• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

වසර හතරකට පසු හිටපු CID ලොක්කා ABC මාධ්‍ය ජාලයට පාස්කු ප්‍රහාරයේ තවත් රහස් හෙළි කරයි I Sri Lanka Latest News

November 27, 2023
in Exclusive, News
Reading Time: 6 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

‘පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් පොලිසිය පුද්ගලයන් 90කට වැඩි පිරිසකට චෝදනා එල්ල කළ නමුත් සමහර බුද්ධි අංශ නිලධාරීන් මුස්ලිම් කණ්ඩායම සමග සම්බන්ධතා ඇති බවට සොයාගත් විටදී එම විමර්ශන නිලධාරීන්ට යම් පාර්ශ්ව විසින් බාධා පමුණුවනු ලැබුවා. මෙහිදී යම් සුවිශේෂ කරුණු ඇමෙරිකා එක්සත් ජනපද ෆෙඩරල් විමර්ශන කාර්යාංශයේ (FBI) සහාය ඇතිව අනාවරණ කරගත් අතර, රහස් හමුදා බුද්ධි ක්‍රියාකාරිකයකු විසින් භාවිත කරන ලද අන්තර්ජාල ප්‍රොටෝකෝල ලිපිනයක් සමග NTJ (තව්හිද් ජමාත්) ත්‍රස්තවාදීන් විසින් නිරන්තරයෙන් සිදුකරන ලද රහස් සන්නිවේදනයන්ද සොයාගත්තා.(Sri Lanka Latest News)

ප්‍රහාරය එල්ලවූ දිනයේ උදෑසන හමුදා බුද්ධි නිලධාරීන් එක් මරාගෙන මැරෙන ත්‍රස්තවාදී බෝම්බකරුවකුගේ නිවෙසට ගිය නමුත් එම තොරතුරු පොලිසිය සමග බෙදාගත්තේ නැහැ. එවැනි අවස්ථාවලදී අපි යම් යම් පුද්ගලයන් සහ කණ්ඩායම් ප්‍රශ්න කිරීමට උත්සාහ කළ විට අපට බාධාවන් ගණනාවකට මුහුණ දීමට සිදුවුණා. පාස්කු ප්‍රහාරය වැළැක්විය හැකි විනාශයක් යැයි සිතමින් මම සිදුකළ විමර්ශනය හමුදා බුද්ධි අංශ විසින් ව්‍යර්ථ කරනු ලැබුවා….’

මුළුමහත් ලොවම මහත් ශෝචනීය තත්ත්වයකට පත්කළ 2019 වසරේදී සිදුවුණු ම්ලේච්ඡ පාස්කු ප්‍රහාරය ගැන මෙම සුවිශේෂ කතාව කියා සිටින්නේ කවුරුන් විසින්ද? මෙම වගතුග අපට පසුගියදා අසන්නට ලැබුණේ ලොව ප්‍රකට විදේශ මාධ්‍ය සේවයක් හරහාය. එනම් ඔස්ටේ්‍රලියාවේ ප්‍රධානතම මාධ්‍ය සංවිධානය වශයෙන් සැලකෙන ඔස්ටේ්‍රලියානු ගුවන්විදුලි සංස්ථාවේ (Australian Broadcasting Corporation) නොහොත් කෙටි වදනින් හඳුන්වන ABC ආයතනයේ විශේෂ මාධ්‍ය වැඩසටහනක් හරහා මෙය අසන්නට ලැබිණි.

එම මාධ්‍ය ආයතනයේ ප්‍රවීණ ගවේෂණශීලී මාධ්‍යවේදියකු වන ජොෂ් රොබට්සන් (Josh Robertson) සමග ශ්‍රී ලංකාවේ අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවේ හිටපු (CID) ප්‍රධානියා වන විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න මහතා සිදුකළ විශේෂ සාකච්ඡාවකදී මෙම ආන්දෝලනාත්මක වගතුග අසන්නට ලැබුණේය. මෙම සාකච්ඡාවේ සිදුකළ ජොෂ් රොබට්සන් මාධ්‍යවේදියා දශක දෙකක පමණ කාලයක් ලොව අපරාධ වාර්තාකරණය උදෙසා මහත් මෙහෙවරක් ඉටුකළ සම්මානනීය මාධ්‍යකරුවෙකි. විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න යනු පාස්කු ප්‍රහාරය සිදුවන කාලයේදී පොලිස් දෙපාර්තමේන්තුවේ සේවය කළ උසස් නිලධාරියකු වන අතර, ඔහු මෙම සුවිශේෂ සාකච්ඡාව පසුගියදා ABC මාධ්‍ය ජාලය වෙත ලබාදී තිබුණේය.

2019 ම්ලේච්ඡ පාස්කු ප්‍රහාරය පිළිබඳ මෙවැනි ආන්දෝලනාත්මක හෙළිදරව්වක් සිදුවන්නේ ප්‍රථම වතාවට යැයි ABC මාධ්‍ය ආයතනය කියා සිටියි. එසේ ප්‍රකාශ වුවද පාස්කු ප්‍රහාරයට අදාළව යම් කරුණු ආශ්‍රිත කරගෙන විවිධ ප්‍රකාශයන් පසුගිය සමයේදීද සිදුකෙරී තිබිණි. කෙසේ හෝ මෙම උසස් විශ්‍රාමික පොලිස් නිලධාරියා 2023 සැප්තැම්බර් මාසයේදීද ශ්‍රී ලංකාවේ ප්‍රධාන රූපවාහිනී නාලිකාවකටද යම් ප්‍රකාශයක් ලබාදී තිබිණි. එහෙත් පසුගියදා ඔහු ABC නාලිකාව සමග සිදුකර ඇති සාකච්ඡාව බොහෝ ආන්දෝලනාත්මක කරුණු ඇති එකකි.

ABC මාධ්‍යවේදී ජොෂ් රොබට්සන්

පාස්කු ඉරිදා ප්‍රහාරය එල්ල කළ පුද්ගලයන්ගේ භූමිකාව සැඟවීමට හමුදා බුද්ධි අංශ වැරැදි තොරතුරු ලබාදීමක් සිදුකළේ යැයි හැඟෙන චෝදනාව කුමක්ද?

විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න

එම කතාවේ යම් පැහැදිලි සත්‍යයක් තිබෙනවා. එම ප්‍රහාරය එල්ල කළ අපරාධකරුවන්ගේ ක්‍රියාවලිය සැඟවීම සඳහා හමුදා බුද්ධි අංශ විසින් යම් අවස්ථාවලදී පොලිසියට වැරැදි තොරතුරු ලබාදුන්නා. අපගේ පොලිස් පරීක්ෂණය අඩාළ කිරීම සඳහා යම් දේශපාලනික ඇඟිලිගැසීම් ඇතිවුණා. එම තත්ත්වය මම ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. ප්‍රහාරයට සම්බන්ධ මරාගෙන මැරෙන බෝම්බකරුවන්ගේ සගයන්ගෙන් ප්‍රශ්න කිරීම් සිදුකරන්නට යන විටදී එම පිරිස් ජාතික ආරක්ෂක මෙහෙයුම්වලට සම්බන්ධ යැයි පවසමින් දෙවතාවක්ම ලංකා බුද්ධි අංශ විසින් පොලිසියේ විමර්ශනයන් නතර කරනු ලැබුවා.

එම බුද්ධි අංශ නිලධාරීන් රහස්‍ය කාරණා සම්බන්ධයෙන් කටයුතු කරන බවට හමුදා බුද්ධි අංශ අපට දැනුම් දුන් නිසා, අපි ඒ ගැන වැඩිදුර විමර්ශනයකට ගියේ නැහැ. කෙසේ හෝ පාස්කු ඉරිදා ප්‍රහාරය වැළැක්විය හැකි යැයි විශ්වාස තබමින් තමන් සිදුකළ විමර්ශනයක් හමුදා බුද්ධි අංශ විසින් ව්‍යර්ථ කළා.

ABC මාධ්‍යවේදී ජොෂ් රොබට්සන්

දේශපාලන ඇඟිලි ගැසීමක් සිදුවුණා යැයි කියන්නේ බරපතළ චෝදනාවක්. මෙවැනි තත්ත්වයක් පිළිබඳ මින් පෙරත් යම් කරුණු ස්වල්පයක් පමණක් ප්‍රකාශ වී තිබුණත් මෙහි සැබෑ තත්ත්වයක් පිළිබඳ හෙළිදරව්වක් සිදුව නැහැ. ප්‍රහාරය සිදුවී වසර 04කට අධික කාලයක් ගතවී තිබුණත් මෙම ප්‍රහාරයේ සැබෑ තොරතුරු තවම වසන් වෙනවා. මෙවැනි දිගු කාලයකට පසුව වුණත් ඔබට කිව හැක්කේ කුමක්ද?

විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න

පාස්කු බෝම්බ ප්‍රහාරයෙන් මාස හයකට පසුව ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයට පත්වීමත් සමගම මාගේ නිලධාරීන් මෙම අදාළ විමර්ශන කටයුතුවලින් ඉවත් කරනු ලැබුවා. නව රජය යටතේ ඒ වන විට අගමැතිවරයකු හෝ නව කැබිනට් මණ්ඩලයක් හෝ පත්කර තිබුණේ නැහැ. එවැනි වටපිටාවක් තිබියදීත් මාගේ ප්‍රධානතම විමර්ශකයා පවා එම කටයුතුවලින් කිසිම පැහැදිලි කිරීමකින් තොරව ඉවත් කරනු ලැබුවා. ඉන් පසුව තවත් මාස කිහිපයක් තුළ විමර්ශන නිලධාරීන් 22ක් අදාළ විමර්ශනයෙන් ඉවත් කළා.

එහෙත් එම සිදුකළ නිලධාරී ස්ථාන මාරුවීම් කිසිවක් සඳහා මට කිසිදු හේතුවක් ලබාදුන්නේ නැහැ. මේ අතර මාගේ ප්‍රධානත්වයෙන් තිබුණු පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සේවය කළ අපරාධ පරීක්ෂණ නිලධාරීන් 700කට වැඩි පිරිසකට විදේශ ගමන් තහනමක්ද බලයට පත්වූ නව රජය පනවා තිබුණා. මෙවැනි ක්‍රියාවලියක් සිදුකළේ රාජපක්ෂ පාලනයේ හිතවතුන් ගැන සිදුකළ හැකි විමර්ශනයක් වැළැක්වීමට පොලිසිය බියගැන්වීමේ උත්සාහයක් ලෙසයි. මේ ක්‍රියාවන් පැහැදිලිවම නීති විරෝධීයි. මෙම ක්‍රියාවන් නිසා බොහෝ නිලධාරීන් බියට පත්වුණා. එම සමහර නිලධාරීන් තවදුරටත් එහි රාජකාරි කිරීමට අකැමැති වූ නිසා ස්ථාන මාරුවීම් පවා ඉල්ලා සිටියා.

ABC මාධ්‍යවේදී ජොෂ් රොබට්සන්

පසුගිය 2023 සැප්තැම්බර් මාසයේදී එංගලන්තයේ චැනල් – 4 නාලිකාව විසින් විශේෂ වැඩසටහනක් කළා. මෙහිදී මෙරට පැවැති රජයේ හිටපු රජයේ දේශපාලනික සහායකයකු වන අසාද් මවුලානා නමැත්තා ආන්දෝලනාත්මක හෙළිදරව්වක් කළා. ඔහු එහිදී කියා සිටියා මෙම ප්‍රහාරය, පත්වීමට නියමිත ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට උදව් කිරීමට සිදුකළ කුමන්ත්‍රණයක කොටසක්ය කියලා. මෙම ප්‍රහාරයන් මගින් ජාතික ආරක්ෂාව පිළිබඳ අර්බුදයක් ඇතිකර ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව දිනවීමට කටයුතු කළා කියලා. එම පුද්ගලයා ඉතා බැරෑරුම් ප්‍රකාශයක් සිදුකළා. මේ තත්ත්වය ඔබ දකින්නේ කෙසේද?

විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න

මම ඒකයි මුලින්ම කිව්වේ එම තත්ත්වය ඉතා දැඩි අවධානයක් යොමුකළ යුතු ප්‍රශ්නයක්. ගෝඨාභය රාජපක්ෂ බලයට පැමිණි පසුව අපගේ විමර්ශන කණ්ඩායම සම්පූර්ණයෙන්ම විමර්ශනයෙන් ඉවත් කරනු ලැබුවා. ගෝඨාභය ජනාධිපති වූ පසුව ඇතිවී තිබුණු එම අර්බුදකාරී තත්ත්වය මම ඔබට මෙහිදී හොඳින් පැහැදිලි කර දී තිබෙනවා.

පාස්කු ඉරිදා ප්‍රහාරයට මාස 06කට පෙර ශ්‍රී ලංකාවේ නැගෙනහිර පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙක් ඝාතනය කිරීමේ NTJ භූමිකාවේ සිටම බොහෝ වැදගත් තොරතුරු ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනුකළ ලේඛනවලින් මම ඉදිරිපත් කර තිබුණා. එම බොහෝ රහසිගත කරුණු මෙම චැනල් – 4 රූපවාහිනී නාලිකාවේදී ප්‍රකාශයට පත් කළේ අසාද් මවුලානා නමැති පුද්ගලයා විසිනුයි. මෙම චෝදනාවල සත්‍යතාවක් ඇති බව පෙනීයන්නේ එම ප්‍රහාරය මුළුමනින්ම සංවිධානාත්මකව සිදුකෙරුණු බවක් ප්‍රකාශ වී ඇති නිසයි.

මෙලෙස ඔස්ටේ්‍රලියාවේ ABC මාධ්‍ය සංවිධානය විසින් සිදුකරන ලද සුවිශේෂ සාකච්ඡාවේදී ඉහත පැවැසූ ආන්දෝලනාත්මක කරුණු රැසක්ම හෙළිව තිබිණි. මෙයට පෙරද 2022 වසරේ මාර්තු මාසයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු ප්‍රධානියා වූ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක්ද ගොනුකර තිබුණේය.

පාස්කු ප්‍රහාරයට තුඩුදුන් සිදුවීම් මාලාවට රාජ්‍ය ඔත්තු සේවය (SIS) අනුකූල බව පෙන්වා දෙන චෝදනා කිහිපයක්ම ඔහුගේ පෙත්සම හරහා ඉදිරිපත් කර තිබුණු අතර මෙම තත්ත්වයන් තමන් විසින් හෙළිකිරීම හේතුවෙන් තමන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් යම් අයුරකින් අත්අඩංගුවට ගැනීම වළක්වන ලෙසද එම පෙත්සම හරහා පෙත්සම්කරු ඉල්ලා තිබිණි. මේ අතරම හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයා පසුගිය සැප්තැම්බර් මාසයේදීද රූපවාහිනී නාලිකාවක් සමග ප්‍රකාශ කර සිටියේ ලොව බලගතුම ත්‍රස්තවාදී සංවිධානයක් වූ එල්.ටී.ටී.ඊ. සංවිධානයට පවා මෙතරම් සංවිධානාත්මක අතිවිශාල එමෙන්ම සමගාමී මරාගෙන මැරෙන ප්‍රහාර මාලාවක් දියත් කිරීමට නොහැකි වූ බවත්, එහෙයින්ම පාස්කු ප්‍රහාරය පිටුපස අනිවාර්යයෙන්ම බලවත් හස්තයක් තිබුණු බවත්ය.

මෙවැනි වටපිටාවකදී තවත් සුවිශේෂ පුවතක් පසුගියදා ආරංචි විය. එනම් පාස්කු ප්‍රහාරයේ යුක්තිය දිනාගැනීම සඳහා සිදුකරන අරගලය කිසිසේත්ම නොනවත්වන ලෙස අතිඋතුම් ෆ්‍රැන්සිස් පාප්වහන්සේ විසින් ශ්‍රී ලංකාවේ මැල්කම් රංජිත් කාදිනල් හිමියන්ට ප්‍රකාශ කර තිබීමය. ඒ, වතිකානුවේදීය.

ප්‍රියන්ත හෙට්ටිගේ

SendShareShare
Previous Post

බංකොලොත් රටට දිනේෂ් ආදර්ශයක් දෙයි! අගමැති කාර්යාලයේ මිලියන 1310ක වියදම මිලියන 705ට අඩු කරයි! 178ක් වෙච්ච වාහන සංචිතය 125ට අඩු කර පෙන්වයි! Sri Lanka Latest News

Next Post

පාර්ලිමේන්තුව සජීවීව දෙන එකත් නවත්වයි? විපක්ෂනායක සජිත්ටත් පාර්ලිමේන්තුව තහනම් වෙයි? නාමල් අලුත් වැඩකට බහී! Sri Lanka Latest News

MORE NEWS

බුදුන් වහන්සේ පළමු ධර්ම දේශනය පැවැත්වූ සාරානාතය යුනෙස්කෝ ලෝක උරුමයක් වෙයි! I Sri Lanka Latest News
Exclusive

බුදුන් වහන්සේ පළමු ධර්ම දේශනය පැවැත්වූ සාරානාතය යුනෙස්කෝ ලෝක උරුමයක් වෙයි! I Sri Lanka Latest News

කිසිම ආරාධනාවක් එජාපයෙන් ඇවිත් නෑ! විපක්ෂයේ සියලු පක්ෂ එකතු කරන්න අපි ලෑස්තියි! විපක්ෂ නායකතුමා සජිත් ප්‍රේමදාස! ප්‍රධාන විපක්ෂය සජබෙ! පත්තරවලයි වෙබ්වලයි යන පචවලට නලින් බණ්ඩාර උත්තර දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මළ කෙළියයි! ජනාධිපති ගිහිල්ලා නැතිලු! 3089ක් ගිහින්ලු! මිලියන 32ක් වියදම් වෙලාලු! අරගල කාලෙ වගේ ජනාධිපති මැදුරුවලින් බඩුත් නැතිවෙලාද? VIDEO I Sri Lanka Latest News

අකුරැස්සේ මාලිමා සභාපති ටවුම මැද්දෙදිම මනුස්සයකුට පහර දෙයි! ඇහැ ගාව ගෙඩි ගැහෙන්නම වැදිලා! පුද්ගලයා රෝහලේ! සභාපති නිදැල්ලේ! මෙන්න වීඩියෝ සාක්ෂි! VIDEO I Sri Lanka Latest News
Exclusive

අකුරැස්සේ මාලිමා සභාපති ටවුම මැද්දෙදිම මනුස්සයකුට පහර දෙයි! ඇහැ ගාව ගෙඩි ගැහෙන්නම වැදිලා! පුද්ගලයා රෝහලේ! සභාපති නිදැල්ලේ! මෙන්න වීඩියෝ සාක්ෂි! VIDEO I Sri Lanka Latest News

උදේ 8 වෙද්දි කෝච්චි 20ක් දිව්වා -ජනාධිපති මාධ්‍ය ඒකකය!
Exclusive

ජනාධිපති මන්දිරවල පිටස්තර අය නැවතුණේ නෑ! ජනාධිපති මාධ්‍ය ඒකකයෙන් නිවේදනයක්! Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවස් 8ට 8 වෙනි වෙඩිල්ලත් පත්තු වුණා..! අලුත්ම එක බෙල්ලන්විලින්! පාතාල මිනීමැරිල්ල දිගටම! Sri Lanka Latest News

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

Load More
වැඩිය ලස්සනත් නැහැ… ටිකක් ලැජ්ජයි… ඒකද මන්දා තාමත් තනිකඩ…! සදෙව් වලිමුණි I Sri Lanka Latest News
Heart

වැඩිය ලස්සනත් නැහැ… ටිකක් ලැජ්ජයි… ඒකද මන්දා තාමත් තනිකඩ…! සදෙව් වලිමුණි I Sri Lanka Latest News

දඟකාර කොලු‍ගැටයා දැන් යස ඉලන්දාරියෙක්… මට තවම හිතාගන්න බැහැ..! පුංචි තිරය වගේම සිනමාව හැඩවැඩ කළ දඟකාර පුංචි කොලුගැටයා දැන් යස...

Read more
රජයේ ගබඩා රට හාල්වලින් පිරිලා! ගොවියො කසිප්පුකාරයන් කරලා! අවුරුදු 2ක් ඇතුළත මාලිමා ආණ්ඩුව ගොවියන් දාපු තැන ගැන විපක්ෂනායක සජිත් හොරොව්පතානේදී කතාකරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රජයේ ගබඩා රට හාල්වලින් පිරිලා! ගොවියො කසිප්පුකාරයන් කරලා! අවුරුදු 2ක් ඇතුළත මාලිමා ආණ්ඩුව ගොවියන් දාපු තැන ගැන විපක්ෂනායක සජිත් හොරොව්පතානේදී කතාකරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

බුදුන් වහන්සේ පළමු ධර්ම දේශනය පැවැත්වූ සාරානාතය යුනෙස්කෝ ලෝක උරුමයක් වෙයි! I Sri Lanka Latest News

බුදුන් වහන්සේ පළමු ධර්ම දේශනය පැවැත්වූ සාරානාතය යුනෙස්කෝ ලෝක උරුමයක් වෙයි! I Sri Lanka Latest News

කිසිම ආරාධනාවක් එජාපයෙන් ඇවිත් නෑ! විපක්ෂයේ සියලු පක්ෂ එකතු කරන්න අපි ලෑස්තියි! විපක්ෂ නායකතුමා සජිත් ප්‍රේමදාස! ප්‍රධාන විපක්ෂය සජබෙ! පත්තරවලයි වෙබ්වලයි යන පචවලට නලින් බණ්ඩාර උත්තර දෙයි! VIDEO I Sri Lanka Latest News

මළ කෙළියයි! ජනාධිපති ගිහිල්ලා නැතිලු! 3089ක් ගිහින්ලු! මිලියන 32ක් වියදම් වෙලාලු! අරගල කාලෙ වගේ ජනාධිපති මැදුරුවලින් බඩුත් නැතිවෙලාද? VIDEO I Sri Lanka Latest News

අකුරැස්සේ මාලිමා සභාපති ටවුම මැද්දෙදිම මනුස්සයකුට පහර දෙයි! ඇහැ ගාව ගෙඩි ගැහෙන්නම වැදිලා! පුද්ගලයා රෝහලේ! සභාපති නිදැල්ලේ! මෙන්න වීඩියෝ සාක්ෂි! VIDEO I Sri Lanka Latest News

අකුරැස්සේ මාලිමා සභාපති ටවුම මැද්දෙදිම මනුස්සයකුට පහර දෙයි! ඇහැ ගාව ගෙඩි ගැහෙන්නම වැදිලා! පුද්ගලයා රෝහලේ! සභාපති නිදැල්ලේ! මෙන්න වීඩියෝ සාක්ෂි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.