• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඩෙංගු හැදුණු සිරිධම්ම හාමුදුරුවෝ බෙහෙත් නොදී හිරගෙදර තියාගත්තද?

October 31, 2022
in Exclusive, News
Reading Time: 4 mins read
A A
ඩෙංගු හැදුණු සිරිධම්ම හාමුදුරුවෝ බෙහෙත් නොදී හිරගෙදර තියාගත්තද?
Share on WhatsAppShare on Facebook

වසන්ත මුදලිගේ සහ ගල්වැව සිරිධම්ම හාමුදුරුවෝ අත්අඩංගුවට පත්වෙලා දැන් සෑහෙන කාලයක් ගතවෙලා තියෙන්නේ. රටේ සාමාන්‍ය නීති රීති ප්‍රකාරව ඔවුන් අත්අඩංගුවට අරගෙන, ඔවුන්ට එරෙහිව නීතිමය පියවර ගත්තා නම් මේ වෙනකොට මේ තත්ත්වය යම් කිසි විදියකට සමථයකට පත්වෙලා තියෙන්න පුළුවන්. හැබැයි මේ ගල්වැව සිරිධම්ම හාමුදුරුවෝ සහ වසන්ත මුදලිගේ සම්බන්ධව අපේ රටේ නීතිය ක්‍රියාත්මක වෙන ආකාරයේ යම් කිසි විශේෂත්වයක් අපට පේන්න තියෙනවා. ඒ වෙනස සහ ඒ අර්බුදකාරී තත්ත්වය පිළිබඳ අපි බොහෝ තැන්වල කතා කළා. සාකච්ඡා කළා. නමුත් තවමත් මේ ගැටුම ලෙහෙන ආකාරයක් දකින්න ලැබෙන්නේ නෑ. මේ වෙනකොට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම විසින් ඒ සම්බන්ධව විශේෂ ප්‍රකාශයක් පවා නිකුත් කරන්න සූදානමින් සිටිනවා. ඒ නිසා ඒ ගැනත් අපට කතා කරන්න සහ අපට හොයන්න බලන්න සිද්ධ වෙන තැනකට මේ සිදුවීම පත්වෙමිනුයි තියෙන්නේ.

රටක් විදියට පුද්ගලයො අත්අඩංගුවට ගනිද්දී නීතිය අවභාවිත කිරීම ඉතා බරපතළ අර්බුදයක්. ඒ වගේම මේ විදියට නීතිය අවභාවිතයට ලක්කිරීම හේතුවෙන් සමහර විට රට ඇතුළේ අපි නොහිතන ප්‍රශ්න, තරුණ නැගිටීම් ඇතිවෙන්න ඉඩ තියෙනවා. එහෙම තරුණ නැගිටීම් හෝ අර්බුද ඇතිවීම රටක ඉදිරි ගමනට ඒ තරම් හොඳ දෙයක් නෙවෙයි. ඒ නිසා ඒ ගැනත් අපි සාකච්ඡා කළ යුතුයි. මේ මොහොතේ වැඩිපුරම කතාබහට ලක්වෙන කාරණය වෙන්නේ ගල්වැව සිරිධම්ම හාමුදුරුවෝ අසනීප වෙලා සිටියාය කියන කාරණය. ගල්වැව සිරිධම්ම හාමුදුරුවන්ට උණ රෝගය වැලඳී සිටියත්, උන්වහන්සේට නිවැරැදි ප්‍රතිකාරයක් නොකළ බව මුලින්ම රටට හෙළි කළේ උන්වහන්සේගේ අක්කා. මේ අක්කා වීඩියෝවක් නිකුත් කරමින් කියා සිටියේ සිරිධම්ම හාමුදුරුවෝ ඉන්නේ රෝගාතුරව, උන්වහන්සේට ප්‍රතිකාර අරගෙන දුන්නේ නෑ කියලා. ඒ පිළිබඳ ඉන් පසුව වගකිව යුතු ක්ෂේත්‍රය විසින් සිදුකරන ලද ප්‍රවෘත්ති සාකච්ඡා අපි දැක්කා. ඒ ප්‍රවෘත්ති සාකච්ඡාවලදීත් ඉදිරිපත් කර තිබුණු කාරණය වුණේ ගල්වැව සිරිධම්ම හාමුදුරුවන්ට බරපතළ ලෙස උණ රෝගය වැලඳිලා තියෙනවා, දවස් කිහිපයක් තිස්සේ. උන්වහන්සේට අවශ්‍ය ප්‍රතිකාර ලබාදීමට පියවර ගත්තේ නෑ. උන්වහන්සේව රෝහල්ගත කළේ නෑ කියලා. මේ විදියට රට ඇතුළේ විශාල කතාබහක් නිර්මාණය වුණාට පස්සේ විශාල අර්බුදයක් නිර්මාණය වෙන්නට යන බව තේරුණාට පස්සේ ඒ පිළිබඳ පියවර ගන්න ලංකාවේ ආණ්ඩුව පියවර අරගත්තා කියලා පසුව දැනගන්න ලැබුණා.

වසන්ත මුදලිගේටත් මේ විදියටම පාදයේ යම්කිසි ප්‍රශ්නයක් හේතුවෙන් රෝගාතුර වෙන්න සිදුවෙලා තිබුණු බවත්, වසන්ත මුදලිගේ සම්බන්ධව පියවරක් ගැනීමට කටයුතු නොකළ බවත් දැනගන්න ලැබෙනවා. සිරකරුවා කුමන හේතුවක් නිසා බන්ධනාගාරගත වුණත්, සැකකරුවකු ලෙස සිටියත් ඔහුට විරුද්ධව නීතිමය පියවර ගැනීම හැර ඒ පිළිබඳ වෙනත් කටයුත්තක් සිද්ධ කරන්න, නැත්නම් ඔවුන්ගෙන් පෞද්ගලිකව පලිගැනීමක් කරන්න කිසිවකුට හැකියාවක් නෑ කියලයි අපි යම් ආකාරයකින් මේ පිළිබඳ බන්ධනාගාරගත වෙලා ඉන්න සිරකරුවන්ගේ මානව හිමිකම් සම්බන්ධව සාකච්ඡා කරද්දී දැනගන්න ලැබුණු කාරණය. ඉතින් මේ තත්ත්වය යටතේ ගල්වැව සිරිධම්ම හාමුදුරුවන්ට මේ විදියට සලකන්න හේතුව මොකක්ද? ඒ පිළිබඳ මානව හිමිකම් කොමිසම අලුතින් නිකුත් කරලා තිබුණා එක්තරා වාර්තාවක් මේ පිළිබඳ මානව හිමිකම් කොමිසමට පැමිණිලි කිරීමෙන් අනතුරුව. ඒ වාර්තාවත් ඉතා වැදගත් සහ ඒ වාර්තාවේ තියෙන ප්‍රතිපාදන ක්‍රියාත්මක වෙනවාද යන්නත් සොයාබැලීම ඉතා වැදගත්.

උණ රෝගය හේතුවෙන් පසුගිය 25 වැනිදා ජාතික රෝහලට ඇතුළත් කරපු ගල්වැව සිරිධම්ම හිමියන්ට ඩෙංගු රෝගය වැලඳී ඇති බව මේ වෙනකොට දැනගන්න තියෙනවා.

දවස් 90ක් පුරා රැඳවුම් නියෝග මත රඳවා ප්‍රශ්න කරන බව කියමින් රඳවාගෙන ඉන්න සිරිධම්ම හිමියන් දවස් කීපයක් පුරා පැවැති’උණ රෝගය හේතුවෙන් කොළඹ ජාතික රෝහලේ 49 වැනි වාට්ටුවට ඇතුළත් කළ බවයි අපට දැනගන්න ලැබුණේ.

රුධිර පරීක්ෂාවන්ට අනුව’සිරිධ්ම්ම හිමියන්‌‌ගේ රුධිර පට්ටිකා ප්‍රමාණය 149,000ක් දක්වා අඩුවී ඇති බව කියවුණා. ඩෙංගු රෝගියකු බවට තීරණය වන්නේ පට්ටිකා ප්‍රමාණය 150,000ට අඩු වූ විට බවත්, සිරිධම්ම හිමියන්ටද ඩෙංගු වෛරසය ආසාදනය වී ඇතැයි නිගමනය කර ඇති බවත් වාර්තා වෙලා තිබුණා.

කෙසේ නමුත් උණ රෝග වැලඳී දින 4ක් ගතව ඇති බැවින් ඩෙංගු වෛරසය ආසාදනය වී ඇති හින්දා මේ අවදානම් සීමවා ඉක්මවා ගිහිල්ලා කියලයි ඔවුන් කියන්නෙ. නමුත් ‌තවදුරටත් අධීක්ෂණය කරමින් ප්‍රතිකාර ලබාදෙන බවත් උන්වහන්සේගේ ආරක්ෂාවට ආරක්ෂක භටයන් යොදවා ඇති බවත් දැනගන්න ලැබෙනවා.

සාමාන්‍යයෙන් ඩෙංගු රෝගියකුට ඉතාම ඉහළ රැකවරණයක් අවශ්‍යයි කියලයි අපි දන්නෙ. ඇතැම් විට ඩෙංගු රෝගියාට පයින් යන්න එන්න පවා හොඳ නෑ. ඔවුන්ව රැගෙන යන්නෙ වෙනමම රෝද පුටුවක. ඒ අයට විශාල වශයෙන් නිදහස ඕනෙ. එහෙම තියෙද්දිත් සිරිධම්ම හාමුදුරුවෝ සම්බන්ධව මේ තරම් දැඩි ප්‍රතිපත්‍ති මත පිහිටා කටයුතු කරන්නේම පුද්ගලික කෝන්තරයක් නිසාද කියලා සාමාන්‍ය ජනතාව ප්‍රශ්න කරනවා.

ඒ වගේම සිරිධම්ම හාමුදුරුවන්ට ඩෙංගු මදුරුවා විදින්නෙ නියත වශයෙන්ම හිරගෙදරදී. එහෙම කොටුකරලා ඉන්න මනුස්සයෙක්ට මේ විදියට බරපතළ රෝගයක් හැදෙන්න ඉඩ දුන්නා නම් ඒකට කවුද වගකියන්නෙ? ඔවුන්ට මදුරු දැල් ලැබෙන්නෙ නෑ. මදුරු කොයිල් වේපරයිසර් නෑ. එහෙම නම් මේ අයට ආරක්ෂක පරිසරයක් හදන එක බලධාරීන්ගෙ වගකීම්. සමහර විට ඒ වගකීම් පැහැරහැරීම රටක් විදියට මීට වඩා විශාල අර්බුදයක් නිර්මාණය කරන්න ඉඩ තියෙනවා කියලා විතරක් මේ වෙලාවෙ ලියලා තියන්නම්.

සිරිධම්ම හාමුදුරුවන්ට අපි ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමු.

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

දිඹුලාගල දරුවන්ට කෑම ප්‍රශ්නයක් නැහැල්ලු! කන්න නැති නිසා ළමයි පාසල් යන්නෙ නෑ කියන කතාව බොරුලු! ජනාධිපති මාධ්‍ය ඒකකය කියයි! (PHOTOS)

Next Post

හිර කරන් ඉන්න වසන්තගේ ප්‍රශ්නය ජාත්‍යන්තරයට යයි! එක්සත් ජාතීන්ගේ කාර්යාලය වසන්තගේ මල්ලිව කැඳවයි! ඉස්සරහට කරන්න යන දේත් කියයි! (VIDEO)

MORE NEWS

බුදුන් වහන්සේ පළමු ධර්ම දේශනය පැවැත්වූ සාරානාතය යුනෙස්කෝ ලෝක උරුමයක් වෙයි! I Sri Lanka Latest News
Exclusive

බුදුන් වහන්සේ පළමු ධර්ම දේශනය පැවැත්වූ සාරානාතය යුනෙස්කෝ ලෝක උරුමයක් වෙයි! I Sri Lanka Latest News

කිසිම ආරාධනාවක් එජාපයෙන් ඇවිත් නෑ! විපක්ෂයේ සියලු පක්ෂ එකතු කරන්න අපි ලෑස්තියි! විපක්ෂ නායකතුමා සජිත් ප්‍රේමදාස! ප්‍රධාන විපක්ෂය සජබෙ! පත්තරවලයි වෙබ්වලයි යන පචවලට නලින් බණ්ඩාර උත්තර දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මළ කෙළියයි! ජනාධිපති ගිහිල්ලා නැතිලු! 3089ක් ගිහින්ලු! මිලියන 32ක් වියදම් වෙලාලු! අරගල කාලෙ වගේ ජනාධිපති මැදුරුවලින් බඩුත් නැතිවෙලාද? VIDEO I Sri Lanka Latest News

අකුරැස්සේ මාලිමා සභාපති ටවුම මැද්දෙදිම මනුස්සයකුට පහර දෙයි! ඇහැ ගාව ගෙඩි ගැහෙන්නම වැදිලා! පුද්ගලයා රෝහලේ! සභාපති නිදැල්ලේ! මෙන්න වීඩියෝ සාක්ෂි! VIDEO I Sri Lanka Latest News
Exclusive

අකුරැස්සේ මාලිමා සභාපති ටවුම මැද්දෙදිම මනුස්සයකුට පහර දෙයි! ඇහැ ගාව ගෙඩි ගැහෙන්නම වැදිලා! පුද්ගලයා රෝහලේ! සභාපති නිදැල්ලේ! මෙන්න වීඩියෝ සාක්ෂි! VIDEO I Sri Lanka Latest News

උදේ 8 වෙද්දි කෝච්චි 20ක් දිව්වා -ජනාධිපති මාධ්‍ය ඒකකය!
Exclusive

ජනාධිපති මන්දිරවල පිටස්තර අය නැවතුණේ නෑ! ජනාධිපති මාධ්‍ය ඒකකයෙන් නිවේදනයක්! Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවස් 8ට 8 වෙනි වෙඩිල්ලත් පත්තු වුණා..! අලුත්ම එක බෙල්ලන්විලින්! පාතාල මිනීමැරිල්ල දිගටම! Sri Lanka Latest News

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

Load More
වැඩිය ලස්සනත් නැහැ… ටිකක් ලැජ්ජයි… ඒකද මන්දා තාමත් තනිකඩ…! සදෙව් වලිමුණි I Sri Lanka Latest News
Heart

වැඩිය ලස්සනත් නැහැ… ටිකක් ලැජ්ජයි… ඒකද මන්දා තාමත් තනිකඩ…! සදෙව් වලිමුණි I Sri Lanka Latest News

දඟකාර කොලු‍ගැටයා දැන් යස ඉලන්දාරියෙක්… මට තවම හිතාගන්න බැහැ..! පුංචි තිරය වගේම සිනමාව හැඩවැඩ කළ දඟකාර පුංචි කොලුගැටයා දැන් යස...

Read more
රජයේ ගබඩා රට හාල්වලින් පිරිලා! ගොවියො කසිප්පුකාරයන් කරලා! අවුරුදු 2ක් ඇතුළත මාලිමා ආණ්ඩුව ගොවියන් දාපු තැන ගැන විපක්ෂනායක සජිත් හොරොව්පතානේදී කතාකරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රජයේ ගබඩා රට හාල්වලින් පිරිලා! ගොවියො කසිප්පුකාරයන් කරලා! අවුරුදු 2ක් ඇතුළත මාලිමා ආණ්ඩුව ගොවියන් දාපු තැන ගැන විපක්ෂනායක සජිත් හොරොව්පතානේදී කතාකරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

බුදුන් වහන්සේ පළමු ධර්ම දේශනය පැවැත්වූ සාරානාතය යුනෙස්කෝ ලෝක උරුමයක් වෙයි! I Sri Lanka Latest News

බුදුන් වහන්සේ පළමු ධර්ම දේශනය පැවැත්වූ සාරානාතය යුනෙස්කෝ ලෝක උරුමයක් වෙයි! I Sri Lanka Latest News

කිසිම ආරාධනාවක් එජාපයෙන් ඇවිත් නෑ! විපක්ෂයේ සියලු පක්ෂ එකතු කරන්න අපි ලෑස්තියි! විපක්ෂ නායකතුමා සජිත් ප්‍රේමදාස! ප්‍රධාන විපක්ෂය සජබෙ! පත්තරවලයි වෙබ්වලයි යන පචවලට නලින් බණ්ඩාර උත්තර දෙයි! VIDEO I Sri Lanka Latest News

මළ කෙළියයි! ජනාධිපති ගිහිල්ලා නැතිලු! 3089ක් ගිහින්ලු! මිලියන 32ක් වියදම් වෙලාලු! අරගල කාලෙ වගේ ජනාධිපති මැදුරුවලින් බඩුත් නැතිවෙලාද? VIDEO I Sri Lanka Latest News

අකුරැස්සේ මාලිමා සභාපති ටවුම මැද්දෙදිම මනුස්සයකුට පහර දෙයි! ඇහැ ගාව ගෙඩි ගැහෙන්නම වැදිලා! පුද්ගලයා රෝහලේ! සභාපති නිදැල්ලේ! මෙන්න වීඩියෝ සාක්ෂි! VIDEO I Sri Lanka Latest News

අකුරැස්සේ මාලිමා සභාපති ටවුම මැද්දෙදිම මනුස්සයකුට පහර දෙයි! ඇහැ ගාව ගෙඩි ගැහෙන්නම වැදිලා! පුද්ගලයා රෝහලේ! සභාපති නිදැල්ලේ! මෙන්න වීඩියෝ සාක්ෂි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.