• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පන්සලට පල්ලියට කෝවිලට තරු පේන කංචනගේ ලයිට් බිල් කෙරුවාව…

September 20, 2022
in Exclusive, News
Reading Time: 3 mins read
A A
පන්සලට පල්ලියට කෝවිලට තරු පේන කංචනගේ ලයිට් බිල් කෙරුවාව…
Share on WhatsAppShare on Facebook

පසුගිය සති කිහිපයේම ලයිට් බිල වැඩිකිරීම සම්බන්ධව අපි විවිධ ලිපි ලිව්වා. වැඩි කරන්න කලිනුත් අපි ඒ ගැන කිව්වා. සංජීව ධම්මික මහත්තයත් එක්ක අපි බොහෝ දේ කතා කළත් අපි බලාපොරොත්තු වෙච්ච විදියටම නැත්නම් අපි කියපු විදියටම ලයිට් බිල වැඩි කෙරුවා. ඇත්තටම පත්තරකාරයො විදියට අපි බලාපොරොත්තු වුණේ ලයිට් බිල වැඩිකිරීමක් නෙවෙයි. අපි බලාපොරොත්තු වුණේ කොහොම හරි මේ ලයිට් බිල වැඩිකරන්න බැරි වෙලා, මිනිස්සුන්ට සැනසිල්ලේ ජීවත් වෙන්න පුළුවන් විදියේ පසුබිමක් නිර්මාණය වේවි කියලා. ඒත් අවසානාවකට එහෙම පසුබිමක් නිර්මාණය වෙනවා වෙනුවට කලින් අනාවැකි කියපු විදියටම ලයිට් බිල වැඩි වුණා. දැන් ලයිට් බිල වැඩියි. සාමාන්‍ය මිනිස්සුන්ගෙ ජීවිත උඩු යටිකුරු වෙලා. සාමාන්‍යයෙන් බිලේ වැඩිවීම දෙගුණයක් තුන්ගුණයක් විතර වෙනවා කියලයි අපි අදහස් කරන්නේ. මේ බිල වැඩිකිරීම සම්බන්ධව අදාළ පාර්ශ්ව කියන්නේ විදුලිය නාස්තිය, අනවශ්‍ය විදුලි පරිභෝජනය වළක්වා ගැනීම සඳහා මේවා උපක්‍රමශීලීව කරපු දේවල් කියලා. ඒවා ඇත්තටම එහෙම උපක්‍රමශීලීව කරපු දේවල් නම් ඉතාම හොඳයි. කිසිම ප්‍රශ්නයක් නෑ. ඒත් මේවායේ ඇත්තටම එහෙම උපක්‍රමශීලීව කරපු බවක් දැනෙන්න පේන්න නෑ. ගොඩක් වෙලාවට ලංකාවේ දේවල් කරන්නේ උපක්‍රමශීලීව නෙවෙයි. ඒ වෙලාවෙ හිතිලා, ඒ වෙලාවෙ කරනවා. ඒකට අපි ඉස්සර කියනවා පය බරවායට පිටිකර බෙහෙත් බඳිනවා වගේ පිළියම් යොදනවා කියලා.

අපි ඔබට කලින් දවසක ලියූ ලිපියකින් කිව්වා මේ රටේ විදුලි බිල වැඩිවීම වැඩිපුරම ආගමික ස්ථානවලට බලපාන ආකාරයෙන් විදුලි බිල වැඩිවුණා කියලා. ඒ වැඩිවීම සම්බන්ධව තර්ක කරද්දී ඔවුන් කිව්වේ ආගමික ස්ථානවල විදුලිය හරියට නාස්ති වෙනවා, ඒවා ගෙවන්න වෙන්නේ දායකයන්ට. ඒ නිසා විදුලිය නාස්ති වීම නවත්වන්න මේ වැඩේ කළා කියලා. ඇත්තටම අපි දන්නෙ නෑ ආගමික ස්ථානවල විදුලිය නාස්ති වෙනවද කියලා. සංස්කෘතිකමය වශයෙන් අපි හිතාගෙන ඉන්නවා මේ ආගමික ස්ථානවල විදුලි බුබුළු දැල්විය යුතුයි, ලයිට් වැල් එල්ලීම කළ යුතුයි, බෝධියට, චෛත්‍යයට, වෙහෙරට, කෝවිලේ තොරණට, පල්ලියේ අල්තාරයට, මුස්ලිම් පල්ලියට ෆ්ලෑෂර් ලයිට් එකක් දාන්න ඕනෙ කියලා. ඒවා පේන්න ඕනෙ කියලා. මේවා විශාල වශයෙන් විදුලිය නාස්ති කරන, විදුලිය වැයවෙන, විදුලි බුබුළු. ඒවා නවත් වන්න, ඒවා ඉවත් කරන්න කියලා අපිට කියන්න පුළුවන්කමක් නැත්තේ, ඒවා එක ජාතියක, එක ආගමක, එක පන්සලක, එක කෝවිලක, එක පල්ලියක සිදුවෙන දෙයක් නොවන නිසා.

මේ කතන්දරේ ඇදිලා එන්නේ ඕමල්පේ සෝභිත හාමුදුරුවෝ පහුගිය දවසක කියපු කතන්දරේකුත් එක්ක. උන්වහන්සේ කියනවා මගේ පන්සලේ ලයිට් බිල රුපියල් ලක්ෂ 3කට වඩා වැඩියි. මම මේක ගෙවන්නේ නෑ කියලා. මම පන්සලෙන් පටන්ගන්නවා, ඔයාලත් ඒක පටන් අරගන්න කියලා. අපි ඒ වැඩේ හොඳයි කියනවාවත්, එහෙම ලයිට් බිල ගෙවන්නෙ නැතිව ඉන්න කියලා යෝජනා කරනවාවත් නෙවෙයි. ඇත්තටම ලයිට් බිල ගෙවන්නෙ නැතුව හිටියොත්, ඊළඟට සිද්ධ වෙන දේ තමයි ලයිට් නැතුව ඉන්න සිද්ධ වෙන එක. එක්කෝ විදුලිබල මණ්ඩලයෙන් ඇවිත් විදුලිය විසන්ධි කරලා දායි නිල වශයෙන්. එහෙම නැත්නම් රටේ විදුලි පරිභෝජනය ඉතා භයානක තත්ත්වෙකට ඇවිල්ලා ඩීසල් බලාගාරවලට සල්ලි ගෙවාගන්න බැරිවෙලා විදුලි නිෂ්පාදනය නැවතිලා අපට විදුලිය නැතිවෙලා යයි. මේ දෙකෙන් එකක් කොහොමත් විය හැකියාවක් තියෙන නිසා අපි කාටවත් යෝජනා කරන්නේ නෑ විදුලි බිල නොගෙවා ඉන්න කියලා.

ඒ වගේම තව තර්කානුකූල කාරණයක් තියෙනවා, ඇත්තටම ඕමල්පේ සෝභිත හාමුදුරුවන්ගේ පන්සලේ විදුලි බිල රුපියල් ලක්ෂ 3ක් වුණේ කොහොමද කියන එක ගැන. හාමුදුරුවන්ගේ පන්සල ප්‍රධාන පෙළේ විශාල පන්සලක් නම් ඇත්තටම ඒ පන්සලේ විදුලි බිල නාස්ති වීම සම්බන්ධව අපට තර්ක කරන්න පුළුවන්. ඇත්තටම හාමුදුරුවෝ මොනවටද ලයිට් දැම්මේ? ඒත් මේ තර්කය ඇතුළේ තියෙන ඇත්ත තමයි ඇත්තටම පන්සලක පල්ලියක කෝවිලක ටිකක් වැඩිපුර විදුලිය නාස්ති වෙනවා. ඒක ආණ්ඩුවෙත් තර්කයත් එක්කත් ගැළපෙන බව ඇත්ත. නාස්ති වෙනවා නම් නාස්තිය වැළැක්විය යුතුයි. නාස්ති වෙන්නේ රටේ ඩීසල්. රටේ විදුලි ජනනය. රටේ මිනිස්සුන්ගේ සම්පත්. රටේ මිනිස්සුන්ගේ මුදල්. රටේ මිනිස්සුන්ගේ ඩොලර්. ඒකට උත්තරේ විදියට කරන්න ඕනෙ දේවල් බොහෝ විට රටේ තියෙද්දිත් සාමාන්‍ය මිනිස්සු පවා දැනගෙන ඉද්දිත් ඇයි ඒ වෙනුවෙන් දෙයක් නොකරන්නේ කියන එක ගැන ප්‍රශ්නයක් තියෙනවා.

කොහොම නමුත් අපි නිකමට හොයලා බැලුවා ලංකාවෙ ප්‍රධානතම විහාරස්ථානවල ලයිට් බිල් කොහොම වෙනවද කියලා. අපට ඒ අතරතුරේ දැනගන්න ලැබුණා ශ්‍රී මහා බෝධියේ මේ මාසේ විදුලි බිල කීයද කියලා. ඒක රුපියල් ලක්ෂ 08කට ආසන්න මුදලක් කියලයි දැනගන්න තියෙන්නේ. රුපියල් ලක්ෂ 08කට ආසන්න මුදලක් ශ්‍රී මහා බෝධිය සඳහා ලයිට් බිල විදියට එනකොට ඒක ගෙවා දැමිය යුතුයි. එහෙම නැත්නම් විදුලිය විසන්ධි කරන්න නියමිතයි. ශ්‍රී මහා බෝධියේ බිල ලක්ෂ 08ක් වුණේ කොහොමද කියන එක ගැන නම් ඇත්තටම තර්කයක් නැතුව ඇති. මොකද ඔබ දන්නවා ශ්‍රී මහා බෝධියේ බොහෝ ස්ථානවල විශාල විදුලි පහන් දල්වා තිබෙනවා. මාර්ගය දෙපස දිගටම විදුලි බුබුළු දැල්වෙනවා. රටක් විදියට අපි මේවා නඩත්තු කළ යුතු වුණත්, ඒවා රටක් විදියට නඩත්තු වෙනවාද කියන එක ගැන ප්‍රශ්නයක් තියෙනවා. ශ්‍රී මහා බෝධියේ විදුලි බිල ගෙවීමේ වැඩපිළිවෙළක් තියෙනවා. ඒ තමයි ඕනෑම කෙනකුට පුළුවන්කම තියෙනවා දවසක, එක රාත්‍රියක විදුලි බිල සඳහා අදාළ බරපැන දරන්න. මෙතැන තියෙන වැදගත්ම ප්‍රශ්නය මේ බරපැන දරනකොට ඇත්තටම කීයක් විතර වෙනවද මේ ගෙවන ගාන කියලා.

රාත්‍රියක් සඳහා පැය 12කට රුපියල් 1,200ක් විදියට තමයි ගෙවෙන්නේ. එතකොට සාමන්‍යයෙන් රුපියල් 36,000ක් විතර තමයි දවස් 30 මාසෙකට සාමාන්‍ය පුද්ගලයෙක්ගෙන් විහාරස්ථානයට ලැබෙන්නේ. එතකොට 36,000ක බිලට රුපියල් ලක්ෂ 8ක විදුලි බිලක් ඇවිල්ලා කියන එක අපට දැනගන්න ලැබුණා. ඒ වගේම අපි දැක්කා බොහෝ භික්ෂුන් වහන්සේලා තමන්ගෙ පන්සලේ විදුලි බිල සම්බන්ධව කතා කරනවා. මැදගොඩ අභයතිස්ස හාමුදුරුවොත් මේ ගැන කතා කරලා තිබුණා. මේකෙ තියෙන සුන්දරම කොටස තමයි පහුගිය ආණ්ඩුව ඒ කියන්නේ කංචන විජේසේකර මහත්තයලගෙම ආණ්ඩුව තමයි පන්සලේ පින් කැටේ සම්බන්ධව විශාල කතාබහක් කරපු කට්ටිය. පන්සලේ පින් කැටයේ මුදල් කාටද ලැබෙන්නේ කියන එක සම්බන්ධව ඇතිවෙච්ච කතාබහේදී ඒ අය විශාල වශයෙන් මේ ගැන තර්ක විතර්ක කරමින් පන්සල වෙනුවෙන් ආගම දහම වෙනුවෙන් ලොකු කැපකිරීමක් සිද්ධ කළා. ඒත් දැන් ඒ ආදරය, ඒ කැපවීම, ඒ ප්‍රේමය කොහෙද කියලා අපි අහනවා. මොකද පන්සල් ටිකේ පල්ලි ටිකේ, කෝවිල් ටිකේ විදුලි බිල ගෙවාගන්න බැරි වුණොත් ඒක විශාල ප්‍රශ්නයක්. සමහර වෙලාවට ශ්‍රී මහා බෝධියේ, දළදා මාලිගාවේ, ශ්‍රීපාද මළුවේ විදුලි බුබුළු නිවා දමලා ඒගොල්ලෝ දවසක් දෙකක් රට කළොත් බැතිමතුන් කොයි තරම් අසරණ වේවිද කියන එක ගැන අපි ආයෙ අමුතුවෙන් ප්‍රශ්න කරන්න දෙයක් නෑ.

අපට මේ මොහොතේ දැනගන්න බැරි වුණත් ශ්‍රීපාදයේ උඩ මළුවේ විදුලි බිල අපි හිතනවට වඩා දහ දොළොස් ගුණයක් වෙන්න ඇති කියලා අපට නිකමට හිතෙනවා. මොකද හේතුව සිරිපා මළුවේ පහළ සිට ඉහළට විදුලි බුබුළු දල්වා තිබෙන ආකාරය අපි නිතර දකින නිසා. ඔය විදියට තමයි ලංකාවේ විදුලි බිල වැඩිකිරීමෙන් මේ ආණ්ඩුව පන්සල් පල්ලි කෝවිල්වලට සැලකුවේ. ඒ දැඩි ආගමික භක්තිය නිසා කරපු දෙයක් වෙන්න ඇති කියලා අපි විශ්වාස කරනවා. කොහොම නමුත් අපි සූදානම් ඉදිරියටත් තවත් වෙහෙර විහාරස්ථාන කිහිපයක විදුලි බිල කොහොමද ඉහළ ගියේ කියන එක ගැන හොයලා බලන්න. ඒ ගැන හොයලා ඔබට කියනවා ඉදිරියේදී. මේ වෙන කොටත් අපේ පන්සල්, පල්ලි, කෝවිල් දැඩි අසීරුතාවකට පත්වෙලා තියෙන බව විතරක් මේ මොහොතේ ඔබට කියන්න පුළුවන්.

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

තෙල් නැතිව මුතුරාජවෙල වහයි! ඉන්ධන හිඟයක් අත ළඟ!

Next Post

ඔක්තෝබර් පළමු දා සිට 2.5%ක තවත් ටැක්ස් එකක්! හාල් මිලත් ආයෙත් වැඩිවෙයිලු!

MORE NEWS

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

මහ රෑ නිධන් හාරමින් සිටි හිටපු ඇමැති ගුණවර්ධනගේ පුතා පොලිසියෙන් අල්ලයි! I Sri Lanka Latest News

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News

බිමල් CTB එක කණපිට පෙරළන්නයි යන්නේ..! I Sri Lanka Latest News
Exclusive

බිමල් CTB එක කණපිට පෙරළන්නයි යන්නේ..! I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

ඩොලර් රටින් පැන්නීමේ මහා ජාවාරමක තොරතුරු එළියට! පටන් අරන් තියෙන්නේ රනිල්ගේ කාලයේ! ඩොලර් බිලියනයක කළු සල්ලි හොරෙන්ම පිටකරලා! I Sri Lanka Latest News

කාන්තාවන්ට හොඳ කලදසාවක්! මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ලොකුම පුටුවත් කාන්තාවකට! I Sri Lanka Latest News
Exclusive

කාන්තාවන්ට හොඳ කලදසාවක්! මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ලොකුම පුටුවත් කාන්තාවකට! I Sri Lanka Latest News

Load More
දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

ශ්‍රී ලංකා ජාතික ඡායාරූප කලා සංගමය විසින් සංවිධානය කරන ලද 46 වැනි ජාතික ඡායාරූප තරඟය සහ ඡායාරූප ප්‍රදර්ශනය පසුගියදා කොළඹ...

Read more
මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

මහ රෑ නිධන් හාරමින් සිටි හිටපු ඇමැති ගුණවර්ධනගේ පුතා පොලිසියෙන් අල්ලයි! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

ගල්කිස්සේත් වෙඩි තිබ්බා..! වෙලාවට පත්තු වෙලා නෑ! I Sri Lanka Latest News

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News

බිමල් CTB එක කණපිට පෙරළන්නයි යන්නේ..! I Sri Lanka Latest News

බිමල් CTB එක කණපිට පෙරළන්නයි යන්නේ..! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.