රටේ ජාතික ප්‍රශ්න පිළිබඳ මෙන්ම පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳවද ස්ථාවරය ප්‍රකාශ කරනුයේ සියලු රදගුරු හිමිවරුන්ගේ එකඟත්වයෙන් සාමූහිකව බව අතිඋතුම් හැරල්ඩ් ඇන්තනි පෙරේරා රදගුරු හිමිපාණෝ අප පුවත් පතට පැහැදිලිව පවසා තිබේ.

අතිඋතුම් කාදිනල් හිමිපාණන්ද, කොළඹ අගරදගුරු හිමිපාණන් ලෙස කතෝලික රදගුරු සමුළුවේ සාමාජිකයකු බව ජනාධිපතිවරයා නොදැන සිටියාද නොඑසේ නම් ඒ පිළිබඳ දැන දැනත් අප රටේ පුරවැසියන් මෙන්ම ජාත්‍යන්තර ප්‍රජාවද නොමග යැවීමට මෙවැනි අසත්‍ය ප්‍රකාශ සිදු කරන්නේද යන්න විමසිය යුතු කරුණකි.

රටේ ජනාධිපතිවරයා ලෙස, ජාත්‍යන්තර මාධ්‍යයන් හමුවේ කළ සාකච්ඡාවක දී ඔහුගේ හැසිරීමේ ඇති ජුගුප්සාජනක බව වෙනම සාකච්ඡාවට ලක්විය යුත්තකි.

ඒ කෙසේ වුවද එම සාකච්ඡාවේදී ඔහු විසින් කරන ලද අසථ්‍ය සහ නොමග යවන සුළු ප්‍රකාශ මගින් කතෝලික සභාව තුළ බෙදීමක් ඇතැයි පෙන්වීමට ඔහු උත්සාහ දැරුවේ නම් එය විහිළුසහගත, අභූත සහ අසාර්ථක උත්සාහයක් බව අවධාරණය කළ යුතු වෙමු.’

ජනපති මාධ්‍ය ඒකකයෙනුත් උත්තරයක්…

2023 ඔක්තෝම්බර් මස 08 වැනි ඉරිදා දිනෙන් පළකර ඇති ‘ඥානාර්ථ ප්‍රදීපය’ පුවත්පතේ කතුවැකිය සහ ‘ස්වාධීන, විනිවිද පෙනෙන පුර්ණ විමර්ශනයක් සහ අධීක්ෂණයට ජාත්‍යන්තර විමර්ශන කණ්ඩායමක් අවශ්‍යයි’ මැයෙන් පළකර ඇති ප්‍රවෘත්ති වාර්තාව සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය අංශයේ අවධානය යොමුව තිබේ.

කතෝලික රදගුරු සංගමයේ ගරු සභාපති අතිඋතුම් හැරල්ඩ් ඇන්තනී හිමිපාණන්ගේ ඉල්ලීමකට අනුව පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කළ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ වෙළුම් 88ක් සහ පිටු 48,909කින් යුතු සියලුම ලියකියවිලි 2023 අප්‍රේල් මස 20 වැනි දින මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා විසින් අතිඋතුම් හැරල්ඩ් ඇන්තනී හිමිපාණන්ට භාරදෙන ලදී.

කතෝලික රදගුරු සංගමයේ ගරු සභාපති අතිඋතුම් හැරල්ඩ් ඇන්තනී හිමිපාණන් සමග මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා ඊයේ (05) දුරකතනයෙන් සාකච්ඡා කළ අවස්ථාවේ රදගුරු හිමිපාණන් ප්‍රකාශ කර ඇත්තේ එම වාර්තාව තමාත් අධ්‍යයනය කරමින් සිටින බවයි. ඒ අනුව, එම වාර්තාව අධ්‍යයනය කිරීමෙන් පසුව රදගුරු සංගමයේ නියෝජිතයන් සමග සාකච්ඡා කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සූදානමින් සිටී.

ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර කටයුතු සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණ සිදුකිරීමට අපට එකඟවීමට හැකියාවක් නොමැත. ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හා වෙනත් නීතියක ජාත්‍යන්තර පරීක්ෂණ පැවැත්වීමට ප්‍රතිපාදන නොමැත. ඒ අනුව, එබඳු පරීක්ෂණ පැවැත්වීම නීති විරෝධී ක්‍රියාවක් වෙයි. චැනල් 4 රූපවාහිනි වැඩසටහන සම්බන්ධයෙන් සොයාබලා වාර්තා කිරීම සඳහාද විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයකුගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත්කර තිබේ.

රදගුරු සමුළුව කොමිෂන් සභා වාර්තාව අධ්‍යයනය කිරීමෙන් පසුව මේ පිළිබඳ තවදුරටත් සාකච්ඡා කිරීමට ද රජය බලාපොරොත්තු වේ.

ජනාධිපති මාධ්‍ය අංශය
2023.10.06

SendShareShare
Previous Post

අක්කර 40ක රජයේ ඉඩම ගැන දේශපාලඥයෙක් එක්ක ගැටුමක් හදාගත්තාද? ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසමේ සභාපති ඉල්ලා අස්වෙයි! I Sri Lanka Latest News

Next Post

ලක් මව රනින් බැබලවූ පුංචි කෙල්ල තරුෂි ඇමෙරිකාවට! Sri Lanka Latest News

MORE NEWS

දිට්වා කුණාටුවට දුන්නු ආධාර සත පහක් වියදම් කරලා නෑ! Sri Lanka Latest News
Exclusive

දිට්වා කුණාටුවට දුන්නු ආධාර සත පහක් වියදම් කරලා නෑ! Sri Lanka Latest News

අපල පිරිපත – දුරැර සුවසෙත – උදාකරවන ‘සෙත් කවිය’ ! Sri Lanka Latest News
Astrology

අපල පිරිපත – දුරැර සුවසෙත – උදාකරවන ‘සෙත් කවිය’ ! Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

අහුවෙන්න එපා…! රට පුරා මහා ගස් පැල වංචාවක්! Sri Lanka Latest News

දාහත් දාහෙන් මාසයක් ඉන්න එකද අලුත් ආණ්ඩුවකින් ඉල්ලුව වෙනස…? Sri Lanka Latest News
Exclusive

දාහත් දාහෙන් මාසයක් ඉන්න එකද අලුත් ආණ්ඩුවකින් ඉල්ලුව වෙනස…? Sri Lanka Latest News

බලය තියෙනකොට පිස්සු කෙළින ජනාධිපතිලට මේවා හොඳ පාඩම්! බලය තියෙනකොට කරපු දේවල්වලට රනිල්ට නඩු පිට නඩු! Sri Lanka Latest News
Exclusive

රනිල් පාර්ලිමේන්තු එන්නේ නෑ! Sri Lanka Latest News

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News
Exclusive

නවීන් සජබ එක්ක ඉල්ලන්න තීන්දු කරයි! Sri Lanka Latest News

Load More
හරි කාලේ ආවම ආපහු එනවා…! ලංකාවේ පොලිටික්ස් තවම හරි ට්‍රැක් එකට වැටිලා නැහැ…! මගේ පක්ෂේ ඇතුළෙන්ම මට මඩ ගැහුවා…! කකුලෙන් ඇද්දා…! ලොකු ගමනක් යන්න හීන මැව්වේ නැහැ…! ඕෂධී හේවාමද්දුම I Sri Lanka Latest News
Heart

හරි කාලේ ආවම ආපහු එනවා…! ලංකාවේ පොලිටික්ස් තවම හරි ට්‍රැක් එකට වැටිලා නැහැ…! මගේ පක්ෂේ ඇතුළෙන්ම මට මඩ ගැහුවා…! කකුලෙන් ඇද්දා…! ලොකු ගමනක් යන්න හීන මැව්වේ නැහැ…! ඕෂධී හේවාමද්දුම I Sri Lanka Latest News

ඕෂධී හේවාමද්දුම. ඈ ගැන අලුතෙන් හඳුන්වා දිය යුතු නැහැ. කෙටි සටහනක් කියනවා නම්, නිළියක වන ඉලක්කයක හෝ හීනයක හිටපු නැති...

Read more
දිට්වා කුණාටුවට දුන්නු ආධාර සත පහක් වියදම් කරලා නෑ! Sri Lanka Latest News

දිට්වා කුණාටුවට දුන්නු ආධාර සත පහක් වියදම් කරලා නෑ! Sri Lanka Latest News

අජිත් බණ්ඩාරගේ දුව කිව්වම තමයි හැමෝම දන්නේ…! උඹ මරු බං… උඹව එහෙම දකින්න අපි මාරම ආසයි…! මම ගිය ආත්මෙ කරපු ලොකු පිනක්…! සත්සරණි බණ්ඩාර I Sri Lanka Latest News

අජිත් බණ්ඩාරගේ දුව කිව්වම තමයි හැමෝම දන්නේ…! උඹ මරු බං… උඹව එහෙම දකින්න අපි මාරම ආසයි…! මම ගිය ආත්මෙ කරපු ලොකු පිනක්…! සත්සරණි බණ්ඩාර I Sri Lanka Latest News

අපල පිරිපත – දුරැර සුවසෙත – උදාකරවන ‘සෙත් කවිය’ ! Sri Lanka Latest News

අපල පිරිපත – දුරැර සුවසෙත – උදාකරවන ‘සෙත් කවිය’ ! Sri Lanka Latest News

‘ඒක තමයි මේක’ ජුනි 19 එනවා…! Sri Lanka Latest News

‘ඒක තමයි මේක’ ජුනි 19 එනවා…! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.