මෙම වසරේ ගෙවීගිය මාස 04 තුළදී සුරාසල් පවත්වාගෙන යෑම සඳහා බලපත්‍ර 32ක් ලබාදී ඇතැයි සුරාබදු කොමසාරිස් ජනරාල් ගුණසිරි සිල්වා මහතා ‘මව්රට’ට පැවැසීය. (Sri Lanka Latest News)
එමගින් ලැබී ඇති ආදායම රුපියල් බිලියන 74.05ක් බවත්, එය පසුගිය වසරට වඩා රුපියල් fාක්ටි 1,650ක වැඩිවීමක් බවත් ඔහු පැවැසීය.
සුරාබදු බලපත්‍රයක් ලබාදීමේදී රුපියල් කෝටි එකහමාරක තැන්පතු මුදලක් තැබිය යුතු වන අතර, වසර 05ක් තුළ අපරාධ වරදකට දඬුවම් ලබා නොමැති අයකු විය යුතු බවද ඔහු සඳහන් කළේය.
එවැනි බලපත්‍රයක් ලබාදීමට පෙර පොලිස් වාර්තාව, ග්‍රාම නිලධාරී වාර්තාව සහ ප්‍රාදේශීය ලේකම්වරයාගේ වාර්තාවද කැඳවන බවයි ගුණසිරි සිල්වා මහතා පෙන්වා දුන්නේ.
මෙම වසර සඳහා සුරාසල් බලපත්‍ර ලබාගැනීමට තවත් පුද්ගලයන් අයැදුම් කර ඇද්දැයි ‘මව්රට’ සුරාබදු කොමසාරිස් ජනරාල්වරයාගෙන් කළ විමසීමේදී ඔහු එය ප්‍රතික්ෂේප කර සිටියේය.
ප්‍රේමලාල් විජේරත්න