• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

බලාගෙන ආයෙත් කොරෝනා…

January 10, 2023
in Exclusive, News
Reading Time: 3 mins read
A A
බලාගෙන ආයෙත් කොරෝනා…
Share on WhatsAppShare on Facebook

අවුරුද්දකට විතර පස්සේ පළමු වතාවට යළිත් කොවිඩ් ගැන ලිපියක් ලියන්න සිද්ධ වෙනවා. එසේ ලියන්න සිදුවීම ගැන කනගාටු වෙන ගමන් මේ ලිපිය යළි ලියන්නේ කොවිඩ් අවදානම ගැන ඔබට මතක් කිරීම සඳහායි. ඔබව බය කරන්න, ඔබව තිගස්සවන්න තියෙන අවශ්‍යතාව නිසා මේ ලිපිය ලියනවා නොවෙයි. නමුත් ඔබ හිතනවාට වඩා ලෝකය වෙනස් බවත්, ලෝකයේ අප නොහිතන බොහෝ දේ සිදුවන බවත්, ඔබට කිව යුතු නිසයි මේ ලිපිය ලියන්නේ. ඔබට මතකද කොවිඩ් වසංගත සමය? අපි දොරගුලු දාගෙන, ගෙවල් දොරවල් අස්සේ හැංගිලා හිටපු කාලය. සැනිටයිසර්වලින් අත් සෝදපු කාලය. මුව ආවරණ පැලඳගෙන පාරේ ගියපු ආපු කාලේ. අපේ ආරක්ෂාව ගැන, අපේ දරු මුණුබුරන්ගේ ආරක්ෂාව ගැන අසීමිතව හිතපු කාලේ. අන්න ඒ කාලේ අපට විශේෂයෙන් කරන්න සිදුවෙච්ච බොහෝ දේවල් අද අපි කරන්නේ නැහැ. අන්න ඒ කාලේ අපට දැන් ඒ තරම් මතක නෑ. ඒත් දැන් ආයෙත් කොවිඩ් ඇහැරිලා ඇති බව බොහෝ ආරංචි මාර්ග සඳහන් කරනවා. ලියුම්කරු මේ ලිපිය ලියන දවස වෙද්දී ලංකාවේ අලුත් ප්‍රවෘත්තියක් පළවෙනවා කොවිඩ් සම්බන්ධව ලෝකයේ යම් අවධානයක් යොමුවෙලා තියෙන නිසා බූස්ටර් එන්නත ලබා නොගත්ත අයට එය ලබාගන්න කියලා. මේ ගැන අපි ටිකක් හොයන්න තීරණය කළා. ඇත්තටම ලෝකෙ කොවිඩ් තියෙනවද නැද්ද? ඉස්සර නම් කොවිඩ් සම්බන්ධ තොරතුරු වාර්තා වෙද්දී, අර රටේ මෙච්චරයි, මේ රටේ මෙච්චරයි, මරණ වෙච්චරයි කියලා ප්‍රවෘත්ති වාර්තා වෙනවා. ඒත් දැන් එහෙම වාර්තා නොවෙන නිසා අපි හොයලා බලන්න තීරණය කළා එදා ඉඳන් මේ දක්වාම අලුතෙන් අප්ඩේට් වෙන ආකාරයට සකස් කරලා තියෙන කොවිඩ් වෝල්ඩෝ මීටර් එක ගැන. අපි එතැනදී මේ ගණන් හිලව් සියල්ල හෙළි කරගන්න පුළුවන් නිසා අපි නිකන් ඒ පැත්තට හැරිලා බැලුවා.

ඔබ දන්නවද දන්නේ නෑ මේ වෙනකොට කොවිඩ්වලින් ලෝකයේ මියගිය පුද්ගලයන් ගණන 67,00,000ක් බව. මිනිස්සු 67,00,000ක් කොවිඩ් නිසා මරණයට පත්වෙලා. ඒක විශාල ප්‍රමාණයක්. සමහර රටවල ජනගහනය ඉක්මවා යන ප්‍රමාණයක්. කොවිඩ් වෛරසය ආසාදනය වූ පුද්ගලයන් ප්‍රමාණය 66,62,23083ක් විදියටයි වාර්තා වෙන්නේ. කොවිඩ් ලෝකයේ තවමත් තියෙනවා කියන එක සම්බන්ධව අපට දැනගන්න ලැබුණු නිසාම අපි මේ ගැන හොයන්න රට රටවල විස්තර දැනගන්න උත්සාහ කළා. මේ වන විට ලෝකයේ කොවිඩ් අලුතෙන් වාර්තා වන රටවල් විදියට ජපානය, දකුණු කොරියාව, රුසියාව, වියට්නාමය, ඔස්ටේ්‍රලියාව, තායිවානය, ඉන්දුනීසියාව, පෝලන්තය, චිලී රාජ්‍යය, පිලිපීනය, හොංකොං, බංග්ලාදේශය, පාකිස්තානය, කසකස්තානය, ස්ලෝවේනියාව, ලිතුවේනියාව, මොරොක්කෝව, ක්‍රොඒෂියාව, බොලීවියාව වගේ රටවල් සඳහන් කරන්න පුළුවන්. මේ ලිපිය ලියන බදාදා (04) දිනය වන විට චීනයේ නව කොවිඩ් රෝගීන් දිනකට 7,689 දෙනෙක් වාර්තා වෙලා තියෙනවා. මෙහි විශේෂිතම කාරණය වන්නේ ලියුම්කරු මේ ලිපිය ලියන දවස වන විට ලෝකයේ කොවිඩ් මරණත් අලුතෙන් වාර්තා වී තිබීම. නව මරණ වාර්තා වී තිබූ ආකාරය අපි මෙලෙස සඳහන් කරනවා. ජපානයෙන් මරණ 218ක්, දකුණු කොරියාවෙන් මරණ 54ක්, රුසියාවෙන් මරණ 45ක්, ඔස්ටේ්‍රලියාවෙන් මරණ 30ක්, තායිවානයෙන් මරණ 17ක්, චිලී රාජ්‍යයෙන් මරණ 43ක්, හොංකොං දේශයෙන් මරණ 63ක් වාර්තා වී තිබුණා. ඒ වගේම නව මරණ 10කට ආසන්න ප්‍රමාණයක් වාර්තා වූ රටවලුත් තිබෙනවා. ඒ අනුව, පිලිපීනයෙන් මරණ 10ක්, ස්විට්සර්ලන්තයෙන් මරණ 05ක්, ඉන්දුනීසියාවෙන් මරණ 09ක් සහ පෝලන්තයෙන් මරණ 09ක් වාර්තා වෙලා තිබුණා.

මේ විදියට නව කොවිඩ් මරණ වාර්තා වෙන තත්ත්වයක් යටතේ ලියුම්කරු මේ ලිපිය ලියන දවස වන විට ලෝකයේ නව මරණ වාර්තා වෙලා තිබුණා 545ක්. එතකොට කොවිඩ් නැහැයි කියලා අපි සැලකුවට මේ විදියට කොවිඩ් දරුණු ලෙස ලෝකයේ යළිත් පැතිරෙමින් තිබෙන බව අපට දැනගන්න ලැබෙනවා. මේ වන විට කොවිඩ් ආසාදිත රෝගීන් 83,42,265ක් පමණ ජපානයේ ප්‍රතිකාර ලබන බවත් සඳහන් වෙලා තිබෙනවා. ඒ වගේම 19,69,315 දෙනෙක් ඇමෙරිකා එක්සත් ජනපදයෙන් නව කොවිඩ් රෝගීන් ලෙස වාර්තා වන බවද දැනගන්නට ලැබෙනවා. මෙක්සිකෝවෙන් නව කොවිඩ් රෝගීන් 4,32,331ක් වාර්තා වෙනවා. 4,16,285 දෙනෙක් තායිවානයේ මේ වන ප්‍රතිකාර ලබමින් ඉන්නවා. 9,15,513 දෙනෙක් පෝලන්තයේ මේ වන විට කොවිඩ් ආසාදිතව ප්‍රතිකාර ලබනවා. හොංකොං දේශයේ නව කොවිඩ් රෝගීන් ලෙස 5,92,335 දෙනෙක් ප්‍රතිකාර ලබමින් ඉන්නවා. 1,24,611 දෙනෙක් ලෙබනනයේ කොවිඩ් ආසාදිතව ප්‍රතිකාර ලබමින් ඉන්න බවත් සඳහන් වෙනවා. බොහෝ රටවල කොවිඩ් ආසාදිත රෝගීන් වාර්තා වන බවයි අපට මේ වාර්තාවලින් දැකගන්න ලැබෙන්නේ. මේ තත්ත්වය ගැන බොහෝ දෙනෙක් හිතාගෙන ඉන්නවා නම් කොවිඩ් රෝගය ලෝකයෙන් අතුරුදන් වෙලා කියලා, නෑ. කොවිඩ් තවමත් ඔබ අප අතර හොල්මන් කරමින් ඉන්න බව ඔබට පෙන්වීමටයි අපට අවශ්‍ය වුණේ. මේ කියන්නේ ඔබව බය කරන්නවත්, ඔබව තිගස්සවන්නවත්, ඔබව කලබල කරන්නවත් නොවේ. නමුත් මෙම රෝගයේ තිබෙන භයානක බව ඔබට දැනුම් දෙන්නයි මේ ලිපිය ලියන්නේ.

මේ වන විට ලෝකයේ කොවිඩ් ආසාදිතව ප්‍රතිකාර ලබන රෝගීන් ප්‍රමාණ 2,13,53,071ක් බව ඔබ සිහිතබාගත යුතුයි. ඒ අනුව තවමත් ලෝකයේ කොවිඩ් ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටින රෝගීන් ප්‍රමාණය හිතාගන්න බැරි තරම් ඉහළ ප්‍රමාණයක් බව ඔබ සිහිපත් කරගත යුතුයි. මුලින් කොවිඩ් රෝගය පැතිරුණු අවස්ථාව වන විට 100 වැනි ස්ථානයට වඩා ඉහළින් හිටපු ශ්‍රී ලංකාව, මේ වන විට චීනයත් පසුකරගෙන ඉදිරියට ඇවිල්ලා. චීනය සමහර දේවල් සම්බන්ධව වැරැදි වාර්තා ප්‍රකාශයට පත් කරන බව පැවැසෙන නිසා, ඒ ගැන ලොකුවට කතා කරන්න බෑ. ඒ වන විට කොවිඩ් රෝගීන් 6,71,903 දෙනෙක් ශ්‍රී ලංකාවෙන් වාර්තා වෙලා තිබුණා. කොවිඩ් මරණ ශ්‍රී ලංකාවෙන් එකල වාර්තා වූ ප්‍රමාණය 16,817ක්. ඇක්ටිව් කේසස් විදියට සඳහන් වෙලා තියෙනවා මේ වාර්තාවේ ප්‍රතිකාර ලබමින් සිටින රෝගීන් සංඛ්‍යාව 26ක්. සීරියස් ක්‍රිටිකල් කියන රේඛාවේ එක් රෝගියෙක්වත් වාර්තා වෙලා නෑ. ඒ කියන්නේ දරුණු ලෙස රෝගී වී සිටි ප්‍රමාණය. නමුත් ලෝකයේ මේ වන විට සීරියස් ක්‍රිටිකල් කියන වර්ගයට අයත් රෝගීන් (දැඩි සත්කාර ඒකක වෙත යොමුකළ රෝගීන්) 42,873ක් වාර්තා වූ බවයි සඳහන් වෙන්නේ.

කොවිඩ් දරුණු ලෙස ලෝකය පුරා පැතිරෙන බව ඔබ සිහි තබාගත යුතුයි. ඔබේ ආරක්ෂාව ඔබ සලසාගත යුතුයි.

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

මේ ඔක්කොටම වගකියන්න ඕන මමද? මට ජනාධිපතිකම දුන්නා නම් ඉවරයි! ප්‍රහාරය ගැන යවපු කිසිම තොරතුරක් ගැන කවුරුවත් වැඩිදුර වාර්තා කැඳවලා නෑ! සමහරු ආයතන වැහුවා! සමහරු රට ගියා! සමහරු ගෙදර ඉඳන් බුදියගත්තා! හැමෝටම කිව්වා! ජනාධිපති ආන්ස්වර් නොකරපු එක මගේ වැරැද්දක් නෙමෙයි! නිලන්ත චෝදනා සියල්ලට උත්තර දෙයි! (VIDEO)

Next Post

අලිත් එක්ක පරිස්සමෙන්! පොලිසිය පිටිපස්සෙන්!

MORE NEWS

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2020. 11. 20 වැනි දා පාර්ලිමේන්තුවේ පැවසූ ආකාරයට බන්ධනාගාර ගත වී සිරගත වී සිටින අය රාජ්‍ය...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.