2024 මාර්තු මාසය අවසන් වනවිට මධ්‍යම බැංකුව සතු නිල සංචිත වත්කම් ඩොලර් බිලියන 4.95 දක්වා වැඩිවී ඇති බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යාන අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා ‘මව්රට’ට පැවැසීය. (Sri Lanka Latest News)
එහෙත් මේ තුළ චීනයෙන් හුවමාරු ක්‍රමයට ලබාගත් ඩොලර් බිලියන 1.4ක් පමණ පවතින බැවින් සත්‍ය වශයෙන්ම මධ්‍යම බැංකුව සතු සංචිත ප්‍රමාණය වැඩිවී ඇත්තේ ඩොලර් බිලියන 3.55 දක්වා පමණි.
පසුගිය වසරක කාලසීමාව දෙස බලන විට මධ්‍යම බැංකුව සතු සංචිත වැඩිවී ඇත්තේ ඩොලර් බිලියන 2.26ක ප්‍රමාණයකි.
ඒ අනුව මාසයකට සාමාන්‍ය අගය ඩොලර් මිලියන 188කින් පමණ ඉහළ ගොස් ඇත.
මධ්‍යම බැංකුවට මේ ආකාරයට සංචිත වැඩිකර ගැනීමට හැකියාව ලැබී ඇත්තේ එක් පැත්තකින් සංචාරක ව්‍යාපාරය සහ විදේශ ප්‍රේෂණ ලෙස රටට ගලා එන විදේශ විනිමය වැඩිවීම සහ අනෙක් පැත්තෙන් විදේශ ණය ගෙවීම පැහැර හැරීම නිසා බවයි මහාචාර්යවරයා පෙන්වා දෙන්නේ.
විදේශ සංචිත ඉහළ යෑම විදේශ ණය ගෙවීම පැහැර හැරීම නිසා සිදුවන්නක් බවයි හෙළිව ඇත්තේ.
ප්‍රේමලාල් විජේරත්න