• About us
  • Contact us
Monday, June 15, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මැරුණාද මැරුවාද සැත්කමක් වැරදීද නංගියේ මහ හුඟක් වේදනා දැනුණාද?

October 5, 2022
in Exclusive, News
Reading Time: 4 mins read
A A
මැරුණාද මැරුවාද සැත්කමක් වැරදීද නංගියේ මහ හුඟක් වේදනා දැනුණාද?
Share on WhatsAppShare on Facebook

රෝහලක් තූළදී රෝගියකුගේ මරණය සිද්ධ වීම සාමාන්‍ය දෙයක්. සාමාන්‍යයෙන් බොහෝ රෝහල්වල කාලානුරූපීව මරණ සිදුවීම අහන්න දකින්න ලැබෙන දෙයක්. ඒ නිසා රෝහලක් තුළ රෝගියකුගේ මරණයක් සිදු වූ පමණින් ඒ පිළිබඳ කලබල වීම හෝ ඒ පිළිබඳ විශේෂයෙන් කරුණු දැක්වීම අවශ්‍ය වෙන්නේ නෑ. නමුත් මේ කතාව ඊට වඩා වෙනස් එකක් නිසා අපි තීරණය කළා මේ පිළිබඳ ලියන්න. නමුත් මෙහිදී කිසිදු ආකාරයකින් තීන්දු තීරණවලට එළඹීමට හෝ නිගමනවලට එළඹීමට අප කලබල නොවනවා සේම ඔබත් ඒ පිළිබඳ කලබල නොවිය යුතු බවයි අපගේ විශ්වාසය. ඒකට හේතුව වන්නේ මේ වන විට රෝගීන්ගේ මරණ හෝ වෛද්‍යවරුන්ගේ සිදුවීම් හෝ සම්බන්ධව නිශ්චිත නිගමනයකට එළඹීමට අපට හැකියාවක් නැති වීමයි. ඒ වගේම ලංකාවේ වෛද්‍යවරුන් සම්බන්ධව වැරැදි මත පැතිරවීම නිසා ඇතිවූ බොහෝ අර්බුද සම්බන්ධව අප මැදිහත් වීම පවා සිදුවී ඇති දෙයක්. වෛද්‍ය ෂාෆිගේ කතාව ඒ හා සමාන කාරණාවක්. ඇතැම් විට මේ කාරණා කිසිවකු විසින් නිර්මාණය කරන ලද ප්‍රවෘත්ති විය හැකියි. සමහර විටකදී වෛද්‍යවරයාට හෝ අදාළ රෝහල අපකීර්තිමත් කිරීමට හෝ මෙවැන්නක් සිදුකළා නම් එයට හවුල් වීම ඉතා වැරැදි කටයුත්තක්.

මේ කතාව සැකෙවින් කියන්නට සහ මේ කතාවට අදාළව බොහෝ දෙනෙක් සඳහන් කර තිබූ කමෙන්ට් සම්බන්ධව අපට යම් කිසිවක් ලියන්නට සිදුවෙනවා. මෙහිදී මේ රෝගියාගේ මරණය සම්බන්ධව නිශ්චිත තොරතුරක් නැතත් ඇගේ උපන් දිනය දවසේ ඇගේ මෘත දේහය නිවෙසට රැගෙන යෑමට සිදුවීම ඉතා කනගාටුදායක සහ ඛේදනීය තත්ත්වයක්. ඇය යම් කිසි රෝගයක් හේතුවෙන් එක්තරා පෞද්ගලික රෝහලකින් ප්‍රතිකාර ලබමින් සිටියදී එම ප්‍රතිකර්මය අසාර්ථක වීමත්, එම ප්‍රතිකර්මය අසාර්ථක වීමෙන් අනතුරුව රජයේ ප්‍රධාන රෝහලකට ඇතුළත් කිරීමත්, එම රෝහලේදී රෝගියා මරණයට පත්වීමත් සම්බන්ධව ඒ සිද්ධියට අදාළ නිවෙසේ අය විසින් විවිධ අදහස් ඉදිරිපත් කොට තිබෙන ආකාරය අප දුටුවා. එම තරුණියගේ පෙම්වතා විසිනුත් විශේෂ ෆේස්බුක් සටහනක් යොදා තිබුණා. මෙම රෝගියා සම්බන්ධව කරන ලද පරීක්ෂණ හෝ ඇගේ රෝග තත්ත්වය ගැන හෝ අප කිසිවක් දන්නේ නැත. ඒ නිසා ඒ ගැන බොහෝ දේ කියන්නට අපට පුළුවන්කමක්ද නැත. නමුත් මේ මරණයට අදාළව බොහෝ දෙනෙක් අදහස් දක්වා තිබුණා. ඒ නිසාම අපි ඒ පිළිබඳ යම් කරුණු කාරණා කිහිපයක් සොයා බලන්නටත් තීරණය කළා.

මෙහිදී කියැවෙන්නේ විවාහ වී දින 17කට පසු ඇයට ජීවිතයෙන් සමුගන්නට සිදුවූ බව. ඇගේ පිත්තාශයේ ගල් ඉවත් කිරීමේ ශල්‍යකර්මයක් සඳහා මෙම තරුණිය වත්තල ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික රෝහලකට ඇතුළත් කර තිබෙන බවයි සඳහන් වෙන්නේ. එහිදී ඇගේ ශරීරයේ අභ්‍යන්තර ඉන්ද්‍රියකට මෙම සැත්කමේදී හානි සිදුව ඇති බව සමාජ මාධ්‍ය ජාලවල සටහන්ව තිබෙනවා. මෙම තරුණිය දින 25කට ආසන්න කාලයක් දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී පසුගිය 27 වැනිදා ජීවිතක්ෂයට පත්වූ බවත් එම කරුණු කාරණා අතර සඳහන්ව තිබුණා. මෙම තරුණියගේ ශල්‍යකර්මය සිදුකළ බව කියන වෛද්‍යවරයා සම්බන්ධයෙන් තවත් පුද්ගලයන් රාශියක් පැමිණිලි කර ඇති බවත්, අදාළ වෛද්‍යවරයාගේ වරදින් ඇතැම් අයගේ ජීවිත අහිමි වීම සහ ඇතැම් අය සදාකාලික රෝගී තත්ත්වයට පත්ව තිබීම සිදුව ඇති බවත් එම ෆේස්බුක් සටහනේ සඳහන්ව තිබුණා. මේ, එහි සඳහන්ව තිබූ එක කමෙන්ටුවක්. එය අප ඒ ආකාරයෙන්ම සඳහන් කරන අතර, එහිදී නම් ගම් සහ රෝහල හෝ ඊට අදාළ ස්ථාන පිළිබඳ ඔවුන් සඳහන් කර ඇතත්, ඒවා සඳහන් නොකර සිටීමට අප තීරණය කළා. එම කමෙන්ටු මේ සමග ඇමිනීමත්, එම ඇමිනීමෙන් අනතුරුව යම්කිසි පුද්ගලයන්ගේ හෝ කණ්ඩායම්වල නම් ඉවත් කිරීමත් අප විසින් සිදුකරන්නේ එය මාධ්‍ය සදාචාරයට අදාළ නොවන නිසයි.

මේ පළමු කමෙන්ටුව.

‘මගේ අයියාටත් ඔය මිනිහා ඔහොම කළා. එයා ඔපරේට් කරනවා කියලා එයාවත් දැනගෙන හිටියේ නෑ. එන්ඩොස්කොපි එකක් කරන ගමන් ගල් වගයක් අයින් කළා කියලා එයාට කියලා තිබ්බේ. අපිට කියලා පැය දෙක තුනකින් එයා අයි.සී.යූ. දැම්මා. අපි ප්‍රයිවෙට් ගන්න හැදුවත් ඉඩ දුන්නේ නෑ. අන්තිමට ඩයලසිස් කරන්න ජාතික රෝහලට ගෙනියන්න හදන්නේ කියලා ඒකෙ ඩොක්ට කෙනෙක්ම කෝල් කරලා අපට කිව්වා. පුළුවන් නම් ඇවිත් ප්‍රයිවෙට් ගන්න කියලා. අපි ඇම්බියුලන්ස් දෙකක් අරගෙන ගියා. ඒ දෙකේම මැෂින්වලට මාරු කරද්දී අයියගෙ ප්‍රෙෂර් එක අඩු වෙනවා. ඇඳෙන්වත් හොල්ලන්න බෑ කිව්වා. අන්තිමට පාන්දර වෙද්දී මගේ අයියා සුදු රෙද්දකින් වහලා. අපි එළියෙ හිටියෙ ඇටෙන්ඩන් කෙනෙක්ගෙන් අහනකන් කිව්වේ නෑ. මං ලොකු වේදනාවකින් මේ කතාව ලියන්නේ….’ මෙහි රෝහලක නමක් සඳහන්ව ඇතත් අපි ඒ නම ඉවත් කරනවා.

‘……… රෝහල කියන්නේ මගේ හතුරෙක්වත් යන්න හොඳ තැනක් නෙවෙයි. අයි.සී.යූ. එකේ ලෙඩාට අමාරු වෙද්දී බලන්න තිබුණු පොඩි කවුළුවත් වහල දැම්මා. ඔපරේෂන් කළා කියලා ඩොක්ටර් ලියපු දේ තේරුණේ නෑ කියලා. මගේ අයියට කන්න කියලා වමනේ දාද්දි බැන්නා. මරණ සහතිකයෙ ස්වභාවික මරණයක් කියලා තැපෑලෙන් එව්වේ. අවුරුදු 26ක තරුණ කොල්ලෙක් ස්වභාවිකව මැරෙයිද? අපි සල්ලි දීලා ප්‍රයිවෙට් කරපු රිපෝට්ස් දුන්නෙ නෑ, නඩු දායි කියලා. වෙන කෙනෙක්ට මෙහෙම නොවෙන්න රෝහලේ අධ්‍යක්ෂට ලියුව ලියුමට අද වෙනකන් වෙච්ච දෙයක් නෑ. තමන්ගෙ වෘත්තියෙ ගෞරවය රකින වැදගත් දොස්තරලා නර්ස්ලා මට හම්බවෙලා තියෙනවා ඕනෙ තරම්. හැබැයි ඒ වෘත්තිය සෙල්ලමට අරන් මනුස්ස ජීවිත එක්ක සෙල්ලම් කරන උන්ට සාප කරනවා. හෙණ හතම ගහපං. මේ කෙල්ලත් මගේ රත්තරන් අයියා වගේ මුගේ බිල්ලක් වෙලා. අපට දැනුණ දුක වේදනාව ඒ මිනිස්සු විඳනවා ඇති. පව්….’

මේ ඊළඟ කමෙන්ටුව. නම් සඳහන් නොකරනවා අපි නැවත වතාවක්.
‘මගේ තාත්තගෙ ඔපරේෂන් එකේදිත් තාත්තගෙ හුස්ම නැවතුණා. ඔය දොස්තර තමයි ඒකත් කළේ…’

රෝහලක නමක් සඳහන් කර තිබේ. එය පෞද්ගලික රෝහලකි.
‘……… නේවාසිකව ඉන්න වෙලාවෙදිත් ලෙඩාව බලන්න කියන්න අම්මයි මමයි ප්‍රයිවෙට් චැනල් කරලා දොස්තර ළඟට ගියා දෙපාරක්. මගෙ අයියත් මේ පෝස්ට් එකට කමෙන්ට් කරලා තියෙනවා. එ ්තරමට අපි විඳවලා තියෙනවා….’

තවත් කමෙන්ටුවක්.
‘අපේ මාමා කෙනෙකුත් නැති වුණේ ඔය සර්ජරි එකෙන්. රටට වැඩක් කරපු මනුස්සයෙක්. අපේ අම්මගෙත් පිත්තාශය අයින් කළේ ඔය ඩොක්ටර්. අපට කිහිප දෙනෙක් කිව්වා මෙයා අවුල් කියලා. කතා කරද්දිත් තේරුණා ට්‍රැක් කියලා. මට ඒ කාලෙත් ඕක හිතුණා. අම්මව සෑහෙන්න මැඩෙව්වා ඔය මනුස්සයා. අපේ ලොකු තාත්තගෙ බඩවැලේ කැන්සර් එකක් අයින් කළා ඔය ඩොක්ටර්. ඒ ඔබරේෂන් එකේදිත් වකුගඩුවට යන නාළයක් කැපිලා වකුගඩුව අක්‍රියයි. අවුරුදු 10යි ජීවිතේ වගකීම දීලා තියෙන්නේ. එකකින් හොඳ කරලා තව පැත්තකින් ලෙඩ කළා….’

ඉහත කමෙන්ටු කිසිවක් පෙර සැලසුම් කරන ලද ඒවා යැයි අප විශ්වාස නොකරන අතර, ඒවා ෆේස්බුක්හි පළ කරන ලද පුද්ගලයන්ගේ නම් ගම් සඳහන් නොකළද එම පුද්ගලයන් විසින් සඳහන් කර ඇති බවට සාක්ෂි සහිතව ෆේස්බුක් ගිණුමේ ඇතැම් පින්තූර අප සතුව තිබේ. සමහර විට මේවා යම් කිසි නිර්මාණද, එසේ නොමැති නම් පෙර සැලසුම් කරන ලද ඒවාද යන්න පිළිබඳ අප විසින් නොදන්නා නමුත් මේ පිළිබඳ රෝහල් ආරංචි මාර්ග මගින් දැනගන්නට උත්සාහ කළද එයින් අපට දැනගන්නට ලැබුණේ මෙවැන්නක් සිදුවීමට ඇති සම්භාවිතාව ඉතා අඩු බවකි. සාමාන්‍යයෙන් වෛද්‍යවරයෙක් අතින් රෝගියකු මරණයට පත්වෙනවා නම් වෛද්‍යවරයකු අතින් දිගින් දිගටම වැරැදි සිදුවෙනවා නම් ඔහුව අදාළ අංශයෙන් ඉවත් කිරීම, ශල්‍යකර්ම කොටසින් ඉවත් කොට තැබීම වැනි පියවර ගැනීමට රෝහල සහ රෝහල් බලධාරීන් බැඳී සිටින බවයි ඔවුන්ගේ අදහස. සාමාන්‍යයෙන් රෝහලක වෛද්‍යවරයෙක් අතින් ශල්‍යකර්ම හත් අටසීයක් සිදුකරන විට එකක් හෝ දෙකක් මෙවැනි ආකාරයේ බලාපොරොත්තු නොවූ තත්ත්වයන්ට මුහුණ දීමට ඉඩ ඇති බව ඔවුන්ගේ මතයයි. නමුත් එකම වෛද්‍යවරයකු අතින් දිගින් දිගටම මෙවැනි වැරැදි සිදුවනවා නම් ඔහුට වහාම දඬුවම් කළ යුතු බවත්, ඔහු වහාම ඒ ශල්‍යකර්ම අංශයෙන් ඉවත් කළයුතු බවත් රෝහල දැන සිටිය යුතුය. එවැනි අවස්ථාවකදී රෝහල වහාම ක්‍රියාත්මක වන ආකාරයත්, රෝගීන්ගේ මරණ, එම මරණවලට හේතුව ආදී සියල්ල පිළිබඳ නිවැරැදි දත්ත සටහනක් අවශ්‍ය බවත්, රෝගීන් මියගිය බවට අදාළ අංශ දැනුවත් කළ යුතු බවත් රෝහලේ මතය වී තිබුණා. මෙම කිසිවක් රෝහලේ නිල මතය නොවෙයි. රෝහල සම්බන්ධ පුද්ගලයන්ගෙන් අප විසින් පුද්ගලිකව කළ කරුණු විමසීම් ඔස්සේ ඔවුන් අපට පැහැදිලි කළ කාරණාය. එසේ රෝගීන් දිගටම මරණයට පත්වෙනවා නම් ඒ පිළිබඳ වහාම පරීක්ෂණ කිරීමට සෞඛ්‍ය කාර්යමණ්ඩල බැඳී සිටිනවා. ඒ වගේම රෝහල තුළ තමන්ගේ තත්ත්වය ආරක්ෂා කිරීම සඳහා වෙනම පත්කරන ලද නිලධාරීන් සිටිනවා. නමුත් අදාළ රෝහල තුළදී ලියුම්කරුටත් මෙවැනිම අත්දැකීම්වලට මුහුණ දීමට සිදුව ඇති නිසාත් එවැනි රෝගීන්ට විසබීජ යෑම වැනි ඉතා භයානක තත්ත්වයන්ට ලියුම්කරු සාක්ෂිකරුවකු නිසාත් අදාළ රෝහලේ වගකීම් විරහිත බව පිළිබඳ අලුතෙන් කරුණු කාරණා අනවශ්‍ය නිසාත් මෙවැනි දේ සිදුවිය හැකි බව ලියුම්කරු විශ්වාස කරයි.

කෙසේ නමුත් සත්‍ය හෝ අසත්‍ය වේවා වැටත් නියරත් ගොයම් කා නම් කාට පවසම් ඒ අමාරුව කියන්නට තවදුරටත් ඉඩ නොතබා බලධාරීනි වහාම පියවර ගන්න. ඔබට පියවර ගන්නට මේ ලිපිය ප්‍රමාණවත් නොවේ නම්, නම් ගම් මනඃකල්පිත නිසා ඔබ කලබලයෙන් නම් වහාම අප අමතන්න. අප ඔබට අවශ්‍ය සියලු තොරතුරු ලබාදෙන්නට සූදානම්. නමුත් මෙම ලිපිය තුළින් යම් කිසි පාර්ශ්වයකට පුද්ගලයකුට හෝ ආයතනයකට යම් අපහසුතාවක් සිදුව ඇත්නම්, යම් වරදක් සිදුව ඇත්නම් ඔහු හෝ ඇය ඉලක්ක කොට අප විසින් කිසිදු යෝජනාවක්, චෝදනාවක් සිදුකර නැති බව අප යළි තරයේ ප්‍රකාශ කර සිටිනවා. කෙසේ නමුත් වැරැදිකාරයා ඔබ නම් ඔබට සිතෙනා එක සාධාරණ වන අතර, ඔබ නිවැරැදි නම් ඔබට රිදුණා නම් ඊට අපට සමාවෙන්න.



ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

ජපානය රනිල්ව දන්නේ ජේ.ආර්.‌ ගෙ බෑණා විදියටද? රාජපක්ෂවරුන්ගේ රැකවලා විදියටද?

Next Post

කැලණිය සිසුන්ට ප්‍රාදේශීය සභාව ඇතුළෙදි මරණ තර්ජන කළේ ප්‍රසන්න රණවීරගේ ගෝලයෙක්ද? එහෙමත් නැත්නම් පොලිසියේ කෙනෙක්ද? පෙරටුගාමීන්ගෙන් බරපතළ චෝදනාවක්! (VIDEO)

MORE NEWS

ඩෙංගු වසංගතය එන්න එන්නම දරුණු වෙයි! මාස 6ට මරණ 26ක්! රෝගීන් 45,269ක්! Sri Lanka Latest News
Exclusive

අවුරුදු 76කටම තිබ්බෙ නැති ඩෙංගුවක් තමයි මේ පාර තියෙන්නේ..! ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

Exclusive

ඔත්තෝබර්-නොවැම්බර් ලංකාවට ආයෙත් ගංවතුරක්! දෙසැම්බර්-ජනවාරි-පෙබරවාරියේ එල්-නිනෝ තත්ත්වය අතිප්‍රබලයි! I Sri Lanka Latest News

බය නැතිව කතා කරපු වැරදි දේවල් විවේචනය කරපු රාජාංගනේ හාමුදුරුවෝ පොලිසියෙන් අත්අඩංගුවට ගනී! ආගමික සහජීවනයට බාධා වන කතා කළාලු! I Sri Lanka Latest News
Exclusive

වීඩියෝ දාන එක නවත්තපන්..! නැත්නම් මරනවා! මහත එක්කෙනෙකුයි තරමක මහත එක්කෙනෙකුයි පන්සලට ඇවිත් රාජාංගණේ හිමිට හොඳටම ගහලා! VIDEO I Sri Lanka Latest News

ඊයේ කැම්බල් පිටියේ ඉඳන් හතර වටේටම නෙළපු චාමරගේ කතාව පාර්ලිමේන්තුවේ කරන කතාවලටත් එහා ගිය එකක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඇමැති කෙනෙක් හදපු ගෙවල් 3ක් ගැන අනාවරණයක්! VIDEO I Sri Lanka Latest News

ගිය සතියේ අමෙරිකානු ආණ්ඩුවේ කණ්ඩායමක් ඇවිත් විපක්ෂනායක සජිත් හමුවුණා! මේ සතියේ ඕස්ට්‍රේලියානු ජාත්‍යන්තර කටයුතු ආයතනයේ කණ්ඩායමක් ඇවිත් සජිත් හමුවෙලා අධ්‍යාපනය-ආයෝජන ගැන කතා කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

ගිය සතියේ අමෙරිකානු ආණ්ඩුවේ කණ්ඩායමක් ඇවිත් විපක්ෂනායක සජිත් හමුවුණා! මේ සතියේ ඕස්ට්‍රේලියානු ජාත්‍යන්තර කටයුතු ආයතනයේ කණ්ඩායමක් ඇවිත් සජිත් හමුවෙලා අධ්‍යාපනය-ආයෝජන ගැන කතා කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

මේ දවස්වල ආණ්ඩුවේ හැම ගිණුමකින්ම සල්ලි යන්නේ වැරදි ගිණුම්වලට! නැත්නම් ඩබල් පේමන්ට්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

නාමල්ට මේ විදිහට ලනු දෙන්නේ කවුද අප්පා..? I Sri Lanka Latest News

Load More
ඩෙංගු වසංගතය එන්න එන්නම දරුණු වෙයි! මාස 6ට මරණ 26ක්! රෝගීන් 45,269ක්! Sri Lanka Latest News
Exclusive

අවුරුදු 76කටම තිබ්බෙ නැති ඩෙංගුවක් තමයි මේ පාර තියෙන්නේ..! ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

මෙරට දැනට ව්‍යාප්ත වෙමින් පවතින ඩෙංගු වෛරසය පෙර අවස්ථාවලට වඩා යම් වෙනස් ස්වභාවයක් ගන්නා බව සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය හංසක විජේමුණි...

Read more

ඔත්තෝබර්-නොවැම්බර් ලංකාවට ආයෙත් ගංවතුරක්! දෙසැම්බර්-ජනවාරි-පෙබරවාරියේ එල්-නිනෝ තත්ත්වය අතිප්‍රබලයි! I Sri Lanka Latest News

බය නැතිව කතා කරපු වැරදි දේවල් විවේචනය කරපු රාජාංගනේ හාමුදුරුවෝ පොලිසියෙන් අත්අඩංගුවට ගනී! ආගමික සහජීවනයට බාධා වන කතා කළාලු! I Sri Lanka Latest News

වීඩියෝ දාන එක නවත්තපන්..! නැත්නම් මරනවා! මහත එක්කෙනෙකුයි තරමක මහත එක්කෙනෙකුයි පන්සලට ඇවිත් රාජාංගණේ හිමිට හොඳටම ගහලා! VIDEO I Sri Lanka Latest News

ඊයේ කැම්බල් පිටියේ ඉඳන් හතර වටේටම නෙළපු චාමරගේ කතාව පාර්ලිමේන්තුවේ කරන කතාවලටත් එහා ගිය එකක්! VIDEO I Sri Lanka Latest News

ඇමැති කෙනෙක් හදපු ගෙවල් 3ක් ගැන අනාවරණයක්! VIDEO I Sri Lanka Latest News

ගිය සතියේ අමෙරිකානු ආණ්ඩුවේ කණ්ඩායමක් ඇවිත් විපක්ෂනායක සජිත් හමුවුණා! මේ සතියේ ඕස්ට්‍රේලියානු ජාත්‍යන්තර කටයුතු ආයතනයේ කණ්ඩායමක් ඇවිත් සජිත් හමුවෙලා අධ්‍යාපනය-ආයෝජන ගැන කතා කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ගිය සතියේ අමෙරිකානු ආණ්ඩුවේ කණ්ඩායමක් ඇවිත් විපක්ෂනායක සජිත් හමුවුණා! මේ සතියේ ඕස්ට්‍රේලියානු ජාත්‍යන්තර කටයුතු ආයතනයේ කණ්ඩායමක් ඇවිත් සජිත් හමුවෙලා අධ්‍යාපනය-ආයෝජන ගැන කතා කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.