• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ලංකාවේ දූෂණය ඉහ වහා ගිහින් I Sri Lanka Latest News

October 13, 2023
in Exclusive, News
Reading Time: 7 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

IMF එක ලෝකෙ ඉදිරියේ රෙදි ගලවයි…

දූෂණයට එරෙහි වීමට වසර 50කට ආසන්න කාලයක සිට ශ්‍රී ලංකාව උත්සාහ කළත් ශ්‍රී ලංකාව තුළ දූෂණ ක්‍රියා තවමත් සිදුවන බව පසුගිය 30 වැනිදා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිකුත් කළ විශ්ලේෂණාත්මක අගැයීම් වාර්තාවේ දැක්වේ.(Sri Lanka Latest News)

වත්කම් හා බැරකම් ප්‍රකාශ කිරීමේ නීතිය 1975 වසරේදී ක්‍රියාත්මක කිරීම, රාජ්‍ය නිලධාරීන්ගේ අවංකභාවය නිරීක්ෂණය කිරීම සඳහා නීතිමය රාමුවක් පිහිටුවීමේ අවශ්‍යතාවය ශ්‍රී ලංකාව දීර්ඝ කාලයක සිට හඳුනාගෙන තිබූ බවට සාක්ෂි සපයන බව එම වාර්තාවේ සඳහන් වේ.

ශ්‍රී ලංකා රජය කළ ඉල්ලීමකට අනුව පසුගිය මාර්තු මාසයේදී ශ්‍රී ලංකාවට පැමිණි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් එම කාලයේදී ලබාගත් තොරතුරු මත මෙරටට තාක්ෂණික සහාය ලබා දීම සඳහා මෙම වාර්තාව සකස් වී තිබේ. රාජ්‍ය පාලනයේදී මතුවන අභියෝග ආමන්ත්‍රණය කිරීම සඳහා ක්‍රියාත්මක කළ යුතු නිර්දේශ 16 ක්ද මෙම වාර්තාවට ඇතුළත් වී තිබේ. මෙම වාර්තාව මගින් ශ්‍රී ලංකාවේ මූල්‍ය පාලනයේ සහ කළමනාකරණයේ දුර්වලතා රැසක් පෙන්වා දී ඇත. ශ්‍රී ලංකාවේ දූෂණය කෙතරම් ඔඩුදුවා ඇත්දැයි යන්න පිළිබඳවත් ඒ සඳහා මෙතෙක් ශ්‍රී ලංකාවේ ගෙන ඇති ක්‍රියාමාර්ගත් අනාගතයේදී ගතයුතු ක්‍රියා මාර්ගත් පිළිබඳ මෙම වාර්තාවෙන් විශේෂ අවධානයක් යොමුකර තිබේ.

ශ්‍රී ලංකාවේ අධිවේගී මාර්ගයක කිලෝ මීටරයක් ඉදිකිරීම සඳහා ලෝකයේ අනෙක් රටවල සාමාන්‍යයෙන් වැයවෙන මුදලට වඩා තුන් ගුණයක් වැයවෙන බව එම වාර්තාවේ සඳහන් වී තිබේ.එසේම රජය සතු ව්‍යවසායන්හීද දූෂණ ක්‍රියා සම්බන්ධ ගැටලු රැසක් මතුවී තිබෙන බව එම වාර්තාවේ සඳහන් වී තිබේ. පාලනය සහ දූෂණ ක්‍රියා සම්බන්ධ ගැටලු ජාතික සහ සමාජ යහපැවැත්ම අඩාළ කර ඇති බවත් රජයේ ඉහළ නිලධාරීන් දූෂණ ක්‍රියා සිදුකරමින් විනාශකාරී ලෙස හැසිරුණත් ඔවුන්ට දඬුවම් නොලැබෙන බව මෑත කාලයේදී සාක්ෂි ලැබී තිබෙන බවත් එම වාර්තාවේ සඳහන් වේ.

අල්ලස් හෝ දූෂණ විමර්ශන චෝදනා විමර්ශනය කිරීම සඳහා පිහිටුවන ලබන කොමිසමට අධ්‍යක්ෂක ජනරාල්වරයකු සහ කොමසාරිස්වරුන් පත්කිරීම සඳහා නාමයෝජනා ඉදිරිපත් කිරීමට සහායවීමට දූෂණ විරෝධී විශේෂඥයන්ගෙන් සමන්විත ස්වාධීන උපදේශන කමිටුවක් ලබන නොවැම්බර් මස වන විට පත් කළ යුතු බව එම වාර්තාවේ ඇතුළත් වන එක් නිර්දේශයකි. දූෂණ විරෝධී පනතට අදාළව නම් කරන ලද වෙබ් අඩවියක ජනාධිපති, අග්‍රාමාත්‍යවරයා සහ මැති ඇමැතිවරු ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ වත්කම් ලබන වසරේ ජූලි මස වන විට ප්‍රකාශයට පත් කිරීම තවත් එක් නිර්දේශයකි.

එසේම ජාත්‍යන්තර භාවිතයන්ට අනුකූලව රාජ්‍ය ප්‍රසම්පාදන ක්‍රියාවලිය සිදුකිරීම සඳහා නීති ලබන වසරේ දෙසැම්බර් මස වන විට හඳුන්වා දිය යුතු බවද වාර්තාව මගින් නිර්දේශ කර ඇත. පාර්ලිමේන්තුවේ පෙර අනුමැතිය නොමැතිව අමාත්‍යවරුන් බදු සංශෝධන සිදුකිරීම වෙනස් කිරීම සඳහා නව බදු නීති හඳුන්වා දිය යුතු බවත් එමගින් අමාත්‍යවරුන්ගේ තීරණ හේතුවෙන් රජයට ආදායම අහිමි වීමක් සිදු නොවන බවට වග බලාගත යුතු බවත් එම වාර්තාවේ ඇතුළත් තවත් එක් නිර්දේශයකි.

ශ්‍රී ලංකා රජය අයවැයෙන් වෙන්කර ඇති වියදම් සීමා ඉක්මවීමත් අයවැයෙන් ඇස්තමේන්තු කර ඇති ආදායම රජයට එකතුකරගත නොහැකි වීමත් මූල්‍ය පාලනයේ ප්‍රධාන දුර්වලතාවක් බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ එම වාර්තාව පෙන්වා දී තිබේ. රජයේ විධායක අංශයට අයවැය සීමා ඉක්මවමින් වියදම් කිරීමට හැකියාව ලැබෙන විට රටේ දූෂණ ඇතිවීමේ අවදානමක් මතු වන බවද එම වාර්තාවේ දැක්වේ. රාජ්‍ය ප්‍රසම්පාදන ක්‍රියාවලිය පාලනයේ තිබෙන දුර්වලතාවයක් ලෙස බලධාරීන් මේ වනවිට හඳුනාගෙන තිබෙන බවද එම වාර්තාවේ සඳහන් වේ.

දේශීය ආදායම් සහ ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තු තුළ නිලධාරීන් 2000 වැඩි පිරිසක් සේවය කළත් පසුගිය වසර කිහිපය තුළ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කිසිදු නිලධාරියෙකුට විරුද්ධව දූෂණ චෝදනාවක් ගොනු වී නොමැති නමුත් එම දෙපාර්තමේන්තු තුළ දූෂණ ක්‍රියා සිදුවන බව ඇතැම් නිලධාරීන් පිළිගෙන තිබෙන බව එම වාර්තාවේ දැක්වේ.

දූෂණ ක්‍රියා සම්බන්ධව 2019 වසරේ සිදුකළ අධ්‍යනයකදී එම අධ්‍යයනයට සහභාගි කරවාගත් නියැඳියෙන් තුනෙන් එකකට වඩා වැඩි පිරිසකට දූෂණය පිළිබඳ ඍජු අත්දැකීම් තිබූ බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිකුත් කළ වාර්තාවේ සඳහන් වේ. එසේම රජයේ නිලධාරීන් බඳවා ගැනීමේදී සහ රජයේ කොන්ත්‍රාත්තු පිරිනැමීමේදී දූෂණ ක්‍රියා බහුලව සිදුවන බව ඉන් සියයට 85කට වැඩි පිරිසක් ප්‍රකාශ කළ බව එම වාර්තාව පෙන්වා දෙයි. එම පිරිසෙන් සියයට 36ක් රජයේ නිලධාරියකු දූෂණ ක්‍රියාවකට සම්බන්ධ වන අයුරු දැක ඇති බවත් තවත් සියයට 35ක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු දූෂණ ක්‍රියාවලට සම්බන්ධ වන අයුරු දැක ඇති බවත් එම අධ්‍යනයයේදී හෙළි වී ඇති බව වාර්තාව පෙන්වා දෙයි.

අයි.එම්.එෆ්. කොන්දේසි 16 මෙසේය.

  1. 2023 නොවැම්බර් වනවිට ස්වාධීන දූෂණ විරෝධී උපදේශකයන්ගෙන් සැදුම්ලත් උපදේශන කමිටුවක් පිහිටුවීම.
  2. දූෂණ විරෝධී නීතියට අනුව ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ (ජනාධිපති, අගමැති, ඇමැති සහ අමාත්‍යවරුන්ගේ) වත්කම් ප්‍රකාශ තෝරාගත් වෙබ් අඩවියක 2024 ජූලි වන විට ප්‍රසිද්ධ කිරීම.
  3. අපරාධ නීතියේ ප්‍රතිපාදන බලාත්මක කිරීම.
  4. ජාතික විගණන පනත සංශෝධනය කිරීම.
  5. සමාගම් පනතට ප්‍රකාරව අවශ්‍ය ප්‍රතිලාභ තොරතුරු සහ මහජන ප්‍රතිලාභ හිමිකාරීත්ව ලැයිස්තුවක් සකස් කිරීම සඳහා නීති අවසන් කර ක්‍රියාත්මක කිරීම.
  6. ජාත්‍යන්තර යහ ක්‍රමවේද ඇතුළත් ජාතික ප්‍රසම්පාදන නීතියක් 2024 දෙසැම්බර් වනවිට ක්‍රියාත්මක කිරීම.
  7. තරගකාරී ටෙන්ඩර් ප්‍රසම්පාදන ගිවිසුම් වර්ධනය කරගැනීම පිළිබඳ වාර්තාවක් 2024 දෙසැම්බර් වන විට වෙබ් අඩවියක පළකිරීම.
  8. 2024 මාර්තු මාසයේ සිට රුපියල් බිලියනයකට වැඩි සියලුම රජයේ ප්‍රසම්පාදන ගිවිසුම්, ආයෝජන මණ්ඩලය යටතේ බදු විරාම හිමිවූ සියලුම සමාගම්වල නම්, බදු විරාම මගින් අහිමි වූ බදු ප්‍රමාණය, සුඛෝපභෝගී වාහන ආනයනය කිරීමේදී ආයතනවලට ලැබුණු බදු සහන වෙබ් අඩවියක ප්‍රසිද්ධ කිරීම. මෙම තොරතුරු මාස 06කට වතාවක් යාවත්කාලීන කළ යුතුය.
  9. රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ ප්‍රතිපත්තියක් සකස් කිරීම.
  10. විනිවිදභාවයක් ඇති වනතුරු උපාය මාර්ගික සංවර්ධන ව්‍යාපෘති පනත යටතේ අයැදුම්පත් අත්හිටුවීම හෝ නතර කිරීම.
  11. නිසි පාර්ලිමේන්තු අනුමැතියකින් තොරව අමාත්‍යවරයාට බදු හඳුන්වාදීම වැළැක්වීම සඳහා බදු නීතිය සංශෝධනය කිරීම.
  12. ආදායම් රැස්කරන සෑම දෙපාර්තමේන්තුවකම වංචා දූෂණ වැළැක්වීම සඳහා ඒවා තුළ කෙටිකාලීන දූෂණ විරෝධී ක්‍රියාමාර්ග ගැනීම.
  13. සේවක අර්ථසාධක අරමුදල මහ බැංකුවේ ඍජු කළමනාකාරීත්වයෙන් ගලවා ගැනීම සඳහා කැබිනට් යෝජනාවක් 2024 ජුනි වන විට ඉදිරිපත් කිරීම.
  14. බැංකු අංශයේ සහ මූල්‍ය අංශයේ අධීක්ෂණය සඳහා වන නීති සහ රෙගුලාසි තර කිරීම.
  15. 2024 දෙසැම්බර් වනවිට, අන්තර්ජාල ඩිජිටල් ඉඩම් ගොනුවක් විවෘත කිරීම සහ එම තොරතුරු වෙබ් අඩවියක පළකිරීම.
  16. අධිකරණ සේවා කොමිසමේ ධාරිතාව වර්ධනය කිරීම සඳහා එහි සම්පත් හා කුසලතා පුළුල් කිරීම වෙනුවෙන් සැලසුමක් සකස් කර ක්‍රියාත්මක කිරීම.

පුබුදු උදයංග

SendShareShare
Previous Post

රනිල් ‘ගාලු කතිකාව’ අමතයි! PHOTOS I Sri Lanka Latest News

Next Post

දොට්ට දැමූ නසීර් අහමඩ්ගේ පරිසර අමාත්‍යංශයත් රනිල් යටතට ගනී! I Sri Lanka Latest News

MORE NEWS

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඔක්කොම විනාශයි! විපක්ෂනායක සජිත්ගෙන් අද ආණ්ඩුවට දරුණු ප්‍රහාරයක්! VIDEO I Sri Lanka Latest News

අධිකරණ ස්වාධීනත්වය! නීතීයේ ආධිපත්‍යය! මහජන පෙත්සම දිවුලපිටියට! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අධිකරණ ස්වාධීනත්වය! නීතීයේ ආධිපත්‍යය! මහජන පෙත්සම දිවුලපිටියට! PHOTOS I Sri Lanka Latest News

භාණ්ඩාගාරයේ උතුරන්න සල්ලි තියෙනවා කියලා අනුර කියන කතාවට නාමල් උඩහමුල්ලේදී උත්තරයක් දෙයි! I Sri Lanka Latest News
Exclusive

භාණ්ඩාගාරයේ උතුරන්න සල්ලි තියෙනවා කියලා අනුර කියන කතාවට නාමල් උඩහමුල්ලේදී උත්තරයක් දෙයි! I Sri Lanka Latest News

‘ප්ලාන්ටේෂන්’ කියන ඒවට කෝටි ගණන් සල්ලි දාලා තියෙනවා නම් වහාම ගිහින් ඉල්ලගන්න! දුන්නෙ නැත්නම් මහබැංකුවට කියන්න! අපි පරීක්ෂණ පටන් අරගෙනයි තියෙන්නේ..! වගාවන්වලට කෝටි ගණන් සල්ලි දාපු අයට මහබැංකු අධිපතිගෙන් දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පැනලා ගිය ගෝඨාට ආණ්ඩුවෙන් වාහන 19ක්! කන්න බොන්න හැම මාසෙම ආණ්ඩුවෙන් නවලක්ෂ පනස්දාහක්! ඒක පුංචි වියදමක්..! ප්‍රශ්නෙ ඇහුවාම බන්දුල දුන්නු උත්තරේ!
Exclusive

අත්අඩංගුවට ගැනීම වළක්වන්නැයි ඉල්ලා ගෝඨා අභියාචනාධිකරණයට එයි! I Sri Lanka Latest News

ඉස්සර වගේ නෙමෙයි කෙට්ටු වෙලා..! හිරේ ඉන්න මහින්දානන්දයි නලිනුයි අද අල්ලස් නඩුවට මහාධිකරණයට ගෙනාවේ මෙහෙමයි..! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඉස්සර වගේ නෙමෙයි කෙට්ටු වෙලා..! හිරේ ඉන්න මහින්දානන්දයි නලිනුයි අද අල්ලස් නඩුවට මහාධිකරණයට ගෙනාවේ මෙහෙමයි..! VIDEO I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඔක්කොම විනාශයි! විපක්ෂනායක සජිත්ගෙන් අද ආණ්ඩුවට දරුණු ප්‍රහාරයක්! VIDEO I Sri Lanka Latest News

අදටත් රටේ ගොවි ජනතාවට සිදුවන ඛේදවාචකය ගැන කණගාටුවට පත් වන බවත් පසුගිය මැතිවරණ සමයේ ගොවි බිමට බැස ගොයම් කකා වීවලට...

Read more
අධිකරණ ස්වාධීනත්වය! නීතීයේ ආධිපත්‍යය! මහජන පෙත්සම දිවුලපිටියට! PHOTOS I Sri Lanka Latest News

අධිකරණ ස්වාධීනත්වය! නීතීයේ ආධිපත්‍යය! මහජන පෙත්සම දිවුලපිටියට! PHOTOS I Sri Lanka Latest News

භාණ්ඩාගාරයේ උතුරන්න සල්ලි තියෙනවා කියලා අනුර කියන කතාවට නාමල් උඩහමුල්ලේදී උත්තරයක් දෙයි! I Sri Lanka Latest News

භාණ්ඩාගාරයේ උතුරන්න සල්ලි තියෙනවා කියලා අනුර කියන කතාවට නාමල් උඩහමුල්ලේදී උත්තරයක් දෙයි! I Sri Lanka Latest News

‘ප්ලාන්ටේෂන්’ කියන ඒවට කෝටි ගණන් සල්ලි දාලා තියෙනවා නම් වහාම ගිහින් ඉල්ලගන්න! දුන්නෙ නැත්නම් මහබැංකුවට කියන්න! අපි පරීක්ෂණ පටන් අරගෙනයි තියෙන්නේ..! වගාවන්වලට කෝටි ගණන් සල්ලි දාපු අයට මහබැංකු අධිපතිගෙන් දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

‘ප්ලාන්ටේෂන්’ කියන ඒවට කෝටි ගණන් සල්ලි දාලා තියෙනවා නම් වහාම ගිහින් ඉල්ලගන්න! දුන්නෙ නැත්නම් මහබැංකුවට කියන්න! අපි පරීක්ෂණ පටන් අරගෙනයි තියෙන්නේ..! වගාවන්වලට කෝටි ගණන් සල්ලි දාපු අයට මහබැංකු අධිපතිගෙන් දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පැනලා ගිය ගෝඨාට ආණ්ඩුවෙන් වාහන 19ක්! කන්න බොන්න හැම මාසෙම ආණ්ඩුවෙන් නවලක්ෂ පනස්දාහක්! ඒක පුංචි වියදමක්..! ප්‍රශ්නෙ ඇහුවාම බන්දුල දුන්නු උත්තරේ!

අත්අඩංගුවට ගැනීම වළක්වන්නැයි ඉල්ලා ගෝඨා අභියාචනාධිකරණයට එයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.