• About us
  • Contact us
Sunday, June 14, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඡන්දෙ කල්දාන පිනාගෙ කණුං…

February 1, 2023
in Exclusive, News
Reading Time: 9 mins read
A A
ඡන්දෙ කල්දාන පිනාගෙ කණුං…
Share on WhatsAppShare on Facebook

“සිංහල භාෂාව, පාලි භාෂාව, ඉංගිරිසි භාෂාව කියනවා. කිසියම් භාෂාවකට ඇයි භාෂාව කියන්නේ?” මගේ මිත්‍රයකු මෙන්ම ගුරුවරයකු ද වූ හො.ග.රා. සුමනදාස මහතා එවක 1955 තරමේ මා සිංහල ඉගෙන ගන්නා සමයේදී මගෙන් ඇසුවේය. (“හෙළ හවුලේ” ප්‍රබල සාමාජිකයකු වූ හෙතෙම, පාලි සංස්කෘත දැනුම් සාගරයක් වූවේය. සිංහල ගුරුවරයකු වශයෙන් රාජකාරි කළ ඔහු සිංහල පොත්පෙළේ සංස්කාරක මණ්ඩලයේ සාමාජිකයකු ද වූහ.)

මම හොල්මන් වී ගියෙමි. පිළිතුරක් මට නොවිණි.

“සංස්කෘතෙන් (භාෂාවෙන්) “භාෂ්” කියන වචනෙ තේරුම “දීප්තිය” කියන එකයි. කිසියම් කෙනකුගේ හදවතේ (හිතේ) ඇතිවන දීප්තියක් (හැඟීමක්) පිටතට දෙන්නේ භාෂාවෙනුයි. (භාෂන්තේ හෘද් ගතානාර්ථං යායාසා භාෂා) ඒ නිසයි භාෂාවට භාෂාව කියන්නේ” ඔහු අද ජීවතුන් අතර නැතත් අදට වසර හැට පහකට තරම් එපිටදී මට එසේ සිංහල කියා දුන්ණේය. ඒ ඉගැන්වීමේ “සකු” වෛයාකරණයේ අර්ථය එදා සිට මේ දක්වාම සියයට සියයක්ම මා පසක් කරගෙන සිටින ලද්දේ වී නමුත් දැන් මාසදෙක තුනක කාලයක සිට ඒ ගැන නම් සියුම් කුකුසක් මගේ හිතේ ඇතිවී ඇති බව නම් සැබැවි.

ඒ මන්ද යත් මගෙ හිතේ නැතහොත් වර්තමාන සමාජයේ බොහෝ දෙනකුගේ හිත්වල ඇතිවන දේවල් ඒ හැටියෙන්ම වචනවලින් කියාලිය නොහැකි බව ප්‍රත්‍යක්‍ෂ වශයෙන්මම අත්දකින හෙයිනි.

අප කාගෙත් හිත්වල ඇතිවන හැඟීම තත්වූ පරිද්දෙන්ම ලිවීමට කෙසේ වෙතත් කියාගැනීමට පවා හැකියාවක් වත්මනේ කැලම (කොහෙත්ම) නැති බැවින් එසේ කිවයුතු වන්නේමය.

අප පත්ව සිටින භාෂණ දුෂ්කරතාව ඔබටද පසක් (ප්‍රත්‍යක්‍ෂ) කරගැනීම උදෙසා මෙසේ උපහරණ දක්වම්හ.

මේ වන විට හදවත් සැත්කම් කළ ඇතැම් විට ඔබත් ඇතුළුව වැඩිදෙනකුට තත් (එම) ඖෂධ සොයාගැනීමට හැකියාවක් නැත. අඬන දරුවන්ට දීමට කිරි බිඳුවක් නැත. මන්දපෝෂණයෙන් (මාන්දමින්) පෙළෙන දරුවන් උදෙසා බිත්තර ගෙඩියක් ගන්නට ක්‍රමයක් නැත. මේ වන විට “මහමෙරටත්” වඩා උසට නැගී ඇති “නැතිබැරිකමේ” වට්ටෝරුව සෑම සියලු දෙනකුම මටත් වඩා හොඳට (ලියුම්කරුටත් වඩා) දන්නා හෙයින් වැඩි දුරකීමට නොයම්.

“හුවගාතේ” (කුසගින්නේ) වේළෙමින් සිට පසුගියදා විශ්‍රාම වැටුප ගන්නට ගිය විට මේ රටේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට සල්ලි නැතැයි අසන්නට සිදුවූ කල “මරාගෙන කන්නට තරම්, ඉන්නවා මැරෙනවා පෙනෙන්නේ නැතිවන අන්දමින්” මගේ, අපේ හිතේ ඇතිවූ ආවේගය හැඟීම් එපරිද්දෙන්ම කියන්නට තරම් “අම්මපා” අපට කොහෙත්ම වචන තිබුණේ නැත. ඇත්තේත් නැත.

අද පාර තොටේ පෙළපාළි යන උන් නොව, ඔබට හමුවන ඕනෑම කෙනකුගෙන් ඒ ගැන ඇසුවහොත් ඔවුන් කෝපයෙන් වෙව්ලනවා, දත්මිටි කනවා හැරෙන්නට කේන්තිය ඒ අයුරින්ම කියාගන්නට නම් ඔවුන්ටවත් හැකියාවක් නැත. ඔය ගතිය දෙගුණ තෙගුණ නොව දහස් මට්ටමකට ප්‍රගුණ වී රොකට් වේගයෙන් අහස උසට නැගෙන්නේ මුන් රට සංවර්ධනය කරන්නට යළිත් එන බවට රූපවාහිනියෙන් පර්වශ (උදම්ඇනුම්) බස් කියන විටය.

එකල්හි “ඇඟේ මාළු නටනවා” යැයි නොකියන කෙනෙකුන් ඇත්තේම නැති තරම්ය. “මගේ පැත්තක් කපාගෙන කනවා ඉවසන්න පුළුවං, ඒත් මුන්ගෙ මේ කතානෙ ඉවසන්න බැරි” අපේ සීයා කෙනෙක් “මෝඩ පෙට්ටිය” දෙස බලාන සිට බැරිම තැන කීවේය.

ඔය එක පැත්තකි. අනිත් පැත්ත ඊට හත්කූරුය (දරුණුය).

මිහිමත උපන් සෑම කෙනකුටම අයිති දේ තිබේ. ඒවා ප්‍රඥප්තිවලින්ද සපත කර (තහවුරු) තිබේ. ඒවා අපට අයිති දේය. නීතියෙන් පවා ඒ හිමිකම් තහවුරු කර ඇත්තේය. අපට හිමි අපේ අයිතිවාසිකම් නොදෙන්නට අපේ රටේ පාලකයන් යැයි කියන “ගස්තරයන්”තොත්තබබා ටයිප් එකෙන් සාන්තුවරයන් පරිද්දෙන් මහජන හිතකාමීන් වශයෙන් සබ්බ සකල කෙප්ප කෙළිමින් ගහන දහන් ගැට ඇසෙන විට රඟන රැඟිල්ල දකින විට අම්මපා එන කේන්තිය. (ඇත්තටම ඒ කේන්තිය වචනවලින් කියාගන්න පුළුවන්ද?)

අපට ඡන්ද බලය දීමේ වාර්තාව නවසිය තිස් ගණන්වල (1935) ඉදිරිපත් කරමින් ඩොනමෝර් සාමිවරයා කීවේ “මිනිසුන් උදෙසා, මිනිසුන් විසින්, මිනිසුන්ගෙන් (අතරින්) සකස් කෙරෙන ආණ්ඩුක්‍රමයක් අපට (ලාංකිකයන්ට) දුන් බවය. (For the people, By the people, Of the people) දැන්නම් ඒ ගැන කියන්න තියෙන්නේ “තාත්තාගේ කෝට් එක” යන්නය. මන්ද යනු? “අම්මගෙ රෙද්ද තමයි” කිවහොත් එය ආචාරධර්ම පද්ධතියට එකඟ නොවන්නක් බැවිනි.

“සීසර්ගේ දේ සීසර්ටත්, දෙවියන්ගේ දෙවියන්ටත් දෙන්නැ”යි ජේසුස් ස්වාමි දරුවාණෝ කී සේක. මේ ස්ථානයේ දෙවියන් වශයෙන් සැලකෙන්නේ මහජනතාවය. සීසර් යනු පාලකයාය. උගේ හෝ උන්ගේ (පාලකයන්ගේ) හෝ දේ දුන්නත් නැතත් අපට කමක් නැත. උහු (උන්) සිය මවු දේවින්නාන්සේ සමග යහන්ගත වුවද අපට කමක් නැත.

ඔහෙත් අපේ දේ නම් අපට අවශ්‍යමය. ඩොනමෝර් ලොක්කා කී හැටියට අපේ ඡන්දය අපට අයිතිය (හිමිය). එය අපේ පරම අයිතියකි. ඒ වටිනා සම්පත අපට එරෙහි වන පාලකයන් “කුජීතු” කර දමන බලයයි. ශක්තියයි.

මානව වංශිකයාගේ කළලය ආරම්භ වූදා සිට ඒ අපේ එකාට (මානවයාට) සිද්ධ වූයේ ජීවත් වීමේ සටන කරන්නටය. එදා මෙදාතුර උන් ඒ සඳහා වැගිරූ රුධිර ප්‍රමාණය මේ සප්ත මහාසාගරයට අලගු තියන්නටත් මදිය. මේ මිහිතලයේ පාංශු (පස්) වනාහි ජීවත්වීමේ නිදහස උදෙසා අපේ උන් කැපකළ ලේ රිහිරි මාංශ බව කලඳක් තරමේ හෝ මොළයක් ඇති කාට වුවත් අවබෝධ වුවත් අවබෝධ නොවන්නේ ගස්තර සුනඛයන්ට පමණි. එසේ ජීවිත පුදා ලබාගත් අයිතිය තොපේ දෙයක් නොවේ.

ඒ අපේ දෙයකි. ජේසුස් ස්වාමි දරුවාණන් පෙන්වා දුන්නේ ඒ අපට ඇති උරුමයයි. ඈත අතීතයේ මාටින් ලූතර් කිංලා පමණක් නොව මේ රටේ මෑත යුගයේ සුමංගල හිමියන් වැනි මහා සංඝරත්නයත්, පුරන් අප්පුලා, කැප්පෙටිපොළලා වැනි දෑහිතකාමීනුත් පමණක් නොව, වසන්ත මුදලිගේලා වැනි එවුන් අදත් හිරබත් කන්නේ තොපේ සිරුරුවල ඇති “පොයියංගමට” (ඇඟේ අහවල් රුදාව) විලිලන ලේ නිසා නොවේ.

මේ රටේ සුවාසූ දහසක් නොමැරී මැරී ජීවත් වෙන උන්ට, ඒ උන්ගේ දරුවන්ට, ඒ උන්ගේ දරුවන්ගෙ දරුවන්ට, ඒ උන්ගේ දරුවන්ගෙ දරුවන්ගේ, දරුවන්ගේත් දරුවන්ට අජරාමර වෙන්ට අජරාමර කරන්නට නෙමෙයි පාහරයිනේ දැන ගනිත්වා…

ලුණු ඉහගෙන හෝ දවසට බත් කටක් කා හෝ නොකා හෝ සැනසිල්ලේ ඉන්නටය. ඒකට අරූ, දෙමළා ද? අරූ තම්බියාද අරූ සිංහලයාද?යන්න වැඩක් නැත. අරමුණ මැරෙනතුරු නිදහසේ ජීවත්වීමට මං සලසාදීමය. ඇඟේ නහරයක් නහරයක් පාසා දුවන රුධිරය කෑමොර දෙන්නනේ අපේ, අපේ දරුවන්ගේ, අනාගතේ උපදින එවුන්ගේ ඒ අයිතිය රැක දීමටය.

ඒ අයිතිය පැහැර ගැනීමට පසුගිය කාලයේ සිට කොළේ වසා කරන අළුකුත්තේරුකං, නොසණ්ඩාලකං, පාහරකං” අන්ධයන්ට නොපෙණුනාට නොදැණුනාට මේ රටේ මහජනතාවට නම් සක්සුදක් සේම පැහැදිලිය. ඒ සියල්ල පළාත් පාලන මැතිවරණය නොතියන්නටය.

“මුල් ඇවරිය ඉදිලා නෑ” යන්න ඇසෙන විටම ඒ කෙසෙලේ කැනක් ගැන කතාවක් බව අමුතුවෙන් කිවයුතු නැත. අප “මදුකිරි” (කැලේ ඕසෙට (බොහෝ) වැවෙන “මදු” නමැති වැල් බී හැදී වැඩුණා යැයි පාලකයන් සිතන්නේ නම් මෝඩකමකි. අපත් (සාමාන්‍ය මිනිහාත්) හැදී වැඩුණේ “මවුකිරි” පානය කිරීමෙනි.

පළාත් පාලන ඡන්දය කල්දමන්නට ඇඳිවත පිටපොට ගසා තුන්අඩිය පාගා නමෝ විත්තියෙන් (පළමුවෙන්) කස්තිරම ඇල්ලුවේ අටදහසක් වූ මන්ත්‍රී ධුර සංඛ්‍යාව හාරදහසකට බැස්සවිය යුතු බවට පොතේ ගුරාගේ අස්න කීමෙනි. දෙවැන්න පළාත් පාලන ප්‍රධානීන්ගේ බලතල අඩුකරන බව කීමේ යාන්ත්‍රණයයි.

තුන්වැන්න සීමා නිර්ණයයි. සිව්වැන්න ගම්සභා ක්‍රමය යළි කරළිගත කිරීමයි. පස්වැන්න තරුණ නියෝජනය සියයට විසිපහ දක්වා වැඩිකිරීමයි. සයවැන්න වියදම් නියාමනයයි. හත්වැන්න ස්වාධීන කොමිසම්වලට (ඇම්බැට්ටයන් රිංගවීමට) නියෝජිතයන් සංශෝධනය කිරීමයි.

අටවැන්න මැතිවරණ කොමිසමේ බෙදිල්ලක් ඇති බව කීමයි. නවවැන්න රටේ නිලධාරීන්ට වැටුප් තබා සමෘද්ධිලාභීන්ගේ දීමනාව පවා දීමට මුදල් නැති බව කීමයි. දහවැන්න අරූ (කොටිහපුවා) ලවා කොටි නැටුමක් නැටවීමයි (ලංකා ඉතිහාසයේ නිර්ලජ්ජිත “ඩාන්ස්එක”) ඒ පිස්සු කෙළීමක් බව අගමැති පවා පාර්ලිමේන්තුවට කීවේය. වජිරයා රෙද්ද කඩාගෙන අමුම අමු හෙළුවෙන් සංස්කෘතික සංදර්ශනයක් දැක්වුවේය. (විලි ලජ්ජාව කියල දෙයක් නැද්ද යකෝ)

එකොළොස් වැන්න විජේදාස රාජපස්ස ඇමෑත්තයාගේ මැතිවරණ නියාමන “හිරමනයයි”. දොළොස්වැන්න කතා ලොක්කාගේ පක්‍ෂ නායක රැස්විමයි. දහතුන්වැන්න මැතිවරණ වියදම් වියදම් නියාමන ගුණ්ඩුවයි. (මැතිවරණය කල්දැමීමේ අරමුණින් මහජනයා නොමග යැවීම සඳහා රනිල් ලොක්කා පෙරමුණේ රාළ තනතුරේ රඳවා අනිත් උන්දැලා යටින් සිට කොළේ යටින් ඇදගැසූ ගැහිලි ගැන පසුගිය (2023.01.22) ‘මව්රට’ සංග්‍රහයේ “රාජ්‍ය රහස්” අනාවරණයේ දීර්ඝ විස්තරයක් ඇතුළත් විය)

මේ නැගෙන අතේ රෝල් රැල්ලේ නිමාවක් නැත.

එය හරියට “මහාභාරතයේ” ද්‍රවුපදියගේ ඇඳුම මෙනි.

ඇය හා ඇගේ පවුලේ සියලු කුමාරවරුන් ලජ්ජාවට පත්කිරීමට එදිරිවාදි රජු විසින් රාජසභාවේ දී ඇය නිරුවත් කිරීම උදෙසා සියලු වස්ත්‍ර ඉවත්කිරීමට අණකළ කල්හි විෂ්ණු දෙවියෝ එසේ නොවේවායි අධිෂ්ඨාන කළහ. ඒ නිසා ඇඳුමක් ඉවත් කරන්නා හාම යළි යළිදු ඇඳුම් මැවෙන්නට වූවේය. ඡන්දය කල් දමන්නට අරඅඳින ඇඳිල්ලද එසේමය. අටවන ලද එක උගුලක් අප්සැට් ගිය කල තවත් එකකි. ඒකත් අප්සැට් ගිය විට තවත් එකකි. උගුලෙන් බැරි නම් හබකෙන් අල්ලන සිද්ධාන්තයය. තොරතෝංචියක් නැත. මුන්ලා හදන්නේ කෙක්කෙන් බැරි නම් කොක්කෙන් ජාම බේරාගැනීමටය. එකක් අවසන් වන විට තවත් එකකි.

එහෙත් සිදුවන්නෙක් ඒ සියල්ලම අතේ පත්තුවී හත්පොළේ “ගා”ගැනිල්ල හෙවත් ඉහින් කනින් නාගැනිල්ලය. නියම නාගැනිල්ල හපුහින්න ලොක්කා ලවා අරවා ගන්නට ගිය “බලිය”ය. සියලු දහමහ දෝෂ දුරින්ම දුරීභූත වන්නට නැටූ බලිය අන්තිමේදී කෙළියක්ම වූවේය. ඒක හරියට වඳුරා ලවා කොස්ඇට බෑවිල්ල වාගේය.

බළලෙක් කුස්සියේ ලිපක් ළඟ සනීපෙට (ලිපේ ගිනි රස්ණෙට) නිදාගෙන උන්නේය. නිවැසියන් ලිපට දමන ලද කොස්ඇට ටිකක් ගිනි අඟුරු මත පදම් වෙමින් තිබිණි. ඔතැනට ආ වඳුරෙක් නිදා සිටි බළලාගේ අතින් අල්ලා කොස් ඇට බාගත්තේය. අපේ ලේකම් “හපුවා” මහතාටත් වූයේ ඔන්න ඔය සන්තෑසියමය. පට්ටලේ උඩ බාගෙට ඉරා පලු දෙක ඈත්වෙන්නට ගසා තිබූ “කුඤ්ඤය” ඉවත් කිරීමෙන් තුන් සූත්තරයට බේත් බඳින්නට වැඩේ කරගත් වඳුරු මොටාට වෙච්චි දේමය. හපූ ගේ තුන්සූත්තරයට බෙහෙත් බඳින වෙදා මොකාදැයි තවම හරිහැටි නිවේදනය කර නැත.

ඒ ආතුරයාට බෙහෙත් බැන්දත් නැතත් හෙට අනිද්දා වන විට තව තවත් මොන මොන අන්දමේ මරාල කඩා වැටෙයිදැයි යන්න නම් කිව නොහැකිය.

ආණ්ඩුවේ උන්නැහේලා හිතන්නේත් ක්‍රියාකරන්නේත් කල්දැමීමේ අයිතිය කැමැත්තෙන් හෝ අකැමැත්තෙන් හෝ සහේට (අඹුකමට) “අවඩිලා” කැන්දන් එනවිට ලැබුණු දෑවැද්දක් හැටියටය.

ඡන්දය කල් දැමීමට ඇති තවත් බලවත් හේතුවක් රටට නොකියන සෙයකි. අලි සහ පොහොට්ටු ජොයින්ට් එකට අපේක්‍ෂකයන් සොයාගැනීම කළුනික සෙවීමක් වී තිබේ. පණට ආදරේ තියෙන එකෙකු නම් ඡන්දෙට නොඑන බව කියති.

මේ දක්වා සිටි සද්ධන්ත දලකාරයෝ, එදා පාපැදියක් හෝ නොතිබුණත් මේ වන විට ටිපර් දහය දොළහක් ඇත්තවුන් පවා දැන් කරඇර (මගෑර-මඟැර) ඇත්තාහ.

උඩුනුවර ආසනයේ අපේක්‍ෂක ඌණතාවට පැලැස්තරයක් වශයෙන් පාත්තරයක් නොව පාත්තර දෙකක්ම වැඩවදාරවා ඇත්තාහ.

“මඩකරේ” තියාගත් නමින් හැඳින්වෙන ස්ථානයක නායක උන්නාන්සේ “ලැයිස්තුවෙන්” වැඩමවීමට අභිදානය (නම) දමාගෙන ඇත්තාහ. ඒ ස්ථානයේම දෙවැනි උන්නාන්සේ ඡන්දෙන් වැඩීමට ඉදිරිපත්ව සිටින්නාහ.

“ඕං පිනෝ කණුං”යැයි කියන්නේ ඕවාටය.



චන්ද්‍රසේන මාරසිංහ

SendShareShare
Previous Post

කොන්ත්‍රාත් කරන-හොරකම් කරන-පගා ගහන-අල්ලස් ගන්න මන්ත්‍රී කෙනෙක් ඕන නම් වෙන පක්ෂවලට ඡන්දය දෙන්න! ගම ‌හදන-පිරිසුදු-ජනතාවාදී මන්ත්‍රී කෙනෙක් ඕන නම් සමගි ජන බලවේගයට ඡන්දය දෙන්න! සජිත් තිරුක්කෝවිල්වලට එයි! VIDEO & PHOTOS

Next Post

නඩුවට උසාවි ආ කෙහෙළියට මාර අවුලක් වෙයි! උසාවි භූමියේදී නිල රථය හරස් කර තවත් වාහනයක් ගහලා! රියැදුරුට වාහනය අරගන්න බැරිවෙයි! පස්සේ වෙනත් වාහනයක් ඇවිත් කෙහෙළියව අරන් යයි! VIDEO

MORE NEWS

අනුරටත් නොතීසි යවන්න ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි! I Sri Lanka Latest News
Exclusive

මොන විරෝධතා පළ කළත් වැඩක් නෑ වගේ.. උපරිමාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස ගැන අනුර ගත්ත දැඩි තීන්දුවේම ඉන්නවා! I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

මාලිමා ආණ්ඩුව යටතේ ඩොලර් මිලියන 1854ක් විදෙස් ණය අරන්! Sri Lanka Latest News

තුන් මුල්ලක හිරවුණු විමල් බිත්ති හතරකට කොටු වෙයිද? Sri Lanka Latest News
Exclusive

තුන් මුල්ලක හිරවුණු විමල් බිත්ති හතරකට කොටු වෙයිද? Sri Lanka Latest News

ඇවිල්ලා මාසයයි…! තලපති ඉවරයි…! Sri Lanka Latest News
Exclusive

ඇවිල්ලා මාසයයි…! තලපති ඉවරයි…! Sri Lanka Latest News

Exclusive

පාස්කු ප්‍රහාරයේ රහස් ලියුමක් ලීක් වෙයි! රාජ්‍ය රහස්! I Sri Lanka Latest News

වසන්ත සමරසිංහ දැන් නිකම් විජය කුමාරතුංග වගේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වසන්ත සමරසිංහ දැන් නිකම් විජය කුමාරතුංග වගේ..! VIDEO I Sri Lanka Latest News

Load More
අනුරටත් නොතීසි යවන්න ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි! I Sri Lanka Latest News
Exclusive

මොන විරෝධතා පළ කළත් වැඩක් නෑ වගේ.. උපරිමාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස ගැන අනුර ගත්ත දැඩි තීන්දුවේම ඉන්නවා! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මේ ආකාරයට විවිධ සිදුවීම් රට ඇතුළේ පැනනැගෙද්දී පසුගිය සතියේ ආණ්ඩුව මුහුණ දුන් බරපතළ අර්බුදයක් වූයේ අගවිනිසුරුවරයාගේ සහ...

Read more
ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

මාලිමා ආණ්ඩුව යටතේ ඩොලර් මිලියන 1854ක් විදෙස් ණය අරන්! Sri Lanka Latest News

තුන් මුල්ලක හිරවුණු විමල් බිත්ති හතරකට කොටු වෙයිද? Sri Lanka Latest News

තුන් මුල්ලක හිරවුණු විමල් බිත්ති හතරකට කොටු වෙයිද? Sri Lanka Latest News

පසුතැවීම්, කලකිරීම් නැති මේ ගමන ඇතුළේ නෙත්මි රොෂෙල් හරිම ලකී…! හීන නොදැකපු සිනමාව අවුරුදු 7කින් මාව චිත්‍රපට 7ක හිමිකාරියක් කළා…! මගේ හැමදේම මගේ පවුලයි…! නෙත්මි රොෂෙල් I Sri Lanka Latest News

පසුතැවීම්, කලකිරීම් නැති මේ ගමන ඇතුළේ නෙත්මි රොෂෙල් හරිම ලකී…! හීන නොදැකපු සිනමාව අවුරුදු 7කින් මාව චිත්‍රපට 7ක හිමිකාරියක් කළා…! මගේ හැමදේම මගේ පවුලයි…! නෙත්මි රොෂෙල් I Sri Lanka Latest News

ඇවිල්ලා මාසයයි…! තලපති ඉවරයි…! Sri Lanka Latest News

ඇවිල්ලා මාසයයි…! තලපති ඉවරයි…! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.