2024 වර්ෂය තුළ වෙළෙඳ ශේෂයේ හිඟය ඩොලර් බිලියන 6 ඉක්මවිය හැකි බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර සහ සමාජ විද්‍යා පශ්චාත් උපාධි අංශයේ අධ්‍යක්ෂ සහ ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා ‘මව්රට’ට පැවැසීය. (Sri Lanka Latest News)
2024 ජනවාරි සිට ඔක්තෝබර් දක්වා කාලය තුළ භාණ්ඩ අපනයනය තුළින් ඩොලර් බිලියන 10.68ක් උපයාගෙන ඇති අතර, එය පෙර වසරේ අදාළ කාලපරිච්ඡේදය හා සසඳන විට 7.7%ක පමණ වර්ධනයකි.
එම කාලය තුළදීම භාණ්ඩ ආනයනය සඳහා දරා ඇති වියදම ඩොලර් බිලියන 15.42ක් පමණ වේ.
එය පෙර වසරට සාපේක්ෂව ආනයනය වියදමෙහි 10.7%ක වර්ධනයකි.
ඒ අනුව 2024 ජනවාරි සහ ඔක්තෝබර් අතර කාලයේදී භාණ්ඩ අපනයන සහ ආනයන වෙළෙඳාම තුළින් සිදුව ඇති වෙළෙඳ ගිණුමේ හිඟය ඩොලර් බිලියන 4.74ක් පමණ වේ.
මේ වසර අවසන් වනවිට මෙය ඩොලර් බිලියන 6 ඉක්මවා යාහැකි බවයි මහාචාර්යවරයා පවසන්නේ.
ප්‍රේමලාල් විජේරත්න










