• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අනේ ආයිබෝවන්ඩ අපිට පව් නොදී මැරෙනකං ඉන්ඩ දෙන්ඩකෝ I Sri Lanka Latest News

December 17, 2023
in Exclusive, News
Reading Time: 11 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

අපේ ජනාධිපතිවරයකු ශ්‍රී ලංකා සමාජවාදී ජනරජයේ අතිගරු ජනාධිපතිතුමනි යනුවෙන් ඇමතීම සමන්තභද්‍ර්‍ර (හැම අතින්ම යහපත්) වුවත් අපේ පූරුවේ අකුසලයකට අනුව නම් එසේ ඇමතිය නොහැකි තත්ත්වයකට අපි අද පත්ව ඇත්තෙමු යන්න නම් නොකියාම බැරිය.(Sri Lanka Latest News)

අද වෙන දේවල්වලට අනුව නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඇතත් සමාජවාදී කෑල්ල කොහෙත්ම කිව නොහැකිය. රටේ සිද්ධවෙන නොහොත් කෙරෙන දේවලින් අඩුම තරමින් සියයට එකක් හරි සමාජ හිතවාදී නම් ඒ ගෞරවනීය වචනය කිව හැකිය. එහෙත් සිද්ධ වෙන්නේ බල්ලොත් බත් කන්නේ නැතැයි කියන තරමේ දේවල්ය. (නැත්නම් වැට් එක සම්මත වේද? ඔය එක පැත්තකි.

අනිත් පැත්ත ‘ජනරජය’ යන පදය යෙදීම ගැනය. ජන රජය යැයි කියන්නේ මට හිතෙන හැටියට මහ ජනයාගේ රජයක් යන්න බවය. අපව (දේශය) පාලනය කරනු ලබනවා යන්න කීමට ඈත අතීතයේ සිටම අපේ පැරැන්නන් යොදාගත් පදය ආණ්ඩු මට්ටු කරනවා යන්න වුවත් මේ වනවිට ආණ්ඩු කියන කෑල්ල සම්පූර්ණයෙන්ම වඳවී ගොස් ඉතුරුවී ඇත්තේ මට්ටු කියන හරිය (කොටස) පමණක් යන්න නම් අමුතුවෙන් පැහැදිලි නොකළ යුතු තරම්ය.

එසේ වීමට ප්‍රධාන සාධකය වශයෙන් ඇතැයි උපකල්පනය කළ යුත්තේ ඔවුන් (පාලකයන්) සිතා සිටින්නේ දැන් සිටින ප්‍රජාව හෙවත් මානව කොට්ඨාසය දෙන දේ කා වෙනදේ බලා සිටින ජහමන වර්ගයට අයත් අහරකුක්කන් කොටසක් බවය. මන්ද ඊට හේතුව ජහ ජහ යැයි කියා දක්කන්නට පුළුවං බඩු ටිකක් හැටියට සහසුද්දෙන්ම දැනගෙන සිටින හෙයිනි.

ඒ නිසා මේ අපේ ජනාධිපති, ප්‍රජාපති වශයෙන් කිව නොහැකි වීමට තවත් සාධකයක් නම් උන්නැහේ (නැහෙන්නේ උන් නොව අපය) අපේ ඡන්දෙන් නොව එකසිය තිස්හතර (134) දෙනකුගේ ඡන්දයකින් වෙල්ලෑවට (ආසනේට) නැග්ග හෙයිනි.

අපේ පැරැන්නෝ රටේ උස්මිටි තරාතිරමක කවර කෙනකු වුවත් ඇමතීමට ඉතා සරල, සුමග, මටසිළුටු වදනක් ඒ සන්දියේ (යුගයේ) සිටම යොදාගත්හ. එයින් රටේ ඒජන්ත හාමුදුරුවෝ පමණක් නොව ඔනෑම කුලහීනයකු වුවද ඇමතීමටත් යොදාගනු ලැබුවේය.

ඒ “අනේ ආයුබොවන්ඩ” යන උත්තරීතර ශුද්ධ Clean පදයයි.

ඉතින් අයිබොවන්ඩ රනිල් මහත්තයෝ ඔය අටුවාව කීවේ ඔබ වහන්සේ බොහෝම හොඳ යෝජනාවක් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර සම්මත කරගත් බව අපේ ගම්මුන්ගේ වචනයෙන් කියන්නේ නම් ලවුස් පීපර් එක (ලවුඩ් ස්පීකර්) භාර ඇමෑත්ත බන්ධුල ගුණවර්ධන උන්නාන්සේ කී සේක් බැවිනි. ඒ වගත් මෙසේමය.

යටත් විජිත යුද අධිකරණයේ (ඉංගිරිසි පාලන සමයේ) තීන්දුවක් මත දැනට වසර 108කට පෙර රාජද්‍රේහි චෝදනාව යටතේ යුදාධිකරණයක් විසින් වරදකරු බවට තීරණය කර 1915.07.07 වැනි දින වෙඩිතබා ඝාතනය කරන ලද එවකට විසිහත් හැවිරිදි (27) වියේ සිටි එඩ්වඩ් හෙන්රි පේද්‍රිස්තුමාට යුක්තිය ඉටුකිරීම සඳහා විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු අනිල් ගුණරත්න මහතාගේ සභාපතිත්වයෙන් ත්‍රිපුද්ගල කමිටුවක් පත්කර ඇති බව කීමය. එඩ්වඩ් හෙන්රි පේද්‍රිස්තුමාට යථෝක්ත දණ්ඩනය පනවනු ලැබ ඇත්තේ අපමහ රජාට (එංගලන්තයේ) එරෙහිව යුද්ධයක් ප්‍රකාශ කළ බව කියන චෝදනාව යටතේය.

ඉතිහාසයේ සඳහන් අන්දමට එඩ්වඩ් හෙන්රි පේද්‍රිස්තුමා ව්‍යාපාරිකයෙකි. ඔහුගේ ව්‍යාපාරික ස්ථානය පිටකොටුවේ කෙයිසර් වීදියේ පිහිටි එකකි. කිසියම් කලහකාරී පිරිසක් එකී වෙළෙඳ මධ්‍යස්ථානය කොල්ලකෑමට 1915.06.01 දින පැමිණ ඇත්තාහ. ඒ අවස්ථාවේ මේ ව්‍යාපාරිකයා තමා නීත්‍යනුකූලව සන්තකයේ තබාගත් ගිනි අවියෙන් (රිවෝල්වරයෙන්) අහසට වෙඩි දෙකක් තබා ඇත්තේය.

එවකට ආණ්ඩුකාරයා රොබට් චාමස්ය. හමුදා අණදෙන නිලධාරියා වයස අවුරුදු හැට ඉක්ම වූ ලේ මැල්කම්ය. හෙතෙම මානසික ව්‍යාධියෙන් පෙළෙන්නකු බව ඔහු පිළිබඳ විස්තරවල දැක්වේ.
1915.06.01 වෙඩි තැබීමේ සිද්ධියට යුද නීතිය යටතේ දඬුවම් පමුණුවා ඇතත් යුද නීතිය පනවා ඇත්තේ සිද්ධියට පසුවය. එනම් 1915.06.02 දාය.

කලහකාරී ස්ථානයට යුද හමුදාව කැඳවිය යුතු තත්ත්වයක නොවුණත් එසේ කර තිබේ. (සිද්ධිය එසේ වුවද 1980 කළු ජූලියේ මුත්තා කීවාටද වරදක් නැත. හැබැයි එදා ඉංගිරිසි පාලකයන් සිංහල බස කතා නොකරන කලහකාරීන්ගේ පැත්ත ගෙන ඇත්තේය.)

මේ දේශයට කිසියම් ආකාරයක මෙහෙයක් කළ විරුවකු වේ නම් එතුමාට කුලමල පක්‍ෂ පාට උස්මිටිකම් යන මිනුම් දඬු පසෙකලා පුදනු ලබන්නෝ පවා පිදෙත් දසදෙස දියතෙ හැමකල් යැයි කියන්නේ එහෙයිනි.

ටී.බී. ජයා, අරුණාචලම් රාමනාදන් වැන්නවුනට අදත් සිහළුන්ගේ හිස්ගෙඩි නැමෙන්නේ ද ඒ නිසාය.

යුගයේ අවශ්‍යතා මත බොහෝ දේ වෙනස්වීම සිද්ධාන්තයකි. උදාහරණ මෙසේය.

1970 ට පෙර ධනවත් ඉඩම් හිමියන්ට අක්කර දහස් ගණන් තිබුණේය. එහෙත් තමන්ගේ දුවා දරුවන් සමග විසීමට බොහෝ දෙනකුට එක පර්චසයක් පවා නැත්තෝද වූහ. ජනගහනය පඳුරු දමා ව්‍යාප්ත වනවිට අක්කර දහස් ගණනින් තිබූ ඉඩම් හිමිකරුවන්ගේ පැවැත්මට එල්ලවන තර්ජනය නොවැළැක් විය හැකි වූවේය. (1945 පමණේදි ලංකාවේ ජනගහනය ලක්‍ෂ හතළිස් හතරක් (44,00,000) හෝ හතළිස් හතර දහසක (44,000) හෝ තරමේ බව මට යම්තමින් මතකය.

එක් අයකුට තබාගත හැකි උපරිම ඉඩම් ප්‍රමාණය අක්කර පනහක් (50) බවට නීති පනවන්නට සිදුවූයේ යුගයේ අවශ්‍යතාව මතුවෙද්දීය.

මහගම සේකර මියගියද ඔහු විසින් ලියන ලද “මේ සිංහළ අපගෙ රටයි – අප ඉපදෙන මැරෙන රටයි” යන ගීතය ඉර හඳ පවත්නා තෙක් මේ හෙළදිවේ උපදින එකකුගේ සිතින් මකා ඉවත් කළ නොහැකි බව අතීතයේ දී එක් විද්වතෙක් කීයේය.

එහෙත් ඒ ගීතය අද වාදනය කිරීමද නැවතී ඇත.

කලෙකදී දුටුගැමුණු මහා වීරයෙකි. එහෙත් ඒ වීරත්වය අද අභියෝගාත්මකය.

වැලිමඩ කේ. ඇම්.පී. රාජරත්න මන්ත්‍රීවරයා කීයේ අහවල් වර්ගයාගේ අවසාන කෙනාගේ හමෙන් (සමෙන්) සපත්තුවක් පලඳින තෙක් තමාට නින්ද නොයන බවයි. අද ඒ මතවාදීනට පැවැත්මක් නැත.

පසුගිය සමයේදී මඩකලපුවේ එරාවුර් ප්‍රදේශයේ දී ඔන්න ඔය ජාතියේ ගිනිදලු මතුවෙන්නට ගියේය. ඇතැම්හු ගිනි පිම්බෝය. ඇතැමෙක් පිදුරු පැට්‍රෝල් ඇරගෙන ළංවූවෝය. මේ දේශයේ දීපයේ මහපොළොවේ ඉපදී ඇති දුවා දරුවන්ගේ කුසල සම්භාරයට ඒ ගිනිදලු පැතිර ගියේ නැත.

හැම එකාටම වුවමනාව මේ රටේ වේලක් නොකා වේලක් කා දෙයියනේ කියා එකට සිටින ජාතීන් එකිනෙකා කොටවා මරාගන්නා හැටි දැකගැනීමේ ලේ පිපාසයයි. මේ අවුලවන්ට යන්නේත්, අවුලවන්නට අමුඩ ගසන්නේත් එවන් නින්දිත ක්‍රියාවකට දැයි බුද්ධිමත් මිනිසුනේ විමසා බලනු මැනැවි.

මෙලෝ පාලනය කරන කිසියම් බලවේගයක් (දෙවියන්) ඇත්ද ඒ බලවේගය සාමකාමී, මෛත්‍රී, කරුණාභරිත පපුකැනැති ඇති උන් ආරක්‍ෂා කරත්වා.

කිරි දොවන්නට තිබියදී දෙනගේ බුරුල්ල නොතකා ඇගේ අඟ අල්ලාගෙන දඟලනවා යැයි ධර්මසේන හිමියෝ සද්ධර්මරත්නාවලියේ “බුරුලු තබා අඟින් කිරිදෝනා” වැන්න යැයි කියා ඇත්තාහ.

අනේ ආයුබෝවන්ඩ බුදු රනිල් මහත්තයෝ තමුන්නාන්සේට කරන්ඩ දාහක් වැඩ තිබියදී කරන්ඩ යන්නේ අන්න ඒ වාගෙ වැඩක් දැයි යන්න නම් දෙවරක් සිතිය යුතුය. කෙටියෙන් කියන්නේ නම් කියන්ඩ ඇත්තේ අපට පවු නොදී අපේ පාඩුවේ ඉන්ඩ දෙන්ඩ යන්නය.

මරා දැමූවන්ගේ තෝම්බු දිගනොහැර ඉන්ඩ බැරි රුදාවක් (අමාරුවක්) ඔබට ඇත්නම් ඒ සඳහා මාර්ගෝපදේශ ටිකක් පහත දක්වන්නෙමි. බුදුබව අත්වෙයි. ඒවාට කැබිනට් තීරණ ගෙන හෝ නොගෙන හෝ අපක්‍ෂපාතී පරීක්‍ෂණ පවත්වනවා නම් “උපන් දා සිට කරපු පවු නැත වරක් වැන්fදාත් කැලණියේ” වගේය.

Sunday Leader පත්‍රයේ කර්තෘ ලසන්ත වික්‍රමතුංගගේ දුව අහිම්සා වික්‍රමතුංග කියන මේ කතාව පොඩ්ඩක් අහන්ඩකෝ.

මිග් යානා දූෂිත ගනුදෙනුවක් සම්බන්ධයෙන් “මගේ පියා (ලසන්ත වික්‍රමතුංග) Sunday Leader පත්‍රයෙන් අනාවරණය කිරීමේ සිද්ධියෙන් පසුව එවක ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා වශයෙන් රාජකාරි කළ ගෝඨාභය රාජපක්‍ෂ සිය කීර්තිනාමයට හානි සිදුවූ බවට චෝදනා කරමින් ඒ සඳහා රුපියල් කෝටි සියයක (1,00,00,000-බිලියනයක්) වන්දියක් ඉල්ලා ඔහුගේ (ගෝඨාභය රාජපක්‍ෂගේ) නීතිඥවරයකු මගින් (ලවා) 2007 ඔක්තෝබර් 10 වැනිදා එන්තරවාසියක් එවා තිබුණා.

ඊට පිළිතුරු වශයෙන් (මගේ පියා) අපේ රට වෙනුවෙන් කටයුතු කරන බවත් ගෝඨාභය රාජපක්‍ෂ නමැති මේ රටේ (එවක) ආරක්‍ෂක ලේකම් ඇමෙරිකාවට පක්‍ෂපාතීව ක්‍රියාකරන බවට දිවුරා පොරොන්දු වී එරටේ පුරවැසිභාවය ලබාගෙන ඇති බවත් සඳහන් කර වහාම මෙරට කරන රාජකාරියෙන් (තනතුරෙන්) ඉල්ලා අස්විය යුතු බවත් දන්වා රුපියල් දෙකෝටියක (2,00,00,00,000) වන්දියක්ද ඉල්ලා එන්තරවාසියක් යැව්වා.

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩගේ බිරිඳ සන්ධ්‍යා එක්නැලිගොඩ කියන මේ කතාවත් අහන්ඩකෝ.

එවකට පැවති මහින්ද රාජපක්‍ෂ ආණ්ඩුවේ අක්‍රමිකතා අනාවරණ කෙරෙන අන්දමේ විස්තරයක් මූද්‍රණය කරන්නට සූදානමින් සිටියදී අතුරුදන් වුණා.

ඒ සමගම ඔහුගේ කලිසම් සාක්කුවේ තිබූ පෙන් ඩ්‍රයිව් එකටත් සිදුවූ දෙයක් නෑ. පන්නිපිටියේ, හිරිපිටියේ සුහද මාවතේ අංක 136/2 ස්ථානයේ අප පදිංචිව සිටියේ. මම ඒ පිළිබඳ මිරිහානේ විශේෂ අපරාධ විමර්ශන ඒකකයට පැමිණිලි කිරීමේ ප්‍රතිඵලයක් වශයෙන් පැවැත් වූ පරීක්‍ෂණයේ වාර්තාව හෝමාගම මහෙස්ත්‍රාත් අධිකරණයට නඩු අංක 7414/2010 යටතේ ඉදිරිපත් කෙරුණා. අනතුරුව ඒ පරීක්‍ෂණය කොළඹ අපරාධ පරීක්‍ෂණ අංශයට 2010 පෙබරවාරි 26 දින යොමු කෙරුණ. මේ සම්බන්ධව හමුදාවට සම්බන්ධ පිරිසක්ද අත්අඩංගුවට ගෙන 2016 ජනවාරි 11දා අධිකරණයටද ඉදිරිපත් කරනු ලැබුවා.

මගේ සැමියා එසේ අතුරුදන් වූයේ 2010 ජනාධිපතිවරණයට හරියටම දින දෙකකට උඩදී 2010 ජනවාරි 24 වැනිදා හැන්දෑවේ 8.30ට පමණ.

මගේ සැමියා සමග වෛර බඳින්නට තවත් හේතුවක් ඔහු (මගේ සැමියා) මහින්ද රාජපක්‍ෂ සමග තරග කළ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකාගේ ප්‍රබල ආධාරකරුවකු වූ නිසා.

දිනේෂ් ෂාෆ්ටර් ඝාතනයත් ගුප්ත එකක්.

දිනේෂ් ෂාෆ්ටර්ගෙ සිරුර කේබල්වලින් වෙළා දමා තිබී හමුවුණේ 2022 නොවැම්බර් 15දා බොරැල්ල කනත්තෙන්. ඒ කේබල් එකට සමාන කේබල් එකක් ඔහුගේ නිවෙසේ ඇන්ටෙනාවට සවිකර ඇති එකට සමාන බවත් දෑත ගැටගසා තිබූ කේබල් ටයිවලට සමාන ඒවා ඔහුගේ මේස ලාච්චුවේ තිබූ බවත් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ පරීක්‍ෂණවලදී අනාවරණ වුණා.
ඔහු සියදිවි හානි කරගත් බව පෙන්නීමට කිසියම් පිරිසක් විශාල උත්සාහයක්ද ගෙන තිබුණා.

දිනේෂ් ෂාෆ්ටර් සිය වාහනය තුළ සිටි බව පළමුවෙන්ම දැක ඇත්තේ ඒ කනත්තේ සේවකයකු වන ඇම්. නිලාම්. ඔහු වාහනය ළඟට යන විට එහි සිටි අයකු වහ වහා ඉවත්වන බවත් දැක තියෙනවා. දිනේෂ් ෂාෆ්ටර්ගේ ව්‍යාපාරික සගයා ක්‍රිෂ් පෙරේරා සමග දිනේෂ් ෂාෆ්ටර් රෝහලට ගෙනයාමටත් ඔහු උදව්වී තියෙනවා.

රගර් ක්‍රීඩක වසීම් තාජුදීන් ඝාතනය.

ජාත්‍යන්තර කීර්තියක් ඇති රගර් ක්‍රීඩක වසීම් තාජුදීන්ගේ ඝාතනය වසංකරන්නට උතුරේ පැවැති මෙහෙයුම්වලටත් වඩා විශාල එකක් පාලක පක්‍ෂයේ පිරිසක් විසින් යොදනු ලැබුවා. මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්‍ෂණය පැවැත්වූ අධිකරණ වෛද්‍ය නිලධාරී මහාචාර්ය ආනන්ද සමරසේකර ඇතැම් කරුණු සැංගූ බවට ද චෝදනාවට ලක්වුණා. කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා විසින් දෙදෙනකුගේ ශරීර ඇප මත සහ රුපියල් විසිපන්දහසක මුදල් ඇපයක් මත මහාචාර්යවරයා මුදාහරිනු ලැබීමටත් නියෝග කර තිබුණා. පශ්චාත් මරණ පරීෂණය සඳහා මහචාර්යවරයා තාජුදීන්ගේ සිරුරු කොටස් ඉවත් කර ඔහු සන්තකයේ තබාගත් බවටද චෝදනා කෙරුණා.

එවකට විසිඅට හැවිරිදි වියේ පසුවූ වසීම් තාජුදීන්ගේ මළ සිරුර නාරාහේන්පිට ශාලිකා පිටියේ තිබී 2012 මැයි 17 දින හමුවිය.

උපපොලිස් පරීක්‍ෂක ආර්.ඇම්.ආර්. රුවන් කුමාරගේ මරණය

කොළඹ පෑලියගොඩ පොලිසියට අනුයුක්තව අධිවේගී මාර්ගයේ රාජකාරිවල යෙදී සිටි උපපොලිස් පරීක්‍ෂක ආර්.ඇම්.ආර්. රුවන් කුමාර සිය රාජකාරි ගිනි අවියෙන් වෙඩි තබාගෙන සියදිවි හානිකරගත් බව කියන සිද්ධියද ලඝුකොට තැකිය යුත්තක් නොවේ.

සැකකටයුතු වාහනයක් පරීක්‍ෂා කිරීමේදී කිසියම් දැවැන්ත නෝනා කෙනකු සමග පැටලෙන්නට සිදුවූ බවක්ද පැවසේ. තම සැමියාට සියදිවි නසා ගැනීමට හේතුවක් නොවූ බව ඔහුගේ බිරිය වන නොච්චියාගම, රඹෑවේ පදිංචි ප්‍රියදර්ශනී ඒකනායක කියන්නීය.

මල්ලි තමන්ගෙ පිස්තෝලෙන් නිකටට වෙඩි තියා ගත්තනං හිස මුදුනෙන් පිටවූ උණ්ඩය සිවිලිමේ වැදී තිබිය යුතුයි. මල්ලී වෙඩි තියාගත් බව වෙන කිසි කෙනකු දන්නේ නෑ. මරණ පරීක්‍ෂණයට මහෙස්ත්‍රාත් තුමා එන විටත් ලේ පැල්ලම් පවා සෝදා තිබුණා. ඒ නිසා මරණය සැක සහිතයි යනුවෙන් මියගිය අයගේ සොහොයුරු කාංචන රත්නායක යන අය කියයි.

ඇස්.පී. සිරිසේනගේ මරණය

රඹුක්කන, හේනේපොල, උඩඅරඹේගෙදර ඇස්.පී. සිරිසේන යන අය අකාලයේ මියගියේ ප්‍රදේශයේ විහාරස්ථානයේ (සුභද්‍රාරාමයේ) පෙරහැරක් පවත්වන අවස්ථාවේ ඊට එරෙහිවූ කලහකාරී පිරිසක් සමග ඇතිවූ ගැටුමක් නිසාය.

ඒ 1954 ජූනි මාසයේදීය. පත්තම්පිටියේ නගරය හරහා පෙරහැරට යාමට ඉඩ නුදුන් නිසා දෙපිරිස අතර ඇතිවූ ගැටුමෙන් විශාල පිරිසක් තුවාල ලබා ඇත්තාහ. එවකට මාවනැල්ල ආසනයේ මහජන මන්ත්‍රී සී.ආර්. බෙලිගම්මන පාර්ලිමේන්තුවේදී ද මේ ගැන ප්‍රශ්න කෙළේය.

චන්ද්‍රසේන මාරසිංහ

SendShareShare
Previous Post

ජංගම දුරකතනවලටත් 18%ක වැට් එක ගහලා! හොරෙන් ෆෝන් ගේන අය 65%ක් ඉන්නවා! හරියට ගේන්නේ 35%යි! මේ වැට් එකෙන් හොරෙන් ෆෝන් ගේන එක තවත් වැඩිවෙනවා! ආණ්ඩුවට දැනට ලැබෙන බදුත් නැතිවෙනවා! අනෙක හොර ෆෝන් වැඩිවෙද්දි ඒක ජාතික ආරක්ෂාවටත් බරපතළ තර්ජනයක්! VIDEO I Sri Lanka Latest News

Next Post

වැට් එකෙන් ආණ්ඩුව වට්ටන්න විපක්ෂයම එකතුවෙලා පාර්ලිමේන්තුවේ ගහපු රහස් ගේම! ඔත්තුව විමල්ගෙන්! මෙහෙයුම සජිත්-කිරිඇල්ලගෙන්! අනුරත් සෙට්වෙයි! රාජ්‍ය රහස්! I Sri Lanka Latest News

MORE NEWS

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? VIDEO I Sri Lanka Latest News

සජබ කාන්තා දිනයටත් නෙළුම් පොකුණ පිරිලා ඉතිරිලා යන විදිහට හිතපු නැති සෙනගක් ආවා! සජබ වෘත්තීය සමිති සංවත්සරයටත් හිතපු නැති විදිහේ සෙනගක් සජබ මූලස්ථානයට ඇවිත්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

බෙදී වෙන්වෙන්නේ නැතිව එකට එකතු වී අභියෝග ජයගැනීමට විපක්ෂනායක සජිත්ගෙන් සියලු දෙනාටම ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

මොනරාගලින් අනුරාධපුරයට එලවපු.. තුට්ටු දෙකට වැටිච්ච කුට්ටිආරච්චිට පාදුක්ක හොඳටම දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුවට ගහනවා වෙනුවට විපක්ෂනායකටයි සජබෙටයි ගහලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවක් කරපු ‘නිල නොලත් ජනාධිපතිගේ’ කට නාමල් වැහුවද? දැන් කියන කතාව කොහොමද? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

චන්ද්‍රිකාගෙ කාලෙ ‘වැව් දහසක්’ පටන් ගත්ත ජවිපෙ මේ පාර ‘ගම් දහසක වැඩ දහසක්’ පටන් ගනී! I Sri Lanka Latest News

Load More
කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

ඇහැලියගොඩ ‍පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා රත්නපුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් ඊයේ (3)  අත්අඩංගුවට ගෙන තිබේ.Sri Lanka Latest News මැණික් ගලක්...

Read more
වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? VIDEO I Sri Lanka Latest News

සජබ කාන්තා දිනයටත් නෙළුම් පොකුණ පිරිලා ඉතිරිලා යන විදිහට හිතපු නැති සෙනගක් ආවා! සජබ වෘත්තීය සමිති සංවත්සරයටත් හිතපු නැති විදිහේ සෙනගක් සජබ මූලස්ථානයට ඇවිත්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

බෙදී වෙන්වෙන්නේ නැතිව එකට එකතු වී අභියෝග ජයගැනීමට විපක්ෂනායක සජිත්ගෙන් සියලු දෙනාටම ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

මොනරාගලින් අනුරාධපුරයට එලවපු.. තුට්ටු දෙකට වැටිච්ච කුට්ටිආරච්චිට පාදුක්ක හොඳටම දෙයි! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවට ගහනවා වෙනුවට විපක්ෂනායකටයි සජබෙටයි ගහලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවක් කරපු ‘නිල නොලත් ජනාධිපතිගේ’ කට නාමල් වැහුවද? දැන් කියන කතාව කොහොමද? VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.