ප්‍රමිතියෙන් තොර ආලේපන වර්ග ශරීරයේ තවරා සම පැහැපත් කරගැනීමට උත්සාහ දරන පුද්ගලයන්ගේ සමේ පිළිකා සහ විවිධ සංකූලතා ඇතිවීමේ අවදානමක්, එම ආලේපනවල අඩංගු රසදිය සහ බැර ලෝහ හේතුවෙන් ඇතිවී තිබෙන බව පරීක්ෂණවලදී හෙළිව ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා ‘මව්රට’ට පැවැසීය. (Sri Lanka Latest News)
ඇතැම් කූට ව්‍යාපාරිකයන් මෙම ආලේපන නිවෙස්වලට ගෙනගොස් ඒවා යළි සකස් කිරීමේ ජාවාරමකද නිරතව සිටින බව හෙළිව තිබේ.
1980 අංක 27 දරන ඖෂධ උපකරණ, සුවඳ විලවුන්වලට අදාළ ආඥාපනතක් පැවැති අතර, එය 2015දී ඖෂධ නියාමන අධිකාරි පනත ගෙන ඒමත් සමග සුවඳ විලවුන් සඳහා වූ කොටස ඉවත්වී වසර ගණනක් ගතවී ඇතත්, ඒ සඳහා නීති සකස් කිරීමට තවමත් නොහැකි වී ඇති බවද වෛද්‍ය විජේසිංහ මහතා පැවැසීය.
ඇතැම් රූපවලාවන්ය මධ්‍යස්ථාන ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි වී ඇතත්, නීතියේ දුර්වලතා ප්‍රයෝජනයට ගෙන ප්‍රමිතියෙන් තොර ආලේපන අලෙවි කිරීම සහ ඒවා යොදාගෙන රූපලාවන්‍ය කටයුතු සිදුකිරීමේ යෙදන බවද හෙළිව ඇත.
මේ සඳහා කඩිනමින් නීතිමය පියවර ගතයුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සෞඛ්‍ය බලධාරීන්ට දැනුම්දී ඇති බවද වෛද්‍ය විජේසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
ප්‍රේමලාල් විජේරත්න