• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කුඩු නඩු සහ මරු බඩු I Sri Lanka Latest News

November 3, 2023
in Exclusive, News
Reading Time: 3 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

කුඩු ගෙනාවෙ බූස්සෙ රැඳවියොලු… ඒක අධි ආරක්ෂිතලු… වැටත් නියරත් ගොයං කනවලු…

පහුගිය දවසක විශාල මත්ද්‍රව්‍ය තොගයක් ලංකාවෙදි අත්අඩංගුවට ගන්නවා. මේ මත්ද්‍රව්‍ය තොගය බූස්ස අධිආරක්ෂිත බන්ධනාගාරය තුළ ඉන්න රැඳවියන් දෙන්නෙක් විසින් ගෙන්වපු බව තමයි කියන්නේ. මේ වගේම ලංකාවේ මත්ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් අත්අඩංගුවට ගත්තා පහුගිය කාලේ ඇතුළත. මීට වසර කිහිපයකට කලින් අපට මතකයි කැලණිය ප්‍රදේශයේ ට්‍රැක්ටරයක හෝස් අස්සේ හංගලා තිබුණු මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගත්තා.(Sri Lanka Latest News)

ඒ වගේම අපට මතකයි පෑලියගොඩදී ලංකාවේ විශාලතම කොකේන් තොගය අත්අඩංගුවට ගන්නවා නාකොටික් නිලධාරීන් විසින්. ඒ කොකේන් ප්‍රමාණය කිලෝග්‍රෑම් 300කට අධික ප්‍රමාණයක් කියලයි අපට මතක. මේ වාර්තා අද වෙද්දී බිඳවැටිලා. දිගින් දිගටම කොකේන් ඇතුළු මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගනිමින් ඉන්නවා. එහෙම ඉන්න අතරතුරේ මේ කතාව හරිම තිගස්සවන සුලු සහ හරිම කලබල විය යුතු කාරණාවක් විදියටයි අපි දකින්නේ. ඒකට හේතුව බූස්ස අධිආරක්ෂිත බන්ධනාගාරය කියන්නේ විශාල වශයෙන් රැකවරණ සහිතව රැඳවියන් රඳවා තබන ලද ස්ථානයක්.

මේ පුද්ගලයන්ව රැඳවියන් ලෙස රඳවා තබාගැනීමෙන් අපට ලැබෙන දේ තමයි ඔවුන්ගෙන් සමාජයට සිද්ධ වෙනවා යැයි උපකල්පනය කරන අගතිය සිද්ධ නොවීම. නමුත් ඔවුන් මේ බන්ධනාගාරවලට ඇතුළු කරලා රජයේ මුදලින් කෑම බීම ටික දීලා ඔවුන්ට මහා සමාජය ඇතුළේ තියෙන අනාරක්ෂිත බව නැතිකරලා ලංකාවේ ඉන්න ඉතා දක්ෂ නිලධාරීන්ගේ ආරක්ෂාව දීලා ඔවුන්ව පරිස්සමට තියලා ඒගොල්ලන්ට ඒගොල්ලන්ගේ කුඩු ටික ගෙන්වගන්න ඉඩ දෙනවා නම් ඔවුන්ව මෙහෙම රඳවා තියෙන එකෙන් වැඩක් නෑ.

ඇත්තටම මේ වෙලාවෙදී අපි මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවා හෝ ඒවා ලංකාවට ගෙන්වපු පුද්ගලයාව හෝ අනාවරණ කරගැනීම නෙවෙයි කරන්න ඕනේ. ඒ පුද්ගලයන්ව බන්ධනාගාර ගත කරලා තියෙන්නෙම ඔවුන් මත්ද්‍රව්‍ය වැරැදිවලට සම්බන්ධ නිසා. ඒ නිසා ඔවුන් අතින් එහෙම වැරැදි සිදුවිය හැකියි. මේ පුද්ගලයෝ වැරැදිකාරයෝ. ඔවුන්ගේ එදිනෙදා ක්‍රියාවලිය හඳුනාගන්න ඕනෑම කෙනකුට තේරෙනවා ඔවුන් අතින් වැරැදි සිද්ධ විය හැකියි. නමුත් මේ වැරැදි සිද්ධ කරන පුද්ගලයන්ව සමාජයෙන් ඈත් කරලා තියද්දී ඒ අයගේ ආරක්ෂාවට යොදවලා තියෙන්නේ වැරැදි කරන පුද්ගලයන් නෙවෙයි.

ඔවුන් බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ සහ ශ්‍රී ලංකාවේ ආරක්ෂක අංශවල වැටුප් ලබන පුද්ගලයන්. ඔවුන්ට පඩි ගෙවන්නේ ලංකාවේ මහජනතාවගේ බදු මුදල්වලින්. ඔවුන්ට පඩි ගෙවන්නේ ඔවුන් විසින් ශ්‍රී ලංකා ජන සමාජයට සිදුවෙන වැරැදි නොවෙන ආකාරයට ඒ වැරැදි කරන ලද පුද්ගලයන්ව සමාජයෙන් ඈත් කරලා තියන්න වෙහෙසෙන නිසා. ඒක ඉතාම භාරදූර කාර්යභාරයක්. ඔවුන්ට ඒ සඳහා අවශ්‍ය කරන දැනුම, පුහුණුව ගිනි අවි සහ නිල ඇඳුම් ලබාදීලා තියෙනවා. මේ සියල්ලම කරන්නේ නොමිලේ. මේ සියල්ලමත් කළාට පස්සේ ඔවුන් තමන්ගේ බන්ධනාගාරය තුළ ඉන්න රැඳවියන්ට තමන්ට අවශ්‍ය ආකාරයෙන් කුඩු ටික ගෙන්වා ගන්නත් අවස්ථාව දෙනවා නම්, ඒ අය ගැන තවදුරටත් කතා කරලා වැඩක් නෑ.

අපි දැක්කා පහුගිය කාලේ ප්‍රකට අපරාධකරුවෙක්ට සියලු ඇප උපස්ථාන කරපු එක්තරා නිලධාරි මහත්මයෙක් ගැන කියැවුණා. ඔහු දැන් ලංකාවේ නෑ කියලා කියනවා. අපි දන්නේ නෑ ඔහු ලංකාවේ ඉන්නවද නැද්ද කියලා. හැබැයි ඔහු ලංකාවේ හිටියත් නැතත් ඔබට තේරෙන්න ඕනේ කාරණාව තමයි මේවා තනි පුද්ගලයන්ට කරන්න පුළුවන් දේවල් නෙවෙයි කියලා. බූස්සේ අධි ආරක්ෂිත බන්ධනාගාරය ඇතුළේ හිරකරලා ඉන්න මිනිස්සුන්ට ලංකාවට කුඩු ගෙන්වන්න පුළුවන් වෙන්නේ ඒ අයට තවත් කෙනෙක් එක්ක දුර සිට කතා කිරීම සඳහා ලැබිලා තියෙන ටෙලිපති වගේ උපක්‍රමයක් පාවිච්චි කරලා නෙවෙයි.

ඒ අයට ඉතා පහසුවෙන් වැඩකරන්න පුළුවන් විදියේ පහසුකම් ටිකක් මේ නිලධාරීන් විසින්ම ලබාදීලා තියෙනවා. අපි මෙතැනදී තර්ක කරන ප්‍රධානම දේ තමයි ඇත්තටම මිනිස්සුන්ව බන්ධනාගාර ගත කළාට පස්සේ ඒ බන්ධනාගාරය වටේට යොදවලා තියෙන්නේ බන්ධනාගාරෙ ඇතුළේ ඉන්න එවුන්ටත් වඩා හොරු නම්, ඒ බන්ධනාගාරගත කිරිල්ලෙන් වැඩක් නෑ. ඔය ගොඩනැගිලි ටික කඩලා බිඳලා දාලා හෝ ඔය ගොඩනැගිලි ටික ගාමන්ට් එකකට හරි කුලියට දීලා ඒ අපරාධකාරයන්ට ගෙදරම ඉන්න දුන්නා නම් ඒ මිනිස්සු ඒ මිනිස්සුන්ගේ වැඩ කරගන්නවා.

රටේ කීයක් හරි ඉතුරු වෙනවා. දැන් මෙතනත් වෙලා තියෙන්නේ මේ මිනිස්සු කුඩු ටිකත් ගෙන්න ගන්නවා. අදාළ වැඩ ටිකත් කරගන්නා අතරතුරේ ඒ මිනිස්සුන්ට අවශ්‍ය කරන රැකවරණය ආරක්ෂාව කෑම බීම ඉඳුම් හිටුම් ටිකත් රජය ගානේ ලබාදෙන එක. මේ තත්ත්වය වහාම නතර කළ යුතුයි.

කුඩු ටිකක් ආවට පස්සේ ඒ කුඩු යන්නේ කොහෙටද කියලා හොයලා බලලා ඒවායේ මුල විනාශ කරනවා මිසක් මේ ගමේ ඉන්න කුඩු ගහන එකාට කුඩු ග්‍රෑම් දෙක තුනක් අතේ තියෙනකොට අල්ලලා, උගේ කලිසම අස්සට කුඩු පැකට් එකක් දාලා, ඌට 56 ගහලා, බන්ධනාගාරගත කරන එක නෙවෙයි කරන්න ඕනේ. මහා පරිමණ අපරාධකාරයන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන්න නීති ප්‍රතිපාදන වෙන් කරලා තියෙනවා. මේ විදියට විශාල මත්ද්‍රව්‍ය ප්‍රමාණයක් ගෙන්වන පුද්ගලයන්ට නීතිය වහාම ක්‍රියාත්මක කළ හැකියි. අවශ්‍ය නම් ඔවුන්ව සමාජයෙන් ඉවත් කළ හැකියි.

නමුත් මේ සියල්ලම නොකර, මත්ද්‍රව්‍ය කියන එක හැමදාම දේශපාලන ලකුණු දමාගැනීම සඳහා පාවිච්චි කරන උපක්‍රමයක් කරගන්න තාක්කල් ලංකාවේ මිනිස්සු කුඩු ගහන එක නවතින්නෙත් නෑ, ලංකාවේ සිද්ධ වෙන අපරාධ නවතින්නෙත් නෑ. වැදගත්ම දේ තමයි බන්ධනාගාර ඇතුළේ ඉන්න පුද්ගලයන්ට දුරකතන හෝ වෙනත් උපාංග භාවිත කිරීම සඳහා ඉඩ ලබාදෙන පුද්ගලයන්ව වහාම හොයලා, ඒ අයට විරුද්ධව පියවර ගන්න බැරි නම් තවදුරටත් බන්ධනාගාරය කියන එක ප්‍රායෝගික ක්‍රියාවලියක් නොවන බව ඔබ අප සියලු දෙනාම තේරුම් ගැනීම.

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

මිල්කෝ සභාපති පොහොට්ටුවේ ලොක්කෙක්! එයාව පන්නන්න පක්ෂ භේද නැතුව ඔක්කොම සේවකයෝ පාරට බහී! VIDEO I Sri Lanka Latest News

Next Post

මහාචාර්ය රත්නායකට ලකුණු 82.9යි! මහාචාර්ය අම්පිටියවත්තට ලකුණු 60.9යි! මහාචාර්ය ශාන්තට ලකුණු 60.6යි! රනිල් සබරගමුවේ උපකුලපති තනතුර මහාචාර්ය ශාන්තට ලබා දෙයි! I Sri Lanka Latest News

MORE NEWS

පැනලා ගිය ගෝඨාට ආණ්ඩුවෙන් වාහන 19ක්! කන්න බොන්න හැම මාසෙම ආණ්ඩුවෙන් නවලක්ෂ පනස්දාහක්! ඒක පුංචි වියදමක්..! ප්‍රශ්නෙ ඇහුවාම බන්දුල දුන්නු උත්තරේ!
Exclusive

අත්අඩංගුවට ගැනීම වළක්වන්නැයි ඉල්ලා ගෝඨා අභියාචනාධිකරණයට එයි! I Sri Lanka Latest News

ඉස්සර වගේ නෙමෙයි කෙට්ටු වෙලා..! හිරේ ඉන්න මහින්දානන්දයි නලිනුයි අද අල්ලස් නඩුවට මහාධිකරණයට ගෙනාවේ මෙහෙමයි..! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඉස්සර වගේ නෙමෙයි කෙට්ටු වෙලා..! හිරේ ඉන්න මහින්දානන්දයි නලිනුයි අද අල්ලස් නඩුවට මහාධිකරණයට ගෙනාවේ මෙහෙමයි..! VIDEO I Sri Lanka Latest News

සභාවේදී ආණ්ඩුව පැත්තෙන් මන්ත්‍රී අර්චුනාට අපහාස කරද්දී විපක්ෂනායක සජිත් අර්චුනා වෙනුවෙන් පෙනී සිටී! VIDEO I Sri Lanka Latest News
Exclusive

සභාවේදී ආණ්ඩුව පැත්තෙන් මන්ත්‍රී අර්චුනාට අපහාස කරද්දී විපක්ෂනායක සජිත් අර්චුනා වෙනුවෙන් පෙනී සිටී! VIDEO I Sri Lanka Latest News

රටේ ආර්ථිකය මහා භයානක අඩියක! උත්තර හොයන්න විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් තිබ්බ සාකච්ඡාවට දකුණේ විතරක් නෙමෙයි උතුරු නැගෙනහිර සියලුම පක්ෂ නායකයොත් එක්වෙයි! PHOTOS I Sri Lanka Latest News
Exclusive

ඔක්කොම බලන් ඉන්නේ අද හවස 4.30ට නොම්මර 30 විපක්ෂනායක කාර්යාලයේ මොකද වෙන්නේ කියලා! හැමෝටම අද විපක්ෂනායක සජිත් කියන්නේ කව්ද කියලා බලාගන්න පුළුවන්! VIDEO I Sri Lanka Latest News

ගෝඨාගෝගමට පහර දීම! දේශබන්ධුට සිතාසි!
Exclusive

දේශබන්දුට එරෙහි එක නඩුවක තීන්දුවක් එයි! අරගලයේදී දේශබන්දු මානව හිමිකම් උල්ලංඝනය කරලා! ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි! I Sri Lanka Latest News

සජිත් ලංකාවේ විපක්ෂය එකතු කරන කොට ඉන්දියාවේ රාහුලුත් විපක්ෂය එකතු කරයි! විපක්ෂනායකලා දෙන්නම ගහන්න යන්නේ එකම ගේමද? I Sri Lanka Latest News
Exclusive

සජිත් ලංකාවේ විපක්ෂය එකතු කරන කොට ඉන්දියාවේ රාහුලුත් විපක්ෂය එකතු කරයි! විපක්ෂනායකලා දෙන්නම ගහන්න යන්නේ එකම ගේමද? I Sri Lanka Latest News

Load More
පැනලා ගිය ගෝඨාට ආණ්ඩුවෙන් වාහන 19ක්! කන්න බොන්න හැම මාසෙම ආණ්ඩුවෙන් නවලක්ෂ පනස්දාහක්! ඒක පුංචි වියදමක්..! ප්‍රශ්නෙ ඇහුවාම බන්දුල දුන්නු උත්තරේ!
Exclusive

අත්අඩංගුවට ගැනීම වළක්වන්නැයි ඉල්ලා ගෝඨා අභියාචනාධිකරණයට එයි! I Sri Lanka Latest News

තමන් අත්අඩංගුවට ගැනීම සහ රඳවා ගැනීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කළ...

Read more
ඉස්සර වගේ නෙමෙයි කෙට්ටු වෙලා..! හිරේ ඉන්න මහින්දානන්දයි නලිනුයි අද අල්ලස් නඩුවට මහාධිකරණයට ගෙනාවේ මෙහෙමයි..! VIDEO I Sri Lanka Latest News

ඉස්සර වගේ නෙමෙයි කෙට්ටු වෙලා..! හිරේ ඉන්න මහින්දානන්දයි නලිනුයි අද අල්ලස් නඩුවට මහාධිකරණයට ගෙනාවේ මෙහෙමයි..! VIDEO I Sri Lanka Latest News

සභාවේදී ආණ්ඩුව පැත්තෙන් මන්ත්‍රී අර්චුනාට අපහාස කරද්දී විපක්ෂනායක සජිත් අර්චුනා වෙනුවෙන් පෙනී සිටී! VIDEO I Sri Lanka Latest News

සභාවේදී ආණ්ඩුව පැත්තෙන් මන්ත්‍රී අර්චුනාට අපහාස කරද්දී විපක්ෂනායක සජිත් අර්චුනා වෙනුවෙන් පෙනී සිටී! VIDEO I Sri Lanka Latest News

රටේ ආර්ථිකය මහා භයානක අඩියක! උත්තර හොයන්න විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් තිබ්බ සාකච්ඡාවට දකුණේ විතරක් නෙමෙයි උතුරු නැගෙනහිර සියලුම පක්ෂ නායකයොත් එක්වෙයි! PHOTOS I Sri Lanka Latest News

ඔක්කොම බලන් ඉන්නේ අද හවස 4.30ට නොම්මර 30 විපක්ෂනායක කාර්යාලයේ මොකද වෙන්නේ කියලා! හැමෝටම අද විපක්ෂනායක සජිත් කියන්නේ කව්ද කියලා බලාගන්න පුළුවන්! VIDEO I Sri Lanka Latest News

ගෝඨාගෝගමට පහර දීම! දේශබන්ධුට සිතාසි!

දේශබන්දුට එරෙහි එක නඩුවක තීන්දුවක් එයි! අරගලයේදී දේශබන්දු මානව හිමිකම් උල්ලංඝනය කරලා! ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.