• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කෝටි අටක් වියදම් කර මිලට ගත් මරණය I Sri Lanka Latest News

June 30, 2023
in Exclusive, News
Reading Time: 8 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ටයිටැනික් ගවේෂණයේ අඳුරු පැතිකඩ…

යාත්‍රාව පුපුරා සියල්ලෝම සුන්බුන් වෙති…

ලෝකෙ දියුණුද? ඔව් ඇත්තටම ලෝකය දියුණුයි. ලෝකෙ කොච්චර විතර දියුණුද? මිනිස්සු හඳට යන තරම් ලෝකය දියුණුයි. ලෝකෙ පුරා තියෙන ඕනෑම ඉලක්කයකට ප්‍රහාරය එල්ල කරන්න පුළුවන් තරමට ලෝකෙ දියුණුයි. අද ලෝකයට එනවා කෘත්‍රිම බුද්ධිය.(Sri Lanka Latest News)

අද වෙද්දී අපිට පුළුවන් වෙලා තියෙනවා ත්‍රිමාණ පිටපත්කරණය සාර්ථකව කරන්න. හොලෝග්‍රෑම් තාක්ෂණය ඔස්සේ වෙනත් තැනක පෙනීහිඳීමේ ක්‍රමවේදය මේ වෙනකොට පරීක්ෂණ මට්ටමේ තියෙනවා. එනිසාම දැන් අපිට හිතෙන්නේ අපිට කරන්න බැරි දෙයක් නෑ කියලා. ඇත්තටම දැන් ලෝකෙ කරන්න බැරි දෙයක් නැද්ද? මුදලට සහ බලයට තියෙන ශක්තිය අසීමිතද?

පහුගිය සතිය නිමාවට පත්වෙන්නේ මේ සියල්ල බොරු බවට පත්කරමින්. ලෝකය තවමත් දියුණු නැති බව ඔප්පු කරමින්. මුදලට ධනයට බලයට කරන්න පුළුවන් දෙයක් නැති බව ඔප්පු කරමින්. ක්ෂණයකින් සියල්ල වෙනස්වන බව, තාක්ෂණයට සියලු දේ කරන්න බැරි බව දැන් අපිට විශ්වාසයි. ඒක තමයි ‘ටයිටන්’ සබ්මැරීනය අපිට පැහැදිලි කරපු සත්‍යය.

මේ ලියන මොහොත වෙනකොට සතුටින් සොම්නසින් විනෝදෙන් පිරිලා ඉතිරිලා ගියපු මේ යාත්‍රාව මෘත ශරීර 5කුත් එක්ක කොහේ හෝ පාවෙමින් ඇති කියලා සමහරු හිතුවෙ. ඔවුන් කිසිවෙක් යළිත් කිසි දිනෙක ආදරණීයයන් මුණ නොගැසෙන බව සත්‍යයක්. ඔවුන්ට අවසාන තත්පරේ දී උදව්වට කිසිවෙක් නොසිටි බව සත්‍යයක්. අඩුම තරමේ කෙළින් හිටගන්නවත් බැරි වෙන්න ඇති.

තමන්ගේ මුදල් පසුම්බිවල ලක්ෂ ගණන් මුදල් තියෙද්දී තමන්ගෙ ගිණුම්වල කෝටි ගණන් වත්කම් තියෙද්දී තමන්ගෙ ළඟ සේවකයෝ දහස් ගණනක් රැකියා කරද්දී ඒ අයට අන්තිම තත්පරේ වතුර උගුරක් නැති වෙන්න ඇති. මේ පෘථිවි ගෝලයේ ඕනෙ තරම් නොමිලේ ගන්න පුළුවන්කම තිබෙන ඔක්සිජන් ටිකක් ඔවුන්ට අන්තිම තත්පරේ හොයාගන්න බැරි වෙනවා. ඇත්තටම ඔවුන් මියයන්නේ ඔක්සිජන් නැතුව වෙන්න ඕනෙ තරම් ඉඩ තිබ්බා.

අන්තිම තත්පරේ වෙනකන් ඔවුන් බේරගන්න කවුරු හෝ එයි කියලා සමහර විට ඔවුන් හිතන්න ඇති. මීට කලින් මේ විදියටම සබ්මැරීනයක් අනතුරට පත්වුණාට පස්සේ ඔවුන් බේරගන්නේ ඔක්සිජන් ඉවර වෙන්න විනාඩි දොළහක් විතරක් ඉතිරි වෙලා තියෙද්දී. බොහෝ දුරට ඒ කතා ඔවුන් දැන ඉන්න ඇති.

නමුත් මේ පළපුරුදු මිනිස්සුන්ට තමන් මුහුදු පතුලේ ඉන්නේ මොන මට්ටමින් ද, ඒ මට්ටම දක්වා බේරාගැනීමේ මෙහෙයුම් කරන්න පුළුවන්ද බැරිද කියන එක අඩුම තරමේ පළමු දවසේදී වත් දැනෙන්න ඇති. ඒ නිසා ඔවුන්ට මරණය සඳහා සූදානම් වෙන්න ඕනේ තරම් කාලය තිබුණා. පැය අනූහයක් තිස්සේම ක්‍රමයෙන් මියගිය මේ මිනිස්සුන්ට අන්තිම මොහොතේ මොනවා හිතෙන්න ඇද්ද කියන එක ඔබ කල්පනා කරන්න.

මේ ‘මියගිය’ කියන වචනය වෙනුවට වඩාත් වෘත්තීය මට්ටමෙන් භාවිත කළ යුත්තේ ‘අතුරුදන් වූ’ කියන වචනෙ. මේ විදියට අතුරුදන් වෙලා තියෙන්නේ Ocean Gate කියන ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ස්ටොක්ටන් රෂ්, බි්‍රතාන්‍ය බිලියනපතියෙක් වන හේමිෂ් හාඩින්ග්ල ප්‍රංශ කිමිදුම් ශිල්පී පෝල් ඕන්රි නාජලෙට්, පාකිස්තාන ව්‍යාපාරිකයෙක් වන ෂෙහෙසාදා ඩාවුඩ් සහ ඔහුගේ දහනව හැවිරිදි පුත්‍රයා වන සුලෙයිමාන් යන පස්දෙනායි.

Sri Lanka Latest News

පහුගිය 18 වැනිදා තමයි ඔවුන් පිටත් වෙන්නේ ලංකා වෙලාවෙන් හවස පහයි තිහට විතර. පරමාර්ථය සම්පූර්ණයෙන්ම ටයිටැනික් නෞකාව නැරඹීම. මේ සඳහා ඔවුන් නැවක් යොදාගෙන ඒ ඔස්සේ අදාළ Titanic නැව අනතුරට පත්වූ සීමාවට යන එක සිදුකළා. Titan යාත්‍රාව සහ එහි ගමන් කළ පිරිස වෙන් වෙන්ව තමයි අදාළ ස්ථානයට යන්නේ. එහිදී මෙහි ගමන් කරන්න නියමිත පුද්ගලයන්ව සබ්මැරිනය තුළට ඇතුළු කරලා පිටතින් බෝල්ට් ඇණ සවි කරනවා.

බෝල්ට් ඇණ දොළහක්. මේ යාත්‍රාව තුළ පුද්ගලයන් පස් දෙනාට ඉඳගෙන යන්න විතරයි පුළුවන්. එහි වැසිකිළියක් යනුවෙන් එක ස්ථානයක් වෙන් කරලා තියෙනවා. මේ යාත්‍රාව ඒ සූදානම් කරන්නේ පැය කීපයක් සඳහා පමණයි. එක්තරා සඳහනකට අනුව ඔවුන් සතුව තියෙන්නේ ආහාර වශයෙන් Sandwich කීපයකුත් වතුර බෝතල් කීපයකුත් පමණයි. පැය තුනක පමණ මෙහෙයුමකින් පස්සේ ඔවුන් සන්ධ්‍යා කාලය ගතකරන්නේ නැවතත් මවු යාත්‍රාවේ.

මේ තුළ පස් දෙනකුට ඉඳගෙන යන්න විතරයි පුළුවන්. එය පැදවීම සඳහා සුක්කානමක් හෝ හැඬලයක් හෝ වෙනත් ලීවර ක්‍රමවේදයක් නෑ. ඒ සඳහා ඔවුන් පාවිච්චි කරන්නේ සාමාන්‍ය Video game වල පාවිච්චි කරන දුරස්ත පාලකයක් වගේ උපකරණයක්. සමහර මාධ්‍යයන් යානය පැදෙව්වේ වීඩියෝ ගේම් ගහන හාදයෙක් කියලා කියන්න හේතුවක් මෙන්න මේක.

කොහොම නමුත් සියල්ල නිවැරැදිව සිද්ධ වෙනවා. ඔවුන් නිරුපද්‍රිතව පිටත් වෙනවා. නමුත් පැයකුත් විනාඩි 45ක් ගතවෙනකොට මවු යාත්‍රාවත් සමග තිබුණු සියලු සන්නිවේදන සම්බන්ධතා බිඳ වැටෙනවා. එහෙම වුණත් එහිදී ගතයුතු පියවර කීපයක් තියෙනවා.

ඒ අදාළ පියවර කීපය ඔවුන් සාර්ථකව ගත්තද කියන එක අද ලෝකෙ ප්‍රශ්න කරන දෙයක්. මේ පිළිබඳ කරන ලද සොයාබැලීම්වලදී සමහර තැනක සඳහන් කරලා තිබුණා අනතුර පිළිබඳ දැනගන්නෙත් පැය අටක් විතර ගියාට පස්සේ කියලා. මේ දේම වුණාය කියන එක ගැන ලොකු විශ්වාසයක් තියන්න බැරි වුණත් ඒ විදිහට සඳහන් කරල තිබුණා. ඒ වගේම ඔබට කියන්න ඕනෙ වැදගත් කාරණයක් තමයි මේ ඔවුන් ගමන් කරපු සබ්මැරීනය වුණාට, ජාත්‍යන්තර වශයෙන් පිළිගත්තු සබ්මැරීනයක ලක්ෂණ කිසිවක් ඒ තුළ තිබිලා නෑ. කිසිම ආකාරයක සහතිකයක් ලබාගෙනත් නැහැ.

මේ ලිපිය ලියන්නේ ජුනි 23 වැනිදා මධ්‍යම රාත්‍රිය පසුවී විනාඩි 45ට. මේ වෙනකොටත් මේ යාත්‍රාව සම්බන්ධව සැකකළ හැකි ආරංචි පවා ලැබී ඇත්තේ දෙකක් පමණයි. ඉන් පළමුවැන්න ඇමෙරිකන් නාවික හමුදාව සතු දැනට ලොව ඇති ඉහළම තාක්ෂණයෙන් හෙබි මුහුදු මුර සංචාරක ගුවන් යානයට ලැබුණු බව කියන සංඥාව.

ඒ වගේම මේ ලියන මොහොතෙ වාර්තා වෙනවා bbc ඔස්සේ, යම් සුන්බුන් කොටසක් සොයාගත් බවට ප්‍රවෘත්තියක්. එය ටයිටන්හි කොටසක්ම කියලා කියන්න බෑ කියලා. මුලින් කිව්වත් පසුව ඔවුන් තහවුරු කරගන්නවා ඒ ඔවුන්ම බව.

සිදුවීමේ තියෙන වහා වෙනස් වෙන ස්වභාවය නිසාම ලිපියෙ ඊළඟ කොටස ලියන්න අපිට සිකුරාදා උදෑසන 8 වෙනකල් ඉන්න සිද්ධ වුණා. ඒ කිසිම විදියකට බලාපොරොත්තු නොවුණු ආරංචියක් එක්ක. ගලවා ගැනීමේ කණ්ඩායම් ප්‍රධානීන් නිවේදනය කළේ මේ වෙන කොට යම් කොටස් කීපයක් හඳුනාගෙන තියෙන බව.

එක්සත් ජනපද වෙරළාරක්ෂක බළකායේ අද්මිරාල් ජෝන් මෝගර් වාර්තාකරුවන් සමග කතා කරමින් කියා සිටියේ සබ්මැරීනයේ සිටින පුද්ගලයන් ගැන ශෝකය පළ කරන බව.

‘මට හිතාගන්න පුළුවන් එයාලට කොහොම හැඟෙන්න ඇද්ද කියලා.’

ඔහු ඒ ගැන යම් පැහැදිලි කිරීමක් කළා. සුන්බුන් සොයාගැනීම් කාර්මික දෝෂයට අනුව පිපිරීමක ප්‍රතිඵලයක් බව ඔවුන් තහවුරු කරනවා. මගීන් පස්දෙනා රැගත් යාත්‍රාව මාරක අනතුර සිදුවූ ස්ථානය ටයිටැනික් නෞකාවේ සිට අඩි 1,600 (මීටර් 487) ඔබ්බෙන් විය හැකි බවයි ඔවුන් කියන්නෙ.

ඒ අනුව අවසන් තීන්දුව ඒක.

තව දුරටත් ඔවුන්ව හොයන්න වෙහෙසෙන්නෙ නෑ. මුළු ලෝකයම එකතු වෙලා කරපු මෙහෙයුම දැන් අවසන්.’

මේ මරණය සඳහා එක් අයෙක් වියදම් කරපු මුදල ඇමෙරිකන් ඩොලර් ලක්ෂ දෙකහාමරක්. රුපියල්වලින් හත්කෝටි පනස් ලක්ෂයකට අධික මුදලක්. නමුත් ඔවුන් මේ සඳහා අස්සන් තැබූ ගිවිසුමේ මුල් පිටුවේ පමණක් හතර පොළකම මරණය කියන වචනය සඳහන් වෙලා තියෙන බවක් කියනවා. මේ සියලු දෙනා පිටත් වෙන්නෙ ටයිටැනික් මුණගැහෙන්න වුණත්, අතරමග මුණගැහෙන මරණය වුව මුණගැහෙන සූදානමින්. එක්කෝ ඔවුන් ඊට මුහුණ දිය යුතුයි. නැත්නම් නොයා සිටිය යුතුයි. ඉතින් ඔවුන් ගියා.

මුහුද යට මේ සීමාවේ හෝ ඊට පහළින් ඉන්නා සත්තු ගැන කිසිම අදහසක් ලෝකයට නෑ. මේ තරම් පතුලෙ දී යාත්‍රාවක් අනතුරකට මුහුණ දුන්නොත් බේරාගැනීම් මෙහෙයුම් සඳහා මිනිස්සුන්ට යන්න බෑ. ගියත් ඔවුන්ට තවත් අයෙක් බේරාගැනීමේ හැකියාවක් නෑ.ඒ අයට යන්න වෙන්නෙත් මේ විදියටම අතිශය විශේෂ උපක්‍රම යොදාගෙන. මීට කලින් ලෝකයේ ගැඹුරු මුහුදේ සිදුවුණු සාර්ථකම ගලවා ගැනීම් මෙහෙයුම සිද්ධ වෙලා තියෙන්නෙ 1973 දී.

ඒ අනතුරට ලක්වුණු කැනේඩියානු සබ්මැරීනයක පුද්ගලයන් බේරාගැනීම. ඒ, අඩි 1,575ක් ගැඹුරු මුහුදේ. ඔවුන් ජීවිතේ සියලු බලාපොරොත්තු අතඇරලා ඉන්න අතර. අනිතිම විනාඩි 15 සඳහා අවශ්‍ය ඔක්සිජන් ප්‍රමාණය පමණක් ඉතිරි බවට පණිවුඩය ලැබිලත් විනාඩි 3ක් ගියාට පස්සෙයි ඔවුන් ගලවාගන්න ලැබෙන්නෙ.

නමුත් NATO’s Submarine Rescue System (NSRS) කියන ලෝකයේ වඩාත් සාර්ථක ගලවාගැනීමේ කණ්ඩායම සතුව තියෙන්නෙත් අඩි 2,037ක් දක්වා ගැඹුරට දුරස්ථ පාලක මගින් යැවිය හැකි සබ්මැරීන් විතරයි.

ප්‍රංශය සතුව තියෙන රොබෝ යානා පවා යෙදෙව්වත් ඒවාට ඔසවා තැබිය හැකි බර සහ ඔසවාගෙන ආ හැකි දුර විශාල ප්‍රශ්නයක්. ඒ සියල්ල නොදන්නා අය නෙවෙයි මේ ගමන යන්නෙ. ඒ නිසා මේ මරණය සම්භාවිතාවක් විදියට බලාපොරොත්තු වෙච්ච එකක්.

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

හර්ෂගේ මුදල් කමිටුවේදී ණය ප්‍රතිව්‍යුහගත කරන ‌ආණ්ඩුවේ යෝජනාව වැඩි ඡන්දයෙන් සම්මත වෙයි! විරුද්ධ වුණේ 5 දෙනයි! නම් ටික මෙන්න! I Sri Lanka Latest News

Next Post

500% ගාණකින් වැඩි කරපු විදුලි බිල හෙට ඉඳන් 14.2%කින් අඩු කරයි! I Sri Lanka Latest News

MORE NEWS

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News
Exclusive

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News
Exclusive

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News
Exclusive

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News
Exclusive

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News

පළාත් සභා ඡන්දය වෙනුවෙන් පිහිටවූ දෙමළ-මුස්ලිම් පක්ෂ හයේ සන්ධානය දෙවන වතාවටත් පාර්ලිමේන්තුවේදී රැස්වෙයි! ජනාධිපතිගෙන් හදිසි හමුවක් ඉල්ලා නිල ලියුමක් යවයි! විපක්ෂනායක සජිත් හමුවෙන්නත් තීන්දු කරයි! ඊට පස්සෙ ජාත්‍යන්තරයට යන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

අනුර මුළු රටම එක මිටකට අරන් ආවේ කොහොමද? ටියුෂන් ගුරුවරයෙක් රහස හොයාගෙන! Sri Lanka Latest News
Exclusive

අනුර මුළු රටම එක මිටකට අරන් ආවේ කොහොමද? ටියුෂන් ගුරුවරයෙක් රහස හොයාගෙන! Sri Lanka Latest News

Load More
රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News
Exclusive

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

‘අපගේ රට ඉස්ලාමික රටක්. මමත් මුස්ලිම් ජාතිකයෙක්. ඒ වගේම ඉස්ලාම් ආගමිකයෙක්. ඉස්ලාම් ආගමේ තිබෙන ඉස්ලාමීය නීතිය තමයි ෂරියා නීතිය කියන්නේ....

Read more
අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News

පළාත් සභා ඡන්දය වෙනුවෙන් පිහිටවූ දෙමළ-මුස්ලිම් පක්ෂ හයේ සන්ධානය දෙවන වතාවටත් පාර්ලිමේන්තුවේදී රැස්වෙයි! ජනාධිපතිගෙන් හදිසි හමුවක් ඉල්ලා නිල ලියුමක් යවයි! විපක්ෂනායක සජිත් හමුවෙන්නත් තීන්දු කරයි! ඊට පස්සෙ ජාත්‍යන්තරයට යන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

පළාත් සභා ඡන්දය වෙනුවෙන් පිහිටවූ දෙමළ-මුස්ලිම් පක්ෂ හයේ සන්ධානය දෙවන වතාවටත් පාර්ලිමේන්තුවේදී රැස්වෙයි! ජනාධිපතිගෙන් හදිසි හමුවක් ඉල්ලා නිල ලියුමක් යවයි! විපක්ෂනායක සජිත් හමුවෙන්නත් තීන්දු කරයි! ඊට පස්සෙ ජාත්‍යන්තරයට යන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.